IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රජගල පුරාවිද්‍යා භූමියේ කැණීම් යළි ඇරඹෙයි

වසන්ත චන්ද්‍රපාල

අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජාභුමියේ  ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ආරම්භ කරන ලද කැණීම් වල දෙවෙනි අදියර පසුගියදා රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ  ඇති විශාලතම ලෙණ වන මහා ලෙණදි ආරම්භ කෙරිණ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය , පුරාවිද්‍යා දෙපාර්මේන්තුව  සහ ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙම කැණීම් ආරම්භ කර තිබේ. මෙහි පළමු කැණිම 2016 වසරේ ආරම්භ කළ අතර එයින් තහවුරු වු කරුණු අනුව මෙම කැණිමේ දෙවෙනි පියවර ආරම්භ කෙරිණ.

සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජීතිස්ස රජු විසින් කරවා ඇති රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ පිහිටා ඇති මහා ලෙණේ ස්ථාන තුනක මෙම කැණීම් කර තිබේ මෙම කැණිම් වලදි මුල් කාලයේදී  මානවායා විසින් තමන් ගේ කටයුතු සදහා  එදිනෙදා භාවිතා කරන ලද ගල් ආයුධ යැයි විශ්වාශ කරන ආයුධ කිපයක් හමුවි තිබේ.එම ආයුධ නිෂ්පාදනයේදි ඉවත ලන යම් යම් සාධක අද වන විට ලැබෙමින් පවතීන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ කථිකාචාර්‍යය ඉනෝජ් කෞශල්‍ය අබේනායක මහතා පැවසීය.

2012 රජගල පුරාවිද්‍යා භුමියේ කැණිම් ආරම්භ කළ අතර මෙහිදි ඉපැරැණි නටබුන් විශාල ප්‍රමානයක් හමුව තිබේ.මෙම කැණීම් වලදී පිලිම ගේ , ලහබද්ගේ(භික්ෂුන් වහන්සේලා දානයට පෙර හමුවු  ස්ථානය ), ජන්ඨාගරය(භික්ෂුන් වහන්සේලා  ඖෂධ පැන් ස්නානය කරන ලද ස්ථානය),දාන ශාලාව ,චෙත්‍යය දෙකක් බෝධිගරයක් හමුවි තිබේ.

රජගලතැන්න කන්දට නැගීම සඳහා පෙර රජ දවස පැවැති පෙත් මග ඒ අයුරින් ම සංරක්ෂණය කර ඇති අතර මේ වෙන විට සෙල්ලපි 80 ක් පමන සොයාගෙන තිබේ.මෙම පුජා භුමිය මුහුදු මට්ටමේ සිට අඩි 1035 ක් උසින් පිහිටා  තිබේ.දැනට රජගල පුරාවිද්‍යා භුමියෙන් ඓතිහාසික ස්ථාන 700 හදුනා ගෙන තිබේ.

මෙම පුජා භූමියේ  ඉදිරි කැණීම් වලදී තවක් වැදගත් වු සාධක සොයා ගැනීමට හැකිවන බව  ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්‍යය පත්මසිරි කන්නන්ගර මහතා පැවසීය.

මෙම කාර්‍යය සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පි.බි.මණ්ඩාවල මහතා ගේ අධීක්ෂණය යටතේ ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්‍යය පත්මසිරි කන්නන්ගර ,මහාචර්‍ය කරුනාසේන හෙට්ටිආරච්චි,ආචාර්‍ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව. නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නිල්මල්ගොඩ  යන මහත්වරුන් ගේ මෙහයවිමෙන් මෙම කාර්‍යය සිදුවෙමින් පවතී.

මෙවර කැණිම් සදහා ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලයේ උපකුලපති පුරාවිද්‍යාඥ වසන්ත සිංදෙයි මහතා ඇතුලු නියෝජිතයින් පිරිසක්ද සහභාගි වි සිටිති.



අදහස් (9)

රජගල පුරාවිද්‍යා භූමියේ කැණීම් යළි ඇරඹෙයි

Kapila Tuesday, 29 May 2018 06:11 PM

මේ වගේ විජිතපුර බලකොටුව සංරක්ෂණය කරන්නේ නැත්තේ මොකද. අවට ඉන්න මුස්ලිම් අය එපා කියයි හිතලද?.

:       121       280

rasika Tuesday, 29 May 2018 09:39 PM

ඉතාම හොද දෙයක්. අපේ උරුමය. මෙහි තාක්ෂණය ගැන අපි පර්යේෂණ කරන්න ඕනේ.

:       0       44

b d nirmala padmakanthi Wednesday, 30 May 2018 03:19 AM

ඉතා වැදගත් රාජකාරියක්

:       0       73

Anruddha Wednesday, 30 May 2018 05:15 AM

නැගෙනහිර බොදු උරුමය රැක ගැනිම සදහා ගන්නා වැයමට හිස නමා ආචාර කරනවා. සමන්ගල තියෙන 2500ක් පරන බදාමය විනාශ වෙනවා ඒ ගැනත් ටිකක් බලමුකෝ

:       0       130

මාලක Wednesday, 30 May 2018 11:29 AM

මේවා සංරක්ෂණය කර ගැනීම අපේ වගකීම.

:       0       19

makola mangala himi Thursday, 31 May 2018 03:43 AM

කුරගල පුදබිමත් මේ විදිහට කැනීම් කොට රක්ෂණය කලොත් හොඳයි නේද.?

:       0       8

rasika Thursday, 31 May 2018 09:18 AM

මෙම අංශයට ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය තෙගුණ කල යුතුයි

:       0       1

rasika Thursday, 31 May 2018 07:41 PM

මේවයේ වටිනාකම් බොහොමයි . මේවා ආරක්ෂා කරන්න ඕනේ ජාතික උරුමයක් විදියට . මේවා එක ජාතියකට ආගමකට අයිති නැ. මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම අයිතියි. තමන් අදහන අාගම දර්ශනය කුමක් වුනත්, මේ පෞරානික අපේ උරුමය රැක ගන්න ඕනේ.. නමුත් කියන්න කනගටුයි, ලංකාවේ නොමග ගිය සුළු මුස්ලිම් පිරිසක් මේවා විනස කරනවා, ඉන්දුනීසියාව, මාලදිවෛන , බංගලාදේශය වගේ 80% විතර ඉන්න මුස්ලින් රටවලත් අතීත බෞද්ධ උරුමයන් අරක්ෂකරනවා ජාතික උරුමයන් විදියට. එත් ලංකාවේ මේ විනාසය නැති කරන්න සාමාන්‍ය මුස්ලිම් ජාතිකයන් ගේ සහ අනෙක් සියලු ජාතීන්ගේ වග කීම. ඒ වගේම නිදන් හොරුන්ගෙන් රැකගන්නත් අපි වග බල ගන්න ඕනේ. මේවා තුල තියෙනවා ඉතා වටිනා තාක්ෂණික ක්‍රම අපිට අදත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්, දාගැබ ඇතුලේ නොයෙක් වටිනා බීජ වර්ග නිදන් කරලා තියෙනවා, සමහර දේවල් අද වෙනකොට වැඩවෙලා ගිය.. තව බොහෝ දේවල්, බෙහෙත් වර්ග , පැරණි වාරිමාර්ග ක්‍රම.

:       0       27

thusitha Friday, 01 June 2018 05:18 AM

තව කැනීම් කළහොත් බුදුන් වැඩසිටි කාලයේ තොරතුරු හමුවවී..............

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20372 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18283 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site