IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සඳහිරු මහ සෑය සසුනට පිදුණු වගයි! - වීඩියෝ

(ඩයනා උදයංගනී සහ දයාරත්න ඇඹෝගම)

තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට උපහාර දැක්වීමේ අරමුණින් අනුරාධපුර පුජා නගරයේ ඉදිකෙරුණු ‘සඳ හිරු සෑය’ වන්දනා මාන කටයුතු වෙනුවෙන් විවෘත කරමින්, සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුකෙරිණි.

උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් විසින් දේවාරාධනාව සිදුකිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ජය පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සඳ හිරු සෑයේ කොත නිරාවරණය කිරීම සිදුවූයේ තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතිනි.

මෙහි ඉදිකිරීම් 2010 වසරේ දී ආරම්භ වූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ඔවුන්ගේ මූලිකත්වයෙනි.

මානුෂීය මෙහෙයුම 2009 වසරේ මැයි මස 19 වනදා නිමා කරමින් යුද්ධය නිම කිරීම තෙක් සිදුකළ තිස් වසරක යුද මෙහෙයුම්වලදී රට වෙනුවෙන් දිවි පිදූ 29,000 ක් වන රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 37,000 ක පමණ රණවිරුවන් කළ අමිල කැපකිරීම සදා අනුස්මරණය කිරීම සඳහිරු සෑය ඉදිකිරීමේ අරමුණ විය.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවූයේ ද රණවිරුවන් අතින්මවීම විශේෂත්වයකි.

බුබ්බුලාකාර හැඩයෙන් ඉදි කෙරුණු සඳහිරු සෑයේ උස අඩි 282 කුත් අඟල් 6 ක් වන අතර එය උසින් දෙවැනි වන්නේ අනුරාධපුර රුවන්වැලිසෑයට පමණි.

එහි විෂ්කම්භය අඩි 255 ක් වන අතර වට ප්‍රමාණය අඩි 801කි. සඳහිරුසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13ක් වන අතර වැලි මළුව අක්කර 6ක් රූඩ් එකක් හා පර්චස් 30 ක් වේ. සලපතළ මළුවට අක්කර 4 ක් හා රූඩ් 2 ක් අයත්ටය.

ආරම්භක සැලසුම අනුව මෙහි සියලු වැඩ කටයුතු 2016 වසරේදී අවසන් කිරීමට යෝජිතව තිබුණත් පසුගිය යහපාලන රජය සමයේ එහි ඉදිකිරීම් අතරමග නැවතීම හේතුවෙන් ඉදිකිරීම් අවසන් කිරීම කල්ගොස් තිබිණි.

මෙම වෛත්‍ය රාජයාණන් වහන්සේ සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින්, යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, අඹුදරුවන්, ආබාධිත රණවිරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

සඳහිරු සෑය විවෘත කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුම සහ අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය යෙදී තිබූ දිනයේදී මෙන්ම ඉල් පුර පසළොස්වක පොහෝ දිනයේදීවීම විශේෂත්වයකි.

 

 

 

 



අදහස් (34)

සඳහිරු මහ සෑය සසුනට පිදුණු වගයි! - වීඩියෝ

ajith p Thursday, 18 November 2021 05:31 PM

ලංකාවේ සෑම පන්සලකම චෛත්‍ය තිබේ.සඳහිරු මහ සෑය සහ වෙනත් පන්සල්වල සැය වල වෙනස කුමක්ද .සඳහිරු මහ සෑය සසුනට පූජා කල යුතු වන්නේ රාජපක්ෂලා විසින්ම ඔවුන්ගේම මුදල් වියදම් කොට සෑදු වානම් පමණි

:       14       24

යෝගා Friday, 19 November 2021 01:48 PM

දරාගන්න බැරි තරම් අමාරුද?

:       23       13

චන්ද්‍රකාන්ත් වාගීශ්වර Thursday, 18 November 2021 05:44 PM

සඳහිරු සෑය සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමා මුල් ගල තියන්නේ මීට වසර 1700ට පමණ පෙර රහතන් වහන්සේලා විසින් කිසිදා නොකරන ලෙසට රාජ්‍ය පාලකයන්ට ලබා දුන් උපදේශයක් අමු අමුවේ ඉවත දමමිනි. අනුරාධපුරයේ මහා සෑයයන් සාදා ඇත්තේ වෙනත් ලෝක සහ දිව්‍ය තලවල සිටින වැසියන් සමග මෙලොව වෙසෙන දිව්‍යාත්ම සංනිවේදනය කරන මාර්ගයක් ලෙසයි. සඳහිරු සෑයත් සමගම ඒ සන්නිවේදන ජාලය බිඳ වැටුණි. මේ සාපය නිසා මහින්ද රාජපක්ෂ මැති තුමාට ඉතා අපල කාලයක් උදාවූ අතර අද සිට ගෝඨාභය රාජපක්ෂ මහතා දේව සාපයට ලක්වී උමතු වීමට ඉඩ ඇත.

