(හේමලතා ඩී. හේවගේ)
ගිරිඋල්ල - මල්ගමුව ශ්‍රී මේධංකරාරාම විහරස්ථානයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උරමඬලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පූණ්‍යෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක, අග්හමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියෝ ප්‍රමුඛ ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් අද (29 වැනිදා) පැවැත්විණ. මෙම පුණ්‍යෝත්සවයට බුද්ධශාසන අමාත්‍ය ගාමි ර්‍ණ ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු තවත් ප්‍රභූවරු රැසක්ම සහභාගි වූහ.
ගිරිඋල්ල - මල්ගමුව ශ්‍රී මේධංකරාරාම විහාරස්ථානයට අයත් අලංකාර පරිසරයකින් සමන්විත උස් භුමියක විහාරාධිපති කෝඳුරවාවල මේධංකර හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 88 රියන් සමාධි බදු පිළිම වහන්සේ ඉදිකෙරේ.
සමාධි බදුු පිළිම වහන්සේගේ උරමඬල මත බුද්ධශාසන අමාත්‍ය ගාමිර්‍ණ ජයවික්‍රම පෙරේරා සහ විජය පුවත්පත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන යන මහත්වරු නිදන් වස්තු තැන්පත් කළහ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය , වයඔ පලාත්සභා මන්ත්‍රී අසංක පෙරේරා, පන්නල ප්‍රදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු, විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන, කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ හා ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ , නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (සන්නාම) සුජිත් පතිරන්නැහැ, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගබඩා) නිමල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුඵ සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගිවී සිටියහග විහාරස්ථදායක සභාව හා බුදුරුව සංවර්ධන සමිතිය විසින් මෙම පූණ්‍යෝත්සවය සංවිධානය කරන ලදි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකාවේ උසම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට නිදන් වස්තු තැන්පත් කෙරෙයි
lalithsjm Wednesday, 30 May 2018 01:56 AM
සාධු සාධු සාධු !!!
dhamneth Wednesday, 30 May 2018 02:27 AM
අපේ හාමුදුරුවරු මොනවා කලත් කිවත් අපේ රටේ මිනිසුන්ගේ සාර ධර්ම පිරිහීම නම් ඉතා ශීඝ්‍රයෙන් සිදුවෙනවා. සෑම තැනම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වෛරය, තණ්හාව ,හොරකම දුරාචාරය, මත් කුඩු. එනිසා දැන් අපේ උගත් ආචාර්ය මහාචාර්ය හාමුදුරුවරු කොටසක් එකතු වී සමීක්ෂණයක් කලයුතු කාලය නේද මේ තරම් ධර්මය දේශනා කරන රටේ මිනිස්සු මෙහෙම වෙන්නේ මොකද කියා සොයා බැලීමට
samarakoon Thursday, 31 May 2018 03:15 AM
මෙම විහාරයට යන මාර්ගය සදහන් කරන්න.