( රංජිත් රාජපක්ෂ )
මෙවර ශ්‍රි පාද වන්දනා වාරය අද (30) උදෑසන ශ්‍රි පාද උඩුමළුවේ පැවැති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් කෙරිණි.
ශ්‍රි පාද උඩු මළුවේ තැන්පත් කර තිබු සමන් දේව ප්‍රතිමාව , සධාතුක කරඬුව සහ දේව ආභරණ වලින් දේවාභරණ රැගත් එක් පෙරහරක් අද (30) උදෑසන 7 ට ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රී පලාබද්දල හරහා පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කරවීම මේවන විට ආරම්භ කර තිබේ.
ශ්‍රි පාද උඩ මළුවේ අද දහවල් පැවැත් වෙන බුද්ධ පුජාවෙන් අනතුරුව තවත් පොරහරක් නල්ලතන්නිය දක්වා වැඩම කිරිමට නියමිතය.
එම පෙරහර නල්ලතන්නියේදි පෙරහර දෙකක් වශයෙන් වෙන් වි එක් පෙරහරක් බගවන්තලාව, බලංගොඩ හරහා පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයට ගමන් කරන අතර අනෙක් පෙරහර නල්ලතන්නිය ,ලක්ෂපාන , යටියන්තොට, අවිස්සාවේල්ල, රත්නපුර හරහා පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානය දක්වා ගමන් කෙරේ.
රත්නපුර රජ මාවත ඔස්සේ වැඩමකරවන පෙරහර කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරින් විසින් වැඩමකරවනු ලබන අතර නල්ලතන්නිය දක්වා ගමන් ගන්නා පෙරහර ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින් විසින් වැඩමකරවීමට නියමිතය.
මාර්ග තුනක් ඔස්සේ පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානය දක්වා වැඩමකරවන සධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද (30) රාත්‍රි පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ ගමන් මාලිගාවක තැන්පත් කරවනු ලැබීමෙන් අනතුරුව හෙට (01) උදෑසන විශේෂ පෙරහරකින් යළි පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානය දක්වා සධාතුක කරඬුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වඩම්මවා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසුහ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී පාද වන්දනා සමය අදින් අවසන්
Matipahana Tuesday, 01 May 2018 08:31 AM
පරම්පරා හතකට හරියන්න මාස 6න් හම්බ කරගත්තද? සතයක් දෙන්න එපා පරිසරය රැකගන්න කියලා. සතයක් දෙන්න එපා පඩිපෙළ හදන්න. නල්ලතන්නිය කුණු ගොඩ වගේ තියාගෙන ඉන්න තරමට තමයි හොඳ? ඉටිකොළ ගහපු කඩවල් ටික දකින කොට කොයි තරම් ලස්සනද..? ඕක තමයි අපේ සංස්කෘතිය නේද?