(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අද (2) ට යෙදී තිබූ අතර මෙවර එම සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබිණි.
ඒ අනුව එහි ප්‍රධාන ආගමික වැඩසටහන ලෙස ආශීර්වාද බෝධි පූජා පිංකමක් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
ඊට සමගාමීව වැල්ලවත්ත විෂ්ණු කෝවිලේ දී හින්දු ආගමික වතාවත්, දවටගහ මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාම් ආගමික දේවමෙහෙයක්, හා කොම්පඤ්ඤවීදිය ජේසු බිළින්දාගේ දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙයක් ද සංවිධානය කර තිබිණි.
පක්‍ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු පක්ෂ ප්‍රධානීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පක්‍ෂ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රීලනිප 69 වැනි සංවත්සර සැමරුම
Amula Wednesday, 02 September 2020 06:50 PM
මේ අය තරම් ලැජ්ජා නැති ඡන්ද පෙරේතයන් ටිකක්.. මොවුන්ගේ ළඟ තියෙන ඒවා හරි දීලා වැඩේ කරගන්න තමයි බලන්නේ.
vidya Wednesday, 02 September 2020 09:39 PM
කොසොල් රජුගේ සිහිනය සැබෑ වුණා වගේ බැසිල්ගේ සිහිනයත් සැබෑ වෙන්න කටයුතු කරලා වැඩේ කළාම ගිහින් දැන් මල්වට්ටි උස්සගෙන ගියාට වැඩක් වෙන්නේ නැහැ. 2/3 අරන් ඉවරයි. දැන් ඉතින් බතික්වලට පඬු ගහ ගහා ඉන්න එකයි තියෙන්නේ. පොලොන්නරුවේ මිනිස්සු හිඟා නොකා හිඟා කන අතර කොළඹ කොළඹ විශාල ගේට්ටුවකට මුවා වෙලා සැප විඳිනවා. කොමියුනිස්ට් කාරයෝ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති ජාතියක්...
Wathurakumbure Mohottala Thursday, 03 September 2020 03:37 AM
ශ්‍රීලනිප ය අහසින් වඩිනකන් ද ගරු ලේකම්තුම උඩ බලාගෙන ඉන්නේ.?
ලුම්බිණි Thursday, 03 September 2020 04:25 AM
අපේ හිටපු ජනාධිපති තුමා සැමරිය යුත්තේ පක්ෂය විනාශ කිරීමේ සංවත්සරයක් නේද?
Nandalal DE SILVA -France Thursday, 03 September 2020 11:36 AM
ශ්‍රීලනිපය අළුදූලි බවට පත්කර, කරන්න පුළුවන් හැම වැඩක්ම කරලා නගුට අස්සේ ගහගෙන... පක්ෂයේ හිටපු උතුමන්ට පිං අනුමෝදන් කරන්න සුදු ඇඳුමින් සැරසී යන්න තරම් මේ ‘පාලසේනට‘ ලැජ්ජාවක් ඇත්තටම තිබුණේ නැත්තේ මොකද?