IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රසික හදවත් හඬවා සුනිල් පෙරේරා සමුගෙන යයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකළ කණ්ඩායම් සංගීතයේ දැවැන්තයකු වූ ’ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු  අද(6) පස්වරු 6 ට බොරැල්ල කනත්තේදී  සිදු කිරීමට නියමිතය.

සුවසක් රසික හදවත් සිය මියුරැ හඩින් සැනසු ඔහු, අද දිනයේදී රසික හඳවත් කම්පාකර නෙතගට කඳුලක් ක් කරවමින්  සිය ජීවන මගෙහි අවසානය සනිටුහන් කරන්නේය. 

කොරෝනා වයිරසය ආසාදනය වී ඉතා අසාධ්‍යව ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා  නිවසට ගොස් සිටියදී යළි ඇතිවූ හදිසි රෝග තත්වයක් හේතුවෙන් ඉකුත් 03 වැනිදා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර එහි දී මරණයට පත්විය.

පෙනහළු ආශ්‍රිත ආසාත්මිකතාවක් සමඟ ඇතිවූ නියුමෝනියා තත්වය ඔහුගේ මරණයට හේතු වී ඇත.

 සුනිල් පෙරේරා මහතා මිය යන විට 68 හැවිරිදි වියෙහි පසුවිය.

දක්ෂ වාදකයකු, සංගීතඥයකු මෙන්ම ගීත රචකයකු ද වූ සුනිල් පෙරේරා මහතා මනා හඬ පෞරුෂයකින් යුත් ගායන ශිල්පියකු ද විය.

හිටපු යුද හමුදා නිලධාරියකු හා තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වූ ඇනටන් පෙරේරා මහතාට සහ ඩොරින් පෙරේරා මහත්මියට දාව සහෝදර සහෝදරියන් 10 දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස 1952 සැප්තැම්බර් 14 වැනිදා මොරටුවේදී උපත ලැබූ අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා සිය දිවි ගමන නිමා කළේ සිය 69 වැනි ජන්ම දිනයට දින අටක් ඉතිරිව තිබියදීය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සුනිල් පෙරේරා මහතා ඉන් පසු අධ්‍යාපනය ලබන්නේ ශාන්ත පීතර විද්‍යාලයෙනි.

කුඩා කල සිටම සංගීතයට ප්‍රිය කළ සුනිල් පෙරේරා වයස අවුරුදු 11 දී ගිටාර වාදනය හැදෑරීමට යොමුවන අතර ප්‍රවීන වාදකයන්  වූ වින්සන් ජයවර්ධන හා ජෝර්ජ් ෆර්ඩිනෑන්ඩු ඔහුගේ ගුරුවරු වූහ.

1969 දී පාසල් අධ්‍යාපනය නිම කළ පසු සිය පියාගේ 'ජිප්සීස්' සංගීත කණ්ඩායමට සම්බන්ධ වූ සුනිල් පෙරේරා මහතා පසුව පියල්, නිහාල්, ලාල්, නිමල් යන තම සොහොයුරන් සහ ඥාති සොහොයුරන් එක් කරගනිමින් එය මෙරට ජනප්‍රියම සංගීත කණ්ඩායමක් බවට පත් කළේය.

සාම්ප්‍රදායික කණ්ඩායම් සංගීත රටාවෙන් ඔබ්බට යමින්  නවමු ගමනක් ආරම්භ කළ සුනිල් පෙරේරා ජිප්සීස් සංගීත කණ්ඩායම හරහා මෙරට සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කළා යැයි කිවහොත් නිවැරදිය.

ඔහු සමාජයේ විවේචනය කළ යුතු දේ විවේචනය කරමින් ගායනා කළ ගීත ලොකු කුඩා කා අතරත් අතිශය ජනප්‍රිය විය.

මෙරට දේශපාලනයේ විවේචනය කළ යුතු තැන් හා සමාජ දුර්වලතා විවේචනය කිරීමට ඔහු නිර්භයව සිය නිර්මාණ යොදා ගත්තේය.

' එතුමා', 'අයි ඩෝන්ට් නෝ වයි' ආදී ගීත ඒ සඳහා උදාහරණයන්‍ ය.

  මුල් කාලයේදී ඔහුගේ ගීත රාජ්‍ය මාධ්‍යවල විකාශය නොවීමටද මෙම විවේචනාත්මක නිර්මාණ හේතුවිය.

තාත්තා මට ඇනපු ටොක්ක, සිංඤ්ඤෝරේ, ලුණු දෙහි, පාවෙන පීරිසියක්, වඩුවැඩෙන් දිවි රකින, කැඩපතකින් කිසි දවසක නෑ, නෝනෙ මගෙ සුදු නෝනේ, කොත්තමල්ලි, සුමිහිරි පානේ, ඕයේ ඔජායේ, පිටි කොටපං නෝනේ ආදී ගීත රැසක් ඔහු නිර්මාණය කර ගායනා කළේය.

