IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


රෝහල අප ජලය නගරයම අවදානමේ හෙළයි

(බී.ජී චතුරංග)

අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් බැහැර කරන අප ද්‍රව්‍ය සහ අප ජලය කෙලින්ම මල්වතු ඔයට මුසු වීම නිසා එහි ජලය පරිහරණය කරන වන්දනාකරුවන් සහ නගරයේ ජනතාව බොහෝ දෙනකුගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි නගර සභාව කියයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් බැහැර කෙරෙන සායනික අප ද්‍රව්‍ය සහ අප ජලය කෙලින්ම බාහිර පරිසරයට මුදා හැරීම හේතුවෙන් අනුරාධපුර නගරයේ ඇති 'ස්වභා උයන' ඇතුලු නගරය අවට දැඩි දුර්ගන්ධයක් හමන බවත්, එම අප ජලය පූජා නගරය මැදින් ගලා බසින මල්වතු ඔයට ගලා යාම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇතැයි ද අනුරාධපුර මහ නගර සභාව පවසයි.

අනුරාධපුර නුවර වැවේ 'බිහිරි' සොරොව්වෙන් මුදා හැරෙන ජලය නගර මධ්‍යයේ පිහිටි ස්වභා උද්‍යානය පිහිටි පොන්නාරම් කුලම වැවට ගලා එන අතර ශික්ෂණ රෝහලේ මුදා හැරෙන අප ජලය සහ අප ද්‍රව්‍ය මෙම වැවට ගලා විත්, ඇළ මාර්ග ඔස්සේ එම සියලු අප ජලය පූජා නගරය හරහා ගලා බසින මල්වතු එක්වන බව මෙහිදී අනාවරණය විය.

එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමේදී සායනික අප ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහ අප ජලය අවිධිමත් ලෙස විවෘත පරිසරයට මුදා හැරෙන ආකාරයත් එම අප ජලය ඒ ආසන්නයේ ඇති පොන්නාරම්කුලම වැවේ සිට යළි ඇල මාර්ගයක් ඔස්සේ මල්වතු ඔයට ගලා යන ආකාරයද දැක ගත හැකි විය.

 



අදහස් (3)

රෝහල අප ජලය නගරයම අවදානමේ හෙළයි

හාමල්ලී Friday, 11 November 2022 06:10 AM

ඒවට තමයි නගර සභාව තියෙන්නෙ තමන්ගෙ වගකීම ඉටුනොකර අනුන්ට දොස්කියා වැඩක් නැහැ උපතේ සිට මරණය දක්වා ඔක්කොම කොරන්නෙ අපි කියලා නේද පළාත් පාලන ආයතන කියන්නෙ ඔය කියන දේවල් තමන්ට කොරන්න බැරිනම් වරිපනම් අයකරන නිසාවත් පුවත්පත් වලට නොලියා නොකියා රෝහල සමග සාකච්ඡා කලාම නරකද (නගරාධිපති /කොමසාරිස් වරුනි)

:       0       19

SL Friday, 11 November 2022 12:50 PM

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වසරකට බිලියන ගණනක් මුදල් වෙන් කරනවා. ඒවායින් ලොක්කොම 40-50% හොරා කාලා කරන්න ඕනේ වැඩ ටික හරියට නොකරපුවාම වෙන වැඩ මේවා... අනුරාධපුරේ විතරක් නොවේ, ගොඩාක් තැන්වල එහෙමයි. මුදලට ගිජු රෝහල් අධිකාරිලා... එක්ක පරිසරය සුරකිනවා බොරු. ඔවුන්ට ඕනේ මල මිනී උඩින් හරි මුදල් හොයන්න. ඒතරම් කෑදරයි. මේවා බලන්න PHI ලා ඉන්නවා... එයාලා මොනවාද කරන්නේ...?

:       0       19

චමින්ද Friday, 11 November 2022 04:34 PM

PHI ලා ඉන්නෙත් මහ නගර සභාවේම තමයි. ඔවුන්ට ඉතින් කැඳත් ඕනෑ, රැවුලත් ඕනෑ... ඉතින් මොකද කරන්නේ?

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6693 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1127 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site