IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


හක්කපටස් පිපිරී තුවාල වූ හැළ කිඹුලාට වනජීවි ඒකකයෙන් ප්‍රතිකාර

(ප්‍රියානි මංගලිකා )

ගිල දැමූ හක්කපටස් පිපිරීමෙන් තුවාල ලබා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට ඇතුළත් කළ  හැළ කිඹුලාට අද (04) එම නිලධාරීන්  ප්‍රතිකාර ආරම්භ කර තිබේ.​

අඩි පහක් පමණ දිගින් යුතු කිඹුලාගේ මුඛයට සහ අතකට හක්ක පටස් පිපිරී යාමෙන් දැඩි හානි සිදුව ඇති බවද, ගල්ගමුව වනජීවි නිලධාරීන් වැවක් අද්දර  අසාධ්‍යව කිඹුලා වැටී සිටියදී සොයාගත් බවද පශුවෛද්‍ය ඒකකය පවසයි.

අනතුරට ලක්වූ හැළ කිඹුලා  දැඩි ලෙස තුවාල ලබා, ආහාර ගැනීමටද නොහැකිව ඉතා අසාධ්‍ය තත්වයෙන් පසු වන බවද, කඩිනම් ප්‍රතිකාර ආරම්භ කළ බවද වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි.

ආහාර සොයා ගිය කිඹුලා වන අලින්ට අටවා තිබු හක්කපටස් ගිල දමන්නට යෑමේදී අනතුරට ලක් වන්වන්නට ඇතැයි වනජීවි නිලධාරීහු සැක කරති.

නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර, වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ, අඩවි සහකාර මංජුල විජේපාල, නියාමක නිලධාරීන් වන ලලිත් පෙරේරා, සපුමල් බණ්ඩාර, ලක්ෂිකා ජයසුන්දර, සුගත් විජේසිංහ, රියදුරු හේරත් යන පිරිස කිඹුලාට ප්‍රතිකාර කරති.

 



අදහස් (6)

හක්කපටස් පිපිරී තුවාල වූ හැළ කිඹුලාට වනජීවි ඒකකයෙන් ප්‍රතිකාර

පූජා Tuesday, 04 August 2020 10:10 AM

අනේ, මේ සතාට කරලා තියෙන අපරාධයක්... මෙයා මේක හැපුවෙ නැත්නම් ඔකට අහුවෙන්නේ,වනයේ සැරිසරන අලියෙක් හෝ අලි පැටියෙක් නේද.? මොන තරම් වේදනාවක් විඳිනවා ඇත්ද මේ අසරණ සතුන්?

:       0       185

විජිත් Tuesday, 04 August 2020 01:33 PM

මට ඔය හක්කපටස් තියපු "නොමිනිසා " අහුවුණා නම්... අල්ලාගෙන ගිහිල්ලා හක්කපටස් එකක් කවනවා. මේ වගේ අය මේ ලෝකෙට ඕනෑ නැහැ. අපායෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා ඔය නරුමයින්ට..

:       0       185

පූජාTuesday, 04 August 2020 01:49 PM

ඇයි දෙයියනේ මේ අසරණ සතාට සිදුවූ විපත ගැන දුක්වෙන්නේ මම විතරද? කෝ මහ ලොකු පරිසරවේදීන්? මැතිවරණය නිසා අතුරුදහන් වෙලාවත්ද?

:       0       185

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 04 August 2020 04:39 PM

ඇත්තටම අප ජීවත්වෙන්නේ මේ වගේ වැඩ කරන තිරිසන් නොමිනිසුන් සමග නේද ? මේ නම් මේ ඡායාරූපය දක්කාම ඇඟ හිරි වැටුණා.

:       0       185

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 05 August 2020 04:41 AM

මේ සතාගේ මුහුණට වෙලා තියෙන දේ දැක්කම මට පුංචි හිසරදයක් සමග මහා දුකක් දැනුනා. මේ වන සතුන් මේ අයුරින් විනාශ වීම දෙස බැලීමේදී තවත් කලක් යනකොට මොන වගේ තත්ත්වයක් අපේ රටේ පරිසරයට වී තිබේදැයි සැකයක් මතුවෙනවා. කෙසේ වෙතත්, මෙවන් අමානුෂික ක්‍රියා මේ රටේ සිදුවීම ඉතාමත් පිලිකුල් සිතින් බැහැර කළ යුතු දෙයක්. කරුමය කියන්නේ මේවට වගකිවයුතු දේශපාලනඥයන් ඇස් කන් පියාගෙන සිටීමයි.

:       0       185

පූජාWednesday, 05 August 2020 06:44 AM

පරිසරයට ආදරය කරන මගේ ආදරණීය මිතුරනි, මම හිතලා ලිව්ව දෙයක් නොවෙයි. මේ අසරණ සතාට වෙලා තිබෙන විපත දැක හිතේ දුකටයි එහෙම ලියැවුනේ.. මම දන්නවා ඔබ දෙපළ මටත් වඩා මේ වන ජීවින්ට ආදරය කරන බව. හිත රිදුණා නම් මට සමාව දෙන්න...

:       0       185

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 107 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6640 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6277 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7691 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18358 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1319 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 171 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site