(යොහාන් භාසුර)
මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ කළ සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවිකළ සූර්ය පැනල විදුලි බලාගාරය අද (11) පෙරවරුවේ විවෘත කළේය.
මෙම බලාගාරයෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 20 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතය.
මෙම බලාගාරය වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජී සමාගම්වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති අතර මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනය කර කෘෂිකර්මාන්තයට යොදවන පළමු ව්‍යාපෘතියයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වවුනතිව් සූර්ය පැනලය නව පිටුවක් පෙරලයි
ජයසේකර Tuesday, 11 October 2022 01:51 PM
මෙවැනි ව්‍යාපෘති වැඩි වැඩියෙන් සිදුකිරීමට හැකියාව ලැබෙිවා...
amila Tuesday, 11 October 2022 02:04 PM
නෙළුම් කුලුනයි මත්තලයි හදපු සල්ලි වලින් 1000මෙගා වොට් බලාගාරයක් හම්බන්තොට හරි පුත්තලමේ හරි හදලා තිබ්බනම් අද ඩිසල් තිබුනත් එකයි නැතත් එකයි.
DewaTuesday, 11 October 2022 02:30 PM
අමාලියා, ඔබේ අදහසට මමත් එකඟයි.
නන්දිකdall Wednesday, 12 October 2022 01:55 PM
අමාලිය නෙමෙයි අමාලි... මං කියන්නේ මේ ලියලා තියෙන එකක් හරියට කියවා ගන්න බැරි අය රටේ ප්‍රශ්න ගැන ලියනවා. ඉතිං කොහොමද රටක් දියුණු වෙන්නේ...? මුහුදු රැලෙන් ඉතා පහසුවෙන් විදුලිය නිපදවන ක්‍රම තියෙනවා. රැල්ලම ඕනේ නෑ. ටිකක් චලනය වෙන ජලයෙන් විශාල බලයක් නිපදවන්න පුළුවන්. ඒ ගැනත් අවධානය යොමුවේවා...!
විහඟTuesday, 11 October 2022 02:38 PM
වැඩිය ඕන නෑ ලංකාවෙ රජයේ ආයතන ටිකෙයි රේල්වේ ස්ටේෂන්, බස් ස්ටෑන්ඩ්, ඉස්කෝල ආමි කෑම්ප් වලයි පන්සල්වලයි අඩු ආදායම්ලාභී ගෙවල් වලයි සෝලා හයි කරා නම් අවුරුද්දකදී මෙගා වොට් 1500 ක් විතර ගන්න පුළුවන් හැබැයි ඩීසල් මාෆියා එකේ ඉන්න ඉංජිනේරුවො ඉඩ දෙයිද දන්නෙ නෑ
PereraTuesday, 11 October 2022 10:55 PM
එතකොට මීහරකුන්ට ගමෙන්ම ගුවන්ගත වෙන්නයි තව්තිසාව බලාගන්නයි බැරිවෙනවා නේ
කිරිපුතා Tuesday, 11 October 2022 03:05 PM
සූර්ය පැනල රට තුළ නිර්මාණය කර අඩු වියදමකින් සූර්ය බල පද්ධතිය සවිකර ගැනීමට හැකියාවක් ඇති වූ දිනෙක බොහෝ නිවාස ඒ සඳහා යොමුවන අතර රට තුළ විදුලි අර්බුදය නැතිවී යනු ඇත.
Ratawasiyek Wednesday, 12 October 2022 12:38 AM
මේවා කරන්න තිබුනේ ගොඩක් කලින්. ණය අරගෙන බොරු වැඩ කෙරුවා. මේවගේ දේවල් කෙරුවනම් තෙල්, විදුලි අර්බුද එන්නේ නැහැනේ.
ලුම්බිණි Wednesday, 12 October 2022 08:59 AM
පහු වෙලා හරි හරි මග යන්න පටන් ගත්ත එක ලොකු දෙයක්.
බර්නාඩ් හාමර් Thursday, 13 October 2022 08:48 AM
ස්වභාවික හිරු එලියෙන් විදුලිය නිපදවන ව්‍යාපෘති තවතවත් වැඩියෙන් ඇති කරන්නට සියළුම පාලකයින්ට දැන්වත් නුවන පහල වේවා. එතකොට, අර යන්ත්‍රය කැඩුනා , අළුත්වැඩියා කරන්න දින ගණනක් යයි. තෙල් ගන්න සල්ලා නැහැ, ගල් අගුරු ගන්න සල්ලි නැහැ, කිය කියා මාධය සංදර්ශන , කොමිස් ගැහිලි ලොක්කාගේ සිට සොක්කා දක්වා නවතා ගන්නට හැකි වේවා .............