IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අගමැති ප්‍රධානත්වයෙන්

(ශාන්ත රත්නායක)

ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) කොළඹ, හිල්ටන් හෝටලයේ දී ආරම්භ විය.

"සංවර්ධනය වෙමින් පවතින නගර සඳහා පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලිබලය, බලශක්තිය, ජල සම්පාදනය සහ  සුවපහසු ජීවන රටාවක්" යන තේමාව යටතේ පුරා දින පහක් මෙම ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය පැවැත්වීමට නියමිතය.

මෙම සම්මේලනයේ සමාරම්භක උත්සවයට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ සභාපති මහාචාර්ය අලි සයිග්, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ ශ්‍රී ලංකා සාමාජික විද්‍යා අමරපාල යන මහත්වරු ඇතුළු එම සම්මේලනයේ දෙස් විදෙස් නියෝජිතවරු රැසක් සහභාගී වී සිටියහ.



අදහස් (9)

ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අගමැති ප්‍රධානත්වයෙන්

Mangala Monday, 30 September 2019 12:30 PM

මේ ඔක්කොම කථා සාප්පු විතරයි. ක්‍රියාව නැහැ. සූර්යබල සංග්‍රාමය තනිකර කථාවට විතරයි. කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ. CEB එක... ඒක නොවෙන තැනටමයි වැඩ.

:       29       222

RaveendraMonday, 30 September 2019 01:51 PM

ඇත්තෙන්ම මේ අයට ඕනේ ගාන අතට එනවා නම් ඕන කුණුගොඩක් හොඳයි කියලා අනිත් ඔක්කොම වැඩ නවත්තලා ඒක ක්‍රියාත්මක කරන එකනේ. මේ" හරකුන් 225 ම එකම පට්ටියේ" කියන්නේ නිකමටද?

:       1       67

himalTuesday, 01 October 2019 02:51 PM

සූර්ය බලයෙන් මහා පරිමාණය විදුලිය ලබාගැනීමේ තාක්ෂණික හා ප්‍රායෝගික ගැටළු තිබෙනවා. අහස වලාකුළින් බර වුණොත්, වැස්සොත් එදාට විදුලිය නිපදවන්න බෑ. එතකොට අඛණ්ඩ සැපයුමක් ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. අනෙක් අතට නිවසකට සූර්ය පැනලයක් සවි කරන්න යන වියදම ගත්තම ඒ සල්ලි ස්ථාවර තැන්පතුවක දැම්මාම ලැබෙන පොළිය ඒ සූර්ය පැනලය නිසා අඩු වෙන විදුලි බිලට සාපෙක්ෂව වැඩියි. ඒ වගේම නඩත්තුව අමාරුයි. අනෙක් අතට ලංකාවේ වැඩිම විදුලි පරිභෝජනය වෙන්නේ රාත්‍රී 6-9 අතර... මේ කාලයට කොහොමද සූර්ය විදුලිය ලබාගන්නේ?

:       0       0

Chandima Monday, 30 September 2019 02:45 PM

සම්මේලන, කමිටුවලට නම් පප්පා. දැන් ඇවිත් අවුරුදු හතර හමාරක් වුණා.. සම්මේලන කමිටු කීයක් නම් තියන්න ඇතිද? තව මොන තරම් කාලයක් උන්නත් මෙච්චරම තමයි. දැන් පැන්ෂනුත් ගෙවන එකේ මෙයාට ගෙදර ගිහින් විවේක සුවයෙන් ඉන්න පුලුවනිනේ...

:       19       217

ටි ඉන්දික Tuesday, 01 October 2019 04:13 AM

මේ ඉතාමත් හොඳ වැඩ, නමුත් විදුලි කට්ටිය මේකට අකුල් හෙලනවා වුනත් යම් හරි ප්‍රමාණයකට මේවා ක්‍රියාත්මක කරන්න මොලයක් ඇත්තේ පාඨලිට පමණි.. මෙකෙත් නිර්මාණය වූ දේවල් අඩු වැඩි සහිත වුව නිර්මාණය වූයේ අර්බුධ සහිතව.. ඒවා නොදන්න අය තමයි බයින්නේ, රටකට යහපතක් කරන්න දෙන්නේ නැත් එවැනි අය තමයි, ඕක කරන්න බෑ.. වෙන්නේ කිය කියා අඩුපාඩු කියන්නේ, මහනගර අමාත්‍යංශය මගින් කළ වැඩ ටික ඉතා විශිෂ්ටයි

:       0       0

vipula Tuesday, 01 October 2019 07:32 AM

තවත් අවුරුදු පහකට කැත නැතිව බලය ඉල්ලනවානේ. කිසිම විදුලි උත්පාදන බලාගාරය හැදුවේ නැහැ. තිබුන සුලං බලාගාරයේ ඉඩම චීන සමාගමට දුන්නා. සුර්ය බලය සියලුම රාජ්‍ය ආයතන වලට දෙන්න තිබුනනේ.

:       0       0

kamal Tuesday, 01 October 2019 08:57 AM

ලෝකෙට අගමැති.......

:       0       1

nimal Tuesday, 01 October 2019 10:38 AM

ලෝකෙට අගමැති..... රටට වැඩක් නැති..... පුහු වැඩට හිතැති... තව වැඩි කාලයක් නැති.....

:       17       1

bandu Tuesday, 01 October 2019 11:30 AM

ටයි එකක් දාගෙන කතාවක් පවත්වන්න එන්න කිව්වොත් අපායට උනත් යයි.

:       26       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19734 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 289 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site