IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වැලිකඩ බන්ධනාගාරයේදී මියගිය සිරකරුවන් වෙනුවෙන් පහන් දැල්වෙයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

සිරකරුවන්ගේ අයතීන් සුරැකීමේ කමිටුව සංවිධානය කළ විශේෂ පහන් දැල්වීමේ අවස්ථාවක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී අද (10) සවස පැවැත්විණ.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී සිදු වූ අවාසනාවන්ත සිදුවීම සිදු වී අදට වසර 7 ක් ගතවීම නිසාත් ඒ හේතුවෙන් මියගිය සිරකරුවන් 27 දෙනා සිහිකරමින් ඔවුනට වහාම යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටීමේ අරමුණින් ඔවුහු මෙසේ පහන් දැල්වූහ.

‘යුක්තියේ පහන්සිළු’ ලෙස මෙය නම් කර තිබූ අතර මේ අවස්ථාවට සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 



අදහස් (32)

වැලිකඩ බන්ධනාගාරයේදී මියගිය සිරකරුවන් වෙනුවෙන් පහන් දැල්වෙයි

Sena Sunday, 10 November 2019 05:48 PM

16 වැනිදාට ඔය සාපය වදිනවා ...

:       829       1508

ලසන්තMonday, 11 November 2019 06:17 AM

එසේනම්, සියලු සිරකරුවන්ට දඬුවම් දෙමු. සෑම වරදකරුවකුගෙන්ම තවකෙකුට වරදක් වී ඇත. එහෙත් කෙනෙකුගේ ජීවිතය ගැනීමට කිසිවෙකුට අයිතියක් නැත.

:       4       181

GalaparaMonday, 11 November 2019 09:24 AM

මේ වගේ නිරායුධ සිරකරුවන්ට වෙඩි තබා මරපු... අයට නම් නැවත බලයට එන්න දෙන්න එපා. මේක ලෝකේ වෙච්ච පළමු දෙය වෙන්න පුළුවන්. මේවා පොළව උහුලන අපරාධ නෙමෙයි.

:       616       419

anuraMonday, 11 November 2019 11:30 AM

නිරායුධ සිරකරුවන් වන්නේ කොහොමද? බන්ධනාගාරයේ ආයුධ ගබඩාව කඩා එහි ආයුධවලින් සන්නද්ධව සිටින අය නිරායුධව සිටියා වෙන්නේ කොහොමද? ආරක්ෂක අංශ සන්නද්ධව සිටින්නේ අවශ්‍ය අවස්ථාවලදී ඒවා පාවිච්චි කරන්න මිස මැස්සන් එළවීමට නොවේ. අවාසනාවන්ත සිදුවීම් නොවීමට වග බලා ගැනීම දෙපාර්ශවය දැනගත යුතුයි. එදා සිදුවූ දේ බොහෝ දෙනෙක් සජීවීව දැක්කා. දැන් අළුතින් බොරු ගොතා ජනතාව රවටන්න එපා. බොහෝ ලාංකිකයන්ගේ මතකය සතියකට වඩා නොතියෙන බව එක්කෙනෙක් කළකට ඉහත කියලා තියෙනවා...

:       711       676

chandimaMonday, 11 November 2019 01:38 PM

අහිංසක කොල්ලෝ කෙල්ලෝ පාරේ මියගිය කාලයක් නැවතත් එයි වගේ එහෙනම්...!!!

:       18       178

chandimaMonday, 11 November 2019 01:37 PM

කිසි වරදක් නොකරපු අපේ කොල්ලන් පාරේ අතපය බැඳලා දඬුවම් කළ අයට සාපෙ වදින්නේ කවද්ද එතකොට?

:       9       271

sirimal Sunday, 10 November 2019 06:21 PM

දැම්ම දල්වන දෙයක් දල්වා ගත්තොත් හොඳයි. ලබන ඉරිදා වෙනකොට ඔය වගේ දේවල් කරලා හමාරයි ගොයියෝ...

