IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ දුර්ලභ කළු කොටියා මන්දකට හසුවෙයි

(ඡායාරූප - ගාමිණී බණ්ඩාර)

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

(රංජිත් රාජපක්ෂ  සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)      
              
ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ කළු කොටියෙකු(පැන්තරාස් පාදුස්) අද (26) මන්දකට හසු වී ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසළ එළවළු වගා භූමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මන්දකට කළු කොටියා හසුවී සිටියේය.
 
දිගින් අඩි 6 ක්  සහ උස අඩි 4 ක් පමණ වන, අවුරුදු  8 ක් පමණ වයසැති කළු කොටියා හොදින් වැඩුණු කොටියෙකු බව වනජීවි නිලධාරීහු කියාසිටියහ.
 
කොටියෙකු කෑ ගසන ශබ්දය ඇසී වතු කම්කරුවන් ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට කළ දැනුම්දීමකට අනුව, ඔවුහු එහි පැමිණ සොයාබැලූහ. වනජීවි නිර්වින්දන පශු වෛද්‍යවරයාගේ සහය ඇතිව මන්දට හසු වී සිටින කළු කොටියා මුදා ගැනීමට හැකි වූ බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.
 
ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ්‍රී ලංකාවේ රක්ෂිතවල ජීවත් වන බවත් , ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වඳවීමේ තර්ජනයට ලක්ව සිටින ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙකු බවත්  කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (25)

ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ දුර්ලභ කළු කොටියා මන්දකට හසුවෙයි

Tharindu Tuesday, 26 May 2020 08:58 AM

අනේ කොහොම හරි මේ සතාගේ ජීවිතය බේරගන්න..

:       0       216

Pradeep Tuesday, 26 May 2020 09:34 AM

කඩිනමින් මෙම සතුන් සංරක්ෂණය කිරීමට පියවර ගන්න.

:       0       222

Akila Tuesday, 26 May 2020 09:36 AM

හැමමාසෙම වගේ මේවගේ කොටියකු මන්දකට අසුවී බොහෝ විට මියයනවා.. එ්ත් අපේ පොලිසිය, වනජීවි එකට කිසිම හැකියාවක්, වුවමනාවක් නැහැ... මේවා අටවන මස් වැද්දන්ව අල්ලන්න... එම ගමේ ඔක්කොම දන්නවා ඇති මේ විදිහට උගුල් අටවන්නේ කවුද කියලා...

:       14       446

lanka Tuesday, 26 May 2020 10:02 AM

දැන් එතකොට ලෝකෙම ඉන්න පැන්තර්ලා ජාන විකෘති වෙලා බිහිවුණු සත්තුද?

:       11       101

විජිත් Tuesday, 26 May 2020 01:46 PM

ලංකා, අපි පැන්තර්ලා කියන්නේ සමේ මෙලනින් පිග්මන්ට් ප්‍රමාණය පාලනය කිරීමේ ක්‍රියාවලියට හේතුවන "ජානයේ " විකෘතියක් නිසා කළු පැහැති සමක් (ලොම්) ඇතිව බිහිවන "පැන්තේරා" පවුලට අයත් සත්වයින්... එ් කියන්නේ කළු කොටින් සහ ජගුවර්ලා. මේ පවුලට අයත් "කුගර්ලා" අතරින් තවමත් melanistic (සමේ මෙලනින් පිග්මන්ට් ප්‍රමාණය ඉක්මවා ඇතිවීම) හමුවී නැත. හමුවුනොත් එයත් පැන්තර් කෙනෙක් වෙනවා. ඒවගේම තමයි මේ melanism තත්වයට පත්වුණු කළු කොටියෙක් හෝ ජගුවර් කෙනෙකුට මෙලනින් වැඩි සමක් සහිත පැටවුන් බිහිකරන්නට හැකි සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ...ඔබේ ප්‍රශ්නයට පිළිතුර ඔව් යන්නයි.