:       16       15

අශෝකමාලාFriday, 19 November 2021 01:05 PM

මොකක්ද ඔයා කියන රහතන්වහන්සේලා දුන්නු උපදේශය? අපි ඒ ගැන දැනගන්න කැමතියි. කොහෙද තියෙන්නේ.

:       5       12

jayasekaraFriday, 19 November 2021 02:07 PM

අනේ ඇත්තද

:       5       4

මීමණගේ - කොරියාව Friday, 19 November 2021 04:30 PM

ඔබ වැරදියි. එය පවසන්නේ රහතුන් වහන්සේලා නොවෙයි. රිටිගල පඩිපෙළ ආසන්නයේ තියෙන දෙණියේ ඇති සෙල්ලිපියක මෙය සඳහන් වෙන්නේ පුලතිසි ඉසිවරයා කියූ අනාගත වාක්‍යයක් ලෙසටයි. සෙල්ලිපිය කර ඇත්තේ ජේතවන දාගැබ සාදා නිමකළ පසු කියලා තමයි අදහස... මේ ගැන වැඩිදුර දන්නා අය සමග සංවාදයක් ඇති වෙනවා නම් හොඳයි...

:       0       1

chinthakaFriday, 19 November 2021 06:16 PM

ඔබගේ කතාවේ සත්‍යයක් නැහැයි කියන්න බැහැ. මීට අවුරුදු 5 කට විතර ඉහතදී වනවාසී හිමිනමක් මා සමග ඔබ කී ආකාරයටම විනාශයක පෙර නිමිත්තක් කීවා. උන්වහන්සේ කිවේ මේ ස්ථානය කොහෙත්ම චෛත්‍යයක් සෑදීමට සුදුසු තැනක් නොවෙයි කියායි.

:       0       2

ජගත් ලියනගේ Thursday, 18 November 2021 05:57 PM

ඥාන අක්ක බලන්න ගියේ නැත්ද ? වැඩිය දුර නැහැනෙ ඔතන ඉඳල, ගිහිල්ල නූලක් බැඳන් එන්න .

:       7       19

සමරේ Thursday, 18 November 2021 06:09 PM

දේශපාලන භේද එපා. මියගිය රණවිරුවන් සහ මායිම් ගම්මානවල ජීවත් වූ අපේ ලාංකික ජනතාවට පින් අනුමෝදන් කරමින් සහ යුද්ධයේදී අනතුරට පත්වූ හා ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධ වැදුණු සියලු රණවිරුවන්ට මෙන්ම ජනතාවට සෙත් පතා අපිත් සාදුකාර දෙමු. 2016 අනුරාධපුර යනකොට ඔතන වැඩ අතරමග පාළුවට ගිහින් තිබුණේ. නැවත යන්න පුළුවන් දිනක අටමස්ථානය වගේම වඳින්න යන තවත් තැනක්.

:       11       19

Hemantha Thursday, 18 November 2021 06:15 PM

කෝ හරියට ස්තුපයේ පින්තුරයක් නැහැනේ බලාගන්න අපට

:       1       5

Rohana Thursday, 18 November 2021 06:18 PM

මෙතන සෙනග එකතුවෙලා ඉන්නකොට කොවිඩ් හැදෙන්නේ නැද්ද? සෙනග එකතු වුනාම කොවිඩ් බෝවෙන්නේ විපක්ෂයේ අයට විතරද?

:       8       27

පිටිගල මිලානෝ Thursday, 18 November 2021 06:22 PM

අදින්නාදානා වේරමනී සික්ඛාපදන් සමාධියාමී....!

:       7       13

සෙනවි Thursday, 18 November 2021 06:25 PM

සෑයක් හෝ වෙහෙරක් නිමවන්නේ බුද්දශාසනය කාරණා කර ගෙනය. යුද්දයකදී එහිසී මියගියවුන් සිහිකිරීම වැදගත් වුවත් සෑයක්සදා වන්දනාමාන කිරීම සුදුසුද?. මෛත්‍රිය කරැණාව සහ උපේක්ෂාව මින් මතුවේද?. බුදුදහම දේශපාලනීකිරීම තවත් අවස්තාවක්ද?. යුද්ධයක් නැවත නැවත ජනතාව අතර විකිණීමක්ද?.

