IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රෝහලෙන් නිසි ප්‍රතිකාර ඉල්ලා අයෙක් විරෝධතාවයේ

(දයාරත්න ඇඹෝගම)

දිවයිනේ සමස්ත රෝහල්වලින් රෝගින්ට නිසි පරිදි ප්‍රතිකාර නොලැබෙන බව ප්‍රකාශ කරමින් පුද්ගලයකු අද (13) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටියි.

අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු සමස්ත රෝහල්වල වෛද්‍යවරුන් හිතු හිතු අවස්ථාවන්වලදී සේවය සදහා රෝහල්වලට පැමිණෙන බවත් සවස් වරුවේ බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා දිමට සිටින්නේ එක් වෛද්‍යවරයකු පමණක් බවත් විරෝධතාකරු කීවේය.

එසේම සායන සඳහා යන අවස්ථාවලදී ප්‍රතිකාර ලබාගැනීමට දීර්ග කාලයක් සිටිමට සිදුව ඇති බවත් ඔහු කියයි.

රජයේ අනෙකුත් නිලධාරින්ට මෙන් නියමිත වේලාවට වෛද්‍යවරුන්ට රෝහලට පැමි‍ණෙන ලෙසත් වර්ජන අතහැර රෝගින්ට ප්‍රතිකාර කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු කිරිම සදහා තමන් මෙසේ විරෝධතාවයේ නිරත වන බව ද ඔහු පැවසිය.

 



අදහස් (29)

රෝහලෙන් නිසි ප්‍රතිකාර ඉල්ලා අයෙක් විරෝධතාවයේ

saman Wednesday, 13 September 2017 06:32 AM

ඔය කරදරේ නිසානේ මහත්තයෝ........අපේ සෞඛ්‍ය අමාත්‍යවරයාත් සිංගප්පුරු ගිහින් ප්‍රතිකාර ගන්නේ.

:       29       414

ගුරු Wednesday, 13 September 2017 06:44 AM

රෝගීන් ගේඅයිතිවාසිකම් වෙනුවෙන් මෙහෙම හරි පටන් ගත්ත එක හොඳයි ... අඩු ගනනේ ලෙඩෙන් නේද , පාන්දර හතරේ ඉදලා ඉන්නෙ නැති ව බෙහෙත් ගන්න පුලුවන් විදියක් සලස්වන එක හොඳ යි .. clinic එක දවස පුරාම තියෙන විදිහට. එක වෛද්‍යවරයකු වරුවක් බැගින් වත් , දවස පුරාම තිබුනොත් හොඳ යි නේ ද ,පුදුමේ කියන්නෙ දේශපාලනය නිසා ඕකටත් විරුද්ධ වෙන මිනිස්සු ඉන්න රටක්නේ මේක.

:       65       919

kumar (galf)Wednesday, 13 September 2017 08:43 AM

අරාබිකරයේ රජයේ රෝහල්වල උදේ 7 ඉඳලා රෑ 9 වෙනකම් එකදිගට ප්‍රතිකාර, මහරෝහල්වල පැය 24 ම බෙහෙත් ගන්න යන්න පුළුවන්. මහා රෝහල් සති අන්තයේත් වැඩ. අපේ රටේ පිනට ඉගෙනගෙන දේශපාලන වාසි හා මත තහවුරු කිරීමට රටේ මිනිස්සු තලා පෙලන දොස්තරවරුන් තමා අපට ඉන්නේ. කියුබාවෙන් ඉන්දියාවෙන් දොස්තරලා ගෙනැල්ලා රටේ හමුදාවත් එක්ක රෝහල්වල වැඩ පටන් ගන්න.

:       806       703

wedage Wednesday, 13 September 2017 07:11 AM

ජාතික අදායමෙන් 1.7% තමයි දෙන්නේ ඒකනිසා ඔය කියන දේවල් කරන්න බෑ ඒ වෙනුවෙන් සටන් කරන්න.

:       610       640

gama Wednesday, 13 September 2017 07:16 AM

හෙට අනිද්දා දොස්තොර උන්නැහේලා මිනිසුන්ගේ ගුටි කනවා කියන එක දැන් වත් තේරුම් ගන්න ඕනි.

:       316       1352

ravi Wednesday, 13 September 2017 07:34 AM

රාජිතගේ ගෝලයෙක් වැඩ පටන් අරන්. අනුකම්පා කරනවා ඇර වෙන මොනවා කරන්නද. කියල දෙන්න පුළුවන් උනාට මොලේ දෙන්න බැහැනෙ.

