(යොහාන් භාසුර)
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ සහභාගි වූ තරග දෙකම පිට පිටම ජය ලැබීමට සමත් වීම කැපී පෙනේ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කේප්ටවුන්හිදී පැවැති මෙම තරගයේදී ලකුණු 127 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 18.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ආරම්භක පිතිකාරි හර්ෂිතා සමරවික්‍රම අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 50 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් තරගයේ දක්‍ෂත ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා නිලක්‍ෂි ද සිල්වා ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 38 කින් නොදැවී ලකුණු 41 ක් රැස්කිරීමට සමත් වූවාය.
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 126
(ශමීමා සුල්ටාන් 20, සොබානා මොස්ටායි 29, නිගාර් සුල්ටාන් 28, ඕෂදී රණසිංහ 23/3, චමරි අතපත්තු 19/2)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 18.2 කදී කඩුලු 3 ට 129
(හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, චමරි අතපත්තු 15, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 41, මරුෆා අක්ටර් 23//3)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ලක් කෙල්ලෝ දෙවන ජයත් ලබති
Lalla Monday, 13 February 2023 09:52 AM
කොල්ලන්ට බැරිදේ කෙල්ලො ටික කරනවා. ජයවේවා
Perera Monday, 13 February 2023 11:11 AM
ඔකත් දේශපාලන බලපෑම රිංග ගත්තම ඒකත් ඉවරයි.
fairoos Monday, 13 February 2023 02:07 PM
සුබ පැතුම්... දෙවන වටයට කොහොම හරි ආවොත් ගොඩ...!
Sue Monday, 13 February 2023 05:26 PM
ලංකාවට හොඳ නමක් ගෙන්නන්න ඉන්නේ ඔය කෙල්ලෝ ටික විතරයි... දේශපාලනයෙන් තොර කෙල්ලන් පරිස්සම් කිරීම ජනතාව සතුයි.
උෂේන් බෝල්ටි Monday, 13 February 2023 08:59 PM
අපේ ලෝක ශූරිය සුසන්තිකා මේ දුවාලාට ඉහළින්ම අභිප්‍රේරණ පෝෂණයක් ලබාදීමට ක්‍රියාකර ඇති බව පැහැදිලිය. ජයෙන් ජයම වේවා!!!