:       76       287

ChampaTuesday, 26 May 2020 05:30 PM

නැහැ. පැන්තර් කියන්නේ බළල් මව් කුලය. ඊට අයත් ප්‍රධාන වර්ග 5ක් ඉන්නවා. පැන්තෙර ටයිග්‍රිස් (කොටියා), පැන්තෙර ලියෝ (සිංහයා), පැන්තෙර ඔන්කා (ව්‍යාඝ්‍රයා), පැන්තෙර පාඩියුස් (සාමාන්‍ය දිවියා), පැන්තෙර අන්චියා (හිම දිවියා). ඊට අමතරව චීටා, ලින්ග්ක්ස් සහ කඳුකර දිවියා (පූමා සහ කූගර්) ඉන්නවා. බ්ලැක් පැන්තර් වර්ග දෙකක් ඉන්නවා. එකක් කළු දිවියා (දිවියන් ඉන්නේ ආසියාවේ, අප්‍රිකාවේ සහ මැද පෙරදිග පමණයි). අනික් වර්ගය කළු ව්‍යාඝ්‍රයා (ව්‍යාඝ්‍රයන් ඉන්නේ දකුණු ඇමරිකා රටවල පමණයි). ශරීර වර්ණය වෙනස් වීම ස්වාභාවිකව ප්‍රධාන වශයෙන් තුන් විදිහකට වෙනවා. 1. ඇලි පැහැය (albinism) 2. කළු හෝ දුඹුරු පැහැය (melanism) 3. සුදුමැලි පැහැය (chinchilla ). ඊට අමතරව අස්වාභාවිකව වර්ණය වෙනස් වීම (ලෝම වල, සමේ, කෙස් වල, ඇස් වල, පිහාටු වල, බිත්තර කටුවල, වරල් වල) විදි කීපෙකට වෙන්න පුළුවන්. i). රතු, තැඹිලි හෝ රන්වන් පැහැය ඇතිවීම (erythrism) ii). නිල් හෝ අළු පැහැය ඇතිවීම (maltese) iii). ක්‍රීම් හෝ අඳුරු පැහැය ඇතිවීම (leucism) iv). කළු, සුදු හෝ වර්ණ පැල්ලම් හෝ ඉරි ඇතිවීම (mosaicism) සහ v). ද්විත්ව වර්ණ (ඇස්වල, සමේ) ඇතිවීම (chimerism).

:       42       0

විජිත් Tuesday, 26 May 2020 11:47 AM

(2 කොටස) මේ සත්වයා සාමාන්‍ය කොටි දෙනක හා එක්වී පැටවුන් ලබනවා වගේම ඒ පැටවුන් අතරෙන් සමහරවිට එක පැටියෙක්වත් පියාගේ සමේ පැහැය ලබාගන්නත් සම්භාවිතාවයක් තියෙනවා. ඔබ දන්නවා අපේ සමේ පවා කළු පැහැය ලබාදෙන මෙලනින් වර්ණකය තියෙනවා කියලා. ඒ මෙලනින් වර්ණකය පාලනය කරන 'ජානයේ" විකෘතිතාවයක් ඇතිවී මෙලනින් වැඩිපුර ඇතිවීමෙන් තමයි මෙයාගේ මේ "බුල් සුට්" එක කලුපාට වෙලා තියෙන්නේ... පරිසරය අනුවත් කොටින්ගේ සමේ පැහැයේ සුළු වෙනස්කම් ඇතිවෙන්න පුළුවනි. වියලි දේශගුණික තත්වයන් ඇති ප්‍රදේශවල ජීවත්වන කොටින් කහ පැහැයක් ගන්න අතර තෙත් හෝ අතරමැදි ප්‍රදේශවල ජීවත්වන මේ සත්වයින්ගේ පැහැය මදක් අඳුරු ස්වභාවයක් ගනී. කෙසේවෙතත් අද 'මන්දකට ' හසුවී දිවි බේරාගත් කළු කොටියා ඉතාමත්ම වාසනාවන්තයෙක්.... සොභාව ධර්මයේ දායාදයන් රැසකගෙන් පිරුණු මේ වාසනාවන්ත රට " අනවශ්‍ය කාර්මීකරණය ", නූගත් දේශපාලුවන්ගේ ක්‍රියාකාරකම්, කැලෑ පාලුවන්, දඩයම්කරුවන්... වැනි සමාජ විරෝධී හේතුන් නිසා ටිකෙන් ටික අපට අහිමිවී යනවා... සොබාදහමේ අනතුරු ඇඟවීමක් ලෙස අපව ලොක් ඩවුන් කළ "කොරෝනා" වයිරසය අපට කියාදුන්නේ කුමක්ද..? පරිසරයට ආදරය කරන්න, පරිසරය ඔබව ආදරයෙන් රැකගනීවි..

:       9       766

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 26 May 2020 02:03 PM

අපව නිතර දෙවේලේ දැනුවත් කරන විජිත් මහතාට ස්තූතියි.

