IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සෙල්ලන්කන්දේ දඩබ්බරයා හොරොව්පොතානට

 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

පුත්තලම සෙල්ලන්කන්ද රක්ෂීතයේ සැරිසරමින් ගම්මාන වලට කඩා වැදි නිවාස වලට හානි කරමින් සැරිසැරු ගැමියන් තනි ඈහේ දඩබ්බරයා නමින් හැදින්වු වන අලියා වනජීවි නිළධාරින් විසින් අල්ලා හොරොව්පොතාන වන අලි සංරක්ෂණ ඒකකයට රැගෙන යන ලදී.

වන ජීවි  නිළධාරින් පවසා සිටියේ මෙම වන අලියා අවුරුදු 40 ක පමණ වයසකින් යුත් බවත් උසින් අඩි 10 කට ආසන්න දැවැන්තයකු බවයි.

මෙම වන අලියාගේ වම් ඇස කුමන හෝ ආබාධයකට ලක්ව එක් ඇසක  පෙනීම අහිමිව ඇති බවත් සිරුර පුරා වෙඩි පහරට ලක්වූ සළකුණු රැසක් දකින්නට ඇති බවත් වන ජීවි නිළධාරින් පවසයි.

මෙම වන අලියා සෙල්ලන්කන්දල් රක්ෂීතයේ සිට ගම්මාන වලට කඩා වැදි පොල් වගාවට දැවැන්ත හානියක් සිදුකර ඇති බව කියයි.

එසේම නිවාස අසලට පැමිණ බිත්ති වලට ලංවි තල්ලු කිරිමටද මෙම සද්ධන්තයා හුරු වි සිටි බව ගැමියන් පවසයි .

ඒසේම අලි වෙඩි වලට කිසිදු බියක් නොදැක්විම නිසා ගම්මාන වලට කඩා වැදිමෙන් පසුව පළවා හැරිමටද වන ජීවි නිළධාරින් මහත් පරිශ්‍රමයක් දැරිමට සිදුව තිබු බව කියයි.

වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සමග තවත් වෛද්‍යවරු වනඅලියා අල්ලා ගැනිමට එක්ව සිටි අතර වනජීවි නිළධාරින් 20 කට ආසන්න පිරිසක් දින කිපයක මෙහෙයුමකින් පසුව අල්ලා ගැනිම සිදුව තිබුනී.

මෙම සද්ධන්තයා පුත්තලම සෙල්ලන් කන්ද රක්ෂීතය ආසන්න මී ඔය කෑලෑවෙදි අල්ලා ගැනිමේන් පසු හොරොව්පොතාන අලි සංරක්ෂණ ඒකකයට රැගෙන යාම සිදුවිය .



අදහස් (1)

සෙල්ලන්කන්දේ දඩබ්බරයා හොරොව්පොතානට

Rasika Wednesday, 03 February 2021 10:23 AM

සියලු ඇතුන්ගේ දළ කපා ජීවිත බේරමු එහෙනම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 18

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site