IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සුන්බුන් මැද දුමා වැසියෝ ඉෆ්තාර් සමරති

සිරියාවේ දමැස්කස් නුවර දූමා උපනගරයේ සුන්බුන් මැද්දේ දෛනික රාමසාන් උපවාස කාලය අවසන් කරමින් ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් පැවැත්වෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළෙක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

අති බිහිසුණු යුද්ධයක් හේතුවෙන් විනාශයට පත්වූ ගොඩනැගිලි සුන් බුන් අලංකාර ලෙස සරසමින් ඉෆ්තාර් උත්සවයකට එක්වීමට දූමාහි වැසියන් සමත්වූයේ යුද්ධයට වඩා මනුස්ස ජීවිතයට අවශ්‍ය වනුයේ සාමය බව පසක් කරමිනි. වෙඩි උණ්ඩවලට මිනිසුන්ගේ සිනහව සතුට ප්‍රබල බව කියා පෑමට ඔවුහු සමත්වූහ.

සිරියාවේ අදලේහ් පදනම මෙම ඉෆ්තාර් උත්සවය සංවිධානය කර තිබූ අතර එම සංවිධානය 2012 වසරේ පිහිටුවන ලද්දකි.

“අපි බයෙන් තමයි මේ උත්සවය සංවිධානය කළේ. දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල වුණා. එහෙත් පසුගියදා තාවකාලිකව නවතා දැමීමෙන් අපට මේ අවස්ථාව උදා වුණා” යැයි එම පදනමේ නිලධාරියෙක් පැවැසීය.

වසර හයක් මුළුල්ලේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් සිරියාවේ ආහාරවල මිල දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය සිව් වසරක කාලයේදී ගැටුම් හේතුවෙන් කිසිවකුටත් මෙම නගරයට පිවිසීමට ඉඩක් නොතිබූ අතර ඉෆ්තාර් උත්සවය සඳහා ආහාර ද නැගෙනහිර ගෞතා හි පිළියෙළ කර දූමා වෙත රැගෙන ආ බව වාර්තා විය.

වසර හතරකට පසු නගරයට පළමු වතාවට ආධාර රැගත් රථ පෙළක් ඇතුළුවූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. දූමා හි බලය හොබවන්නේ ජයිෂ් අල් ඉස්ලාම් නැමැති කැරැලිකාර කණ්ඩායමකි. ආණ්ඩු විරෝධී සංවිධානයක් වන එම සංවිධානයේ ඉලක්ක වෙත පසුගිය වසර කිහිපයේදීම සිරියානු රජයේ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළ අතර බැරැල් බෝම්බ ද හෙලීය.

“මේ උත්සවයට සිය ගණනක් සහභාගි වුණා. සිය ගණනක් ගුවන් ප්‍රහාරවලට බයේ පල්ලිවල හැංඟිලා ඉන්නේ. මරණ පෙනී පෙනී ජීවිතය ලැබුණා වගේ. අපිට කියන්න බැරි තරම් සතුටක් තියෙන්නේ” යැයි අවස්ථාවට සහභාගී වූ දූමා නගරවාසියෙක් පැවැසීය.  

බී.බී.සී/රොයිටර් හා ඒ.එෆ්.පී ඇසුරිනි 055

 



අදහස් (2)

සුන්බුන් මැද දුමා වැසියෝ ඉෆ්තාර් සමරති

arschfikaa Wednesday, 21 June 2017 10:12 AM

බලන්න කොයිතරම් ලස්සන, අසරණ, ළමයිද කියලා...මේවගේ යුද්ධයක් ලංකාවේ ඇතිවෙලා.. මේවාගේ අවස්ථාවක් ආපු වෙලාවට ලංකාවේ සිංහලයන්ටත් දැනෙයි..

:       363       257

janatha anura Wednesday, 21 June 2017 12:30 PM

ඔබතුමා පසුගිය 30 වසරක් තුල සිටියේ කොහෙද? මායිම් ගම්මානවල සිංහලුන්ද උතුරේ නැගෙනහිර ද්‍රවිඩ ජනතාවද හමුදා බල ඇණිද, දකුණේ ජනතාවගෙන් කොටසක්ද, කොටි සාමාජිකයන්ද මෙයට වඩා බොහෝ කටුක අත්දැකීම් වසර 30 පුරාවටම විඳ ඇත.. ඔබට තෙරුවන් සරණ පතමි...

:       1       242

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site