IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හිටපු ජනපති කතරගම පුදබිමට යයි

කේ ඩී දේවප්‍රිය     
 
හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා අද (17)   දහවල්  කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත්වල නිරත විය.
 
පළමුව  කිරිවෙහෙර වෙත පැමිණි   රාජපක්‍ෂ මහතා  කිරිවෙහෙර සෑ රදුන් අභියස බුද්ධ පුජාමය වැඩ සටහනකට එක්විය.
 
 ඉන් පසුව කතරගම දේවාල භූමියට පැමිණියේය.
 
මෙම අවස්ථාවේ දී ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ  රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති   කොබවක ධම්මින්ද හිමියන් විසිනි.
 
මෙම අවස්ථාවෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී අභිණවාරාම විහාරස්ථානය වෙත පැමිණ රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක  කපුගම සරණ තිස්ස හිමියන්  බැහැ දැක ආශිර්වාදය ලබා ගත්තේය.
 
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන  අපේකෂකයෝ පිරිසක් ද ඊට එක්වූහ.



අදහස් (26)

හිටපු ජනපති කතරගම පුදබිමට යයි

erdi Sunday, 17 December 2017 10:53 AM

එතුමාට ජය ලැබී හැමදාම රටේ ජනතාවට සේවය කිරීමට හැකිවේවා !!!

:       1085       1055

aseMonday, 18 December 2017 06:28 AM

ඔබගේ අදහස වෙනස් වියයුත්තේ "එතුමාට ජය ලැබී හැමදාම රට සූරා කැමට හැකිවේවා !!! යනුවෙනි.

:       700       739

rohana kumara mendis Sunday, 17 December 2017 11:03 AM

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ. මම හිතන්නේ ලෝකේ පළමු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති ඉන්නේ ශ්‍රී ලංකාවේ වෙන්න ඕනෑ...

:       417       424

dahamSunday, 17 December 2017 01:16 PM

ඉතින් ඔහෙට ඇති අමාරුව මොකක්ද? අදත් ජනතාව අතර ඉහළින්ම එතුමා පිදුම් ලබන එක ගැන කලගුණ නොදත් අමනයන්ට නම් ඉහලුම් දෙන්නේ නැති බව ඇත්ත.

:       736       740

Sathyayaa Sunday, 17 December 2017 11:07 PM

"කළගුණ නොදන්නා" කියන එක තණකොළ කන කියල වෙනස්වෙන්න ඕනේ. අන්න ඒ පිරිස, ඒ අයට ලැබුන ආහාරය අනුව කළගුණ සලකන්න දන්නවා.

:       348       133

GaminiMonday, 18 December 2017 09:46 AM

තණකොළ කෑවත් නැතත් කළගුණ දන්නා අය බඩ ගැන හිතන්නේ නැතුවම කොහොමත් පිදිය යුත්තන්ට පුදන්න දන්නවා. ඒත් ප්‍රෝඩාකාර මහා අමනයින්ට ගොටු අල්ලන්න යන්නේ නැහැ.

:       1       66

SathyayaaTuesday, 19 December 2017 12:49 AM

උදාහරණයකට පිදිය යුත්තා හැටියට බුදු හිමියන්ව ගනිමු. එහෙත් අමනයෝ පන්සලේ බුදු රුව දෙස නොබලාම නොයෙක් ලාබ ප්‍රයෝජන හා වාසි තකා පන්සලේ පැත්තක ඉන්න දැඩි මුණ්ඩ වගේ යකුන්ටත්, මිනිසුන්ට වින කරන හූනියම් දෙවතාවටත් දොහොත් මුදුන් දී වැඳ වැටෙනවා. මේවා දකින බුදුන් ගල් පිළිමයක් වුනත් දෙකොනින් සිනා සෙනවා. කළගුණ කෙරුවාව අපි නොදන්නවැයි. පූජාත පුජනීයානන් ගැනත් අපි හොඳට දන්නවා. මඩේ එරුණා කැට කැබලිති උඩට ආවත් එන්නේ කැබලි හැටියට මිස වළන් හැටියට නොවේ.

:       0       0

mahanama Sunday, 17 December 2017 12:07 PM

සංහිඳියාවේ නාමෙන් බෙදුම්වාදය නැවත හිස ඔසවන අවස්ථාවක රට නැවත බාර ගැනීමට ඔබට වරම් ලැබේවා. ඒ වගේම ඔබතුමාගේ පාලන කාලය තුල සිදුවුණු අඩුපාඩු තේරුම් අරගෙන නැවත මර්වින්ලා වැනි උදවිය ලං කරගෙන පිස්සු නටන්නට ඉඩ නොදෙන්නත්, රාජ්‍ය දේපල කොල්ලකනකොට ඇස් පියාගෙන නොසිට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, ඔබතුමාට හෝ පවුලේ අයට චෝදනා එනවිට ආදර්ශවත්ලෙස ඒවා විහිලුවකට නොගෙන ජනතාවට විනිවිද පෙනෙන ලෙස උත්තර දීමටත් වගබලා ගන්න.