:       21       108

CISCO Sunday, 10 November 2019 11:30 PM

මට මතකයි මේ සිරකරුවන් ආයුධ අතට අරගෙන වහලවල් වලට නැගලා ඒ දිනවලා හිටපු හැටි...

:       10       225

Chathuri Monday, 11 November 2019 12:26 AM

මේවා. කරන්න අණ දීපු එක්කෙනා 16 වෙනිදායින් පසු නීතිය සැමටම එකසේ පොදු කරනවලු... බය සැක දුරුකොට ආරක්‍ෂිත රටක් ගොඩ නගනවලු.. මොවුන් හිතන්නේ ජනතාව අන්ධ, බිහිරි, ගොළු ජනතාවක් කියලා... සැමටම නීතිය පොදු නම් 16 වෙනිදායින් පසු ගෝඨාභය ජනපති කමේ ඉද්දිම හිර ගෙදරට යන්න වෙනවා. තියෙන නඩුවලට, මේක නම් පුදුම රටක්.., නඩු කප්පරයක් තියෙන මිනිසුන් පැහැරගෙන මරණය සමග... දසවද දෙන්න අණදුන් අය ජනාධිපති කරන්න අධිකරණයෙන් අවසර දීලා. මේ නඩු අහන්නේ යම රජ්ජුරුවෝද?

:       635       596

dilan Monday, 11 November 2019 04:04 AM

එනම් මේ අම්මලා, භාර්යාවන් තමන්ගේ පුතා, සැමියා අපරාධකාරයෙක් වෙමින් පවතිද්දීම ඔය පහන ගෙදර ඉඳන්ම තමාගේ අය වෙනුවෙන් එදා පත්තු කරා නම් අද පාරවල් ගානේ ඔය විදියට ඉඳගෙන පහන් පත්තුකරන්න වෙන්නේ නැහැ...

:       239       640

chinthaka Monday, 11 November 2019 04:06 AM

නිරපරාදේ වෙඩි කා මියගිය තමන්ගේ අහිංසක, පූස් ගති ලක්ෂණ ඇති, නිර්මල, චරිතවත් මදාවියන් වෙනුවෙන් මේ විදියට පහන් පත්තු කිරිල්ලෙත් අමුතුම ගතියක් තියෙනවා.

:       577       938

DarshanaMonday, 11 November 2019 04:38 AM

ඒක නම් ඇත්ත, කවදාවත් නැතුව ඡන්දය ඉලක්ක කරගෙන කරන වැඩ, මෙතන ඉන්න අය දිහා බැලුවම ඒක හොඳට පේනවා...

:       646       855

NimalMonday, 11 November 2019 04:45 AM

චින්තක මහත්මයා, වහල් භාවයේ දේශපාලන පාට කණ්ණාඩිය ගලවලා ඒ නිරපරාදේ මරා දැමුණු සිරකරුවන් සම්බන්ධයෙන් උසස් මිනිසෙකු සේ සිතන්න පුරුදු වෙන්න. ඔබගේ රටේ මහ සිරගෙදර පිටත බිත්තියේ ලියා ඇති වචන කියවා බලන්න. එහි ලියා තිබෙනවා සිරකරුවොත් මනුෂ්‍යයෝය කියාලා. ඔවුන් කළ වරද නිසයි මේ රටේ උත්තරීතර නීතියෙන් නියම කර ඇති අන්දමට ඔවුන්ට සිර දඬුවම් නියම වුනේ... නමුත් ඔවුන් මරා දමන්න කිසිවෙකුටත් අයිතියක් නැහැ. නමුත් ඔවුන්ව මරා දැමුනා. වරදක් කළත් ඔවුන්ට සැලකිය යුත්තේ මිනිසුන් ලෙසයි.

:       875       607

ruchiMonday, 11 November 2019 01:09 PM

අනේ යන්න මහත්තයා යන්න. බයිලා කියන්න එනවා...