:       0       80

විජිත් Wednesday, 27 May 2020 06:36 AM

ස්තුතියි සමිත. ඔයාගෙත් ඉතාම රසවත් නිර්මාණ රාශියක් මම මේ පිටුවේ දුටුවා...

:       0       73

පූජා Tuesday, 26 May 2020 02:50 PM

විජිත් , කරුණාකර ඔයාගේ කමන්ට් එකේ 1වෙනි කොටසත් දාන්නකෝ? හරිම ආසාවෙන් කියෙව්වේ... මෙයාව දැක්කම මට මතක් වුනේ (the jungle book ) ෆිල්ම් එකේ රඟපාපු බගීරාවයි..

:       0       0

Champa Tuesday, 26 May 2020 01:11 PM

හුස්ම උඩට අල්ලාගෙන මේ ප්‍රවෘත්තිය කියැව්වේ. අන්තිමට දැක්කා මේ සතාව මන්දෙන් නිදහස් කර ගත්තා කියලා. බ්ලැක් පැන්තර් කියන්නේ අතිදුර්ලභ දිවියන් වර්ගයක්. වෙනරටක නම් මේ සතුන් වෙනුවෙන්ම වෙනම කණ්ඩායමක් දානවා ආරක්ෂාවට. ඔවුන් ගැවසෙන ස්ථාන ආරක්ෂක කලාප හැටියට නම් කරනවා. මේ අහුවෙලා තියෙන තැන දැක්කාම පේනවා මේ කළු දිවියාගේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් තියෙනවා කියලා...

:       0       188

විජිත් Tuesday, 26 May 2020 01:54 PM

(1 කොටස) සොබා දහමේ සුන්දරම නිර්මාණයක් වන මේ කළු කොටින් ගැන ස්පිට්ල් දොස්තර මහත්මයාගේ "සුදු ගෝනා "කෘතියෙත් සඳහන් වෙනවා.ඒ වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සතුව තිබු විශේෂිතවූ සත්ව උද්‍යානයකත් කළු කොටින් සිටිබව කියනවා. කාලයකට ඉහතදී මන්දකට හසුවී (මගේ මතකයේ හැටියට දෙනියාය පැත්තේ) මිය ගොස් සිටි කළු කොටියා සංරක්ෂණය (taxidermy) කර වනජීවී කෞතුකාගාරයක (ගිරිතලේ) තැන්පත් කර තියෙනවා. ඒ එසේවුණත් පසුගිය වසරේ අග හෝ මේ වසරේ මුලදී වනජීවී විද්‍යාඥයෙකු වන දොස්තර අබේවර්ධන මහතාගේ කණ්ඩායම සවිකළ trap camera හෙවත් දුරස්ථව ක්‍රියාකරන චලන කැමරාවක සටහන් වී තිබුණා.. හොඳින් වැඩුණු කළු කොටියෙක්ගේ සජීවී දර්ශනයක්... මෙයාගේ සම අපට ඈතට කළුම පාටින් පෙනුනත් ඉතා සමීපව පරික්ෂා කිරීමේදී පෙනියනවා කළු පසුබිමේ කහ-කළු පුල්ලි රටාවක් මෙයාගේ චර්මය පුරාම පැතිරිලා තියෙන හැටි. මේ සාමාන්‍ය කොටියෙක් (උප විශේෂයක්වත් නොවෙයි). නමුත් එයාගේ සමේ වර්ණක වලට බලපාන 'ජානයක' විකෘතියක් නිසා එයා සුවිශේෂී කෙනෙක් වුණා. නමුත් අනිකුත් සාමාන්‍ය කොටින් සමග මෙයා ඉතාමත්ම සාමකාමිව හැසිරෙනවලු.

:       0       120

පූජා Tuesday, 26 May 2020 02:32 PM

මට නම් මෙයාව දැක්ක ගමන් මතක් උනේ ,The Jungle Book එකේ බගීරා ( black panther ) කියන චරිතයයි.

:       0       0

පූජා Tuesday, 26 May 2020 03:32 PM

වනජීවී නිලධාරීන් මෙයාව බේරාගෙන ප්‍රතිකාර කර නැවතත් වනයට මුදා හැරිය බව මෙහිම වෙනත් තැනක පලවී තිබුණා. හරිම සතුටුයි එයාගේ පණ බේරා සුපුරුදු පරිසරයට එයාව මුදා හැරීම ගැන....

