IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


විනෝදකාමීහු කලාඔය අසබඩ වනය වනසති

  හිරාන් ප්‍රියංකර ජයසිංහ

කලාඔයේ දිය නැමට පැමිණේන පිරිස් එම පරිසරය වනසා දමා විල්පත්තුවට හානි කරන බව එළුවන්කුලම වන ජීවි කාර්යාලයේ නිළධාරිහු චෝදනා කරති.

පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් කෙළවර ආසන්නයෙන් මුහුදට ගලා බසිනා කලාඔයේ දිය නැමට පැමිණේන පිරිස් කුඩාරම් ගසමින් දින ගණනක් කාලය ගත කරමින් ඔය දෙපස කුඹුක් ගස් අසල ගිනි මැල ගසති. කුඹුක් ගස් මුල ලිප සකසා ගිනි දල්වමින් කර ඇති විනාශය නිසා මේ වන විට කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් ගිනි ගැනිමට ලක්ව ඇති බව දැක ගත හැකියි.

 මෙයට අමතරව කළාඔයේ සුන්දර වැලි තලාව වනසා දමමින්   පොලිතින් හා අනිකුත් දැ තැනින් තැන දමමිනි. මෙම වැලි තලාව බේබද්දන්ගේ රජ දහනක් කර ගනිමින් ඇති ආකාරයත් එසේ භාවිතා කල මත්පැන් බොතල් කුඩුකර දමා ඇත්තේ මිනිසෙකුට තබා සතෙකුටවත් අවිදිමට නොහැකි පරිද්දෙනි.

කලා ඔය අසල  රාත්‍රිය ගත කරන ඇතැම් සල්ලාලයින් ද නැතුවා නොවේ. ඔවුන්ගේ නොමනා ක්‍රියා නිසා  කළාඔය ට උඩින් වු විල්පත්තුව වන උයන  විනාශ වනවා පමණක් නොව එහි වෙසෙන සතුන්ද අවදානමට මුහුණ දෙති.

 

 මෙම  පරිසර විනාශයට බලපත්‍ර ලබා දි ඇති වනාතවිල්ලුව ප්‍රදේශීය සභාව කලාඔය ස්නාන තොටුපලට පැමිණෙන සැම වාහනයකින් එක් වරකට රුපියල් 50 බැගින් අය කරයි. කෙසේ වෙතත් මෙම මුදල අය කරන්නේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව මගින් ලබා ගනු ලබන්නේ කොන්ත්‍රාත් කරුවන් විසිනි.

 නමුත් මෙම කොන්ත්‍රාත්කරුවන් විසින් මුදල් අය කිරිමට පමනක් කටයුතු කරන බව පෙනි යන්නේ දිය ස්නානයට පැමිනේන පිරිස් සිදු කර ඇති අපරාධයට කිසිම විටකදි ක්‍රියාත්මක වි නොතිබිම නිසාවෙනි .

  දිය ස්නානයට පැමිණේන පිරිස් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් නාම පුවරු කඩා දමා ඇති අයුරුත් වන සංරක්ෂණ දේපාර්තුමේන්තුවට අයත් මායිම් කනු ලිප් කනු සදහා ගලවා ඇති අයුරුත්   දැක ගත හැකිව තිබේ.  මේ සියල්ල සිදුවන විටදි වගකිව යුතු රාජ්‍ය ආයතන නිහඩ ප්‍රතිපත්තියක සිටිම පුදුමය දනවයි.

 මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එම්.එන්.එම් . චිත්‍රානන්ද මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවන් කතාවකි.

අදාල ස්ථානය නිරික්ෂණය කරන්න මම ගියා ඒ නිරික්ෂණයට වන ජීවි නිළධාරින් , වාගේම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාවත් සහභාගි කරගත්තා .එහිදි මේ වන විට සිදුව ඇති අපරාධය මම දැක්කා බරපතලම තත්වයක් ඇතිවි තිබේන්නේ.

