(පද්මා කුමාරී කංකානම්ගේ )
වනජීවී දෙපාර්තුමේන්තුවේ ප්‍රථම සමුද්‍ර කෞතුකාගාරය කල්පිටිය කුඩාව ඉදිවෙමින් පවතින බව එම දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිළධාරී මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි.
මීට වසර දෙකකට ඉහත කුඩාව වෙරළ තීරයට පාව ආ තල්මසකුගේ සැකිල්ල කේන්ද්‍ර කරගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය වෙමින් පවතී.
මේ පිළිබඳව අදහස් දක්වමින් අඩවි ආරක්ෂක නිළධාරී මොරතැන්න මහතා මෙසේ පැවසීය.
"මිය ගිය තල්මසා අඩි 43ක් දිග පළල අඩි 15 ක් පමණ වෙනවා. අපි තල්මසා මිහිදන් කළේ නැවත ගොඩ ගන්න හැකි විදිහට යි. මේ සැකිල්ල අදියර කිහිපයක් යටතේ ගොඩ ගත්තා . මෙම සමුද්‍ර කෞතුකාගාරයට මුහුදු ක්ෂීරපායින් වන ඩොල්පින්, මුහුදු ඌරා, කැස්බෑවන් වැනි සතුන්ගේ සජීවී නිදර්ශක, ජලජ ශාක, කොරල්පර ආදී නිදර්ශක තොරතුරු එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙස් විදෙස් සංචාරකයින්ට දැනුම විනෝදය වගේම අධ්‍යාපනික මූලාශ්‍ර සපයන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීම අපේ අරමුණයි."
කුඩාව සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සහාපති සුගත් එම්මානුවෙල් මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
‘මීට දෙවසරකට ඉහත මෙම තල්මස් දේහය වෙරළට පැමිණි බවත් එය ගොඩ ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ගම්වාසීන්ට සිදු වුණා. අපේ ගම සංචාරක කර්මාන්තය මත යැපෙන ගමක්. ඒ නිසා අපි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා මේ තල්මසා අපේ ගමේම රදවාගෙන සංචාරක කර්මාන්තයට පිටුවහලක් කර ගන්න. ඒ අනුව තමයි සමුද්‍ර කෞතුකාගාර සංකල්පය බිහි වෙන්නේ. මෙම ස්ථානය දෙස් වීදෙස් සංචාරක ආකර්ශනය දිනා ගන්නා ස්ථානයක් බවට පත්වෙනු ඇතැයි මගේ විශ්වාසයයි. අපිට උදව් කළ වනජීවී දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ටත් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාටත් අපේ ස්තූතිය පුද කළ යුතු යි.’
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වනජීවියේ ප්‍රථම සමූද්‍ර කෞතුකාගාරය කල්පිටියේ ඉදිවෙයි
ආනන්ද පිටබැද්දර Tuesday, 08 September 2020 06:16 AM
ඉතාම හොඳ වැඩක්. අනාගතයේදී රටට ආදායම් මාර්ගයක් වේවි... රටේ දරුවන්ට මෙන්ම විදේශිකයින්ටත් මුහුදේ සැඟවුණු තොරතුරු දැනගන්න පුළුවන් තෝතැන්නකි. මෙය තවත් දියුණු කළ යුතුයි.
විජිත්. Tuesday, 08 September 2020 09:39 AM
හොඳ අදහසක්... හොඳ ආරම්භයක්... සුබ පැතුම්...!!!
Champa Tuesday, 08 September 2020 05:08 PM
දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් හොඳ අදහසක්...
prasanna Wednesday, 09 September 2020 01:55 AM
එන එන කෙනා ඔකේ එල්ලෙන්න පුළුවන් විදියට තිබ්බොත් නම් ඉතින් වැඩි කලක් ඕක පවතින එකක් නැහැ.
sharm warn Wednesday, 09 September 2020 08:33 AM
ඉතාම කාලෝචිත ක්‍රියාවක්. හරිම සතුටුයි මේ ක්‍රියාව ගැන... උණුසුම් සුබපැතුම්. ආසාවෙන් ඉන්නවා බලාගෙන ඉන්න.