IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වැල්ලවත්ත-බත්තරමුල්ල දක්වා බෝට්ටු සේවයක් ඇරැඹීමට යයි

(  ගයාන් අමරසේකර )

පවතින රථ වාහන තදබදයට  විසඳුමක් ලෙස වැල්ලවත්ත  සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා  අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා  රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේදී අද  මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

මාර්තු  මස 11 වැනි දා උදෑසන 8.00 මෙම  බෝට්ටු සේවාව ආරම්භ කිරිමට නියමිතය.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථා සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම් ඩබ්ලිව් ඩී සොයිසා මහතා ඒ පිළිබඳව කරුණු දැක්වීමෙන් පසු   පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇතුළු පිරිස එම ඇළ මාර්ග  ඔස්සේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.

බත්තරමුල්ල දියත උද්‍යානය අසලින් ගමන් ආරම්භ කර වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව අසළ බෝට්ටු  නැවතුම් අංගනයට විනාඩි 20 ක කාලයකින් ගමන් කිරිමට හැකිය.



අදහස් (24)

වැල්ලවත්ත-බත්තරමුල්ල දක්වා බෝට්ටු සේවයක් ඇරැඹීමට යයි

Hemantha Wednesday, 04 March 2020 10:28 AM

ඉතාම හොද කාලෝචිත ක්‍රියාවක්, ඇරබීම වගේම පවත්වාගෙන යාමත් වැදගත්.

:       9       131

saman Wednesday, 04 March 2020 10:34 AM

හරියට ක්‍රියාත්මක වෙනවනම් හොඳ වැඩක්

:       8       66

දිමුත් Wednesday, 04 March 2020 10:34 AM

නහය වහගෙනද යන්න වෙන්නේ?

:       143       152

Kumari Wednesday, 04 March 2020 10:43 AM

එච්චරයි අඩුවකට තිබුනේ.

:       198       213

ගගන Wednesday, 04 March 2020 10:51 AM

වැල්ලවත්ත හරියේදී වතුරට වැටුනොත් මැරෙන්නේ වතුර ගිලිලා නෙමෙයි, අසූචි කැවිලා

:       187       254

Nimal ... Wednesday, 04 March 2020 10:58 AM

ආණ්ඩු කීයක් ඇමතිවරු කීයක් ඕක පටන් ගත්තද? ක්‍රියාත්මක කළා ද? කෝ ඒවා. අඩු ගානේ අර තායිලන්තයේ ක්‍රියාත්මකවන විධිහවත් බලලා උපදෙසක්වත් ගන්නවා නම් ඉවරනේ. මේ අඟුළු හරි පාරු වලින්හරි ඕක කරන්න බෑ. අන්තිමට ප්‍රචාරය විතරයි. වැඩ නෑ.

:       58       175

janaka Wednesday, 04 March 2020 11:38 AM

වැඩේ නියමයි. තායි වල චාඕ පායා ගඟ යොදා ගන්නා විදිය අනුගමනය කරන්න.

:       1       114

ravi Wednesday, 04 March 2020 12:08 PM

මෙතනදී මුහුණපාන්න සිද්ද වෙන පරිසර දූෂණය වෙනුවෙන් සැලැස්මක් තියනවද?

:       10       33

kusalWednesday, 04 March 2020 01:06 PM

ඔව්..නේද ..! රටට, ජාතියට, ආගමට, පරිසරයට, ඔක්කොම නැති කරලා ඉන්න ටික දවසක් ජොලියේ.

:       14       1

upaliWednesday, 04 March 2020 01:06 PM

කරුණාකරලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න පරිසර දුෂණය ගැන.

:       0       32

raviFriday, 06 March 2020 09:37 AM

ජාල මාර්ගයන් ප්‍රවාහන මාර්ගයන් බවට පත්වීමේදී පරිසරයට හුඟාක් හානි සිදුවෙනවා. පලවෙනි එක තමයි , මේ බෝට්ටු වලින් කාන්දු වෙන සහ මුදාහරින තෙල් සහ ඉන්දන. ඊළඟට මිනිස්සු වතුරට මුදාහරින අපද්‍රව්‍ය. තව හුඟාක් දේවල් අපිට මේගැන ලියන්න පුළුවන්

:       62       43

sisili bisili Wednesday, 04 March 2020 12:23 PM

කොළඹට උමං දුම්රිය මාර්ගයක් ඉතා අවශ්‍යයි. දෙහිවල, නුගේගොඩ, කැලණිය, බත්තරමුල්ල ප්‍රදේශ යා කරන ක්‍රමයක් ඉතා වැදගත්...

:       0       86

Pradeep Wednesday, 04 March 2020 02:05 PM

ගන්න උදාහරණය මාලදිවයිනෙන්... මෙහි ප්‍රධානතම මගී ප්‍රවාහන මාධ්‍යය වන්නේ බෝට්ටු සේවයයි. ඔය ඉහත සමහර අය කියන විදියට තවම කවුරුවත් වතුරට වැටිලා නම් නෑ (අපි දන්නා තරමින්) අපේ රටේත් ක්‍රියාත්මක කරනවා නම් ඉතාමත් කාලෝචිතයි.