ගස් මුල් ලිප ගිනි තබා පුච්චලා පොලිතින් සැම තැනකම දාලා . මේ නිසා මම වහාම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාව දැනුවත් කලා මින් පසු මෙම ස්ථානයේ දිය නැමට පැමිනේන කිසිවකුටත් ගිනි ඇවිලිමට ඉඩ නොදෙන්න ඒ වාගේම රැගෙන එන පොලිතින්  සියල්ල දමන්න බැගයක් හදුනා දෙන්නත් දැන්වුවා .එයට අමතරව පැමිණෙන සැම වාහනයකින්ම රුපියල් 500 ක මුදලක් රදවා ගෙන රුගෙන යන සියලු අපද්‍රව්‍ය ආපසු රුගෙන විත් භාර දිමේන් පසුව රැදවුම් මුදල ලබා දිමටත් යෝජනාවක් කලා ඒ නිසා ඉදිරියෙදි කළාඔය විනාශ කිරිම නවතී යැයි දිස්ත්‍රික් ලේකම් වරයා පැවසිය.         

කුඹුක් ගසක් පාමුල ලිප් සකසා ගිනි දල්වමින් විනාශ කර තිබූ අයුරු...

කුඹුක් ගස් මුල අධික ලෙස ගිනි මැල ගැසීම නිසා දිරාපත්ව ගොස් ඇති අයුරු....

සංචාරකයන් විසින් කසල ද්‍රව්‍ය තැන් තැන්වල දමාගොස් තිබෙන අයුරු...

කලාඔයේ දිය නෑමට පැමිණි පිරිසක්...

තැන තැන දමාගොස් තිබූ හිස් ප්ලාස්ටික් බෝතල්...

කඩා විනාශ කළ නිවේදන පුවරු සහ දැන්වීම් පුවරු

කණු කඩාදමා පුළුස්සා තිබූ අයුරු...



අදහස් (14)

විනෝදකාමීහු කලාඔය අසබඩ වනය වනසති

aravinda Sunday, 23 April 2017 01:03 PM

මෙයින් පිළිබිඹු වන්නේ අපේ මිනිසුන්ගේ ඇති නූගත්කම සහ අාත්මාර්ථකාමීත්වයයි. මෙවැනි පරිසරය විනාශ කරන අයට සිර දඬුවමක් දීම වඩාත් සුදුසුයි.

:       3       47

චාමර Sunday, 23 April 2017 01:10 PM

තමන්ගෙ රටට ආදරයක් නැති මිනිස්සු ඉන්නකොට ඔහොම තමා

:       1       64

Palitha Galapitiya Sunday, 23 April 2017 01:35 PM

මෙවැනි දේවලට දැඩි දඬුවම් පමුණුවන නීති සකස් කෙරීම පරිසර ඇමතිගේ බරපතල වගකීමකි. ඒ සඳහා වෙනම ආරක්ෂාව සැපයීම ග්‍රාම ආරක්ෂක සේවයට ලබාදිය හැකිය. මෙවැනි ක්‍රියාවලින් පෙනෙනුයේ රටේ විනය අන්තයටම පිරිහී ඇති බවකි.

:       0       56

AA Sunday, 23 April 2017 02:16 PM

මේ නැහැදිච්ච ලාංකිකයන්ගේ දස්කම්

:       0       4

pradeep Sunday, 23 April 2017 05:42 PM

මේ කුඹුක් ගස් විනාස කර තිබෙන හැටි දැක්කම හරිම වේදනාවක් ඇතිවෙනවා. මේ මිනිස්සු තමන්ගේ වත්තක තියෙන ගස් වලට මෙහෙම කරන්නේ නැහැ නේද? එක කොස් ගහට සහෝදරයෝ මිනීමරාගන්න රටක තමයි පොදු ස්ථාන මෙහෙම කරන්නේ. රට ගැන හැඟීමක් ඇති වෙන එක කුඩා කාලෙම මනසට ඇතුල් විය යුතුයි. මේ විනාසය නැවත්වීමට සුදුසු දඩ ගැසීමක් මේ ස්ථානයට ඇති කරන්න.

:       0       38

damitha wijetunge Monday, 24 April 2017 01:14 AM

මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීමට දැඩි ආරක්ෂක කලාපයක් කර හමුදා කදවුරක් පිහිටවන එක හොදයි. මේ විනෝදයට එන මිනිසුන් මහා අදමයන් පිරිසක්. මෙලෙස වනය වනසා දැමීම සාපරාධි ක්‍රියාවක්.