:       0       0

wadura Wednesday, 27 May 2020 03:00 AM

වනජීවියේ හොඳවැඩක්... බොහොම ස්තුතියි...!!!

:       0       34

sam Wednesday, 27 May 2020 03:35 AM

මේවට වග කියන්න ඕනෑ ලංකාවේ නූගත් දේශපාලකයන් සහ ඔවුන් පත් කරගන්න නූගත් මිනිසුන්. විශේෂයෙන් උගත් යයි සිතාඉන්නා නූගතුන්. පොලිසිය දඩයක්කාරයන් අල්ලන්න ඕනෑද? මිනිස්සු දැනුවත් කරන්නේ කොහොමද? මිනිස්සු කැලෑවල ගෙවල්/ වගාකරන එක නවත්වනවද? මිනිස්සුනට ජීවත්වෙන අාදායම් මාර්ග සකස් කරන ප්‍රතිපතති හදන්න තමයි දේශපාලකයන් ඕනෑ... ලංකාවේ ඉන්නා 5පාස් නැති දේශපාලුවන්ට ඕවා තේරේවිද?

:       31       112

Karunarathna ,GAMPOLA Wednesday, 27 May 2020 04:18 AM

විජිත් මහත්මාණෙනි, ඔබතුමාගේ අදහස් ඉතාමත් විශිෂ්ටයි. දඩමස් සොයා යන්නන්ගෙන් පරිසරයට සිදුවන එක විනාශයක් තමයි මේ. ගස් කැපීම ,ගල් කැඩීම, බොරළු කැපීම, වැලිගොඩ ඇදීම ප්‍රවාහනය, මේවා තමයි අප රටට, කොරෝනා වගේ වයිරස් ගෙනෙන්න එක හේතුවක්. මේ අහිංසක කොටියා පාර්ලිමේන්තුවට ගෙනත් බැස්සුවා නම් දඩමස් හොයන මැති ඇමතිවරු ගණන අඩුවෙන්න තිබුණා...

:       0       114

විජිත් Wednesday, 27 May 2020 06:37 AM

ස්තුතියි...

:       0       65

S.P Wednesday, 27 May 2020 06:36 AM

මේ සතා මේවගේ මිනිස්සු ඉන්න ස්ථානයකට සුදුසු නෑ. යාල විල්පත්තු වගේ ලොකු කැලයකට දැම්ම නම් හොඳයි.. ටිකකලක් යනකොට රස්නෙට හුරුවෙයි. එතකොට ඒ තැන්වලත් පැන්තර්ලා බලන්න පුළුවන්....

:       0       20

sharm warn Wednesday, 27 May 2020 11:00 AM

ඇත්තටම ඊයේ රෑ මේ ප්‍රවෘත්තිය බලනකොට හුස්ම හිර වුණා වගේ තමයි දැනුනේ.. අන්තිමේ එයාව බේරා ගත්තා කියලා දැක්කම තමයි හිතට සතුටක් දැනුනේ... අනේ මේ ගොල්ලන්ව පරිස්සම් කරන්න.. මිනිස්සු වගේ නෙමෙයි. මේගොල්ලෝ පරිසරයට හානි කරන්නේ නෑ.. අනිත් එක පරිසරය අයිති මෙයාලාට... අසික්කිත මිනිස්සුන්ට නෙමෙයි.

:       0       96

rasika Wednesday, 27 May 2020 01:22 PM

මන්දවල් එපා. මෑත කාලයේ ගොඩක් මැරුණා. කූඩුවකට අල්ලාගන්න.

:       0       0

sam Thursday, 28 May 2020 10:36 AM

වතු ජනාවාස අඩු කරන්න ඕනෑ මේ ප්‍රදේශවල...

:       0       64

Ranil Friday, 29 May 2020 04:55 AM

"කළු කොටියා මුදා ගැනීමට හැකි වූ බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය." තැනට එනකන් කියෙව්වේ හරිම චකිතයකින්. දැන්වත් මෙයාලව රැක ගන්න පියවර ගන්න.

:       0       10

sam Friday, 29 May 2020 10:09 AM

සතෙක් අල්ලගන්න බැරි වනජීවී එවුන් ඉන්නේ. උගේ මුණ රෙද්දකින් ඔතලයි කුඩුවට දැම්මේ.

:       9       0

karuSunday, 31 May 2020 08:57 PM

මිනීකන කොටියව බබෙක් වගේ අල්ලන්න කියලද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28019 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site