IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රාවණා බලයෙන් ජනපතිට සංදේශයක්

(ජයමාල් චන්ද්‍රසිරි)


රටේ මාධ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව විකිණීම නවතා දමන ලෙස හා  ඊලාම වෙනුවෙන් සටන් වැදුණු  ඊලාම්වාදීන්ට වන්දියක් ගෙවීමේ යෝජනාවට එරෙහිව  විරුද්ධත්වය පළ කරමින් රාවණා බලය සංවිධානයේ  කැඳවුම්කරු  ඉත්තෑකන්දේ සද්ධා තිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය  ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (29) සන්දේශයක් බාර දුන්හ.

සිංහලේ  ජාතික පෙරමුණ ද ඊට එක්ව සිටියේය.



අදහස් (14)

රාවණා බලයෙන් ජනපතිට සංදේශයක්

dhamneth Friday, 29 June 2018 08:44 AM

සමහර භික්ෂුන්වහන්සේලාව අපි දහස් වාරයකටත් වඩා රූපවාහිනිවලින් දැක තිබෙනවා. කවදාකවත් බණ කියනවා නම් පෙනෙන්නේ නැහැ.

:       271       411

BamunuarachchiWednesday, 04 July 2018 02:38 AM

නමුත් ජාතිය වෙනුවෙන් දෙසපාලුවන්ට අනකරනවා දැක තිබෙනවානේ? එක හොඳටෝම ඇති. බන කියනවාට වඩා ඝටක් එකට තිබෙන්න ඕනේ. බන කියන කොටසකුත් ඉනාවා ජාතිය රකින කොටසකුත් ඉන්නවා. මෙහාමුදුවරුන්ට නෝක්කාඩු කියන ඔබ අර LTTE ය නැවත ඕනේ කියපු දෙමල ගැහැනිට විරුද්දව ලීවාද? නැහැ නේද?

:       0       0

sirimal Friday, 29 June 2018 09:06 AM

එක්තරා නාලිකාවක් මිලදීගැනීමට නියමිත බවට කියන ලන්ඩන් සමාගමේ හිමිකරු ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෙකු වෙයි. බ්‍රිතාන්‍යයේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රධානතම මූල්‍ය ආධාර ලබාදෙන මේ සමාගම මහින්ද රාජපක්ෂ රජය කාලයේ ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාර සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර ඇති බව "බස් ෆීඩ් නිවුස් " ආයතනය වාර්තා කර තිබුණි. ඩේවිඩ් කැමරන් අගමැතිව සිටි කාලයේ ඔහුගේ පක්ෂයට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 2 ක් පරිත්‍යාග කර ඇති බවත් වෙනත් අකාරයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ කටයුතු සඳහා මේ දක්වා නිරතුරුව උපකාර කරන බවත් එම වාර්තාවේ දැක්වෙයි. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල් කුමරුගේ සමාජ සුභ සාධක කටයුතු සඳහාද මෙම සමාගම විශාල වශයෙන් මුල්‍ය ආධාර ලබාදෙයි. බ්‍රිතානයේ පලවී ඇති කිසිම වාර්තාවක මේ සමාගම කිසිවිටෙක ශ්‍රී ලංකාවේ එල් ටී ටී ඊ හෝ වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායමකට හෝ බෙදුම් වාදයට සම්බන්ධ බවක් දක්වා නැත. මෙහිදී හුදෙක් දෙමළ ජාතිකයෙකු වූ පමණින් කෙනෙකුට " කොටි" ලේබලය අලවා සිදුවිමක අග මුල සොයා නොබලා කටයුතු කරනුයේ රටට ඇති හිතවත්කමක් නිසා නොව පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් බව පෙනී යයි.

:       129       262

saranapala Friday, 29 June 2018 10:40 AM

ලංකාවේ සංඝයා වහ්සේ ඉතිහාසය පුරාවට බන කීම විතරක් නොවෙයි කලේ. බරපතල ගැටළු අවස්ථාවල මැදිහත් වුවා. වසර 2500 ඉතිහාසය අඛණ්ඩව පැවතියේ ඔය විදියටයි.

:       527       412

akila Friday, 29 June 2018 11:31 AM

ඔතන ඉන්න එක භික්ෂුවක් මුහුණු පොතේ ඉන්නවා. තනිකරම කරන්නේ ජාතිවාදය අවුස්සන එකතමයි.

:       146       212

DarshanaSaturday, 30 June 2018 04:45 AM

සිංහල ජාතිය, ආගම ගැන කතා කළොත් එ්ක ජාතිවාදියි. අතීතයේදීත් ජාතියට, ආගමට කෙනෙහෙළිකම් කරපු අවස්ථාවේදීත් ඒ සඳහා මැදිහත් වුනෙත් භික්ෂුන් වහන්සේලා බව දන්නේ නැද්ද..?

:       12       5

Nuwan Friday, 29 June 2018 02:11 PM

සරණපාල මහතාණෙනි, පූජ්‍ය පක්ෂය රට හදන්නත්, රට කරවන අය බණ කියන්නත් වැඩ කළ යුතු අය මේවා බල බල ඉන්නත් ගිහින් තමයි මේ රටට වසර 2500ක ඉතිහාසය ගැන කියනු හැර.. වෙන මුකුත්ම ඉතිරිවෙලා නැත්තේ..

