IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සමගි ජනබලවේගය ‘දුරකථනය‘ ජනගත කරයි

( ළහිරු හර්ෂණ)

සමගි ජනබලවේගය ‘ලකුණ‘ ලෙස දුරකථනය  ජන ගත  කිරීමේ උත්සවය එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි.

 එහිදී නව ලංකා නිදහස් පක්ෂ සමගි ජන බලවේගය  සමඟ සන්ධානගත වීම සිදු වූ අතර නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ සමගි ජන බලවේගයෙන් නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ගිවිසුම් හුවමාරුවක් ද සිදු විය.
 
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික හෙළ උරුමයේ නායක පාඨලි චම්පික රණවක, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු, ඒ එච් එම් ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා, ජේ සී අලවතුවල ඇතුළු පිරිසක් ද සහභාගී විය.   

 



අදහස් (28)

සමගි ජනබලවේගය ‘දුරකථනය‘ ජනගත කරයි

sam Friday, 13 March 2020 07:16 AM

ජෙනරේෂන් 6 ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන මේ යුගයේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ගේ කාලේ ටෙලිෆෝන් එකකට ලැබෙන තැන මොකක්ද කියලා මෙතුමා තේරුම් ගන්නකොට පෙරහැර ගිහින්.

:       1819       1385

SankaFriday, 13 March 2020 09:16 AM

සජිත් ඔයාට දැන් හොඳ ගමනක් යන්න පුළුවන්. මුළු රටේම ජනතාව ඔයාට කැමතියි. ඔයාට මේ ඇනුම් පද කියන අය කොච්චර බයද කිව්වොත් ඔයාට දුර තියාම පහර දෙනවා. මේවට සැලෙන්න එපා. අද UNP සද්දන්ත පක්ෂයේ රට පුරාම කඩපිල්වල ගම් දනව්වල සියලුම සාමාජිකයින් ඔයා වටා එකතු වෙනවා. අර කුණු කූඩේට ගිය රනිල් සහ නඩය නැතුව හොඳ ගමනක් යන්න.. ඉදිරි ඡන්දයේදී අගමැතිකම නියතයි...

:       2669       3421

And Friday, 13 March 2020 09:50 AM

එහෙමද ආස...?

:       329       381

aruniFriday, 13 March 2020 10:11 AM

අලුත් දේශපාලන පෙරමුණු හැදෙන එක හොඳයි. හැබැයි සාපෙළ සමත් කෙනෙක් නායකත්වයට ගත යුතුයි.

:       1129       940

BamunuarachchiFriday, 13 March 2020 06:06 PM

සමගි ජනබලවේගයේ නායකයා සජිත් කිසිවකුගෙන් ටියුෂන් ලබාගැනීමට අකමැති වුවත් ඔහුට යමක් කිව යුතුමයි. සජිත් මේ අවස්ථවේ කුහක දේශපාලනයක් නොකර මහත්මයකු සේ වැඩ කිරීමට පටන් ගන්න. COVID-19 මේ වනවිට ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබේ. මෙවැනි වයිරසයක් මෑත ඉතිහාසයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ පළමු අවස්ථාව මෙය වේ. එමනිසා ලංකාවේ රජයෙන් සිදුවන්නට වූ අතපසුවීම් ඔබගේ දේශපාලන වාසියට හරවා නොගෙන ඔබට හැකි පමණින් රජයට සහයෝගය දෙන්න. අපි හිටියා නම් මෙහෙම කරනවා.. අපි හිටියා නම් අරහෙම කරනවා කියන ගොරකා තර්ක නවත්වන්න. මෙම COVID-19 වයිරසය පැතිර යාම වළක්වා ගැනීමට නම් සියලු දෙනා සත්‍ය වශයෙන්ම කලයුතු වන්නේ " TEAM SRI LANKA EFFORT " යොදවා දේශපාලන කෝණවලින් නොබලා රටේ සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කැපවීම වේ. දේශපාලනය කිරීම පසුවට තබා පළමුව රට සහ රටේ ජනතාව ගැන සිතා කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතුවේ. රටවල් දියුණු වන්නේ දැන, උගත් දියුණු මිනිසුන් මොලයෙන් රටවල් පාලනය කරන විටයි. එසේ නොමැතිව මිනිසුන් පිරිවරා ගෙන මම පොරක් මටත් ඕනෑම දෙයක් කළහැකි බව ඔබ කීවට එසේ කිරීමට නොහැකිබව ඔබ හැර අන් සියලු දෙනා දන්නා කරුණකි.