:       0       12

Pradeep Liyanage Monday, 24 April 2017 03:22 AM

අපි අපගේ ස්වභාවික සම්පත් විනාශකර තත්වයන් උග්‍ර වූ විට පවතින රජයන්ට දොස් පවරන්නෙමු. මේ පරිසර පද්ධති විනාශ කිරීම සෘජුවම මිනිසා ඇතුළු සත්ව සංහතියටම බලපාන බව මේ මිනිසුන් තේරුම් නොගන්නේ ඇයි. මා දකින ආකාරයට මෙයට මුලික හේතුව අපගේ අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩුපාඩු සහ අපගේ මිනිසුන්ගේ ඇති මත් ද්‍රව්‍ය භාවිතයයි. බෞද්ධ රටක් යැයි මහත් උජාරුවෙන් කියාගන්නා අපිම මත් ද්‍රව්‍යත් සමගම විනාශය කරා ගමන් කරමින් සිටින්නෙමු. ඇයි අපිට බැරි අප රටෙන් සදහටම මත් ද්‍රව්‍ය තුරන් කරන්න. (හරියට අරාබි රට වල වගේ)

:       0       21

athura Monday, 24 April 2017 03:24 AM

ඒ වුනාට අපේ අය කෑගහන්නේ නම් ගස් කපනවා පරිසරය විනාස වෙනවා කියල.

:       0       1

රජින්ද Monday, 24 April 2017 05:46 AM

සමාජමය වශයෙන් අපේ රට රැකුණේ අපේ මිනිස්සු නිසා. දැන් ඉන්නේ තමන්ට තමන් ගැනවත් හැගීමක් නැති මිනිස්සු ටිකක්. මිනිස්සුන්ගේ පරිසරය දේශපාලන විෂබීජයන්ගෙන් පිරිලා. හැගීම් දැනීම් වලට සහ පරිසරයට සංවේදී නැති වෙනස්ම මිනිසුන් විපරීත කාලේ බිහි වෙලා. රටක මුල්පෙළ වංක සහ අවනීතික වනවිට නීතිගරුක මිනිස්සු ඒ රටේ වැළලිලා ගිහින් මතුවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්ම අංකුර ටිකක්. අපේ රට ගැන දුකයි. ඒත් කරන්න දෙයක් නැහැ.

:       0       9

මහේෂ් Monday, 24 April 2017 09:29 AM

කිසිම සදාචාරයක් නැති, පරිසරයට ආදරයක් නැති අනිත් අයගේ නිදහසට බාධාවක් නොවන සේ ජිවත් වීමට නොදන්නා ජන කොට්ඨාසයක් බවට පත්වීගෙන යයි. දැඩි නීති නැතුව මේවා වැළැක්වීම අසීරුය. මක්නිසාදයත් මෙවැනි සදාචාර අප තුලින් ගිලිහි ගොස් හමාරය.

:       0       27

senaka Tuesday, 25 April 2017 04:32 AM

ගෝත්‍රික මානසිකත්වය ,,,,,

:       0       13

Lalani Tuesday, 25 April 2017 05:18 PM

පරිසරයට ආදරය නොකරන, සොභාවධර්මයාගේ වටිනාකම නොදන්නා නුගත් මිනිසුන්ගේ පහත් වැඩ වලට දැඩි දඩුවම් ලබා දිය යුතුය.

:       0       0

Liyanage Wednesday, 26 April 2017 06:55 AM

අප ස්වභාවික ගස් වැල් තුරුලතා ආරක්ෂා කරන පරිද්දෙන් වනයද අපව සුරකිනු ඇත !!

:       0       0

akila Wednesday, 26 April 2017 09:19 AM

මේ ඔක්කොම වනසන්නේ බේබද්දෝ , ලංකවේ ප්‍රසිද්ධ ස්ථාන වගේම මේ වගේ වැදගත් ස්ථාන වල මත්පැන් බීම නවතන්න දැඩි නීති ගෙන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 269 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site