70 දශකයේ ඇරඹි ජිප්සීස් සංගීත කණ්ඩායම අදටත් ඉහළ ඉල්ලුමක් ඇති සංගීත කණ්ඩායම වන අතර ඒ ආභාෂය ඇතිව කොතෙක් සංගීත කන්ඩායම් බිහිවුවද ජිප්සීස් හි ජනප්‍රියත්වය අදටත් එලෙසම පවතී.

ගීතා පෙරේරා මහත්මිය සමඟ විවාහ වූ  සුනිල් පෙරේරා මහතා ඩැඩී සංගීත කණ්ඩායමේ නිර්මාතෘ, ජනප්‍රිය ගායක ගයාන් පෙරේරා මහතා ඇතුළු දරුවන් සිවු දෙනකුගේ පියෙකි.

(ඡායාරූප ශාන්ත රත්නායක)

 

 

 



අදහස් (20)

රසික හදවත් හඬවා සුනිල් පෙරේරා සමුගෙන යයි

Chamila Monday, 06 September 2021 05:11 PM

ඔබට නිවන් සුවම අවබෝධ වේවා...!!!

:       3       69

පූජා. Monday, 06 September 2021 05:19 PM

ප්‍රිය ගායකයාණෙනි, ඇයි නික්ම යන්නට ඔබට මෙපමණ හදිසියක්? ජාති බේදයක් නැතිව ඔබගේ ගීතවලට ඇලුම් කල සුවහසක් රසික ජනතාව තනිකර දමා, අද ඔබ නික්ම ගොසිනි.. මෙලොව ඉපදුණු සෑම කෙනෙකුම කවදා හෝ යායුතු ගමනක් ඔබටද යන්නට සිදුවී ඇත.. එයයි ලෝක ධර්මතාවය.. ගතින් නික්ම ගියත්, රසිකයින්ගේ හදවත් තුළ ඔබ සදා ජීවමානව වෙසෙනවා ඇත.. පාටියක් කොතනද, ඔබ එතැන ඇත. ඉතින් ඔබ මියගියා යයි කෙලෙස පවසන්නද? ප්‍රිය ගායකයාණෙනි, ඔබට සුබ ගමන්...!!!

:       57       97

Ashlynn Monday, 06 September 2021 06:08 PM

හරිම දුකයි... ඔබට සුබ ගමන්...!!!

:       42       53

Priyantha Monday, 06 September 2021 06:21 PM

හරිම දුකයි.. ඔබට සුබ ගමන්...!!!

:       34       50

SUNIL MILANO Monday, 06 September 2021 06:57 PM

අපගේ හදවත් ගායනයෙන් මුසපත් කළ ඔබට පතන්නෙමි අජරාමර නිවන් සුව... !

:       2       49

iks.chndrasiri Monday, 06 September 2021 08:24 PM

අප කුඩා කල පටන් අපි කැමැති ගීත ගොන්නක් අපිට දුන්න ඔබතුමාට නිවන් සුව ලැබේවා...!!! 

:       2       48

අශෝක් මෙතායස් Monday, 06 September 2021 10:49 PM

ආදර සුනිල් අයියේ….. ගතෙන් අප හැර ගියත්……. හදවතින් සැමදා අප සමගයි……

:       39       42

sunil Monday, 06 September 2021 11:57 PM

පුදුමාකාර මිනිසෙක් මේ ... මනුෂ්‍ය හැඟීම් සමුදායක් සුමියුරු සංගීතයකට පෙරලන්න පුලුවන් මේ විදියෙ ජගතෙක්

:       40       37

සෙනෙවිරත්න Tuesday, 07 September 2021 07:13 AM

මංගලගෙ වියෝව වගේ, කෙලින්කතා කරන අය නැති කරන වෛරසයක්. ඔබ අප අතහැර ගියේ යැයි නොසලකමු. සැමදා ඔබ අප සමගයි. ඔබට නිවන්සුව.!

:       2       30

Mahinda Tuesday, 07 September 2021 08:13 AM

ඔබ ජීවමාන පුරාවෘත්තයකි. සුභගමන් සහෝදරයා.

:       17       18

Mohamed faiz. Tuesday, 07 September 2021 08:25 AM

මට කියන්න අවශ්‍යයි, ඇත්තෙන්ම හරිම සිත්ගන්නා ගායකයෙක්.

:       37       19

mohomed agarapatana Tuesday, 07 September 2021 09:05 AM

සංහිදියාවේ තවත් පුරුකක් මෙසේ නික්ම ගිය වගයි. සුනිල් අයියා ඔබට නිවන් සුව.!

