IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ව්‍යාපාරිකයන් මුදාගැනීමේ මෙහෙයුම් අභ්‍යාසය

(කාංචන කුමාර ආරියදාස)
 
ත්‍රිවිධ හමුදාව සහ විදේශීය හමුදාව එක්ව මෙරට පැවැත්වෙන දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මාලාවේ  වි්දේශීය ව්‍යාපාරිකයන් තිදෙනකු සතුරන් අතරට පත්ව ඉන්  මෙම   තිදෙනා මුදවා ගන්නා පුහුණුවීම් මෙහෙයුම අද 12 දින අලුයම දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය සහ එම දූපත්වල දී පැවැත්විණි.
 

යුද ගුවන් නාවික යන ත්‍රිවිධ හමුදාව මෙන්ම විදේශීය යුද හමුදාව ද එක්ව මෙම  අභ්‍යාසය සිදු කරනු ලැබූහ.
 
ඉබ්බන්කටුව ජලාශය මැද ඇති දූපතක සතුරන්  විසින් සිරකරගෙන සිටි ව්‍යාපාරිකයන් තිදෙනා මුදවාගැනීම සඳහා යුද හමුදාව  නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ සහයෝගය ලබාගෙන දැඩි පරිශ්‍රමයක් දරමින් මෙහෙයුම දියත් කළහ .
 
ගුවන් මගින්, බෝට්ටු මගින්, කිමිදුම්කරුවන් මගින් සහ පා ගමනින් පැමිණෙන යුද හමුදාවෝ  දූපතේ රැඳී සිටින ‍ත්‍රස්තවාදීන්ගේ  ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අය වෙඩි තබා ඝාතනය කර දුපත අත්පත් කරගෙන  එහි සගවා සිටි තිදෙනා  නිරුපද්‍රිතව බේරාගෙන  බෝට්ටුවක ආධාරයෙන් ගොඩබිම වෙත ගෙන්වාගත්හ. ඉ

ඉන්පසු ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව ගුවන් යානයක ආධාරයෙන්  ඔවුන් පිටකර යැවීමට පියවර ගත්හ. අලුයම 2ට පමණ ආරම්භ වූ මෙම මෙහෙයුම පැය පහකින් ඉතා සාර්ථකව අවසන් විය.



අදහස් (7)

ව්‍යාපාරිකයන් මුදාගැනීමේ මෙහෙයුම් අභ්‍යාසය

kolam boss Thursday, 12 September 2019 07:01 AM

අපි පොඩි කාලේ [1985 - 1995 ] යාළුවො කට්ටියම එකතු වෙලා දෙකට බෙදිලා ගෙවල් අවට ලොකු ප්‍රදේශයක් තෝරාගෙන හොරා පොලිස් සෙල්ලම කරපු හැටි මතක් වුනා. ඉස්සර ගොඩක් වතුවල තාප්ප, වැටවල් නැහැ. ඕනෑම වත්තකට, ගෙයක් ඇතුලට අහන්නේ බලන්නේ නැතුව රිංගනවා. ඒ මිනිස්සුත් ලොකුවට බනින්නේ කරන්නේ නැහැ. අපි මේ ක්‍රීඩාව ඉතාම ලස්සනට වෘත්තීමය ආකාරයෙන් පොඩි කාලෙදීම කළා. ගොඩක් විනෝද වුණා. අපි ඉතාම සුක්ෂමව අපිට පහර දෙන්න එන අයව අත්අඩංගුවට අරගත්තා. ඉතාම ලස්සන අතීතයක්. දැන් ඒ අය අතරින් කීපදෙනෙක් ආරක්ෂක අංශවල නිලධාරීන් ලෙස සේවය කරනවා. සමහරු හොයාගන්නත් නැහැ.. ගම දාල‍ා වෙන්වෙලා ගිහින්. තවත් අය ඉතාම කාර්ය බහුලයි. අසාර්ථක වෙච්ච කීපදෙනෙකුත් ඉන්නවා. ජීවිතෙන් සමුගත්ත අයත් ඉන්නවා. සමහරු විදේශගත වෙලා. අපි ගෙවල් අවට යාළුවො 20ක් විතර හිටියා පොඩි පරතරයක් තියෙන එකම වයස් කාණ්ඩයේ. මට මතකයි එක වතාවක් මේ ක්‍රීඩාව කරන්න ගිහින් එක යාලුවෙකුගේ ආච්චි පදිංචි ගෙදර ඇතුළට අපි රිංගල ඒ ගෙදර ඇතුලේ ඔපරේෂන් එකක් කරන්න ගිහින් බදු මුට්ටු ගොඩක් විනාශ වුණා. එදා ඒ ආච්චි අපේ ගෙදරට කියලා ගෙදර යන්න බැරුව රැයක් පිට ගෙදරක ඉස්තෝප්පුවේ හිටිය‍ා. ඒකට දැන් ඉන්න පොඩි උන්...

:       0       69

චතුෂ කුමාර Thursday, 12 September 2019 01:12 PM

ඇයි මේ අය පැහැරගෙන තියෙන්නේ? මුදල් ඉල්ලලාද?

:       109       1

Chaminda Saturday, 14 September 2019 11:08 AM

අනේ මෙහෙමත්...

:       0       1

thushara Thursday, 12 September 2019 02:59 PM

ත්‍රිවිද හමුදාවටම අපගේ උත්තමාචාරය පිරිනමමි. ඉතාම වටිනා, රටට ගෞරවයක් ලැබෙන වැඩක් කරලා තියෙන්නේ... අැයි මේ පැහැරගත් අයගේ විස්තර නැත්තේ? අැයි ත්‍රස්තවාදීන් ගැන විස්තර නැත්තේ?

:       111       1

Dil Thursday, 12 September 2019 03:31 PM

ත්‍රිවිධ හමුදාව සහ විදේශීය හමුදාව එක්ව මෙරට පැවැත්වෙන දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මාලාවේ විදේශීය ව්‍යාපාරිකයන් තිදෙනකු සතුරන් අතරට පත්ව ඉන් මෙම තිදෙනා මුදවා ගන්නා පුහුණුවීම් මෙහෙයුම අද 12 දින අලුයම දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය සහ එම දූපත්වල දී පැවැත්විණි.

:       0       75

nihal Thursday, 12 September 2019 09:24 PM

තුෂාර මේක රිහසල් එකක්..

:       0       6

ප්‍රභාත් Saturday, 14 September 2019 02:57 PM

අවාසනාවකට අපිට තාම පුරුදු නැහැ. යම් පුවතක් කියවලා තේරුම් ගන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19195 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site