:       617       236

WasudewaSaturday, 14 March 2020 02:14 AM

මේ Bamunuarachchi ගෙන් යන්නේ කොහෙද කියල ඇහුවම මල්ලේ පොල් කියනවා. අපිට පේන්නේ පක්ශත්ග්‍රාහී වැඩිකමටම වයර් මාරුවෙලා වගේ... අනේ හැබෑටම මොකද මේ සජිත්ට ඔච්චරම බය...? තව අලුත් කෙනෙකුට රටට යමක් කරන්න දෙන්නකෝ. ඔයා ඉල්ලන්නේම රට හොරාකාපු තක්කඩි දේශපාලුවන් බලයට ගේන්නමයි.

:       165       510

ජනහිත Friday, 13 March 2020 02:39 PM

රටක් දියුණු කිරීමට නම් දැනුම, බුද්ධිය, පළපුරුද්ද තිබෙන්නා වූ කෙනෙකුට පක්ෂයක් හෝ රටක් බාරදිය යුතුවේ. සජිත් මේ කරන්නේ බල අරගලයකි. පාවෙන ඡන්ද සහ විශේෂයෙන්ම තරුණයන් සහ මධ්‍යම පන්තිය ලංකාවේ අධ්‍යාපනයේ කැපීපෙනෙන වෙනසක් කළ සහ ප්‍රතිපත්තියක් මත සිට දේශපාලනය කරන සැමට එකලෙස සලකන රනිල්ට වඩා කැමැත්තක් තිබේ. රටේ ජනතාව රනිල් වැනි නායකයින් පාර්ලිමේන්තු යවන්නේ රට වෙනුවෙන් සේවය කිරීමටයි. රනිල්ගෙන් පුද්ගලික වාසි කිසිවකුට ලැබෙන්නේ නැත. නායකයකු පක්ෂයකට හෝ රටට සේවය කළහොත් එයින් වාසිය රටේ සියලු ජනතාවට ලැබේ. පක්ෂයේ සමහරුන් නායකයාගෙන් පුද්ගලික වාසි හෝ ඔවුන් ඉල්ලන දේවල් නොලැබීම නිසා වෙනත් පක්ෂ සාදාගෙන ඇත. රටවටා ගොස් නායකයාට අවමන් කිරීම සහ පක්ෂය අවමන් කිරීම පමණක් නොව පාක්ෂිකයන් ඡන්දය ඉල්ලා නිවසට පැමිණෙන විට ගහලා එලවන්න කියා ප්‍රසිද්ධ වේදිකාවේ නීතිවේදියකු විසින් කියා සිටීමෙන්ම ඔවුන්ගේ කුහක අරමුණ මනාවට පැහැදිලි වේ. එක්සත් ජාතික පක්ෂය කැඩී නොමැත. අසන්නට තිබෙන්නේ පාක්ෂිකයාගේ මහගෙදර වන සිරිකොත මන්දිරයට පහරදුන් මෙම පිරිස UNP පක්ෂිකයගෙන් ඡන්දය ඉල්ලන්නේ රෙද්දක් ඇඳගෙනද?

:       606       200

ලියනගේ Friday, 13 March 2020 05:38 PM

අලුතින් ආරම්භ කළ "කෝල් සෙන්ටර්" එකට සේවකයින් බඳවා ගනු ලැබේ...

:       58       41

GalaparaSaturday, 14 March 2020 02:32 AM

ජනහිත... ඔයා කොහෙද ඉන්නේ...? පොළොවේ පය ගහලද? නැත්තම් සුරංගනා ලෝකයකද? අද මුළුරටේම ජනතාව දන්නවා රනිල් කියන්නේ කිසිම නායකත්වයක් නැහැ කියලා. අවුරුදු 25ක් විතර ඉඳන් UNP හිටපු හොඳම දක්ෂයින් මෙයාගේ ගොන්පාර්ට් දැකලා පක්ෂය අත්හැර වෙනත් පක්ෂවලට ගියා. දැන් සජිත්ගේ නායකත්වයෙන් ඒ සියලුදෙනාම එකතුවෙන් සජිත්ව ඉහළින්ම දිනවන එක දැන් දැන් මුළුරටේම කතා බහෙන් හොඳටම තේරෙනවා. රනිල් මේ ඡන්දයේදී UNP සියලුම පාක්ෂිකයන් විශ්‍රාම ගන්වන එක ඒකාන්තයි.

:       110       407

Nimal Friday, 13 March 2020 07:43 AM

අවලංගු කාසි එක පේළියට...

:       816       855

ගොන් වස්සාFriday, 13 March 2020 09:08 AM

අප්‍රියල් 26 වෙනකොට ආණ්ඩු පක්ෂේ.

