(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයට යටවන නාඋල කොන්ගහවෙල ග‍්‍රාම නිලධාරී වසමේ රජාවෙල ගම්මානයේ පවුල් 321කට අයත් ගොවීහු පිරිසක් කරුණු කිහිපයක් මුල් කරගනිමින් නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල දී අද (12) විරෝධතාවක් කළහ.
සිය ඉඩම්වලට සරිලන වන්දි මුදලක් ලබානොදීම හා අඳගොවින්ගේ සහ සින්නක්කර කුඹුරු හිමිකරුවන්ගේ ඉඩම් සඳහා මේ වන තෙක් විකල්ප ඉඩම් ලබානොදීම යන කරුණු මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.
මොරගහකන්ද ජන අයිතීන් සුරැකීමේ සංවිධානය සහ නාඋල ජන අයීතින් සුරැකීමේ සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිනි.
මේ හේතුවෙන් මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක් මංතීරූවකට සීමා විය.
පැයක් පමණ පැවති මෙම විරෝධතාව අතරට දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණි මීගහකුඹුර මහතා පැමිණි අතර පසුව ඔහුගේ මැදිහත්වීම යටතේ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.බී. විජේරත්න මහතා ද පැමිණියේය. ඉන්පසුව මේ සම්බන්ධයෙන් නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදි උද්ඝෝෂකයින් පැවසුවේ මොරගහකන්ද ජලාශය ඉදිවීම පිළිබඳ තමන්ට ගැටළුවක් නොමැති බවත් ජලාශයට යටවන පුද්ගලයින්ගේ ඉඩම්වලට සාධාරණය ඉටුවිය යුතු බවත් ය.
මෙම ගැටළුව සම්බන්ධයෙන් ලබන 22 වැනිදාට පෙර මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට දුන් පොරොන්දුවකින් අනතුරුව උද්ඝෝෂණය අවසන් කෙරිණ.
අනතුරුව මොරහකන්ද ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.බී.විජේරත්න මහතාගේ අත්සනින් යුතු ලිපියක් ද උද්ඝෝෂකයින්ට ලබාදෙන ලදී.
කෙසේ වෙතත් ලිපිය භාරදීමෙන් පසු උද්ඝෝෂකයින් පැවසුවේ මෙම ලිපිය ද හුදු ලියවිල්ලක් පමණක් වුවහොත් ඉදිරියේ දී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බවයි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජාවෙල ගොවිහූ විරෝධතාවක
RD Tuesday, 12 December 2017 02:53 PM
හරි කොමිටියක් දාමු දැන්