IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


සයිටම් විරෝධී උද්ඝෝෂණයක් ගලහදී

(සෙනරත් බණ්ඩාර)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද සයිටම් විරෝධී උද්ගෝෂණයක් අද (06) ගලහ මංසන්දියේදී පැවැත්විණි.

වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංසදය විසින් සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹදී ආරම්භ කිරීමට නියමිත මාරාන්තික උපවාසයට සහයෝගය දැක්වීම සදහා මෙලෙස උද්ගොෂණයේ යෙදෙන බව ඔවුහු කීහ.

මේ හේතුවෙන් නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පේරාදෙණියෙන් අවහිර වීම හේතුවෙන් වාහන ගමනා ගමනයට ද  බාධා ඇති විය  
 

 



අදහස් (13)

සයිටම් විරෝධී උද්ඝෝෂණයක් ගලහදී

kap Monday, 06 November 2017 11:42 AM

ලස්සනට කාපට් කරල තියෙන පාර ඉවරයි. මේ අය රට බේර ගන්න එක ගැන කතා කරන්නෙ තියෙන ඒවා විනාස කරගෙන. දැන් මේ උද්ගෝශන කරන අය ඔක්කොමල දොස්තරලා හරි, වෙන්න ඉන්න අය නම්, අපිට ලගදිම පිටරටට දොස්තරලව එක්ස්පෝට් කරන්න පුලුවන්.

:       806       311

ranjith Monday, 06 November 2017 12:04 PM

සිසුන් කීප දෙනෙක් නිසා සමස්ත සිසු පරපුර අනාත වෙලා දේශපාලන අතකොලු වෙලා

:       1920       191

sasath Monday, 06 November 2017 12:20 PM

පාරේ ගිනිදැල්වීම තහනම් කල යුතුයි..

:       716       258

aravinda Monday, 06 November 2017 12:37 PM

මට තේරෙන්නේ නැහැ. මේ අය උද්ඝෝෂණ වලදී මහජන දේපොළ විනාශ කරන්නේ ඇයි කියලා. මට මතකයි 89/89 කාලයේ ජවිපෙ ලංගම බස් 500 කට ආසන්න ප්‍රමාණයකට ගිනි තිබ්බා.

:       585       158

SujeewaMonday, 06 November 2017 01:19 PM

ඒ කාලයේ මටත් මතකයි සිදුවූ මිනී මැරුම් ගැන නම්...

:       1       80

Hasith Monday, 06 November 2017 01:02 PM

මේ ශිෂ්‍යයන් අනාගත උගතුන් වෙන ලකුණු වෙනුවට රටටම ප්‍රශ්නයක් වෙලා. තමන්ගේ ශිෂ්‍ය පහසුකම් වියදම් යැපෙන්නේ මහජන බදු මුදල් මත නම් අනුන්ගේ අධ්‍යාපන ප්‍රමිති ගැන බලා ගන්න අදාළ නිලධාරින්ට බාරදීලා.. තමන්ගේ යුතුකම හරියට කරන්න. අනුන්ගේ අධ්‍යාපන අවස්ථා ගැන කුහක වේවි, අපේ බදු මුදල් අවුරුදු ගණන් විශ්ව විද්‍යාලයට නාස්ති කරන්න එපා. තව අනාගත උදවිය ඉන්නවා සරසවියට එන්න බලාගෙන. ! ඔබලා පිස්සු නටමින් ඔතන කල් මරනකොට ඒ උදවියට මොකද වෙන්නේ?

:       708       272

Jehaan Monday, 06 November 2017 01:14 PM

ඔයගොල්ලන්ගේ දෙමව්පියන් මැරෙන්නේ උපවාස නිසා නොව, අනුන්ගේ දරුවාගේ අධ්‍යාපනය ගැන හටගත් ඉහවහා ගිය කුහකකමින් බව මුළු රටටම තේරී හමාරයි. අඩු ගානේ පාරවල් අවහිරකර මහජනයාට බාධා කිරීම වරදක් බවවත් ඒ උදවිය ගෙදරදී කියාදීලා නැද්ද?

:       1423       504

mahinda gamage Monday, 06 November 2017 01:27 PM

ටිකක් ඉවසන්න සයිටම් වහන්න කියලා රට ජාතියට මහත් වූ ආදරයෙන් පෙලෙන දෙමාපියවරු දස දහස් ගාණක් මාරාන්තික උපවාසයකට සැරසෙන වෙලාවේ ඒක කඩා කප්පල් කරන්න එවපු පිල්ලියක්. සයිටම් ජනසතු කරපු ගමන් රටේ සියලු වෛද්‍යවරු නිදහස් වාහන බලපත්‍ර, තම දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලන්නේ නැතිව දින 365 පුරාම පැය 24 ම රෝහල් තුලට වී සේවය කරනවා. චැනල්, පුද්ගලික රොහල් තියන පාරකින්වත් යන්නේ නෑ.

:       584       312

Yasiru Monday, 06 November 2017 01:31 PM

ආ දැන් අපි භය වේවි මේ විදියට පාරවල් අවහිර කරලා ඔයගොල්ලන්ගේ කුහක මව්පියන්ව උපවාසයට යොමු කලාම. හරිම කැමති ඇති මුළු රටේම මිනිස්සු මළපොතේ අකුරක් නොදන්නා මිනිස්සු වෙලා තමන් විතරක් උගත්තු වෙනවාට. සයිටම් නෙවෙයි හෙට අල්ලපු ගෙදර ළමයා ඉස්කෝලේ යන එක නවත්වන්න කියලා උඩ පැන්නත් අපිට පුදුම නැහැ.

:       456       555

sam Monday, 06 November 2017 08:57 PM

රජයක් ලෙස තීන්දු තීරණ ගැනීමේදී රටේ යහපත උදෙසා දරදඬු තීරණ ගැනීමට නොපසුබට විය යුතුයි . 80 ජූලියේදී දී ජේ ආර් කල දේ මම අනුමත නොකරන මුත් එවැනි තීරණක් ගැනීමට ජේ ආර්ට කොන්දක් තිබුන බව අවිවාදිතයි .අද පාලකයනට නැත්තෙත් ඒකමයි .

:       0       0

RD Tuesday, 07 November 2017 02:13 AM

මේක හින්දා තෙල් නැති පාඩුව අඩු වෙනවා...ඒකයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ.....

:       0       0

lookas Tuesday, 07 November 2017 02:30 AM

මොරටුවේ ඉන්ජිනේරුවොත් මේ වගේනේ. අම්මල තාත්තලා එක්ක ඇවිල්ල කුහකකම පෙන්වනවා. ඊට පස්සේ වෙන රටකට පනිනවා. මෙහෙ ඉංජිනේරු වැඩ කරන්නේ ඩිප්ලෝමා ගත්ත අය. ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවෝ වෙන රටවල ඉඳල ඉංජිනේරු නොවෙන අට පාස් අය කරන වැඩ කරලා ඩොලර් හොයනවා. මහජනයාගේ සල්ලි විනාශ වෙන්නේ සහ කාබාසිනියා කරන්නේ මේ දොස්තරලා සහ ඉංජිනේරු මහත් හොරුන් තමයි.

:       0       0

ranjith Friday, 10 November 2017 04:41 PM

මේ වගේ අයට මිනිස්සු ගහල පන්නන්න වෙනවා. පාරේ කරන අපරාධය මිනිස්සුන්ට පාරෙවත් යන්න බැරී තත්වයක් ඇති කරන කට්ටියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 71 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site