IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සයිටම් විරෝධීහු පාසල් බිම කුණු ගොඩක් කරති

( පුෂ්පකුමාර මල්ලවආරච්චි )

මහනුවර සිට කොළඹ බලා ගමන් කරන සයිටම් විරෝධී පාගමනේ යෙදුණු පිරිස් ඊයේ (02) පස්වරුවේ වේවැල්දෙනිය ප‍්‍රාථමික විද්‍යාලීය භූමියේදී දිවා ආහාරය ගෙන පාසල් බිම එකම කූණු ගොඩක් බවට පත්කර ඇති අයුරු අද (03) පාසලට පැමිණි අවස්ථාවේ දී දුටු බව විදුහල්පති   කහවනුගොඩ විමලධම්ම හිමියෝ පැවසූහ.

පාගමනේ යෙදුණු පිරිස් පස්වරු 3.00 ට පමණ වේවැල්දෙනිය ඉන්ධන පිරිවුම් හල ආසන්නයේදී නැවතී දිවා ආහාරය ගත් අතර  ඉන් සමහරක් පාසල් බිමේදී ආහාරය ගත්හ.

අද උදෑසන පාසලට පැමිණි අවස්ථාවේ පාසල් බිම පුරා හිස් වතුර බෝතල්, කඩදාසි, මෙන්ම ඉඳුල් අඩංගු ආහාර එතූ කඩදාසි ආදිය තැන තැන දමා තිබූ අතර දෙමාපියන් හා සිසුහූ ඒවා එක් රැස් කිරිමට පියවර ගත්හ. ඒවා එකතුකිරීමෙන් පසු විශාල කුණු ගොඩක් දකින්නට ලැබුණු අතර අවසානයේ දෙමාපියෝ එම කසල ගොඩට ගිනි තැබූහ.

පාසල් දරුවන් ඉතා  ඕනෑකමින් පිරිසිදුව පවත්වාගෙන යන පාසල් බිම මෙසේ විනාශ කර ඇත්තේ සෞඛ්‍යය පිළිබදව දැන උගත් බවට සැලකෙන පිරිසක් විසින් වීම ඉතා කනගාටුවට කරුණක් වන බව දෙමාපියෝ පැවසූහ.



අදහස් (21)

සයිටම් විරෝධීහු පාසල් බිම කුණු ගොඩක් කරති

kasun Thursday, 03 August 2017 06:53 AM

තමන්ගේ වැඩේ කෙරුණා නම් එච්චරයි එයාලට. රටට හෙන ගැහුවත් කමක් නෑ. තනිකරම කුහක ගති මේවා... දුටු තැන එලවන්න ඕනෑ..

:       60       1458

wedageThursday, 03 August 2017 07:47 AM

මෙය මඩගැසීම සඳහා සාදන ලද්දක් යැයි කිව හැකිය.

:       1152       555

Ranjith SilvaThursday, 03 August 2017 08:20 AM

මඩ නෙමෙයි කුණු...

:       40       396

සරත් Thursday, 03 August 2017 06:54 AM

මේ පාගමන් යන්නේ ඔබ, අප කාගේත් දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතින් වෙනුවෙන් බව නොතේරෙන දෙමාපියන් සිටීම ගැන කණගාටුයි.

:       1893       631

srimalaThursday, 03 August 2017 07:35 AM

සරත්, කරුණාකරලා කියනවද, මොන විශ්ව විද්‍යාලයද ආණ්ඩුවෙන් වහලදාල නිදහස් අධ්‍යාපනය අහෝසි කරලා තියෙන්නේ කියලා? නිදහස් අධ්‍යාපනය තියෙද්දී, දේශපාලන අතකොළුවෙලා තමන්ගේත්, මහජනතාවගේත් කාලේ කන්නේ කව්ද කියලා කාටත් පේනවා...

:       120       1127

sahanThursday, 03 August 2017 09:33 AM

ඔබලා වැනි අය නිසා තමයි අපේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වුණේ. පසුගිය අතීතය පුරාම විශ්ව විද්‍යාල වල සටන් මෙහෙයවපු අය මොකද කලේ...? අවසානයේදී දේශපාලනයට ඇවිත් ගොඩ ගියා. නැත්නම් රට ගියා. එ්ත් නැත්නම් රජයේ තනතුරකට ගියා. පස්සෙන් රැල්ලට ගිය අය වලපල්ලට ගියා.

:       70       364

ධම්ම Thursday, 03 August 2017 06:54 AM

සයිටම් විරෝධීනුත් මේ රටේ මිනිස්සුනේ. එයාලා කුණු දාන්නේ එහෙම තමයි.

