IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සයිටම් විරෝධී රථ පෙළපාළිය රටපුරා

සයිටම් විරෝධී ජනපවුරේ රථ පෙළපාළිය අද (13) ප්‍රදේශ රැසකින් ආරම්භ විය.

මෙම පෙළපාළිය කොළඹ බලා පිටත් වීමට නියමිතය.

(වවුනියාව-රොමේෂ් මධුෂංඛ)

(බදුල්ල-ප්‍රසාද් රුක්මල්)

(අම්පාර-වසන්ත චන්ද්‍රපාල)



අදහස් (24)

සයිටම් විරෝධී රථ පෙළපාළිය රටපුරා

kap Wednesday, 13 September 2017 06:17 AM

දැන් මේ පෙලපාලි යන ඔක්කොමලා දොස්තරලද? දොස්තර කෙනෙක් වෙන්න ඉන්න පවුල්වල අයද? ඔක්කොම සරසවියෙ ඉගෙන ගන්න අයද? යන්න ඉන්න අයද? වෙන්න බෑ... වෙලාව අපරාදේ, ඉන්දන අපරාදේ, අහිංසක මිනිස්සුන්ට අපරාදේ. මේවගේ වෙලාව කන කාලකන්නි ජාතියක් ලොවෙත්ම නෑ. ලොවි ගහෙත් නෑ.....

:       193       684

Jayampathi Wednesday, 13 September 2017 06:25 AM

මේවාට මිලියන ගානක් වියදම් කරන්නේ අර දුප්පත් දෙමව්පියන්ගේ මුදල්ද ? නැත්තම් රජයෙන් ලැබෙන ශිෂ්‍ය ආධාරද ? එහෙමත් නැත්තම් මෙයාලව බළල් අතක් වගේ භාවිතා කරලා රජය පෙරළන්න සිහින දකින කට්ටියගේ කළු සල්ලිද ?

:       148       395

duminda Wednesday, 13 September 2017 08:16 AM

රජයෙන් තීරුබදු නැතුව දුන්න වහනෙත් අරගෙන පාරවල් දිගේ , මිනිස්සුන්ගේ කාලය කාල, රස්තියාදු කරලා සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කරනවා.

:       0       0

Thennakoon Wednesday, 13 September 2017 08:27 AM

බොහෝ කාලයක සිට අපේ රටේ තිබෙන දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ... පුද්ගලික විශ්වවිද්‍යාල බව පෙනියනවා. මහජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන මහජනතාව තලන්නට සැරසෙන රජයේ සේවයේ යෙදෙන හැම කෙනෙකුටම නිසි නීති රීති මාලාවක් සකස් කලයුතුයි. සයිටම් තහනම් කරන්නේ අැයි? එයට විසඳුමක් දීමට ආණ්ඩුවට නොහැකි වේවිද? නිසි ක්‍රම වේදයක් අනුගමනය කර මෙවන් ආයතන වල විභාග රජය මගින් නියම පිළිවෙලකට පවත්වා එකම සහතිකයක් ලබා දීම කළයුතුය. පුද්ගලික ආයතන මගින් හෝ රජයේ ආයතන මගින් ඉගෙන ගත්තත් විභාගය එකම ප්‍රමිතියකට තිබීම මගින් මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි.

:       40       434

Mahesh Wednesday, 13 September 2017 08:33 AM

ගරු ජනාධිපතිතුමනි කරුණාකර ඍජු තීන්දුවක් ගන්න. සයිටම් වලට හොඳ හෝ නරක කෙලින් තීරණයක් අරගෙන ඉන්න. අපේ වගේ රටක ඔක්කොමලා සතුටු කරන්න ගියොත් කවදාවත් මුකුත් කරන්න වෙන්නේ නෑ.

:       1       81

හොඳ Dr Wednesday, 13 September 2017 08:36 AM

මහින්ද මහතාගේ සල්ලි, ඔහුව බලයට ගෙනෙන්න ජී.එම්.ඕ.ඒ සහ ජවිපයේ ලාල් කාන්ත මහතා ඉන්නේ ත්‍රස්තවාදී සටනකයි. හොඳ පුරවැසියන් හොඳ දොස්තරවරුන් මෙහි නැත.. ජවිපයෙන් කැඩීගිය අන්තවාදීන් මෙහි ඇත.

