IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සජිත් කැලණි විහාරය වැඳ පුදා ගනී

(නිමල කොඩිතුවක්කු)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එජාප නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කැලණිය රජමහා විහාරයට ගොස්   අද (10) උදෑසන ආගමික වතාවත්වල නිරත විය.

එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාට කැළණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ ආශිර්වාදය හිමිවිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සිය ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ආගමික වතාවත්වල නිරත වීම සඳහා මෙලෙස කැලණිය රජමහා විහාරයට ගොස්   තිබිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.



අදහස් (24)

සජිත් කැලණි විහාරය වැඳ පුදා ගනී

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 10 October 2019 07:31 AM

ජයවේවා මැතිඳුනි,

:       873       2345

සමන්ත Thursday, 10 October 2019 07:37 AM

සජිත්, තරුණ ඔබට ජය නියතයි...

:       333       1567

බාලසුබ්‍රමනියම් Thursday, 10 October 2019 07:47 AM

තරුණ අපේ ඡන්දත් ඔබතුමාටයි.

:       94       878

yasikaThursday, 10 October 2019 08:13 AM

රටක පාලකයෝ බිහිවෙන්නේ රටේ ජනතාවගේ හැටියටනේ. ඉතින් බහුතර ඡන්දදායකයේ ඉන්නේ මෝඩයෝද ? බුද්ධිමතුන්ද කියන එක අනුව තමයි බිහිවෙන පාලකයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද යන්න තීරණය වෙන්නේ. මෙච්චර කල් බිහි වෙච්ච ගොඩක් පාලකයෝ නිසා රට අගාධයට ගියා. අපේ අනාගත පරපුර වෙනුවෙන් බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරමු.

:       27       108

priyantha Thursday, 10 October 2019 07:40 AM

කවුරු කෙසේ කිව්වත් සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපති වෙනවා...

:       321       1452

devThursday, 10 October 2019 07:47 AM

මෝඩකම කියන්නේ ඒක තමයි

:       1310       158

prabaa Thursday, 10 October 2019 07:41 AM

ගෝඨාට බැහැ. සජිත් දිනනවා

:       129       1038

Raveendra Thursday, 10 October 2019 07:48 AM

පන්සල් පල්ලි කෝවිල් ඔක්කොම අපි වදිනවනේ..// එනමුත් කරපු ,කරනා පව් බැහැ කිසිදින ගෙවන්නට..// යන යන තැනට වැඩකෙරුවට බැහැ බේරෙන්නට ..// මෙය හැකිවෙයිද කිසිවෙකුහට මගහැරුමට මෙලොකේදී..///

:       90       223

salmi Thursday, 10 October 2019 07:48 AM

සිංහල, මුස්ලිම්, දෙමල, ක්‍රිස්තියානි සියලු දෙනාගේ ඡන්ද ලබාගෙන සියයට හැටක ප්‍රතිශතයකින් සජිත් දිනනවා.

:       56       1043

kumaa Thursday, 10 October 2019 07:50 AM

පාට පක්ෂ කුමක් වුවත් ඔබ අපේ මීළඟ ජනපති

:       18       1054

උදාර Thursday, 10 October 2019 07:52 AM

සජිත් කියන්නෙ දුප්පතාගේ හිතවතා. පොදුජන නායකයා. ඔබට ජයවේවා. රටට සෙත සැලසේවා.

:       20       1176

Asnesan Jayamaha Thursday, 10 October 2019 08:05 AM

ජය සිකුරුයි සජිත්.................................

:       582       1077

P.Thangarajah. Thursday, 10 October 2019 08:13 AM

සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපති.ජයවේවා!

:       13       968

සමිත් හිමි Thursday, 10 October 2019 08:17 AM

රටට ඕන තරුණ ජනපති කෙනෙක්.

:       8       484

banda Thursday, 10 October 2019 08:19 AM

සජිත් කියන්නේ වලව්වේ හාමු කෙනෙක් නෙවේ පොඩි මිනිහෙක්. දුප්පතාගේ හිතවතා.අපි සජිත්ට...............

:       37       525

Dinesh Thursday, 10 October 2019 08:35 AM

දැනට ඔහොම ඉන්න.පස්සේ බලමු මොකද වෙන්නේ කියලා.අපිට අමතක නැහැ පසුගිය වසර පහ.

