IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රජකාලෙ ගල්කුණු ගල් කරන්න ගිය හිටපු පළාත් මන්ත්‍රි අල්ලයි

(සිතුම් චතුරංග)

මුලතිව් තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු  අත්අඩංගුවටගත් බව ඔඞ්ඩුසුඩාන් පොලිසිය කියයි.

වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට සූදානම් සිටින පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගල්කණු දෙකක් රැගෙනයමින් සිටියදී අදාල පිරිස අත්අඩංගුවටගෙන ඇතැයිද පොලිසිය පැවසීය.

සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා පොදුජන පෙරමුණේ වවුනියාව දිස්ත‍්‍රික් සංවිධායකවරයා වන අතර ඔහු උතුරු පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රීවරයකු වන බවත් ඔහුගේ නම හා සිදුකළ සේවාවන් යොදා වවුනියාව ප‍්‍රදේශයේ ඵලකයක් නිර්මාණය කිරීම සoහා රැගෙන යන බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්,ලොරි රථයක් හා කුඩා දොඹකර ලොරි රථයක් අත්අඩංගුවටගත් බවත් මෝටර් රථයේ රාජ්‍ය ලාංජනය සහිතව උතුරු පළාත් සභා මන්ත‍්‍රී ලෙස පුවරුවක්ද ප‍්‍රදර්ශනය කරමින් තිබූ බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ සැකකරුවන් කිසියම් ප‍්‍රදේශයක නිදන් හාරා පුරාවිද්‍යා ගල්කණු ලබාගෙන තිබේද යන්න විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය.

සැකකරුවන් විසින් රැුගෙනයමින් තිබූ පෞරාණික ගල්කණුවල හස්ථී පා  සලකුණූ නිරූපනය වන බවත් ඒම ගල්කණු අඩි පහත් , හයත් අතර ප‍්‍රමාණයේ ඒවා බවත් පැවසේ. අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව , නොච්චියාගම , අනුරාධපුර, මහරම්භකුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ.



අදහස් (13)

රජකාලෙ ගල්කුණු ගල් කරන්න ගිය හිටපු පළාත් මන්ත්‍රි අල්ලයි

Daisy achchi Tuesday, 22 February 2022 04:10 PM

පොහොට්ටුවේ අයගෙන් ගලක්වත් බේරගන්න බෑනේ...!

:       1       3

අගුපිලගේ Tuesday, 22 February 2022 04:58 PM

නිධන් වස්තු හා පුරාවස්තු තියෙන තැන්වල නයි ඉන්නවා කියනවා ශබ්දයක් කරගෙන එනවා කියනවා... දැන් නයිහාමි කොයි?

:       0       3

kapila Tuesday, 22 February 2022 06:37 PM

මැදමූලනින් එන කෝල් එකෙන් මේ අය නිදොස් කොට නිදහස්...!

:       1       5

Bandara Tuesday, 22 February 2022 06:39 PM

අපේ හාමුදුරුවනේ, මේ මන්ත්‍රී තුමාටත් පිරිත් නූලක් බැන්දා නම් පින්...!

:       0       5

siri Wednesday, 23 February 2022 04:19 AM

දැක්කද? වාහනයේ ඉස්සරහින්ම ලොකුවට ගහල තියෙන්නේ " ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි " කියලා. ඔයවගේ කෙප්ප ගහලා 69 ලක්ෂයක්ම නොවැම්බර්වරුන් රවට්ටපු කණ්ඩායමක්නේ මේ. ඉතින් තමන්ගේ පුච්චානම කොටන්න පෞරාණික ගල්කණු ගලවලා උස්සගෙන යනඑක මහ කජ්ජක්ද? මසුරන් හොයාගන්න, දැන් කාටත් අමතක අර සිංදුවේ කිරි ගහට ඇන්නා වගේ කීවේ සීගිරියට, කුරුටු ගී වලට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට, දළදා වහන්සේට වෙන්න පුළුවන් හරියැ...

:       0       9

sam Wednesday, 23 February 2022 07:54 AM

සෞභාග්‍යයේ දැක්ම බේරේ... මම තමයි හරියටම කළේ.. මම තමයි රිවස් කළේ... මම තමයි ඉතිහාසයේ හොඳටම අසමත් වුණු හාදයා.. මට මුකුත්ම තේරෙන්නේ නැහැ. මම හිතන් ඉන්නේ මහදැන මුත්තා කියලා... ඒ වුණාට මම විතරයි දන්නේ මම හීනමානයෙන් පෙළෙනවා කියලා...

:       4       23

kamal Wednesday, 23 February 2022 10:28 AM

පළාත් සභාවෙන් ලංකාවට වූ සේවයට තවත් උදාහරණයක්... සුබපැතුම්...! සසර වසන තුරු...! නිවන් දකින තුරු...!!

:       1       18

Jay Wednesday, 23 February 2022 11:47 AM

සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්... මේක වැගන් ආර් එකක්නේ..!

:       3       15

MaheshWednesday, 23 February 2022 12:59 PM

2022 වෙලත් ඕවා තාම ලංකාවට සුඛෝපභෝගි තමයි. හිතාගන්න පුළුවන්නේ රට කොතැනද ඉන්නේ කියලා...

:       1       8

RaveendraWednesday, 23 February 2022 01:25 PM

ඔව් ඔව් ඉතින් මේ මලකටුත් දැන් "සුඛෝපභෝගී මෝටර් රථනේ...

:       1       10

Bunny Preena Wednesday, 23 February 2022 12:24 PM

මොන ජඩ වැඩක් කරලා හරි සල්ලි හම්බ කරන්න බලාගෙන තමයි වැඩි පිරිසක් දේශපාලනයට එන්නේ...මේවා කවදා නතර වෙයිද?

:       0       10

sharm warn Wednesday, 23 February 2022 12:48 PM

පොදු පෙරමුණේ සහ පොහොට්ටුවේ ඉන්න තරමක් හීනමානයෙන් පෙළෙන මානසික රෝගීන් කියලා මේකෙන් ඔප්පු වෙනවා. ගිලෙන බෝට්ටුව ලෑලි ගලවලා ගිනි ගොඩක් ගහගෙන මාලු පුච්චන් කන ජාතියේ පජාතයෝ නේ... මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       1       7

Raveendra Wednesday, 23 February 2022 01:23 PM

හොරකමට පුරුදු පුහුණු වෙන බල්ලන් මෙසේ හොරාකන්නේ නම් හොරකමට කප්ගහපු "පට්ටියේ පට්ට හොරු 226දෙනා" කොහොම හොරා කනවා ඇද්ද...? හැබැයි කාලකන්නි 226ම සුද්ධෝදනලා... අනේ මම අවංකයි අනිත් 225 තමයි හොරු... පට්ටියේ මීහරකුන් හැම එකාම කියන්නේ ඔය බයිලාවමනේ...

:       6       5

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36379 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24174 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 523 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site