:       44       22

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 September 2021 10:11 AM

මෙරටේ සිටින මගේ කිට්ටුම මිතුරෙකු වන සම්මානනීය ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ වරයෙකු ඔහු හා සුනිල් පෙරේරා මහතා එකට ඉන්නා ඡායාරූපයක් ඒවා සුනිල් පෙරේරා මහතා ගැන අපූරු කතාවක් කිව්වා.ඒක මා මේ වෙලාවේ නොකියා හිටියොත්,කුහකකමක් වෙනවා.ඒ නිසා ඒ ගැන සුනිල් පෙරේරා මහතාට ගෞරවයක් වෙන්න පුංචි සටහනක් දානවා.මගේ මිතුරාටත් ශිල්ප ඉගැන්වූ තවත් සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට පැදුරු පාටියක් දමන ලෙස සුනිල් පෙරේරා මහතා පවසා තිබෙනවා.ඒ අවස්ථාවේදී,ඉහත චිත්‍රපට අධ්‍යක්ෂවරයා මුදල් නැති නිසා එය කළ නොහැකි බව පැවසුවත්,සුනිල් මහතා එය කළ යුතුමයි කියා තිබෙනවා.පැදුරු පාටියකට නම් බැහැ සුනිල් ,ඔයයි අපි දෙතුන් දෙනයි එකතුවෙමු යැයි කීමෙන් පසු සුනිල් පෙරේරා මහතා පිටව ගොස් තිබෙනවා. තවත් ටික වෙලාවකින් පසු සුනිල් මහතාගේ රියැදුරු චෙක් පතක් සහිත කවරයක් ගෙනැවිත් දී තිබෙනවා.චෙක්පත ලොකු මුදලක් සහිත එකක්ලු.තවත් ටික වෙලාවකින් සුනිල් පෙරේරා මහතා මීතුරාට කතාකොට ඔන්න පැදුරු පාටිය හොඳට තියෙන්න ඕනෑ කියා කිව්වාලු.කිව්ව විදිහටම එය හොඳටම තිබුණාලු.සුනිල් පෙරේරා මහතා කියන්නේ, හරිම සුන්දර පරිත්‍යාගශීලී මිනිසෙක්.

:       38       24

සෙනෙවිරත්න Tuesday, 07 September 2021 03:23 PM

පෘතුගීසි කාරයා සිංදුව ලියපු ඩබ්ලිව් ජයසිරිටත් එහි සංගීතය කළ ශිල්පියාටත් තම උපන් දිනයදා රු 25000 බැගින් කාලයක පටන් දෙනවා කියලා ජයසිරි මහත්මයා ප්‍රකාශ කරලා තිබුණා. එහෙම අය ඉන්නේ කීයෙන් කීදෙනාද? පරම්පරා හතකට නූපන් අයටත් හම්බකරලා තියලා මැරෙන බෞද්ධයින් ඉන්න රටේ මේ කතෝලිකයා හාමුදුරුවන්ටත් ආදර්ශයක්...

:       66       10

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 07 September 2021 04:22 PM

සෙනෙවිරත්න මහත්තයාගේ කතාව සහතික ඇත්ත. පොදි ගහගෙන නොමැරෙන විදිහට තමයි ඇතැම් දෙනා ජීවත් වෙන්නේ.

:       32       6

achini Tuesday, 07 September 2021 10:49 AM

සමාදානයේ සැතපේවා සුනිල් අයියා

:       1       53

ලුම්බිණි Tuesday, 07 September 2021 12:42 PM

බොහෝ නොවටිනා මිනිසුන් අතර සිටි වටිනා මිනිසෙක්... වියෝවීම ඉතාම කණගාටුදායකයි. ඔබට නිවන් සුව..!

:       1       24

ganegoda Tuesday, 07 September 2021 02:25 PM

ඔබගේ ගීත අසමින් ලැබූ ඒ් සතුටට ස්තුතියි . සුබගමන්

:       10       4

hesa Tuesday, 07 September 2021 03:21 PM

ඔබතුමත් රටට වටිනා මිනිසෙකි.. ලොවෙන් සමුගත් වටිනා මිනිසුන් ගොන්නට එක්වූ මිනිසෙකි.. සමාදානයේ සැතපේවා! ඔබට නිවන් සුව..!

:       1       19

ගමේ එකාලා Tuesday, 07 September 2021 03:23 PM

ඔබේ අගය අපිට පෙරටත් වඩා දැනේවි... ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා...! ඒ ගාම්භීර හඬ අපේ හදවත් තුළ දෝංකාරය දෙනවා. නොසිතු මොහොතක ඔබ අප හැර ගියා. ඔබ දෙව්මව් තුරුලේ සැතපේවා...!

:       0       35

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6546 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site