ඩබ්ලිව්.ඒ. අසේල
වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කරපටි බස්සා හෙවත් කොලර්ඩ් ස්කෝප් අවුල් නැමති වර්ගයට අයත් බකමූණු පවුලක් මහනුවර මාරස්සන ප්‍රදේශයේදී හමුවී ඇත.
වනජිවි ඡායාරූප ශිල්පයකු හා පක්ෂීන් පිළිබඳ ගවේෂකයකු වන තලාතුඔය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය චම්මික දිසානායක මහතා හා අප සමඟ එක්වී කළ ඉතා දුෂ්කර ගවේෂණයකින් පසු මෙම බකමූණු පවුල පිළිබඳව තොරතුරු සොයා ගැනිමට හැකිවිය.
වෛද්‍ය චම්මික දිසානායක මහතා පවසන්නේ තනිව හෝ ජෝඩුවක් ලෙස ජීවත් වන මෙම බකමූණන් විශේෂය මේ ආකාරයට කණ්ඩායමක් ලෙස වාසය කිරීම ඉතා දුර්ලභ හා විශේෂිත සිදුවීමක් බවයි.
ශ්‍රී ලංකාව තුළ බකමුණන් හා බස්සන් විශේෂ කිහිපයක් වාර්තා වන අතර මෙම කරපටි බස්සන් විශේෂය ප්‍රමුඛ තැනක් ගන්නා බව ඔහු ප්‍රකාශ කර සිටී.
තවමත් මේ පිළිබඳ අවසන් නිගමනයකට පැමිණ නැතත් බොහෝ විට මෙය බකමූණු ජනපදයක් වීමට ඉඩ ඇති බව අනුමාන කරන වෛද්‍ය චම්මික දිසානායක මහතා එසේ වුවහොත් එය විශේෂිත සිදුවීමක් බවද වැඩිදුරටත් සඳහන් කරයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වඳවීයන කරපටි බකමූණු පවුලක් මාරස්සනින් හමුවෙයි
tommy Wednesday, 01 August 2018 12:16 PM
මෙය ඉතාමත් සිත්ගන්නා සුළු ඡායාරුපයකි. බොහෝවිට මේ බකමූණන් විශේෂය මේ ආකාරයට කණ්ඩායමක් ලෙස වාසය කරන්නේ උන්ගේ ආරක්ෂව පිණිස විය හැකියි.
ලුම්බිණි Thursday, 02 August 2018 03:32 AM
ඉතාම අලංකාරයි.
isurandi Thursday, 02 August 2018 07:37 AM
මේ සතුන්ව කකුල් දෙකේ කැළෑ බස්සන්ගෙන් ආරක්ෂා කරගතයුතුය.
chandima Friday, 03 August 2018 12:13 PM
අනේ වාසනාවන් මේ බකමුනන් අපිට. මොවුන් සමහරක් විට මැදියම් රාත්‍රියේදී ඉතා දුර්ලභ ශබ්දයක් නගන අයද දන්නේ නැහැ. කෙසේ වුවත් වත්මන් පරපුර මේ සතුන් ගැන විස්තර දැන ගන්නවනම් කොච්චර හොඳද.