:       22       56

chinthakaMonday, 11 November 2019 01:32 PM

නිමල් උන්නැහේ, එතකොට ඔය වරදකරුවන් කරපු අයවලුන් අතින් කළ වැරැදිවලට බිත්ති හතරකට කොටුකර තැබූ පමණින් සාධාරණය ඉෂ්ට වුණාද? කොටින්ම ඔබතුමා කාට හෝ කඩේ යාමෙන් අතීතය අමතක වුවාට එදා අපි දැක්කා තුවක්කු රැගෙන හිරගෙදර වහලය මත නැගී, හතර අතට වෙඩි තබමින් කළ භීෂණය. ඔබතුමා ලෙස පක්ෂයක වහලුන් නොවන අපි ප්‍රර්ථනා කරන්නේ අපේ රටටත් "ලී කුවාන් යු" වැනි පාලකයෙක් පහළවී අප වැනි සාමාන්‍ය මහජනයාට රස්සාවක් කරගෙන ජීවත්වෙන්න ලැබේවා කියලයි. ඒ නැතුව රටේ මදාවියන්, ත්‍රස්වාදීන්, ස්ත්‍රී දූෂකයන් සුදු වෑන් එකක් නොව දහයක් ගියත් අපට කම් නැත. මක්නිසාද අප වැනි සාමකාමී පුරවැසියන් කිසිදිනක සුදු වෑන්වල නොගිය බැවිනි. ඔබතුමාගේ බුද්ධි මට්ටම ගැන ලබන 16 වෙනිදා නැවත සිතා බැලීමට අවස්ථාවක් ලැබෙනු නිසැකයි...

:       0       113

rata wesiya Monday, 11 November 2019 04:46 AM

මහත්මයා, ඔවුන් කරපු වැරදිවලට තමයි ඔවුන් හිරබත් කෑවේ. එනමුත් කිසිවෙකුට තව කෙනෙකුගේ ජීවිතයක් නැති කිරීමට අයිතියක් නැත. ඔවැනි කඩේ යාම් නොකරනු මැනවි. ඔබ පවුලේ කෙනෙකුට මෙවන් විපතක් වූ දවසට මෙය ඔබට හොඳින් තේරේවි...

:       156       344

RaveendraMonday, 11 November 2019 05:13 AM

කෙනෙකුගේ ජීවිත නැතිකිරීම අප කිසිවිට අනුමත නොකරන්නෙමු. මෙම අහිංසක මිනිසුන් "නිකරුනේද" මහඋලුගෙට ගියේ? මේ "අහිංසකයින්ගේ වැදගත් නීතිගරුක ක්‍රියා නිසා.." ජීවිත කීයක් නැතිවී ඇද්ද? පවුල් කීයක් අසරණ වී ඇද්ද? සමාජයට මොනතරම් "සුබදායක වටපිටාවක් " මොවුන් විසින් ලබාදී ඇද්ද? මොවුන් නිසා එසේ මියගිය ඒ පුරවැසියන් වෙනුවෙන් අප කී දෙනෙකුගෙන් කීදෙනෙක් (අඩු වශයෙන් මෙම අවස්ථාවේ පහන් පත්තුකරන අයවත්) පහන් පත්තු කරේද? පින් අනුමෝදම් කර මලක් පුජා කරේද යන්න හිතට එකඟව කිව හැකිද? අපට නම් අවංකව පෙනෙන්නේ යම්කිසි පාදඩ දේශපාලුවෙකුගේ හදිසි ක්‍රියාදාමයක අතුරු ප්‍රතිඵලයක් ලෙස මේ අහිංසකයන් යොදාගෙන එමගින් කීයක් හෝ ඡන්ද වැඩිකරගැනීමට ගත් උත්සාහයක් ලෙසයි.