:       8       15

යෝගා Friday, 19 November 2021 01:55 PM

ඇයි අනේ ඔච්චර මෝඩ තර්ක? සාදුකාරයක් දීල සතුටු වෙන්නෙ නැතුව

:       15       11

jayasekaraSaturday, 20 November 2021 09:59 AM

මහා දුටුගැමුණු නිරිඳු රුවන්වැලි මහා සෑය ඉදිකළේ ... රට එළාරගෙන් බේරාගෙන රට එක්සේසත් කරලා... කරපු පුණ්‍යකර්මය අනුමෝදන් වෙලා.. සාදුකාරයක් දීලා අනුමොදන් වෙන්න. කෙස් පැලෙන තර්ක ලියන්නේ නැතිව..

:       2       1

Ranjit Thursday, 18 November 2021 07:35 PM

චෛත්‍ය වන්දනාවට සිය ගණනින් එකතුවෙන එක සෞඛ්‍යය බලධාරීන් අනුමත කලාද දන්නේ නැහැ නේද ? "එක රටක් එක නීතියක්" වගේ පෙනෙන්නේ නම් නැහැ.

:       6       16

vikum Thursday, 18 November 2021 08:24 PM

රට වටේ කොච්චර වෙහෙර විහාර පංසල් පල්ලි කෝවිල් තිබ්බත් රටෙ අස්සක් මුල්ලක් නෑර හොරැ මංකොල්ල කාරයෝ බිහිවෙලා ඉවරැයි, අනික පාලකයෝ ආගම දේශපාලනික උවමනා වෙනුවෙන් අවභාවිතා කරනු ලබයි, චෛත්‍ය නිර්මාණය කල පමණින් හෝ ඒවා විවෘර්ත කීරීමෙන් ජනතාවගේ ගැටලු නිරාකරණය නොවනු ඇත, විවෘර්ත කරන ලද චෛත්‍ය සසුනට කීවාට ඕකත් ඔතනම තියෙන රැවන්වැලි සෑයේ පංසලටම අයිති වෙයි, ඊට පස්සේ දැනට තියෙන පරණ ධර්මපීඨය තිබුන ස්ථානයක් රැවන්වැලී සෑ පන්සලටම පූජා වෙවී, ආගම පූජකයා විසින් වගේම, පාලකයා විසින්ද, අනුගාමිකයා විසින්ද ස්වකීය පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් යොදාගනු ලබයි...

:       4       17

Sambo Thursday, 18 November 2021 08:39 PM

පව් වහගන්න තමයි මේවා කරන්නේ.

:       9       15

හීන්බණ්ඩා Friday, 19 November 2021 01:55 AM

ඉතාමත් වටිනා වැඩක්‌ කව්රු කෙරුවත්. අනේ සාදු

:       25       15

Demuni Uduwara Friday, 19 November 2021 04:43 AM

ප්‍රධාන මිනිසා - සරත් ෆොන්සේකා අනාරාධිතයි !

:       8       30

dasa Friday, 19 November 2021 05:43 AM

රටත්, ආගමත්, සංස්කෘතියත්, විනාශ කල පවුලක් විසින් මේ පන්සල ආරම්භ කල බවයි.

:       9       26

jayasekaraSaturday, 20 November 2021 10:02 AM

මැරිලා ඉපදුණාද? එතකොට අර රනිල් නඩේද යුද්ධය ඉවර කළේ...? අද ඔබ ඔබගේ පවුලේ අය ජීවත් වෙලා ඉන්නේ මේ මනුස්සයා යුද්ධය ඉවර කළ නිසා... හොඳ දේට හොඳයි කියන්න ඇඹරෙන්න එපා.

:       2       0

Kasun Friday, 19 November 2021 05:50 AM

යුද්ධේ කරපු කෙනා නැහැනේ.? විකාර කියන්නේ මේවට තමා.

:       9       28

jayasekara Friday, 19 November 2021 10:00 AM

හිතන්නට යමක්......."ආරම්භක සැලසුම අනුව මෙහි සියලු වැඩ කටයුතු 2016 වසරේදී අවසන් කිරීමට යෝජිතව තිබුණත් පසුගිය යහපාලන රජය සමයේ එහි ඉදිකිරීම් අතරමග නැවතීම හේතුවෙන් ඉදිකිරීම් අවසන් කිරීම කල්ගොස් තිබිණි.....

