ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10) පස්වරු 7.00 ට ගාලු මුවදොර දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරේ.
වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත නිර්මාණය කෙරෙන එම තොරණ 14 වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘතව පවතී. කොළොම්තොට වෙසක් කලාපය වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සිව්වැනි වරට සංවිධානය කරයි.
එහි ප්‍රධානතම අංගය වන්නේ ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ වේ. එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුවට පාදක වේ.
ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ ආචාර්ය ප්‍රභාත් චන්දිම උක්වත්ත මහතාය. පසුබිම් සංගීතය විමලජීව දොඹවත්ත මහතාද, කතා වස්තුව දිමුතු චින්තක මහතාද ඉදිරිපත් කරයි. රාත්‍රී කාලයේ අහසේ සිතුවම් වන මෙම තොරණ දෙස් විදෙස් බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයට යොමු වනු ඇතැයි ආචාර්ය ආචාර්ය ප්‍රභාත් චන්දිම උක්වත්ත මහතා පවසයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව ප්‍රථම ලේසර් වෙසක් තොරණ පුන් පොහෝදා සිට
chandana Monday, 08 May 2017 11:54 AM
ඉතා හොඳ වැඩක් අර්ජුන මහත්තයා...
dias Monday, 08 May 2017 04:16 PM
මම කියනෙත් ඉතා හොඳ වැඩක් කියලයි.පොසොන් පෝයට පොළොන්නරුවට මෙය ගෙනාවොත් ගොඩක් පින්.
sam Tuesday, 09 May 2017 03:47 AM
උසම නත්තල් ගහත් හැදුවේ මේ මෙයලම නේද.
kumar (galf) Tuesday, 09 May 2017 06:09 AM
රටම මරගාතේ... ජනතාවට ආහාර නෑ, ලෙඩට බෙහෙත් නෑ, අහසට ලේසර් තිබ්බාම මේ ඔක්කොම හරියයිද? අනේ මෙහෙම රටක්...