(මනුල වික්‍රම)
අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරු 5.50ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.
අනුරාධපුර අටමස්ථානාධිපති උතුරුමැද පළාතේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන යන නා හිමිරුවන් සහ තායිලන්තයේ ලුම්පෝ අනන් සංඝරාජ හිමිපාණන් ප්‍රමුඛ මහ සංඝරත්නයේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු කෙරිණි.
කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පිංකම හෙට (26) උදෑසන 10.00 ට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
මහා සෑයෙන් ඉවත් කෙරුණු පැරණි චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය සඳහ විශේෂ කුටියකට වැඩම කරවා තිබේ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යය පළඳවයි
kapila Monday, 25 November 2019 06:34 PM
බොහෝ විශ්ව ශක්තිය ලැබ රට සරු වේවා.
saman Monday, 25 November 2019 07:23 PM
සාධු සාධු අපේ රටේ උත්තරීතර පූජනීය රුවන්වැලි මහා සැය
ආනන්ද පිටබැද්දර Tuesday, 26 November 2019 05:55 AM
බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වසර 5000 ක් විරාජමානව වැඩ වසන්නාවූ මේ එකම සක්වලේ පුණ්‍යවන්ත වූ ආනුභවයෙන් මගේ රටටත්, සියළු ලාංකිකයන්ටත් ධර්මය අවබෝධ කර ගත හැකි වාසනාවන්ත කාලයක් උදාවේවා ! සියළු දෙවියෝ වර්තමාන රජයත්, අළුත් නායකයාත් රැක දෙත්වා ! රටටම නව ප්‍රීතිමත් දියුණුවක් ඇතිවේවා ! මගේ මව්බිම රැවන්මැලි සෑ රදුන්ගේ ආනුභවයෙන් ලොව ඉහලින්ම බැබළේවා !
max Tuesday, 26 November 2019 06:08 AM
සිංහල බොදු සංස්කෘතියේ මුදුන්මල්කඩ වූත්, විශිෂ්ට ශිෂ්ටාචාරයක ජීවමාන කැඩපතක් වූත්, අපගේ රාජවංශයේ අසහාය වීරයා ගාමණී අභය රජතුමන් විසින් නිමවාලු රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ තවත් චිරාත් කාලයක් ශ්‍රී ලංකා ද්වීපයට සෙත් ශාන්තියක්ම වේවා!
සෙනෙවිරත්න Tuesday, 26 November 2019 09:01 AM
මට ප්‍රශ්නය තියෙන්නෙ මෙච්චර බලසම්පන්න බුදුන්ගෙ ධාතු තියෙන රට දවසින් දවසට වළපල්ලට යන එක සහ වෙනත් රටවල් දියුණුවට පත්වීමයි. ඒකෙන් පෙනෙන්නේ ඔය කිසිදු බලවේගයකට රටක් දියුණු කළ නොහැකි බවත් ආකල්පයමය වෙනසකින් හෝ මේ ක්‍රමය වෙනස් කිරීමෙන් පමණක් බව නොවේද? එබැවින් මෙම ජානගත මිථ්‍යාවන් වලින් දුරස්වීම දැන්වත් කළ යුතුය.