:       423       586

ලුම්බිණි Monday, 11 November 2019 04:44 AM

මේ මියගිය අය සිරකරුවන් වුණත් මනුස්සයෝ. බොහෝ දෙනෙකුට එය අමතක වීම ලැජ්ජා විය යුතු කරුණක්... එහෙත් මෙම අපරාධය කළ අයට කිසිම දඬුවමක් එතෙක් නොලැබීම ඉතාම කණගාටුදායක දෙයක්...

:       489       550

PradeepMonday, 11 November 2019 05:15 AM

සිරකරුවෝද මනුෂ්‍යයෝය... නොව මනුෂ්‍යයෝද සිරකරුවෝය ලෙස මෙය අදට වෙනස් විය යුතුයි. බොහොමයක් මිනිසුන් කුමන හෝ පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ සිරකරුවෙකු වී අවසානයි.. එසේ නැත්නම් ආර්ථිකයේ සිරකරුවෙකු හෝ වී තිබීමට පුළුවන්...

:       0       101

dilanMonday, 11 November 2019 06:02 AM

ඔබත් සමාජ විරෝධී සිරකරුවෙක්ද?

:       52       74

PradeepMonday, 11 November 2019 04:46 PM

කිසිසේත්ම නෑ. නමුත් මේ පවතින ආර්ථිකයේ සිරකරුවෙක් වගේ නම් දැනෙනවා.

:       0       0

kap Monday, 11 November 2019 04:44 AM

මේ නිසා දුකට පත් වෙච්ච අය වෙනුවෙනුත් පහනක් පත්තු කරන්න බැරිද? මේතැන ඉන්න අයටත් කවදා හරි විපතක් වුණු දවසට.., මේ ඉන්න හිරකාරයන් ටිකට දෙස් තියයි. මිනිහෙක් හිරේට යන්නේ වැරදි කරලා. එ්ක සාධාරනීකරණය කරන්න එන්න එපා.

:       0       173

සපුමල් කුමාරයා Monday, 11 November 2019 05:18 AM

මෙම ඝාතනය හරහා වලදැමූ සත්‍ය පිළිබඳව මම වඩාත්ම විමසිලිවන්නේ... උදාහරණයකට කෝට්ටේ රජමහ විහාරයේ තිබෙනවයි විශ්වාස කරන යාපාපටුන ජයගත් සපුමල් කුමාරයාගේ කඩුව සොරකම් කිරීම අරමුණු කරගෙන එම පන්සලේ අාවාසයට රිංගූ පුද්ගලයා එහි සිටි භික්ෂූන්වහන්සේලා දෙනමක් ඝාතනය කරන ලදී... එම නිලමේ කෙනෙක් වූ පුද්ගලයාගේ නඩු කටයුතු අරඹන තුරු සිටියේ වැලිකඩ හිරගෙදරයි. එයට එවකට සිටි පාලන පන්තියට යම් සම්බන්ධයක් නොතිබුනේ නම් එයට සම්බන්ධ පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක වන්නේය. කටුගෙදර හොර නාඩගම මතක ඇතැයි සිතමු...

:       126       508

priyantha. Monday, 11 November 2019 05:19 AM

මේ මිනිස්සු නිසා විනාශ වෙච්ච, දැනට ජීවත් වෙන අගතියට පත්වුණු මිනිස්සු... එතකොට වරද කාරයින්ද?

:       146       233

HafeelMonday, 11 November 2019 06:44 AM

මේ මිනිස්සුන්ට දඬුවම් දෙන්න රටතුළ ක්‍රමවේදයක් සහ නීති පද්ධතියක් තියනවා. ඒ අනුව කටයුතු කරන්න තිබුණා. එහෙම නම්, මේකට අණ දුන් මිනිහා ඇයි කරුණා, පිල්ලයාන්, කේ පී, භාරත ලකෂ්මන් ඝාතකයන්, කුඩ්ඩන් ආරක්ෂා කලේ? ඔවුන්ටත් මේ ආකාරයෙන්ම දඬුවම් දෙන්න තිබුණා.