:       219       1045

banda Sunday, 17 December 2017 01:13 PM

තණ්හාය ජායති සෝකෝ... අයියෝ මේ කොහොම හිටපු මනුස්සයෙක්ද?

:       946       832

piyalSunday, 17 December 2017 01:45 PM

ඕක කියන්න ඕන රනිල්ටයි. 29 වතාවක් පැරදිලා ජනාධිපතිවරණයට එන්න බයේ... ඒක සිරිසේන මහතාට බාරදීලා වටරවුමෙන් නැවත අගමැතිවෙලා රට විකුණමින් තවත් එජාපයේ නායකත්වයේ ඉන්න තමයි බලන්නේ...

:       73       1038

ukku banda Sunday, 17 December 2017 03:10 PM

පියල් ඔබ සියට සියයක් හරි..

:       123       264

Gamini Sunday, 17 December 2017 06:15 PM

කතරගම දෙවියෝ දන්නවා සතා කවුද කියල.

:       121       103

siri Sunday, 17 December 2017 09:25 PM

පන්සල් ගානේ දේවාල ගානේ යනවා මිස පාර්ලිමේන්තුවට හරි, මැතිවරණ කොට්ඨාශයට හරි ගිහිල්ලා මන්ත්‍රී කෙනෙක් බවට පත් කරපු මිනිස්සුන්ගේ දුක සැප සොයා බලන්න වුවමනාවක් ඇත්තේම නැද්ද?

:       319       71

sathyayaa Sunday, 17 December 2017 11:18 PM

බයිබලයේ සඳහන් වෙනවා ක්‍රිස්තියානි දෙවියෝ තමන්ගේ භක්තිකයින් වෙනත් දෙවිවරුන් ඇදහීම ගැන ඊර්ෂ්‍යයා කරන බව. ඒ කියන්නේ වෙනත් වෙනත් දෙවිවරු ලඟට යාම නිසා ඔය කියන දෙවියන් තරහවී හිටපු ජනාධිපතිව පැරදෙව්වා කියන නිගමනයට යමෙක් ආවොත් එයත් වැරදි නොවේ. ඔහුගේ ඇඹේනියත් දරුවන් තිදෙනාත් බව්තීස්ම කර ඇති නිසා ඒ පවුලේ මුලිකයා දේශපාලන හේතුන් මත පන්සල්, දේවාල කෝවිල් සහ පල්ලි වලට යාම ඔය කොයි දෙය්යෙක් වත් ඉවසන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ජනතාව රවටපු ආකාරයට දෙවියන් රවට්ටන්න ගියොත් අර "ගුලි තුන" ගහපු මිනිහට උන දේ තමයි මෙයාටත් අත්විඳින්න වෙන්නේ කියල. කරුණාකර එක දෙවියෙක් පමණක් තෝරා ගන්න.

:       113       21

Sathyayaa Sunday, 17 December 2017 11:43 PM

"අහෝ දෙව්දත් නොදුටු මොක් පුර..."

:       44       11

disa Monday, 18 December 2017 01:29 AM

හොරා කාලා හොරා කාලා තවත් තන්හාව.

:       136       50

saliya Monday, 18 December 2017 03:40 AM

ඔබතුමා ගෙන් රටට සිදුවුණු සේවය අති විශිෂ්ටයි. කපටි, වංචනික හිස් පුද්ගලයින් රැසක්, තම පුද්ගලික දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීමට, ඔබ වටා රැස්වී ජනතාව ඉදිරියට යති. ඔබ ගැන රටේ ජනතාවගේ ඇති විශ්වාසය හා ප්‍රතිරූපය ඔවුන් ගේ වාසියට පාවිච්චි කර අවසානයේ ඔබ හැර ගොස් බලය තිබෙන අයට එක් වනු ඇත.

