2017 බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරා සම්මාන උත්සවයේ දී ශ්‍රී ලංකාවේ රෝහල්වල ක්‍රියාත්මක නව ජන්ම ප්‍රවාහන සේවයට හොඳම නව උත්පාදන සම්මානය මෙවර හිමි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර දී එම සම්මාන උත්සවය පැවැත්විණි.
එම සම්මාන උත්සවයේ දී ලැබුන සම්මානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිණි.
ළදරු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම සදහා මෙම ප්‍රවාහන සේවාව ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. කොළඹට පමණක් දැනට සීමා වී ඇති මෙම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිනී ළමා රෝග විශේෂඥ වෛද්‍ය රම්‍යා ද සිල්වා මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පර්යේෂණ හා පුහුණූ සුනිල් ද අල්විස් මහතා ඇතුළු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකාවේ නව ජන්ම ප්‍රවාහන සේවාවට ජගත් සම්මානයක්
ruchi Thursday, 28 December 2017 05:43 AM
උන් උන්ටම සම්මාන දීගන්නවා. එකෙක් ලෝකයේ හොඳම මුදල් ඇමති කියල තමන්ම තමන්ට සම්මානයක් දීගත්තා. අන්තිමට තමන්ට තමන්ගේ පුටුවවත් නැතිඋනා. ඊළඟට ලෝකයේ හොඳම අගමැති . . .. . හොඳම ජනාදිපති . . . . මහා විකාර. අදාල දේ හරියට කරනවානම් එච්චරයි අවශ්‍ය.
himalThursday, 28 December 2017 08:14 AM
මේ සම්මානය ලැබිලා තියෙන්නේ ජන්ම ප්‍රවාහන සේවාවට. පුද්ගලයෙකුට නෙවෙයි.