IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


රුසියානු ගුවන් කුරුල්ලා මත්තලට

(සුජිත් හේවාජුලිගේ )

සංචාරකයන් 412 දෙනෙකු රැගත් බෝයිං 777 වර්ගයට අයත් “රෙඩ් වින්ග්” (Red Wing) රුසියානු ගුවන් යානය අද පෙරවරු 9.00ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.

මොස්කව් නුවර සිට පැමිණි   මෙම ගුවන් යානය රුසියාවේ අවුරුදු 23 ක් පැරණි ගුවන් සමාගමක් වන “ Red Wing ” සමාගමට අයත් එකකි.

මෙම ගුවන් යානය අද සිට සතියට ගුවන් ගමන් වාර දෙකක් මොස්කව් සහ මත්තල අතර පියාසර කිරිමට නියමිතව ඇති බව ගුවන්තොටුපොළ  කළමණාකරු පැවසීය



අදහස් (17)

රුසියානු ගුවන් කුරුල්ලා මත්තලට

සනත් Thursday, 29 December 2022 02:36 PM

ගුවන් තොටුපලට ගුවන් යානයක් එන එක ප්‍රධාන පුවතක් වන්නේ ඇයි වරායට ගුවන් යානයක් ආවනම් හොඳ හෙඩිමක්

:       5       68

Hafeel Thursday, 29 December 2022 03:10 PM

අපේ කොමිස් ගිහින් ඉන්නේ පිළිගන්න...

:       3       43

සංජය Thursday, 29 December 2022 03:18 PM

දුප්පත්කම මතුවෙනකොට මනුස්සකම යට යනවද? ඔය කුරුල්ලෝ අරෙහේ යුක්රේනේ අහිංසක දරුවන් ඉන්න ගෙවල්වලට මිසයිල ගහනවා. මෙයාලා වැඳලා පිළිගන්නවා. සල්ලිවලට මම හිතන්නේ...

:       27       22

චමින්දThursday, 29 December 2022 05:06 PM

යුක්‍රේනේ බබා...!

:       12       19

RohithaThursday, 29 December 2022 05:43 PM

සංජය- දන්න දෙයක් ගැන කතා කරන්න... නිකන් කඩේ යන්නේ නැතුව ඉන්න..

:       18       12

sujeewarFriday, 30 December 2022 08:49 AM

යුක්රේනයට මිසයිල වදින්නේ නිකම් නෙවෙයි. හේතුවක් ඇතිව. ඒ හේතුව නැති කරන්න තරම් රටටත් ජනතාවට ආදරේ කරන නායකයෙක් හැටියට සෙලෙන්ස්කි ඉස්සෙල්ලම බටහිර දෙස නොව නැගෙනහිර දෙසට අඩිය තැබිය යුතුය. සාමය සඳහා ආයුධ පොම්ප කරන රටවල් වල උපදෙස් නොව සැබෑ සාමය සඳහා පොළඹවන රටවල් වල උපදෙස්වලට ඇහුම්කන් දිය යුතුය. අසල්වැසියා අතපය විසිකරන විට එයින් තමාගේ ඇඟට වැදී හානියක් සිදුවීමෙන් වැලැකීමේ අයිතිය පුටින් භාවිතා කර ඇත. තම ජනතාවට මිසයිල වදින බව දැන දැනත් කොන්දේසි දමමින්, වහසි බස් දොඩමින්, බර අවි ඉල්ලනවා වෙනුවට අසල්වැසියාගේ අදහසද අවබෝධ කරගෙන කටයුතු කල යුතුය. රුසියාව අපප හට කොන්දේසි නොදමන ඓතිහාසික මිතුරෙකි. යුක්රේකය අපට විරුද්ධව ඡන්දය භාවිතා කරද්දී රුසියාව හැමදාමත් අප සමග එකට සිටි රටකි. අදත් අපහට අසීරුම අවස්ථාවලදී පවා සංචාරකයන් පැමිණෙද්දී ඇතැම් රටවල් අප රටේ සංචාර නොකරන ලෙස උපදෙස් ලබා දෙයි. එහෙයින් මෙම කුරුල්ලා අපට වටී...

:       5       16

චන්දිම ෆොන්සේකාSaturday, 31 December 2022 10:03 AM

යුක්රේනය ඇමරිකාවේ උවමනාව පරිදි නේටෝ සංවිධානයට බැඳිලා රුසියාව දොරකඩටම නේටෝ හමුදා ගෙනල්ල රුසියාව බිත්තියටම හේත්තු කරනකම් අතපය බැඳගෙන ඉන්න කියාලද පුටින්ට කියන්නේ. ඕක අනිත් අතට ඇමරිකාවට කරන්න ගියානම් ඔවුන් එකට ඉඩ දෙනවාද? ඒ නිසා මම හිතන්නේ පුටින්ට කරන්න පුළුවන් වෙලා තියෙන දේ තමයි ඔය කරන්නේ.

:       3       4

kapila Thursday, 29 December 2022 05:19 PM

දරුවනේ, ඔයාලා ඉන්නේ කුකුලෙක් ළඟ. දෙමාපියනි, දරුවන් හරියට බලාගන්න.

:       3       27

Bandara Thursday, 29 December 2022 05:52 PM

සතියට ගුවන් යානා දෙකක් ඇවිල්ලා ගුවන් තොටුපලකින් ලාබ ගන්න පුළුවන්ද? ගුවන් තොටුපලක් ලාබදායී දුවන්න නම් ගුවන්වාර කීයක් අවශ්‍යද කියලා හොයන්න. මරිසිපාලතුමනි, පිස්සු කෙලින්න එපා.

:       3       24

siri Thursday, 29 December 2022 05:57 PM

ගුවන් තොටුපලකට ගුවන් යානයක් එන එකත් අපට ලොකු ප්‍රවෘත්තියක් වෙලා. අනේ අපොයි විරුවෙක් කියලා හිතාගෙන පඹයෙක් ගෙනැල්ලා අපිත් කරගත්තු වින්නැහියක්...

:       5       24

sampath Thursday, 29 December 2022 11:03 PM

වී ගබඩාවකට 2ක් එන එක ලොකු දෙයක් නොවෙයිද? යහපාලනයෙන් එදා මත්තල වි ගබඩා කරලා කීර්ති නාමය විනාශ කළා.

:       5       5

Kumara Friday, 30 December 2022 01:55 AM

ගුවන් කුරුල්ලා මයිනාගේ සරම ඇතුලට

:       1       6

Buddika Friday, 30 December 2022 06:13 AM

සුදු නෝනා පරිස්සමින්. බලාගෙන දන්න කෙනෙක් ලඟ ඉන්නේ.

:       0       4

බයියා Friday, 30 December 2022 11:11 AM

උදයංග අපට ඔබ විශ්වාසයි.

:       4       2

අනුරුද්ධ ලියනගේ Friday, 30 December 2022 02:42 PM

යුක්රේනයෙන් තමයි පළමුවෙන්ම මිසයිල දුන්නේ එල්ටීටී එකට.. ගුවන් යානා දෙකකට ගහලා අපේ ගුවන් හමුදාවේ නිලධාරින් සිය ගණනක් මරුණා මතකද?

:       1       6

අනුරුද්ධ ලියනගේ Friday, 30 December 2022 02:45 PM

සුදු නෝනේ, බලාගෙනයි...

:       0       4

චන්දිම ෆොන්සේකා Saturday, 31 December 2022 10:04 AM

කෝ මෙයාගේ මෙතන නිදි කිර කිර ඉන්න රුප රාමුව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6688 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6299 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18379 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1332 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 403 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site