:       265       293

kamal Friday, 13 March 2020 08:24 AM

ඇනස්ලි, බර්ටි, සැමුවෙල් තාමත් රඟ දැක්වේ....

:       1116       1057

maal Friday, 13 March 2020 08:31 AM

ජයවේවා ! රට රකින නව රජයක් පිහිටුවීමට හැකි වේවා !

:       788       1256

Keppetipola Friday, 13 March 2020 08:48 AM

නම වෙනස් වුණාට පරණ හොරු ටිකම තමයි. අලුත් දෙයක් නැත. මොවුන් අාවොත් රටේ විනාශය දෙගුණ තෙගුණ වනු ඇත.

:       1008       872

ලුම්බිණි Friday, 13 March 2020 08:56 AM

මොකද්ද ජනගත කරනවා කියන්නේ ?

:       78       66

රණවක Friday, 13 March 2020 09:59 PM

ජනගත කරනවා කියන්නේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ මොල සෝදන එකටනේ...

:       0       0

මහජනතාව Friday, 13 March 2020 09:01 AM

අසරණ බවට පත් ලක්ජනතාවගේ උණුසුම් සුබපැතුම්..!!!

:       136       313

nimal Friday, 13 March 2020 09:09 AM

පෝන් එකේ දැනටම බැට්රි බැහැලා. කෝල් ගන්න බැහැ. කොච්චර රීචාජ් දැම්මත් වැඩක් නැහැ.

:       308       214

de silva Friday, 13 March 2020 10:10 AM

හැමදාම නායකකමේ එල්ලිලා ඉන්න හදන රනිල් වැනි නායකයින්ට හොඳ පාඩමක්.. රනිල් ප්‍රමුඛ එජාපෙට වැඩිම වුණොත් 3%-7%ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ගන්න පුළුවන්... රාජපක්ෂ පවුල් වාදයට අකමැති නමුත් එජාපෙට යන්න අකමැති කුමාර වෙල්ගම වැනි තව පැරණි ශ්‍රිලනිප නායකයින් කිහිප දෙනෙක් ඉදිරියට මේ ගොල්ලන් සමග එකතුවේවි...

:       89       506

සතිස් - දෙනියාය Friday, 13 March 2020 10:43 AM

ජයවේවා....!!! රට ගොඩ ගැනීමට සජිත් මහත්මයාට දිරිය ශක්තිය ලැබේවා...!!! මේකත් මතක තියාගන්න. mcc කියන රට පාවාදෙන ගිවිසුමට පක්ෂ සමහරු ඔබතුමා සමග ඉන්නවා. එනිසා ඔබතුමා ප්‍රසිද්ධියේම ජනතාවට දිව්රා කියන්න mcc සෝෆා අක්සා ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියා. ඒ වගේමයි ඔබ ජයග්‍රහණය කළ පසුත් මහජනයාට පොරොන්දු වූ ලෙසම ඒ ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්න. ඒවා කුණු කූඩයටම දමන්න. ඩොලර් මිලියන 480කට රට පාවාදෙන පාවාදෙන්නෙක් නොවන්න. ඔබට ජයම වේවා. අපි ඔබ සමගයි...!!!

:       49       305

Dil PereraFriday, 13 March 2020 06:08 PM

දෙනියායේ සතිස් මහත්මයෝ, ඇමරිකාවෙන් US $ මිලියන 480ක් ත්‍යාගයක් සහ නැවතත් නොගෙවිය යුතු ආධාරයක් එපා කියන, ඔබතුමාත්, ඔබතුමාගේ නායක සජිත් බේබිත් පැන්නා නම් තමයි රටට වැඩක් වන්නේ...

:       316       11

samarasinghe - ukSaturday, 14 March 2020 09:30 AM

ඇමෙරිකාව නිකම් ඩොලර් මිලියන 480ක් දෙනවා. අපි ඕවාට අහුවෙන්න තරම් මෝඩයින් නොවෙයි. අපි එපා කිව්වම ඇයි ඔය ජරාව අපේ අයගෙන්ම ගහන්න හදන්නේ...? ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්න. එහෙමත් නැතිනම් ඇමෙරිකාවේ ඉන්න ගෙවල් නැති දුප්පතුන්ට සේවා සලසන්න ඔය සල්ලි යොදා නොගන්නේ ඇයි..? අපිට නිකම් දෙනවට වඩා.. අපේ ඉඩම්, ඉඩම් තුළ තියෙන ඛනිජ නිධි, ජීවී විශේෂ, ඉලක්ක කරගෙන හදපු මේ පාවාදීමේ ගිවිසුමට සහාය දක්වන ඔබත් මහා පාවාදෙන්නෙකි. අනාගතයේ දවසක මේ ලෝකයේ ඇතිවන ව්‍යවසනකාරී තත්වයන් හමුවේ ඇමෙරිකානුවන්ට ජීවත්වීමට සුදුසු රටවල් කිහිපයයි ඉතිරි වෙන්නේ. ඉන් එකක් තමයි අපේ රට. ඒ සඳහා දැන්ම පිඹුරුපත් හැදීම තමයි මේ ගිවිසුමේ පරමාර්ථය. අමතක කරන්න එපා මේ සල්ලි එකපාර දෙන්නෙත් නැහැ. නිකම් දෙන්නෙත් නැහැ. ඇමෙරිකාව ඒ තරම් මෝඩත් නැහැ. එතරම් පරිත්‍යාගශීලිත් නැහැ. ඔබ ඔබගේ මොලේ අමාරුවට බෙහෙත් ගත්තොත් වඩාත් අගෙයි...