:       300       102

predeepThursday, 03 August 2017 05:20 PM

අපිත්කැම්පස් ගියා. මේ අය වගේ දේශපාලන අතකොලුවෙලා. එත් කවදාහරි හොඳම ජෝබ්වලට රිංගන්නෙත් මේ අය. අපරාදේ මේ අය හින්ද පරිසරයත් ඉවරයි. පව් අර වේවැල්දෙනියේ ඉස්කෝලේ දෙමාපියන්ට මේ අයගේ කුණුත් අදින්න වුනානේ,

:       59       44

[email protected] Thursday, 03 August 2017 06:59 AM

සයිටම් විරෝධයේ බොරුව පෙන්නන හොඳම අවස්ථාවක්. නිදහස් අධ්‍යාපනයෙන් නඩත්තු වෙන රජයේ ප්‍රාථමික පාසලක පිරිසිදුකම රකිමින් කාපු බීපු දේවල ඉඳුල් ටික ඉවත් කරන්නවත් හැඟීමක් නැති මිනිස්සු ටිකක් තමයි මේ නිදහස් අධ්‍යාපනය රකින්න, පුද්ගලික විශ්විද්‍යාල වහන්න කියලා බොරුවට පාරවල් හරස් කරගෙන යන්නේ. මේ උද්ඝෝෂණ අවංක හැඟීමකින් කරන දේවල් නොවේ. තනිකර බොරුව මේ අය කරන්නේ.

:       90       542

saman Thursday, 03 August 2017 07:23 AM

ඔය පෙට්ටියකට එකතු කරපු කෑම කොළ ටිකක් නිකම් එලා දාපු පින්තුරයක්. කෝ තව මහ කුණු කන්දේ පින්තූර? නිසි ලෙස කාසල බැහැර කරන්නේ නැතිනම් නඩු දාන්න.

:       458       50

sahanThursday, 03 August 2017 09:35 AM

මහරජා වගේම තමයි. ගියොත් පාරක ඉවරයි.

:       44       406

ranjana silva Thursday, 03 August 2017 07:25 AM

දැන් ඉතින් සයිටම් පාක්ෂිකයන්ට අදහස් දාන්න පුළුවන් සයිටම් විරෝධී කට්ටියට විරුද්ධව. නමුත් දාන එක කෙනෙක් ළඟවත් ලක්ෂ 120 නැහැ.

:       443       408

srimalaThursday, 03 August 2017 08:11 AM

එ්ක තමයි අපිත් කියන්නේ... සල්ලි තියෙන අය ලක්ෂ 120 ක් දීලා ඉගෙන ගනියි. ආණ්ඩුව ඒවායින් බද්දකුත් අයකර ගනී. නොමිලේ ඉගෙන ගන්න අයට තියෙන්නේ හොඳින් පාඩම් කර රටට වැඩදායි මිනිසුන් වෙන්නයි.

:       111       461

dumindaThursday, 03 August 2017 09:55 AM

හරියට හරි මේ වැඩේ නම්...

:       0       143

ONE SRILANKAN Thursday, 03 August 2017 07:46 AM

ගරු ස්වාමීන්වහන්ස වැඩේ නම් වැරදිතමයි. නමුත් රටේ පාලකයෝ එපෑයෑ අාදර්ශමත් වෙන්න. මට මතකයි නුවර පැත්තේ මැයි පෙළපාලි තියලා රටේ පාලකයොත් කුණු පුරවල ගිහින් තිබුණා. රටේ පාලකයෝ කෙළින් ගියානම් ජනතාව අගේට ආදර්ශයට ගනීවි..!!

:       415       48

naradhaThursday, 03 August 2017 09:32 AM

හරි දේ කරන්නට සැමවිටම වෙන කව්රු හරි අාදර්ශයක් දිය යුතුමද? තමුන්ගේම බුද්ධියෙන් සිතා මතා හරි දේ කරන්නට බැරි ඇයි?

:       25       231

dumindaThursday, 03 August 2017 09:56 AM

පහුගිය ආණ්ඩුවෙන් කුණු කන්දක් ම අපිට දීලයි ගියේ ...

:       86       196

SamanFriday, 04 August 2017 02:04 AM

බයිලා කියන්නේ නැතුව ගිහින් බෙහෙත් ටිකක් අරන් නිදාගන්න මචං..

:       35       1

Deepal Nirosh Thursday, 03 August 2017 08:10 AM

අනේ මේ බහුතරයක් අනාගතේ වෛද්‍යවරු වෙන්න බලාගෙන ඉන්න අය නේද?

:       10       190

chandra weerasinghe Thursday, 03 August 2017 09:05 AM

වේවැල්දෙණියේ ප්‍රාථමික පාසැල මම පහළ බාලාංශයේ සිට අකුරු කල පාසල!! කරුණාකරලා පාසැල දැන්වත් පවිත්‍ර කරලා යන්න.

:       1       156

ගයා Thursday, 03 August 2017 01:28 PM

මේ සයිටම් එක්ක ම අල්ලාගෙන ඉන්න. එතකොට රට ගිහින් ඉගෙනගෙන එනකොට සද්දයක් නෑ...

:       58       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site