:       545       165

ChathuriThursday, 10 October 2019 11:42 AM

අවුරුදු 5 අමතක වෙන කතාව මොකක්ද? සජිත් රට බාර අරගෙන වැඩ කෙරුවේ නැහැනේ. ඔයාගේ සිරිසේන නේද රට කරන්නේ හැංගි හැංගී, ඔයාට ගෝඨයි, මහින්දයි කරපු හැටි නම් අමතක වෙන්න විදියක් නැහැ. විශේෂ අධිකරණත් පිහිටෙව්වා. නඩේගේ දුෂණ හොයන්න හොරුන්ට කඩේ යන්නේ නැතිව. තම දරුවන් ගැන හිතලා මොලේ පාවිච්චි කරන්න... මහින්දගේ දරුවෝ විතරක් නෙමේ සැප විඳින්න ඕනේ අපේ දරුවොත් සැප විඳින්න ඕනෑ. දැන් අපේ දරුවන්ට හරියට කන්න, අඳින්න දෙන්නවත් බැහැ...

:       2       53

sharm warn Thursday, 10 October 2019 10:28 AM

අනේ ඔව් ඔව්.. දිනලා ඇවිත් ශ්‍රී මුඛයෙන් කියන එව්වා අහගෙන ඉන්නකොට තේරෙයි කර ගත්තේ තවත් එක ගොන්කමක් කියලා.. හංසයා කියන්නේ දිනන ලකුණක්ද? ෆොන්සේකා මහත්තයත් හංසයාගෙන් ආවා කියලා මතකයි.. සජිත්ට දිනන්න ලැබෙයිද කියලා අපිට නම් විශ්වාසයක් නැහැ..

:       428       360

Chathuri Thursday, 10 October 2019 11:30 AM

ඔබ කරුණාවන්ත නායකයෙක් , ඔබත් දිනුම්. රටත් දිනුම්.ගෝඨා තරුණ පරපුර ගොවියෝ කරන්න යනවා.ඔබට පුළුවන් ඉන්න ගොවියන්ට සහණ දෙන්න. එක ගොවියකුට වහ බීලා මැරෙන්න ඉඩ තියන්න එපා.හැම ගොවියකුටම ඉතාම අඩු මිලට අත් ට්‍රැක්ටරයක් දෙන්න. ඇමතිවරුන්ගේ දීමනා කපා හැරලා, ගොවියන්ගේ දීමනා වැඩිකරන්න. ගොවියෝ හරිම අසරණයි.තරුණයින් නායකයින් කරන්න ඉදිරියට ගන්න.අවංකව හොරකම නැතිව වැඩ කරන්න පුහුණු කරන්න. මේ රට භාර තරුණ පරපුරට මිසක් මහල්ලන්ට නෙමේ. පන අදිමින්, බෙහෙත් බිබී ජනතාවගේ මුදලින් පවුල් පිටින් පිටරට යන්නේ.

:       14       41

රන්බණ්ඩා Thursday, 10 October 2019 11:57 AM

කුලී කමෙන්ට් හමුදාව ජයටම වැඩට බැහැලා. පහුගිය අවුරුදු 5 මේ අය කොහෙද හිටියේ..? බෝම්බ ගහලා මිනිස්සු අමුඅමුවේ මරනකොට බදු පිට බදු ගහලි ජීවත් වෙලා ඉන්න මිනිස්සු මරනකොට මේ සජිත් කොහෙද හිටියේ? බුද්ධි නිලධාරින් හිරේ දාද්දි, හාමුදුරුවෝ හිරේ දාද්දි මේ සජිත් කොහෙද හිටියේ? මමත් 2015 හංසයාට ඡන්දේ දුන්නු කෙනෙක්... මමත් ඇතුළුව පවුලේ විශාල පිරිසක් මේ පාර නම් මොවුන් වෙනුවෙන් කිසිඳු ඡන්දයක් දෙන්නේ නැහැ.

:       1889       1473

athuraFriday, 11 October 2019 03:57 AM

පොහොට්ටුවට කඩේ යන අය හැමෝම වගේ කියන කතාවක්නේ ඕක.

:       30       56

RAJ Friday, 11 October 2019 03:51 AM

මොනවා කිවුවත් ගෝටා 68%යි සජිත් 32%යි

:       10       47

ධම්ම Friday, 11 October 2019 05:19 AM

ආර්යාව, ශ්‍රී මුඛය ආදී වචන පිටවෙන්නේ නිකම්ම නොවේ. ඔහු මානසිකව පොඩි මිනිසෙක් නිසා.

:       14       2

NM Friday, 11 October 2019 06:36 AM

නෑ ඵ්වා කියවෙන්නෙ මෝඩ උද්ධඡ කමට. උගත් කමක් නැති නිසා.

:       9       19

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20390 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18359 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site