:       73       311

Nalin Wednesday, 13 September 2017 09:01 AM

දැන් මේක විකාරයක් වෙලා. සයිටම් කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති අයත් පෙළපාලි යනවා.

:       108       364

kasun Wednesday, 13 September 2017 09:27 AM

රණවිරුවන්ට යුද අපරාධ එල්ල වෙනකොට, මානව හිමිකම් චෝදනා එල්ල වෙනකොට ඒ වෙනුවෙන් කතා කරන්න කවුරුවත් පෙළපාලි ගියේ නෑ. තමන්ගේ මඩියට වඳිනකොට බලන්න ඕනෑ පෙළපාලි යන හැටි.

:       32       1048

Rohana Wednesday, 13 September 2017 09:44 AM

ගරු ජනාධිපතිතුමනි, කරුණාකර දැඩි තීරණයක් ගන්න. ඔබතුමාට අපහසුනම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ගන්න.

:       74       120

ravi Wednesday, 13 September 2017 10:04 AM

නිදහස් අධ්‍යාපනය බේර ගන්න ඕනෑ කියන අදහසේ ඉන්න හැමෝම මේකට එකතු වෙනවා. එ්කට දොස්තර කෙනෙක් වෙන්න වත්, නැත්තන් දොස්තර කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්වත්, දොස්තර පවුලක කෙනෙක් වත්, වෛද්‍ය පීඨයක කෙනෙක්වත් එහෙමත් නැත්තන් විශ්ව විද්‍යාලයක කෙනෙක් වත් වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය කරන්නේ නිදහස් අධ්‍යාපනය බේර ගන්න ඕනේ කියලා සිතුවිල්ල විතරයි. හැබැයි මේක දේශපාලන ඇම්බැට්ටයන්ට, දේශපාලනයට කඩේ යන ඒ වෙනුවෙන් සල්ලි ගන්න දේශපාලන වහලුන්ට නම් තේරෙන්නෙ නැහැ.

:       1507       1378

kapWednesday, 13 September 2017 11:04 AM

නිදහස් අධ්‍යාපනේ බලපාන්නේ වෛද්‍ය වෘත්තිය (වෙද) කරන අයට විතරද? එතකොට පුද්ගලික ඩිග්‍රි දෙන ඉන්ජිනේරු, කලා, බිස්නස් ස්ටඩීස්, එකවුන්ට්ස් තැන්වලට නිදහස් අධ්‍යාපනේ බල පාන්නේ නැද්ද? ඒවටත් පෙලපාලියක් යමුද?

:       442       428

janakaWednesday, 13 September 2017 07:52 PM

kap , ඔයාට කව්රු හරි කිව්වද ඒවගේ පෞද්ගලික පාඨමාලාවලට විරුද්දව කතා කරන්න එපා කියලා. එහෙම නැත්තන් එහෙම කරන එක තහනම් කියලා. නිකන් මෝඩ කතා කියන්න එපා ආණ්ඩුවට, සයිටම් එකට කඩේ ගිය පලියට.

:       40       226

SugathThursday, 14 September 2017 04:18 AM

මේ පෙළපාලි මහම මහා ප්‍රෝඩාවක්. ඔබතුම කීව්ව විදියට දොස්තරලා ඇරෙන්න වෙන අංශ වල අය‍ට පොද්ගලික අද්‍යාපනය හොඳයිනම් මොකද මේ බොරු චෝදනා. මේවා කරන්නේ කාගේ හරි අනුබල දීමක් නිසා. රට දීයුණු කරන්න ඕනේ කලේ මේ ගොල්ලන් ඒක කඩ කප්පල් කරන්නයි බලන්නේ.

:       129       40

sanjayaThursday, 14 September 2017 07:05 AM

සුගත් , කඩාකප්පල් කරන්න තරම් දියුණුවක් රටේ තියෙනවද. රට යන්නෙම අගාදෙට කියල පේන්නෙ නැද්ද. ඔයා හීනෙන්ද මේ වගේ කමෙන්ට් දාන්නෙ. ගොඩක් වෙලාවට බේබද්දොත් බොන වෙලාවට මේ වගේ සුරංගනා කතා කියනවා මට නම් ඇහිලා තියෙනව

:       0       34

jiffri Wednesday, 13 September 2017 10:18 AM

සයිටම් පටන්ගන්න කොටම මේ විරෝධතාවය පෙන්නලා නවත්ත ගන්න තිබුණානේ.. අැයි මේ අවුරුදු ගාණක් ගියාට පස්සේ? මේ රඟන්නේ කවුරු වෙනුවෙන්ද කියා මුළු රටම දන්නවා.