:       1       59

raviMonday, 09 March 2020 08:02 AM

මාලදිවයින කියන්නේ දුපත් 1000 කින් සමන්විත එක රටක්. ඉතින් කියන්නකෝ බලන්න අපේ ශ්‍රී ලංකාවට දුපත් කීයක් තියනවද කියලා ?

:       0       1

yaha Thursday, 05 March 2020 03:06 AM

මේක ක්‍රියාත්මක කරනවානම් තමයි හොඳ.... පරිසරයට හානියක් වෙන්නේ නැහැ. මොකෝ 100% පිරිසිදුව තියන පරිසරයක්ද ඔය අවට තියෙන්නේ ? ඇල දිගේ බෝට්ටු යනකොට තමයි දකින්න වෙන්නේ කොහොමද පරිසරය හානි වෙන්නේ කියලා... බෝට්ටු ගිහින් හැමෝගෙම අවදානයට ලක් වෙද්දී වත් මිනිස්සු ඇල ජරා කරන එක අඩු කරොත් හොඳයි.

:       2       43

DDThursday, 05 March 2020 09:26 PM

පරිසරයට වෙන හානිය සංසන්දනය කරොත් බෝට්ටු සේවය පාරේ බස් සේවයට වඩා ඉතාමත් හොදයි. ඔබගේ වාක්‍ය වැල අගේ කරනවා.

:       1       3

rana Thursday, 05 March 2020 04:46 AM

ඕක පරණ අමුඩයක් අයත් අපි කොළ විදියට එළියට, සෙනඟ නැති නිසා වස දැමූ දෙයක්නේ... අැයි ඇයි මෝඩකමේ සීමාවක්ම නැද්ද?

:       18       87

vipula Thursday, 05 March 2020 10:17 AM

මේකට කුඩා බෝට්ටු හරියන්නේ නැහැ. මිනිස්සු එන්න බයයි. තරමක් ලොකු විදිහට හදපු යාත්‍රා පාවිච්චි කළ යුතුයි.

:       0       21

raviSaturday, 07 March 2020 02:18 PM

කවුද? කොහේද? කොච්චර විතරවන්දි මුදලක් අලාභ සහ අනතුරු සඳහා රක්ෂණය කරලා තියෙනවද?

:       0       0

SUJEEWA Thursday, 05 March 2020 06:12 PM

දාලා තියෙන අදහස් වලින්නම්, එකක් නම් පැහැදිලියි. අපේ රටේ ඉන්න කුහක - වෙනසක් දකින්න අකමැති මිනිසුන් ඉන්නා තාක්, රට නම් ගොඩගන්න බැහැ. බලන් ගියාම දියවන්නාවේ ඉන්න 225 නොවෙයි, මේ කුහකයන් තමයි රටේ අවාසනාව.

:       37       199

nishantha raneshFriday, 06 March 2020 07:40 AM

ඔබ තුමාගේ අදහස හරි රටක යටිතල පහසුකම් දියුණු නොකර මොන සංවර්ධනයක්ද? කුමන අංශයකින් හරි මේවා පෙරමුණට එන කොට විවේචන එනවාමයි. ඒක හරිම අවාසනාවක් හරි දේ හොද දේට හදවතට එකගව හරි කියන්න බැරි අයට මොකක් කියලද කියන්නේ? ඒත් රට පෙරට ගෙන එන දියුණුවේ මං පෙත් අපි රටට ලබා දෙන්න ඕන නේද?

:       10       24

ravi Friday, 06 March 2020 03:29 PM

අපි නම් කුහකයින් නෙමෙයි.. එ්ත් අපි ටිකක් මේ ගැන කල්පනා කෙරුවා.. හොඳ සැලැස්මකින් යුක්ත සහ හොඳින් ක්‍රියාත්මක වන "ජල සහ පරිසර ආරක්ෂක" පොලීසියකින් පරිපූර්ණ වියයුතුයි. මේ විදිහට තමයි දියුණු රටවල්වලත් ගංගාවල් සහ අනෙකුත් ජලමාර්ග ප්‍රවාහනයට යොදාගෙන තියෙන්නේ. ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය.. හොඳ උදාහරණ.. !

:       0       1

kusal Saturday, 07 March 2020 06:58 AM

ඡන්දයක් ළංවෙනකොට දේශපාලකයින් එක එක දේවල් කියලා මිනිස්සුන්ගේ හිත දිනාගන්න රවට්ටන්න උත්සාහ කරනවා. එ්ත් අහන අපි ටිකක් කල්පනාකාරී විය යුතුයි. ඡන්දෙට ඉස්සෙල්ලා කියපු දේවල් අද මතකත් නැහැ. වැඩිහිටියන්ට, කම්කරුවන්ට, පාසල් ළමයින්ට දෙනවයි කිව්ව කිසිදෙයක් අද වෙනකන් ලැබිලා නැහැ. දුප්පත් මිනිස්සුන්ට දෙනවයි කීව සහනමල්ල...

:       0       1

sunil gikiyanage Saturday, 07 March 2020 01:15 PM

චම්පිකත් පටන් ගත්තා නේද එතකොට... කොළඹ දැන් හැමතැනම බෝට්ටු තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24083 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23244 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site