IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


යාන්තම් ඇති ගොඩ ආවා

 

(නිමල් ජයරත්න)

මාදුරුඔය ඉසෙඩ්-ඩී ඇළට පිඹුරත්තැවෙන් වැටි සිටි වල් අලියකු පැය අටක මෙහෙයුමකින් ගොඩ ගෙන අලුත්ඔය රක්ෂිතයට පළවා හැරීමට වනජීවි නිලධාරීහු කටයුතු කළහ.

පසු වෙහෙරගල සහ මාදුරුඔය වනජිවි නිලධාරින් විසින් කඹ සහ ටයර්, යකඩ ඉනිමං ආධාරයෙන් ගොඩට ගෙන අලූත්ඔය රක්ෂිතයට පලවා හැරිමට කටයුතු කලහ.

බීමට ජලය සොයා පැමිණි මෙම සද්ධන්තයා ඇළට වැටි කිලෝ මිටර් තුනක් පමණ සැඩපහරට ගසාගෙන ගොස් ඇතැයි වෙහෙරගල සහකාර අඩවි ආරක්ෂක ආර්.ආර්.ශාන්ත මහතා සදහන් කලේය.

ගොඩට ගැනිම සදහා මාදුරුඔය සහ වෙහෙරගල වනජිවි නිලධාරින්ට විශාල වෙහෙසක් දැරිමට සිදුව ඇති අතර පැවති වර්ෂාව ඊට බාධාවක්ද විය.

 

 

 

 



අදහස් (3)

යාන්තම් ඇති ගොඩ ආවා

sathyapala Sunday, 14 March 2021 11:43 PM

මේ ඇළ ඉදිකෙරුවේ 1983-1985 කාලයේ. එතකොට මම වයස 20 තරුණයෙක්. මගේ පලවෙනි රැකියාව ලෙස Z-D කියන මේ ඉදිකිරීම් සමාගමේ සේවය කළා. (හැබැයි ඉතින් මේ සමාගම උපක්‍රමිකව ලංකාවේ ආණ්ඩුව රවටා නඩු මගට බැස ඒ කාලයේ අපේ රටේ සල්ලි මිලියන සිය ගණනක් හොරකම් කළා) ගම්වල හදුන අපිට ඒ කාලේ නවීන තාක්ෂනය යන්ත්‍ර සුත්‍ර සහිත මේ ඉදිකිරීම් පුදුම සහගත දේවල් වගේ පෙනුනා. ඒ කාලයේ සමාගමේ විදේශිකයන්ට ලැබෙන ඉදිකිරීම් පිළිබද සඟරා වල පිටරට වැඩ බිම්වල පින්තුර දැක්කාම ඒවා හීන වගේ. එදා සිට තවමත් මම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාව කරන්නේ. මේ ඇළ සමග මට ඇති සම්බන්දය සහ එදා පිටරට සඟරාවල දුටු සිහිනය සැබෑවක් දක්වා ගිය විදිහ කියුවේ මම ගැන කියන්නට නොව සමහර සිහින නොව සැබෑවක් විය හැකි බව කියන්නට.

:       0       0

sathyapala Sunday, 14 March 2021 11:43 PM

අවාසනාව කියන්නේ අංශක 45 පමණ හැඩයට කොන්ක්‍රීට් ආස්තරණය සහිත මේ ඇලෙන් ගොඩ එන්නට බැරුව ඒ කාලයෙත් (වතුර ගලා යන්නට පෙරත්) මුවන් ගොනුන් කිඹුලන් අලින් ගොඩ එන්නට බැරුව අසරණව මියැදුණා. තවමත් වෙනවා. අවම වශයෙන් තාක්ෂණය දියුණුයිනේ මේ කාලයේ පරණ ට්‍රැක්ටර් රථයක සවිකළ කිසියම් උපකරණයක් ස්ථිරව මේ ප්‍රදේශයේ රදවා තබා මේ සතුන් ක්ෂණිකව බේරා ගැනීමට කිසියම් හැකියාවක් නොමැතිද කියල හිතෙනවා. එහෙම කළහැකි යම් අදහසක් ඇත්නම් මෙහි සදහන් කරන්න. එයට සහයක් විය හැකිද කියලා බලන්නම්.

:       0       0

Asa Monday, 15 March 2021 03:01 AM

වතුරට වැටිලා ගසාගෙන යද්දි බේරගන්න ආපු අය අලි වෙඩි දාලා ගසාගෙන යන කෙනාව මොකටද තවත් බයකරන්නේ? ඔය ඇල මැද්දෙන් දැල් වැටක් ගහලා ගසාගෙන යන අයට එ්කේ පිහිටෙන් ගොඩ එන්න හදන්න බැරිද? අහිංසක සත්ව ජීවිත කීයක් විනාශ වෙන්න ඇතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34206 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23981 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site