:       149       294

ත්‍රස්තවාදී Wednesday, 13 September 2017 10:18 AM

සිකුරාදා ත්‍රස්තවාදී සටන වනතුරු ජනපති සහ අගමැති ගණන් නොගෙන සිටීම භයානකය. රටේ පවතින නීතිය අනුව ජී.එම්.ඕ.ඒ තහනම් කරන්න.

:       44       256

ලුසිෆෙර් Wednesday, 13 September 2017 10:29 AM

කාර්වලට රක්ෂණ සමාගම් ගෙවනවා. නැතිනම් මහින්ද මහතා ගෙවනවා. එන්න කොළඹ වටලා මොහුව රජ කරවමු. කෙල්ලෝ කොල්ලෝ ඉස්සරහට දමා අපි පිටුපස යමු.

:       0       4

සිංගප්පුරුවේ ලීකුවන u Wednesday, 13 September 2017 10:39 AM

දේපල විනාශ වනතුරු ජනපති සහ අගමැති බලා සිටීම හරිද? විධායක බලතල පොල් ගෑමටද ? ඉවසුවා ඇති. නීතියෙන් දඬුවම් දෙන්න...

:       1       164

Jani Wednesday, 13 September 2017 10:45 AM

මේවා සයිටම් වාදීන්ගේ පටු අදහස්. හොර දොස්තරලා මේ රටට එපා... දොස්තරලා කීප දෙනෙක් වැරදි කළාට... දොස්තරකම කරන්න දන්නවනේ. සයිටම් දොස්තරලා ආපු දාට තමයි ජනතාවට තරු පේන්නේ. දෙයියන්ගේ නාමෙට මොලෙන් හිතන්න...

:       712       613

piyalThursday, 14 September 2017 03:54 AM

අනේ ජනී , සයිටම් දොස්තර කෙනෙක්ගෙනුත් බෙහෙත් අරන් බලන්න.

:       127       50

A.B srila Wednesday, 13 September 2017 11:43 AM

මම නම් හිතන්නේ සයිටම් එකට ඉස්සෙල්ලම විරුද්ධ වෙන්න ඕන පුද්ගලික විශ්ව විද්‍යාල වලට පක්ෂ අයමයි කියලා. ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනය දෙන, හරිහමන් පහසුකම් නැති, අවම සුදුසුකම් වත් නොමැති සිසුන් සීමාවක් නොමැතිව ආර්ථික අරමුණු මුල්කරගත් සිසුන් බඳවා ගන්න මෙවැනි ආයතන වනසන්නේ නිදහස් අධ්‍යාපනයේ නිදහස නොව ප්‍රමිතිගත පුද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ආරම්භ කිරීමේ අවස්ථාවන්ය.

:       262       306

ප්‍රීති Wednesday, 13 September 2017 04:13 PM

මේ දවස්වල මහපාරේ වැහිවැහැලා... මහා කරදරේ අපිට පාරේ යන්නත් නැහැ.

:       0       146

siriwardhana Thursday, 14 September 2017 12:49 AM

තුන්වන ලෝකයේ රටක සිට දුප්පත් මිනිහගේ මුදල් වලින් ලැබුණු පර්මිට් කාර් වලින් ගොස් දුප්පත් මිනිහාවම ඇපයට තබා උද්ඝෝශන කිරීම තරම් හිරිකිත වැඩක්.

:       0       35

ලුම්බිණි Thursday, 14 September 2017 04:40 AM

දොස්තර කෙනෙක් නොවුනට මම හිතන්නේ ලංකාවේ දොස්තරලට සහ දොස්තර වෙන්න ඉන්න අයට තිබෙන්නේ ලෙඩක්. මම හිතන විදියට එකට කියන්නේ හීන මානය කියල. මේ ලෙඩට බෙහෙත් ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28672 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site