IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හතුරු මිතුරු නැති දේශපාලනයේ සැබෑ මායාව

(කාංචන කුමාර ආරියදාස)

දේශපාලන දිවියේ මිතුරන්ද හතුරන් ද නැති බව කියැවෙන හමුවක් පසුගියදා දඹුල්ලේදී දැක ගැනීමට අවස්ථාව ලැබිණි .

 ඒ  හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා අතර හමුවකි.

දඹුල්ල මැද පන්සලේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී වසර කිහිපයකට පසු දෙදෙනා හමුවී දැඩි සතුටක් පළ කරන අයුරු කැමරාවේ සටහන් වුයේ මෙලෙසිනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව මහින්ද රාජපක්ෂ රජය පෙරළා දැමීම සඳහා සිටි  ප්‍රධාන කණ්ඩායමෙන් එක් අයකු බවට පත් වන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාය . එවකට මහින්ද රාජපක්ෂ සමඟ ශක්තිමත්ව රජය රැගෙන යම් සඳහා කටයුතු කළ එස් බී දිසානායක මහතා කටයුතු කළේය.

පසුව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දින 100 ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස සිටියදී ම තනතුරුවලින් ඉවත්ව නැවත මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාශීලී සාමාජිකයකු ලෙස එක් විය.

මැතිවරණයෙන්  පරාජයට පත්වූ දිසානායක මහතා ජාතික ලයිස්තුවෙන් නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව නව රජයේ කැබිනට් අමාත්‍යධුරයක් දැරිය. පසුව අග්‍රාමාත්‍යවරයාට එරෙහි  ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාවට විරෝධය ප්‍රකාශ කරමින් එස් බී දිසානායක මහතා අමාත්‍යධූර හැරදා නැවතත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළේය. එ වැනි වකවානුවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වූ දඹුල්ලේ ආගමික උත්සවයකදී එස් බී දිසානායක මහතාත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මුහුණට මුහුණ හමුවිය.

ඒ  අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ඉතා ලෙන්ගතු කමින් අත් පටලාගෙන සිනහමුසු මුහුණින් පරණ සබඳකම් අලුත් කරන අයුරු කාටත් පෙනෙන්නට තිබිණි.



අදහස් (16)

හතුරු මිතුරු නැති දේශපාලනයේ සැබෑ මායාව

kamaruddeen Monday, 30 April 2018 07:03 AM

අපේ ජන්දදයකයන්ට මේවා තේරෙන්නේ නැහැනේ. හැම දෙශපාලකයාම ඔහොම තමයි.

:       6       247

de silva berlin Monday, 30 April 2018 07:58 AM

මොන පැත්ත පෙරලුනත් මෙගොල්ලගේ මල්ල කරේ, අපි මෙගොල්ලව මනාපේ නොගහ ප්‍රතික්ෂේප කරලා ගෙදර යැවුවත් ලොක්ක ඔවුන්ව පස්සේ දොරෙන් ඇතුලට ගන්නවා, මේක රටට ලබපු විශාල කරුමයක්.

:       1       330

chaminda Monday, 30 April 2018 08:28 AM

ගොවියෝ දිවි නැහැ ගන්න හදනවා අස්වනු විකුණා ගන්න බැරුව , මෙයාලට හැමදාම රජ මගුල්.

:       1       73

justin Monday, 30 April 2018 09:12 AM

ඔබලා සිනා සිසී. රුපියල පහල බසී.

:       0       83

Sugandhi Monday, 30 April 2018 09:54 AM

දෙන්නටම තියෙන්නේ කපටි සිනා....................

:       1       120

abaran Monday, 30 April 2018 10:01 AM

මුන් වගේ මැට්ටෝ හින්දා අපි හැමදාම දිනුම් කියල සතුට බෙදා ගන්නවා ඇති

:       0       174

Raveendra Monday, 30 April 2018 10:19 AM

මෙමගිනුත් පෙන්නුම් කරන්නේ දේශපාලකයෝ යනු මොනතරම් තක්කඩි ජාතියක්ද යන්න නොවේද ? මෙම තක්කඩින්ට වෙන වෙන පාට තිබුනත් අදහස් එක හා සමානය. එයට මෙයද එක් හොද උදාහරණයකි.

:       0       138

sachith Monday, 30 April 2018 10:33 AM

මේ රට මේ යන විදිහට සොමලියාවක්, සිම්බාබ්වේ වගේ රටක් වෙලා නවතින්නේ. ඒ වෙනකොට මේවගේ අවස්ථාවාදීන් මෙරටෙන් හම්බ කරගන්න පුළුවන් සියලු ධනයත් අරගෙන පිටරට වල පදිංචියට යයි.

:       0       82

Bandara Rajapakshe Monday, 30 April 2018 01:34 PM

ජනතාව එළවා දාපු දෙන්නෙක්ගේ හිනාව !

:       0       0

sanath Monday, 30 April 2018 06:09 PM

රටට ආදරය කරන දේශපාලඥයෝ එක්කනෙක්වත් ඉන්නවද කියල මට නම් හිතාගන්නත් අමාරුයි. කතාවෙන්නම් රන්ජන් සහ කරු ජයසුරිය ටිකක් හොඳයි කියන්න පුළුවන් ඒත් 100%ක් සුවර් නැහැ.

:       57       4

de silva berlin Monday, 30 April 2018 09:01 PM

මේගොල්ල මේ විදිහට දින්ගින්දිගටම බොරු කියමින් රටේ ජාතික ධනය මංකොල්ල කමින් රට පාලනය කලොත් අපේ රටත් අර සෝමාලියාව වගේ විනාශවෙලා යාවි ඊට පස්සේ තව අවරුදු 1000 -1500 පස්සේ ඇති වෙන පරම්පරාව අපි දැන් අර කාශ්‍යප රජතුමාගේ මාලිගයේ සිගිරිය නටබුන් සංචාරකයන්ට පෙන්වල මුදල් අයකරගන්නවා වගේ තව මෙයා හදපු හගුරන්කෙත මාලිගාවේ නටබුනුත් පෙන්නලා හම්බ කරගෙන ජිවත් වේවි ,

:       0       33

lion Tuesday, 01 May 2018 01:40 AM

රට විනසකරමින් සැප වින්ද දේශපාලනය

:       0       14

chris Tuesday, 01 May 2018 08:49 AM

මේවට හොඳ ප්‍රතිචාර දැම්ම හැකියි. වැඩේ ඒවා පළකරන්නෙ නැහැ.. නැත්නම් වෙනස් කරලා තමයි පළකරන්නේ...

:       0       0

chris Tuesday, 01 May 2018 08:52 AM

අපිට නම් නෙමේ ඔය හිනා වෙන්නේ...

:       0       0

chris Tuesday, 01 May 2018 08:57 AM

මම හිතන්නෙ කලින් පින්තුරේ ඉන්න වට්ටක්ක විකුණගන්න බැරි කෙනාට තමයි මේ දෙන්න හිනාවෙන්නේ.

:       0       0

Sugath Wednesday, 02 May 2018 03:56 AM

මෙවැන්නන් පාර්ලිමේන්තුවට යැවීම රටේ විනාශයයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21124 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20390 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 319 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 166 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site