IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සල්ලි අරන් රට නොයැවුවාට විරෝධය

(චන්දන ප්‍රනාන්දු)

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි විදේශ අධ්‍යාපනය සඳහා විසා ලබාදෙන ආයතනයක් බව කියමින් ඒ මුවාවෙන් මුදල්ගෙන වීසා ලබානොදීම නිසා අසරණ වු සිසුහු පිරිසක් අද (18) එම ආයතනය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුහ.                                                                                              

ජපානය, මැලේසියාව වැනි රටවලට විසා ලබාදෙන පවසමින් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 2 ට ආසන්න මුදලක් ගෙන වසරකට අධික කාලයක් වීසා හෝ ලබාගත් මුදල් නොදීම හේතුවෙන් ඔවුහු මෙලෙස උද්ෂෝෂණයේ නිරත වෙති.


උද්ඝෝෂණයට ආවේ අපේ ළමයි නොවේ - කොස්ලංකා කියයි

ජපානයට සිසුන් යවන බව කියා වංචා කළේ යැයි කොල්ලුපිටියේ කොස් ලංකා ආයතනය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට සහභාගීවූවන්ගෙන් බහුතරයක් එහි පැමිණි සිසුන් නොවන බව එම ආයතනය කියයි.

එම සමාගම එලෙස කියනුයේ පසුගිය 19 වැනි දා කොල්ලුපිටියේ එම කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

කොල්ලුපිටියේ තම ආයතනයට පැමිණ එහි ව්‍යාජ ලියකියැවිලි සකස් කරනවාදැයි පරීක්ෂා කළ බවත්, එවැන්නක් ආයතනයෙන් සිදු නොකරන බව  පරීක්ෂාවෙන් පසු පොලිසියෙන් ප්‍රකාශ කළ බවත්, ශිෂ්‍යාවන් යවන මුවාවෙන් ළමයින් යවන බවට ලද තොරතුරක් අනුව පරීක්ෂා කළ බවත්, නමුත් එවැන්නක්ද අනාවරණය නොවූ බවත් කොස් ලංකා සමාගම කියයි.

ගුවන් ගමන් බලපත්‍ර කිහිපයක් තම ආයතනයේ ශාඛාවක තිබූ බවත්, අවාසනාවකට ඒ වන විට ගමන් බලපත් ළඟ තබා ගැනීමට තිබූ අවසරපත්‍රය කල් ඉකුත්වී තිබූ බවත්, එනිසා පොලිසිය ගමන්බලපත් 20ක් ළඟ තබා ගැනීමේ වරදට උසාවියට ඉදිරිපත් කළ බවත් එම සමාගම පවසයි.

‘ජපානෙදි ළමයි 100 ඇප්ලයි කළොත් 10ක් රිජෙක්ට් වෙන්න පුළුවන්. එදා උද්ඝෝෂණයට ආපු අයගෙන් අපේ ළමයින් තුනයි. අනිත් අය මෙහෙට ආපු ළමයි නෙමෙයි. ඒ සම්බන්ධ සාක්කි තිබෙනවා. ගිවිසුම් අනුව තේරුණේ නැතිනම් සල්ලි ලබා දිය යුතු නැති වුවත් අපි එහෙම දීලා තියෙනවා. දරුවන් 100කින් දරුවන් 10යි පැමිණිලි කරලා තියෙන්නේ. ‘ යැයි ද සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය. 

 



අදහස් (5)

සල්ලි අරන් රට නොයැවුවාට විරෝධය

එර්දි Tuesday, 19 December 2017 07:33 AM

අනේ මෝඩ දරුවනේ ඔහොමත් සල්ලි දෙනවද? අද රටේ ඉන්න තරමක් ඉන්නෙ තක්කඩි මොකාව අන්දල හරි උන්ට ඕනේ සල්ලි.මේක රටට අලුත් දෙයක් නෙවෙයිනෙ කොහේ බැලුවත් වංචාව රැවට්ලි ඒක ඉතින් අපේ රටේ මිනිස්සුන්ගෙ ලේ වලම තියන දෙයක්ද කොහෙද?

:       0       13

රාජුන්Wednesday, 20 December 2017 04:07 AM

එර්දි, ඔබ කියන කතාවේ යම් සත්‍යයක් තියෙනවා. නමුත් මේ අහිංසක දරු දැරියන්ට ගරහන එකට මම විරුද්ධයි. අපි කවුරුත් ආසයි ඉගෙනගෙන රටේ යහපත් පුරවැසියන් ලෙස ජීවත් වෙන්න. මේ දරු දැරියන්ටත් ඒ ආශාව තියෙන්න ඇති. එයට දොස් කියන්න බැහැ. මෙතන වැරදිකාරයා මේ දරුවන්ගේ මුදල් වංචා කල කෙනයි. ඔහු අල්ලා උපරිම දඬුවම් ලබා දිය යුතුයි.

:       0       0

manoj Tuesday, 19 December 2017 11:05 AM

මෙච්චර තාක්‍ෂනය දීයුනු යුගයක සල්ලි දීල රැවටේන්න කලින් පොඩ්ඩක් අන්තර්ජාලය පරිහරණය කරලා ඉස්සෙල්ල හොයල බලන්න මේ රටවල් වලට යන්න සපුරන්න ඕන සුදුසකම් මොනාද කියල.

:       0       0

leel gunawardena Tuesday, 19 December 2017 08:21 PM

අනේ මෝඩ දරුවනේ මොනවද මේ වැඩ සොයා බැලුවද / මොකක්ද , මේ ආයතනය, කව්ද මේවා සංවිධානය කරන්නේ මේක ආණ්ඩුවෙන් කරන දෙයක්ද ? අගමැති හෝ ජනාධිපති දැනුවත් කළාද ? කණ ගාටුයි මේ දරුවන්ගේ මුදල් ගැන , වංචා කාරයන් වහාම අත් අඩංගුවට ගත යුතුයි .

:       0       0

Roshan Wednesday, 20 December 2017 06:22 AM

මෙම ආයතනයෙහි දැන්වීමක් පළකර ඇත. මෙම ආයතනය වංචාකාරී ආයතනයක් නම් දැන්වීම් පල කිරීම සුදුසු නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site