:       237       223

dilanMonday, 11 November 2019 01:48 PM

ශුවර් එකටම මේ කියන්නේ අපේ රනිල් හාමු ගැන...

:       2       16

wasantha Monday, 11 November 2019 07:14 AM

පහුගිය අවුරුදු 6ම අමතක වෙලා ඉඳලා, 7දී මතක් වෙලා. අඩුම තරමේ 5 වෙනි අවුරුද්දවත් ..?

:       5       160

Lakmal Tuesday, 12 November 2019 04:06 AM

මේ පහන් පත්තු කරන අය මේ ගොල්ලන්ගේ නෑයන් නිසා අගතියට පත් වූ මිනිස්සු ගැන කවදාවත් දුක් වෙලා තියනවද? ඒ ගොල්ලන් හිරේ ගියේ සමාජයේ හොඳින් ඉඳලා නෙවෙයි. ගිහිල්ලත් ආයුධ ගබඩාව කඩලා ආයුධ අරගෙන සෙල්ලම් දානවා අපි දැක්කා. එතකොට හමුදාවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. එච්චරයි...

:       0       2

රන් ටොන් 7000 Tuesday, 12 November 2019 11:54 AM

යදමින් බැඳ විලංගුදා මගේ පුතා රැගෙන යන්න....ඉදිකටු ඇන ඇඟිලි කපා දෙතිස් වදය පමුණුවන්න.... 88, 89 ට පහන් පත්තු කරන්න අමතක උනාද?

:       1       50

sharm warn Wednesday, 13 November 2019 07:39 AM

සිරකරුවන් සිරගත වුනේ (බහුතරයක් ) කවර වර්ගයේ ක්‍රියාවන් වල නිරත වුනු නිසා ද ? ඉහත ගැටුමෙන් මිය ගිය අයගේ ජීවිත අරගෙන බැලුවම , ඔවුන්ගෙන් සමාජයට කවර හෝ යහපතක් සිදු වී තිබුනාද ? ඔවුන්ගෙන් කවරෙකු හෝ නිරපරාදේ සිර ගතව සිට මරා දමනු ලැබුවාද ? මේ ඉටි පහන් දැල්වෙන්නේ ඩොලර් වෙනුවෙන් නොවේද ? මරණ දඩුවම නියම වූ කවරෙකුගෙන් හෝ අගතියට පත් ව ජීවිත කාලයක් ම , පරම්පරාවක් ම දුක් විදින අයවලුන් වෙනුවෙන් වචනයක් කතා කරන්නට මේ ඉටිපහන්කරුවන් එක දිනක් හෝ වැය කලාද ?

:       0       2

senevi Wednesday, 13 November 2019 08:11 AM

තමුනගේ කිසිවෙකු මෙහි මරණයට පත් නොවුන බැවින් මෙහි අදහස් දැක්වූවෝ මියගිය අයගේ මරණ සාධාරනීකරණය කරයි. සිරකරුවන් කැරලි ගැසූවද මරණයට පත්කිරීමට අයිතියක් නොමැත.

:       4       0

sharm warnThursday, 14 November 2019 03:46 AM

"තමුන්ගේ කවුරුවත් මෙහි මරණයට පත් නොවුන බැවින්" .. ඒක නේද සමාජයේ අවශ්‍යතාවය ? අනෙකාගේ ජිවිත අයිතිය රැක දීම ?? තමන්ගේ කවුරුවත් මෙතැන මැරුණේ නැහැ කියන්නේ "තමන් " සහ "තමන්ගේ කවුරුත් " සමාජයට හානි නොකළ නිසා නේද ?? සිර කරුවන් මරා දැමීම සාධාරණිකරණය කරනවා නොවේ. නමුත් ඒ අය සිරගත වුනේ කවර හේතුවක් නිසාද ? ඒ අය නිසා අගතියට පත් වුනු අයගේ අයිතිය ගැන ඔබට මේ වගේම දුකක් තියෙනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21177 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20479 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site