:       1332       1417

චන්දන Wednesday, 13 September 2017 07:55 AM

මහින්දගේ ගෝලයෝ ස්ට්‍රයික් කරන්න කෝ එහෙනම් ...

:       662       537

dumindaWednesday, 13 September 2017 08:13 AM

කඩේ යනවට කීයක් හම්බෙනවද ? මේක තමයි අද හොස්පිටල් වල ඇත්ත තත්ත්වය

:       319       269

සාරාසී Wednesday, 13 September 2017 08:29 AM

මහින්ද ගේ ගෝලයෝ එහෙනම් ස්ට්‍රයික් කරන්නකෝ..

:       442       406

KamalWednesday, 13 September 2017 08:44 AM

ඔයා එක්කෝ රජයේ රෝහල් වලට නොයන කෙනෙක්. නැතනම් දේශපාලන ඇම්බැට්ටයෙක් වෙන්න ඇති...

:       304       153

sagaraWednesday, 13 September 2017 09:33 AM

දේශපාලන වහල්ලු මොනවා කිව්වත් රවී මහත්තයා හරි කියලා තමයි අපිට නම් හිතෙන්නේ...

:       402       481

samanWednesday, 13 September 2017 10:18 AM

එ්ක නම් මටත් හිතෙනවා... එ්කනේ කලදුටු කල වල ඉහ ගත්තේ !.

:       83       85

KanWednesday, 13 September 2017 10:18 AM

කෙනෙක් තමන්ගේ ප්‍රශ්නයක් කතාකරන එක 'ගෝල' කමක් වෙන්නේ කොහොමද?

:       208       164

mohanWednesday, 13 September 2017 10:35 AM

හැමදේටම දේශපාලනය ගාව ගන්න අය නම් රටට පිළිලයක්...

:       6       89

ONE SRILANKAN Wednesday, 13 September 2017 08:15 AM

අපේ පොදු මුදල් කෝටිගණන් අරන්.... අපි පෝලිමේ නමුත් බෙහෙත් නැහැ. සෞඛ්‍යත් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනයත් අනතුරේ..

:       0       1

හොඳ DR Wednesday, 13 September 2017 08:21 AM

දුප්පත් ලෙඩුන් සංවිධානය වන්න. සියලුම වෛද්‍යවරු වර්ජනය කරන්නේ GMOA එකට බයටද? මොළේ තිබෙන හොඳ වෛද්‍යවරු නැත්ද? GMOA ට මෙලෙස පිස්සු නැටීමට ඉඩ දී රජය ,ජනපති මොකද කරන්නේ ?

:       1       0

aravinda Wednesday, 13 September 2017 08:41 AM

මේ රෝගීන්ගේ අයිතීන් සඳහා කරන විරෝධතා ව්‍යාපාරය ඉතාමත් හොඳ ආරම්භයක්. මෙය දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් බවට පත් වේවායි ප්‍රර්ථනා කරමි.

:       294       436

SUMITH Wednesday, 13 September 2017 09:02 AM

රවී මට නම් පෙනෙන විදිහට ඒ මනුස්සය අහිංසක රෝගියෙක් මිසක් රාජිතගේ ගෝලයෙක් නොවේ. ඔයාට මොලයක් තියෙනවද නැද්ද කියල හිතා ගන්න පුළුවන් අපට , ඔයාට කියල දෙන්න කව්රුවත් ලග පාතකවත් නැද්ද

:       721       626

Premarathne Wednesday, 13 September 2017 10:14 AM

ගරු ඇමතිතුමනි, සියලුම රෝහල් කාර්ය මණ්ඩලයට රෝගීන්ට අනුකම්පා කරලා කතා කරන්න උගන්නන වැඩසටහනක් කරන්න. මොකද සුළු සේවකයාගේ සිට සියලුම අය කතා කාරන්නේ සතුන්ට වඩා පහත් විදියට... තියෙන ලෙඩ තවත් වැඩිවෙනවා...

:       1       501

නන්දා Wednesday, 13 September 2017 10:28 AM

රෝහල් විතරක් නොවෙයි. රජයේ අනිත් ආයතනත් නිසි සේවයක් නොසලසයි. මහජනයා යවන ලිපිවලට මේ ආත්මයේ පිළිතුරු නොසපයයි. ප්‍රේමදාස ජනාධිපති යුගයේ මහජන ලිපිවලට දින 3 ක් තුළ උත්තර යැවිය යුතුයි. දින 10 ක් තුළ සම්පූර්ණ පිළිතුරක් යැවිය යුතුයි. වහාම මේ චක්‍ර ලේඛන බලාත්මක කල යුතුය. දොස්තර ට වෙදකම මිස අනෙක් ඒවා තහනම් කළ යුතුය.