:       1       14

sampath Monday, 18 December 2017 07:37 AM

ඕනෑම හොඳ මනුස්සයෙක් විනාශ කරන්නේ වටේට ඉන්න මිනිස්සු... රජුට සමීප වීමට නම් දොරටුපාලයාව යාලු කරගන්න කියලා. ඉතින් දොරටු පාලකයන් තමන්ට ලාබයක් නැති කිසිම කෙනෙක්ට ලංවෙන්න දෙන්නේ නැහැ. ඉතාම සූක්ෂමව එම පුද්ගලයින්ට වාසි දායකයි.. එතුමා ලඟට යොමු කළා... මෙහෙම කලේ ඔවුන්ගේ අඩුපාඩු දැනගනිවී යන අනියත බිය නිසායි. විශේෂයෙන්ම උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයින් තෝරාගත් පිරිසකට මුහුවීමට පවා අවස්ථාව ලබාදුන්නේ වටේ හිටපු අයයි. ඇත්තම කියනවා නම් රටම පිළිගත් මහාචාර්යවරුන් පවා ඈත් කරලා තියන්න මේ බලවේග සමත් වුණා. මේක අපේ රටේ කාලයක ඉඳන් එන ක්‍රමවේදයක්. මේවට වගකිවයුතු ඇමැතිවරුන්ගේ පටන් පියන්ලා දක්වා කට්ටිය හිටියා. ඉදිරියේදීවත් ඔවුන් හඳුනාගෙන වැඩකිරීම සුදුසුයි. වළගම්බා රජුට වෙස්වලාගෙන නොගියානම් මහලු මවගේ පුතුන් සොලී රට රැගෙන ගිය බව දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම පුරෝහිතයන් හැම වෙලේම කියන්නේ ජනයා හොඳින් කා බී සුවසේ ප්‍රීතියෙන් සිටින බැවිනි. රටේ පාලකයන්ට වගේම ආයතන ප්‍රධානීන්ටද මෙය සත්‍යයකි.

:       0       1

gaminiMonday, 18 December 2017 08:51 AM

අනේ පව්. මෙයා බබානේ. කිරිටිකක් දෙන්න. මෙයා දොරටුපාලකයා වෙලා හිටය කාලේ තමයි අසරණ මිනිස්සුන්ගේ සුනාමි අධාරවලටත් විද්දේ.

:       317       120

lal Monday, 18 December 2017 09:46 AM

නොපෙනෙන දෙවියන්ටවත් රටට කළ දේ පෙනිලා දඬුවම් දෙයි. බලාගෙන කතරගම යන්නේ....

:       15       10

banda Monday, 18 December 2017 02:29 PM

පෙබරවාරි 10 න් පස්සේ සදා සොත්ති භවන් තුතේ කියලා මල් වට්ටිය පුජා කරන්න ....

:       77       46

lala weerasinghe Monday, 18 December 2017 10:41 PM

මෙතැන මෝඩ මිනිස්සු පිල 2 කට බෙදිලා මහින්ද ඕන කියනවා රනිල් ඕන කියනවා.....මෝඩ මිනිසුනේ, දැන්වත් අපේ රට වෙනසක් කර ගෙනියමු...... පරණ දේශපාලකයෝ ,එලවල දාලා උගත් නවීන විදියට හිතල කිසිම මුදලක් හෝ වෙනත් කිර්ති නම නොබලා ලෝකේ ඉතාමත්ම දුප්පත් අසරණ ශ්‍රීලංකාව බේරගන පුළුවන් නව දෙක්මක් තිබෙන නායකයෙක් අපි දෙනවත් තොර ගමු...........මේ මහින්ද උන්දෑ දැන් අවුරුදු 20ක් 30ක් අපේ රට කොළ මදිද?අනික රටක නායකයෙක් මිත්‍යා දෘෂ්ටියෙන් මිදුන කෙනක් විය යුතුයි..... කරුණකරලා අපි සැවොම එක් වී මේ පරණ දේශපාලන ක්‍රමය වෙනස් කරමු මේ සඳහා අපිවත් එක් වෙමු ..........රට ගැන අවංකවම හිතා ඡන්දෙ පාවිච්චි කරමු..........

:       0       0

Muhan Tuesday, 19 December 2017 03:58 AM

පන්සල්වල පවත්වන මාධ්‍ය සංදර්ශන යල් පැනගිය ප්‍රචාරක ක්‍රම කියල 2015 ජනවාරි 08 ජනතාව ඔප්පුකලා .

:       18       0

Waruna Tuesday, 19 December 2017 04:36 AM

ඉදිරි මැතිවරණයෙන් මහින්ද මැතිතුමාගේ පක්ෂය ජයගන්න්නවා ජයගන්නවමයි !!!!!!

:       0       52

Udarath Tuesday, 19 December 2017 05:44 AM

අපිත් ජයසිරිමා බෝධිය වදින්න යන්න ඉන්නේ..............

:       0       0

Bamunuarachchi Wednesday, 20 December 2017 03:57 AM

මෙතුමා මේවා අත හරින එකක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 764 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site