:       30       219

de silva Friday, 13 March 2020 11:29 AM

මේ රටේ ඉන්න මිනිසුන්ගෙන් 95%ක් රනිල්ට සහ මහා බැංකු හොරුන්ට අකමැතියි. නමුත් රටේ පාලකයන් කිහිප දෙනෙකු 2015 පෙර මහා බැංකු හොරු සමග ගනුදෙණු කළ නිසාත්, රනිල් එජාප නායකයා වෙලා ඉන්න කල් උඩින්ම දිනන්න පුළුවන් නිසාත්,... රනිල්, රවී, වජිර කල්ලිය ආරක්ෂා කරති. ඔවුහු MCC එක ගැන කෙලින් වචනයක් නොකියති.

:       37       168

Rohana Friday, 13 March 2020 02:59 PM

මෙහෙම කළාම අර අහිංසක රනිල්ට මොකද වෙන්නේ. පව් නැද්ද?

:       0       0

මුණසිංහ Friday, 13 March 2020 03:34 PM

ගිලෙන්න ඉන්න මිනිහට පිදුරු ගහත් මහා වෘක්ෂයක් කිව්වලු. එ්ත් ඉතින් ගිලෙනවාම තමා! පව්...!!!

:       117       55

තාරක Friday, 13 March 2020 04:37 PM

මම හිතුවා වෙල්ගම, චන්ද්‍රිකාට කිට්ටුකරන කොට ඔය වෛරී කොරෝනා රෝගය එයත් වැළඳගනී කියලා... කොහොම වුණත් සජිත් ඔබ පරිස්සම් වන්න. වෙල්ගමගේ දේශපාලන කාලයේදී ඔබේ තාත්තාටත් ඔබටත් කියපුකතා නැවත පත්තර, යූටියුබ් බලා මතක්කර ගන්න.

:       3       2

Nandalal DE SILVA - France Friday, 13 March 2020 04:57 PM

හිටපු ජනාධිපතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් ඔය සමගි සංවිධානයට එකතුකරගෙන දිග ගමනක් රට වෙනුවෙන් යාමට සූදානම් වෙන්න. හැබැයි, රට හිනස්සන කතා ඔබවටා සිටින අයගෙන් පිටකිරීමට ඉඩ නොතබන්න...! ජනාධිපතිවරණයෙන් පසු රටවැසියා බලාපොරොත්තු වූ සහන වෙනුවට රාජපක්ෂ සහෝදර සංස්ථාව, ළූණු ගෙඩියේ පටන් හැම දෙයකම මිල ඉහළ නැංවීමෙනුත්, ලෝක වෙළඳ පොලේ පහළ යමින් තිබෙන ඉන්ධන මිල ජනතාවට නොදීමෙන් අපහසු තත්වයට පත්කිරීම යනාදී දහසකුත් එකක් වැරදි ගැන ඔබගේ පක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන නම් ජනතාව ඔබ කෙරේ කිසිම පැහැදීමක් නැති බව ඔබ දන්නවාද? විරුද්ධ පක්ෂ නායකයා හැටියට ඔබ රජයට එරෙහිව මීට වඩා වාග් ප්‍රහාර එල්ල කර, රටවැසියාට ඔවුන් බලාපොරොත්තු වූ සහන ලබාදීමට රාජපක්ෂ පාලනයට බලකිරීම ඔබගේ යුතුකම සහ වගකීම බව අප ඔබ ඔබට මතක් කරදීම අනවශ්‍ය බව අපේ හැඟීමයි !!!

:       308       830

Kavlnda Saturday, 14 March 2020 06:23 PM

නන්දලාල් තණකොළ කන නිදහස හරක්ට වගේම මිනිස්සුන්ටත් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24071 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site