:       1       760

kumar (Galf)Wednesday, 13 September 2017 12:40 PM

පහුගිය අවුරුදු 15 ඇතුලත රජයේ රැකියා වලට ඔක්කොම දාලා තියෙන්නේ දේශපාලුවන්ට ඇම්බට්ටකම් කරන, ඉතින් එයාලාගේ නුගත්කමයි උඩඟුකමයි එකට වැඩකරන්න ගත්තාම මහජනයාට මොන සැලකිලිද?

:       1       232

Akbar Wednesday, 13 September 2017 11:28 AM

රජයේ දොස්තරලා ඔබතුමාගේ මාළු බෝට්ටු වලට දාන්න මාළු අල්ලන්න.. සයිටම් දොස්තරලා රෝහල් වලට දාන්න. ජීවත් වෙන කෙනා ජීවත් වෙයි. මැරෙන කෙනා මැරෙයි. ඔබතුමා සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න. අපි ඊලග පාරත් ඔබතුමාටමයි කතිරේ ගහන්නේ.

:       108       46

Roshan Wednesday, 13 September 2017 12:49 PM

මොහු හරි, රජයේ රෝහල්වලට දොස්තරලා එන්නේ හිතුණු වෙලාවට. මොකද රාත්‍රී 10 ත් පහු වෙනකන් පුද්ගලික චැනල් වල ඉඳලනේ එන්නේ....

:       49       214

Kariyawasam Wednesday, 13 September 2017 05:36 PM

ඉතාමත් හොඳ ආරම්භයක්.

:       0       580

chandana Thursday, 14 September 2017 02:48 AM

පොඩි අවුලක් තියනවා වගේ, කව්ද ඔය රෝගියාගේ බෙල්ලේ එල්ලලා තියන ලස්සන, වටිනා කියන බෝඩ් එක හදා දුන්නේ? බෝඩ් එකක් වෙනුවෙන් ඔච්චර වියදම් කරන්න පුලුවන්නම් මෙයාට තිබුනනේ පෞද්ගලික රෝහලකට යන්න? මට හිතෙන්නේ හොරාට කලින් කෙහෙල්කැන වැට පැනල වගේ..

:       72       405

kasunThursday, 14 September 2017 04:21 AM

චන්දන , ඔය බෝඩ් එක හදන්න යන්නේ රුපියල් 300.

:       0       27

de silva Thursday, 14 September 2017 04:33 AM

පුරවැසියන් වශයෙන් අපට තිබෙන ඓතිවාසිකම් තුට්ටුවකටවත් මායිම් නොකර හැමදාම දොස්තර සංගම් , වෙනත් වෘත්තීය සංගම් ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලමින් උද්ගෝෂ න සංවිධානය කරනවා , අපිත් දැන් ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය හරියට කරන ලෙස බලකරන්න පටන් ගන්න ඕනේ , මේක හොඳ ආරම්භයක් , හරි නම් පුරවැසි සංවිධාන මෙවැනි උද්ගෝෂණ පුරවැසියන් වෙනුවෙන් සංවිධාන කල යුතුය .අපේ ළඟ පාඨක පුද්ගලයෙක් මෙහෙම දෙයක් කලානම් මමත් ඔහුව මුණගැසී , ඔහුව ධිරිමත් කරන්න පුළුවන් උපකාරයක් කරනවා

:       0       0

hemali Thursday, 14 September 2017 04:35 AM

පිනට ඉගනගන්නේ දොස්තරල විතරක් නොවේ රජයේ පාසල් වල මුල ඉදලම පිනට තමා උගන්නන්නේ නමුත් එයින් කීයෙන් කී දෙනාද ප්‍රයෝජන ගන්නේ රටට සේවයක් කරන්නේ .බදු සල්ලි වියදම් කරන්නේ දොස්ටරලට පිනට උගන්නන විතරක් නෙමෙයි. හොර දේසපාලුවෝ සහ සහචරයෝ නඩත්තු කරන්නෙත් පින් සල්ලි තමා .උන්ගෙන් රටට සේවයක් වෙනවද දොස්තරලට වැඩියෙන්

:       0       1

ajith Thursday, 14 September 2017 05:59 AM

මේ රෝගීන්ගේ අයිතීන් සඳහා කරන විරෝධතා ව්‍යාපාරය ඉතාමත් හොඳ ආරම්භයක්. මෙය දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් බවට පත් වේවායි ප්‍රර්ථනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site