:       183       161

SampathFriday, 29 June 2018 05:13 PM

ලංකාවේ යුද්ධයකුත් තිබුණ , දැන් ලංකාවේ ආර්ථිකය බින්දුවටම වැටිලා, සිංහල සංස්කෘතිය රටින් හේදිලා යනවා. දැන් ඔබතුමා මේ වෙනුවෙන් කරපු දෙයක් කියනවද?

:       1       0

ධනුෂ්ක Friday, 29 June 2018 02:33 PM

අපේ හාමුදුරුවනේ... දේපැත්ත බෙදී දේශපාලනේට කඩේ ගියාට... විවිධ සංවිධාන හදාගෙන විවිධ කණ්ඩායම් හා ගැටුණාට අාගම හෝ ජාතිය රැකෙන්නෑ. එ්ක නීති පොතෙන් කරන්නත් බෑ. එ්ක කරන්න පුලුවන් ඔබ වහන්සේලා ධර්මයට අනුකූල නිවැරදි අාදර්ශය, උපදේශය හා මග පෙන්වීම තුල මිනිසාගේ හදවතේ උපදින පැහැදීම හා ශ්‍රද්ධාව මත. ඔබ වහන්සේලා කරන දේවල් කීප දෙනෙක් අනුමත කළාට ගොඩක් අය අනුමත කරන්නෑ. දොස් පවරනවා. මේවා අහන දකින කුඩා දරුවන් තුළත්, එවිට අාගම හෝ ඔබ වහන්සේලා තුල ගෞරවයක් අැති වෙන්නෑ. එ්ක තමා විනාශයේ මුල. මිනිස්සු බස් එකේ සීට් එක දෙන්නත් නොදී බැරිකමට... එ් තරම් ගෞරවය පිරිහිලා. හැකිනම් බුදුන් වහන්සේ අනුදැන ලෙස ධර්මයේ හැසිර ධර්මය දේශනා කරන්න.

:       32       28

sukiiri Friday, 29 June 2018 10:51 PM

කොහාට හරි ගිනි පත්තු කර කරා ඇති ඉතින්... වෙන කරන්න දේකුත් නැහැනේ... බුදුන් වහන්සේ කිවා වගේ නිවන් දකින්න භාවනා කරන හාමුදුරුවරු කොහෙද දැන්..

:       4       7

C.K.Lankaputhra Friday, 29 June 2018 11:29 PM

සරණපාල මහත්තයෝ, 2500 කට පස්සේ අලුත්ගම මහනුවර වගේ තැන් වල අබ සරණයි කිය කියා බරපතල ගැටළු ඇති කරන්නත් මැදිහත් වුණා.

:       0       1

DarshanaSaturday, 30 June 2018 04:48 AM

වෙනත් ජාතීන්වල අය ජාතිවාදී වැඩ කළාට ප්‍රශ්නයක් නැහැ කියන එකද සී.කේ. කියන්නේ...?

:       6       0

Duncan Saturday, 30 June 2018 12:32 AM

පටු ජාතිවාදී අදහස් ප්‍රචාරය කිරීමට සංඝයා මුල්වීම බරපතල සමාජ පරිහානියක් පෙන්නුම් කරන සිද්ධියක් සංඝයා මීට වැඩ බුද්ධිමත්ව වගකීමෙන් කටයුතු කළ යුතුය. සංඝයා මෛත්‍රිය පැතිරිය යුතුය. ජාතික සමගිය රටේ දියුණුවට ප්‍රධාන වශයෙන් බලපාන බව අමතක නොකළ යුතුය. දෙමල සහ සිංහල ජනතාව අතර වෙනස භාෂාව සහ ආගම පමණකි. අනෙක් සියලුම දෙයින් අප සමාන්‍ය ලෝකයේ සිංහලයාට කිට්ටුම ජාතිකයා දෙමළ ජාතිකයාය. නැවත වරක් විශ්වාසය බිඳ දමා සංහිඳියාව නැති කළොත් හැමදාම ලෝකයේ දුප්පත් ජාතියක් ලෙස අපට ජීවත් විය හැක. අපේ දරුවන් හැමදාම රට යාමට පෙරුම් පුරමින් රටට ආදරයක් නැතිව ජීවත් වෙනු ඇත. දුප්පත් නැති බැරි මිනිහා හැමදාම දරිද්‍රතාවයේ දුක් විඳින එක සාමාන්‍ය දෙයක් වෙනවාය. සංඝයාගේ වගකීම සියලුම ජාතීන්ට කරුණාවෙන් සැලකීමත් සියලු දෙනාගේ අයිතිවාසිකම් රැකීමත්ය. ආයෝජකයා දෙමළ වුණු පලියට ඔහුට විරුද්ධව සංඝයා නැගී සිටීම බරපතල බුද්ධි අවපාතයක සලකුණු කියාපායි. සංඝයා ආදර්ශමත් විය යුතු අතර බුද්ධිමත්ව තීරණ ගත යුතුය. සිංහල ජාතිය නියෝජනය කිරීමේ අයිතිය සිවුරට ලබාදී නැති බව වටහා ගත යුතු අතර සිවුරේ බලය අනවශ්‍ය ලෙස ක්‍රියා නොකළ යුතුය.

:       2       1

Nandaka Saturday, 30 June 2018 07:40 AM

බුදු හාමුදුරුවොත් රාජ්‍ය පාලනයට මැදිහත් වුණේ නැහැ... තමන්වහන්සේ ලඟටවිත් විමසුවොත් රජුට, ඇමතියන්ට, වැසියන්ට අවවාදයක් දුන්නා හැර රජුන් තනන්නට රජුන් පන්නන්නට ක්‍රියා කලේ නැහැ !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site