IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විපතට පත් වූවන් සිහිකර මිලානෝ දේවස්ථානයක දිව්‍ය පුජාවක්

පසුගිය පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් කීපයක් ඉලක්ක කර, මුස්ලිම්   අන්තවාදී විසින් එල්ල කළ බෝම්බ පිපිරීම් වලින් ජීවිතක්ෂයට පත් සියලු දෙනා සිහිපත් කරමින් හා රෝහල් ගතව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් විශේෂ දිව්‍ය පුජාවක් මිලානෝ  සාන්තො ස්තෙෆනෝ දේවස්ථානයෙදී පැවැත්විණි.
 
 මිලානෝ අගරදගුරු අති උතුම්  මාරියෝ දෙල්පිනි හිමිපාණන්  විසින් ඉතාලි ජාතික පියතුමන්ලාද හා මිලානෝ කිතුණු සංඝයේ ආත්මික උපාධ්‍ය  ක්ලෝඩ් වනසිංහ පියතුමන්ද ගරු සංජිව පෙරේරා පියතුමන්ලා විසින් පැවැත්වූහ.
 
 ශ්‍රි ලංකික කිතුණු සංසදය විසින් සංවිධානය කළ මෙම විශේෂ දිව්‍ය පුජාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා  වන  මහාගම විපුලසිරි හිමිද  ඔලබොඩුවේ මුදිත හිමි,  මහමෙව්නාවේ විජයවංශ හිමි,  පෙල්ගහතන්නේ සීලවිමල හිමි,  බඩල්කුබුරේ ධම්මසිරි හිමි, කොන්කටුවේ සුමනජොති හිමි,වැඩම කිරිම හා විශාල පිරිසක් ජාති ආගම් බෙදයෙකින් තොරව සහාබගි විම මෙහි විශේෂත්වයකි.
 
මෙයට ශ්‍රී ලංකා මිලානෝ කොන්සල් ජෙනරාල් ඩෙන්සිල් ෆොන්සේකා මහතා ඇතුලු කාර්ය මණ්ඩලයද සහභාගී වුහ.
 
තවද පාස්කු ඉරිදා දිනයේ වෙනුවෙන් මිලානෝ කිතුණු සංඝය විසින් සංවිධානය කළ ප්‍රාන්ස ලුර්දු දේවස්තානයෙදී පාස්කු මංගල මහා දිව්‍ය පුජාව සදහා හයදාහකට අධික පිරිසක් සහබාගී වු අතර නෙවිල් ජෝ පෙරේරා මාහිමිපාණන්   බෝම්බ පහර වලින් විපතට පත් සියලු දෙනා සිහිපත් කරමින් හා මවුබිමට සාමය අයදිමින් මෙම දිව්‍ය යාගය පැවැත්වුහ.
 
 ෂමින් පණ්ඩිතරත්න ( මිලානෝ නගරයේ සිට )

(මිලානෝ සාන්තො ස්තෙෆනෝ දේවස්ථානය)

(චන්දන ප්‍රනාන්දු - ඉතාලියේ බ්‍රේෂියා නගරයේ  සන් ෆවුස්තිනෝ දේවස්ථානය) 

ඉතාලියේ බ්‍රේෂියා නගරයේ වෙසෙන ලාංකිකයෝ, ස්වාමීන් වහන්සේලා, බ්‍රේෂියා කතෝලික සංඝය බාර පියතුමා ඇතුළු විශාල පිරිසක් සන් ෆවුස්තිනෝ දේවස්ථානය අසළදී එක්රැස් වී ලංකාවේ අනුරුවක් ඉදිරියේ පහන් දල්වා දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කළහ. 
                                                          

(තිලක නවරත්න - ඉතාලියේ නාපොලි නගරයේ නිකෝල අ නීලෝ දේවස්ථානය)

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස වෙනුවෙන් සාන්ත එජිඩියෝ පුන්‍යායතනය විසින් කරන ලද විශේෂ දේව මෙහෙය ඉතාලියේ නාපොලි නඟරයේ නිකෝල අ නීලෝ දේවස්ථානයේ දී පැවැත්විණි. ෆෙදරිකෝ සෙකොන්දෝ මහාචාර්ය ෆ්රන්චෙස්කෝ දන්දොලෝ ගේ සන්විධානයෙන් දේවමෙහෙය සිදුකෙරිණි.



අදහස් (3)

විපතට පත් වූවන් සිහිකර මිලානෝ දේවස්ථානයක දිව්‍ය පුජාවක්

අනුර Tuesday, 30 April 2019 10:35 PM

මේ කට්ටිය නම් වාසනාවන්තයි. කලින්ම ලංකාවෙන් පැනගත්තා, අපි දැන් බෝම්බ බයේ ඉන්න ඕනේ.

:       0       1

පිටිගල මිලානෝ Thursday, 02 May 2019 09:28 PM

මටම අනුකම්පා හිතෙනවා මෙතනට ඇවිල්ලා ඉන්න සෙනග දැක්කම. කෝ අර පන්සල් වල යුද්ධ කරලා නිවන් යන තරමට කෑ ගහන ජාතික වීරයෝ? පාස්කු සාම දිනයේ දෙවියන්ව අමතන්න ආව අහිංසක නිර්ව්‍යාජ ලාංකිකයෝ නේද අකාලයේ මරුණේ? ඇයි පන්සල් යන බැතිමත්තු මේ දේව මෙහෙයට අවේ නැත්තේ? මෙහි ඡායාරුප මේවාට සාක්ෂි දරනවා.

:       0       0

diasFriday, 03 May 2019 10:24 AM

පන්සල් යන උදවිය සාමාන්‍යයෙන් සිරිතක් ලෙස පල්ලි යන්නේ නැහැ. නමුත්, මෙම අවස්ථාවේදී ඔය කියන පන්සල්වලට යන අය නියෝජනය කරමින් සංඝයා වහන්සේ වැඩම කර සිටින බව පින්තූර වලින් පෙනෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18153 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site