:       19       11

බණ්ඩා Friday, 19 November 2021 12:39 PM

එහෙම ආවට ගියාට දා ගැබ් වුනත් හදන්න බෑ.මිනීමරුවන්ට කොහෙත්ම බෑ. මිරිසවැටියට මොකද වුනේ?

:       6       8

Anura Friday, 19 November 2021 12:49 PM

එක්කෙනෙක් විතරක් මාස්ක් එකක් දාන්නේ නැතිව ඇවිල්ල ඉන්නේ මමයි ලොක්ක කියල එයාගේ උද්දච්ච් කම පෙනන්නද ?

:       3       11

Kuttiarachchi Friday, 19 November 2021 01:33 PM

මිනිස්සු ගෑස් පෝලිමේ බදු ගිනි ගණන් කන්ඩ නැහැ මේ අය සමරු පාලක විවෘත කරනවා.

:       6       15

Prabha Friday, 19 November 2021 01:56 PM

ඔය සල්ලි වලින් යුද්ධය නිසා අභාධිතව ඉන්න රණවිරුවන් වෙනුවෙන් යමක් කරන්න තිබුනා නේද.?

:       5       18

jayasekaraSaturday, 20 November 2021 10:00 AM

ඔය දේම එදා දුටුගැමුණු මහ රජතුමාගේ කාලේ කිව්වා නම් අද අපිට වැඳ පුදාගන්න මහා ථූපයක් ලෝකේ නැහැ.. පින් අනුමෝදන් වෙන්න..

:       2       0

Hema Friday, 19 November 2021 02:54 PM

රජය විසින් සංවිධානය කරනු ලබන මහජන රැස්වීම්වලදී කොවිඩ් වෛරසය අක්‍රියයි.

:       0       11

siri Friday, 19 November 2021 03:18 PM

"ජයං වේරං පසවති - දුක්ඛං සේති පරාජිතෝ උපසංතෝ සුඛං සේති - හිත්වා ජය පරාජයං" ජයග‍්‍රහණය වෛරය උපදවයි. එය දුකින් තැවෙන පරාජිතයෙකු ඉතිරි කරයි. ජය පරාජය යන තත්වයන් දෙකම අත්හරින්නා සුවසේ සිටියි. (ධම්මපද , සුඛ වග්ග - 5)

:       1       11

ගමෙ එකලා Friday, 19 November 2021 03:43 PM

අපේ නායකතුමාලා පුද්ගලික වියදමින්ද දන්නෙ නැහැ මේ සෑය හැදුවේ. සොහොන් කොත් එහෙමත් හැදුවයි කියන්නේ? කරලා තියෙන පින් කන්දරාව හැටියට මොන ලෝකෙට යයිද ?

:       4       16

ලේක්කෝ ගලබඩ Friday, 19 November 2021 05:28 PM

කෝ සරත් ෆොන්සේකා....? යුද්ධය උත්සන්න වෙනකොට පැනලා ගිහිල්ලා අවුරුදු ගණනාවකට පස්සේ රින්ගාගත්ත කෙනෙක්නේ මෙතන වීරයා වෙලා ඉන්නේ....? සිංහ හම පොරවාගත් පිස්සු නරියාගේ කථාව අහලා තියෙනවාද?

:       1       2

විජිත් Friday, 19 November 2021 05:29 PM

මේවා දැකලා නොදැක්කා වගේ සිටීමත් රටට කරන අපරාධයක්. කෝ..? ජනාධිපතිගේ මාස්ක් එක..? එක රටක් එක නීතියක්ලු.. එයා හිතාගෙන ඉන්නේ නීතිය එයාට බලපාන්නේ නැහැයි කියලා වෙන්න ඇති. සෞඛ්‍ය බලධාරීන් කියන ආණ්ඩුවේ බත්බැලයින්ට වත් කොන්දක් නැහැ නේද මේ උද්දච්ඡ මිනිහාට මාස්ක් එකක් පළඳින්න කියන්න... අසේල ගුණවර්ධන ඔබ තවදුරටත් ඔය පුටුවේ සිටිය යුතු කෙනෙක් නොවෙයි. ඔහොම යං නන්දේ... නීතිය මුක්තියෙන් වහන්න බැහැ. ඒ බව ඔප්පුවේවි ඔය ජනාධිපති කියන ටයිටල් එක ගහලා ගිය දාට. ජම්පර් අඳින්න ටික ටික පුරුදු වෙන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36032 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site