IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


හෙද වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට

(ඩයනා උදයංගනී)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙද හෙදියන් අද (1) ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

හෙද සේවයේ මූලික ඉල්ලීම් කිහිපයක් ඉටු කිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති හෙයින් ඊට විරෝධය පළ කිරීම සඳහා හෙද නිලධාරීන් අද (1) සහ හෙට (2) අසනීප නිවාඩු දැමීමේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

මාතෘ රෝහල්, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල සහ කොරෝනා ප්‍රතිකාර රෝහල් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ කර නොගන්නා නමුත් එම රෝහල්වල හෙද නිලධාරීන් මේ දින වල සේවයට අත්සන් නොකර සාමාන්‍ය ඇඳුමකින් සැරසී සේවය කරන බව ද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

හෙද නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළත් කිසිදු විසඳුමක් නොදුන් හෙයින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව රත්නප්‍රිය මහතා පැවසීය.

කොරෝනා ප්‍රතිකාර කටයුතු කරන හෙද නිලධාරීන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා නොදීම, හෙද නිලධාරීන්ගේ උසස්වීම් ප්‍රශ්නය, හෙද සේවයේ මාණ්ඩලික තත්ත්වය අහිමි  කිරීම, හෙද සේවයට දින පහක වැඩ සතියක් ලබාගැනීම, හෙද විදුහල් උපාධි පීඨ බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

(ඡායාරූප: පාලිත ආරියවංශ)

බදුල්ල මහ රෝහලේ හෙද නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වූ ආකාරය



අදහස් (13)

හෙද වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට

Nimal Thursday, 01 July 2021 01:23 PM

මිනිසුන් දිනපතා මැරි මැරී යන, සෞඛ්‍ය සේවය ඉතා අසීරුවට පත්වී ඇති, අප කාගෙවත් ජීවිත පිළිබඳව අවිනිශ්චිත, රටම ආර්ථික අවපාතයෙන් පීඩිත මොහොතක, තම පටු අරමුණ වෙනුවෙන්..

:       535       222

මාළු Thursday, 01 July 2021 01:57 PM

දැන් මොකද මේ වෙලා තියෙන්නේ...? මුලින්ම දොස්තරලට විතරක් දීමනා දෙනවා කියලා වෘත්තිය සංගම් නායකයින් ටික ඔක්කොම එකතු වෙලා මේ අයව හොඳට කඩේ යැව්වා. අමාත්‍යාංශයට ගියාම සිද්ද වුණු දෙබස තමයි මේ. අපිටත් දීමනා ඕනෑ. කාටද දීමනා දීලා තියෙන්නේ? ඇයි දොස්තරලාට? දොස්තරලාට දීමනා දීලා නෑනේ. අතිකාල පැය ගාණ කොරෝනා රාජකාරී කරන අයට විතරක් වැඩි කරලා තියෙනවා. ආහ් ඒකනේ. වැඩ කරනවා නම් අපිටත් වැඩි කරන්න ඕනෑ. දොස්තරලාට දිනකට අතිකාල පැය 4... පැය 6ක් කළා. ඔයාලාටත් පැය 6ක් කරලා දෙන්නද? අපොයි එපා. දවසකට අතිකාල සීමාවක් නැතුව ගන්න අයනේ අපි. එහෙම කළොත් අපිට තියන එකත් නැති වෙනවා. එහෙම බෑ. දීමනාවක්වත් ඕනෑ හොඳේ. ඔන්න ඔහොමයි රු. 7500ක් ගත්තේ. ඉතින් ඊට පස්සේ මොකද වුනේ... නර්ස්ලාට අවුල් තමන්ටයි, ඇටෙන්ඩන්ලාටයි අනිත් අයටයි ඔක්කෝටම එකම ගාන හම්බ වුණා කියලා. දැන් විලි වහ ගන්න නර්ස්ලා විතරක් මේ පාර ස්ට්‍රයික් තව දීමනා ටිකකුත් වැඩිපුර දාගෙන.

:       702       585

Raveendra Thursday, 01 July 2021 03:21 PM

දොස්තරලා අතිකාල ගන්න හැටි කොහොමද කියලා ටිකක් හොයලා බැලුවොත් නරකද මහත්මයා..? පැය 4 - 6 නෙමෙයි... පොතක අත්සන් නොකර ඕන හැටියේ ප්‍රයිවට් චැනලින් කරගෙන හම්බ කරන්න අවසර දීලා තියෙන හැටි දන්නේම නැද්ද?

:       0       0

දිලාන් Thursday, 01 July 2021 04:30 PM

මොනවා වුණත් මේ වගේ වසංගතයකින් රටේම විතරක් නෙමෙයි ලෝකේම මිනිස්සු බැට කන අවස්ථාවක, එකෙන් ප්‍රයෝජන අරගෙන "කල දුටු කල වල ඉහගන්නා" මේ අය නම් අර "ශ්‍රේෂ්ඨ නයිටින්ගේල්ගේ" දරුවෝ වෙන්න බැහැ.

:       316       338

සාරා Thursday, 01 July 2021 04:45 PM

පිංවත, මෙය බුදු දහම නම් නොවේ. ඒත් මොනවා කරන්නද? අපි සාදු කියමු. සාදු ...! සාදු ...!! සාදු ...!!!

:       105       29

අප්පුහාමFriday, 02 July 2021 07:51 AM

අපි අදහන්නේ බුදු දහම කිව්වට කුඩාකාලයේ ඉගෙනීම කරත්දී නිගන්ඨනාථපුත්ත වැනි ආගමික නායකයින් ගැනත් ඉගෙන ගත්තා.නිගන්ඨාථපුත්ත ඉගැන්නුවේ ණයට හරි අරගෙන ගිතෙල් කන්න කියල අපේ නායකයිනුත් මල්වට්ටි අරගෙන පන්සල් ගියාට අදහන්නේ නිගන්ඨනාථපුත්තගේ ඉගැන්වීම් නිසා තමයි රට මෙතරම් ණයබරින් විනාශවෙලා තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ

:       0       0

Ramani Thursday, 01 July 2021 05:13 PM

සමන් රත්නප්‍රිය ස්ට්‍රයික් කරන්න ඕනෑ නෑ. අර සුමාන ගාණක් පාර්ලිමේන්තු ඉඳලා ගත්ත කාර් පර්මිට් සහ අනික් වරප්‍රසාදවලට ලැබුණු ගාන නර්ස්ලා අතර බෙදලා දුන්නා නම් හොඳයි.

:       411       359

S. ranaweera Thursday, 01 July 2021 05:16 PM

මාණ්ඩලික ඉල්ලනවා...

:       4       22

Pathum Thursday, 01 July 2021 05:28 PM

වර්ජනය සාධාරණ ඇති, නමුත් අපි අහිංසක ලෙඩ්ඩු ගැනත් සිතිය යුතුයි.

:       49       13

Shan Friday, 02 July 2021 01:24 AM

දුවමු මිතුර දුවමු... වෙන රටකට දුවමු.

:       0       0

wajira Friday, 02 July 2021 04:08 AM

කර්මාන්ත ශාලාවක් ඇතිකිරීම ගැන කතා කරන්නේ කවද්ද? එකම දේ නැවත නැවත සිදුවෙයි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 02 July 2021 09:27 AM

අනේ .. ෆ්ලෝරන්ස් නයිටින්ගෙල් මේ හෙද සේවය පෙරදී ආරම්භ කළේ මොනතරම් කැපවීමකින් හා පරිතයාගයකින්ද ? මිනිසුන් ලෙඩවීමේදී විඳිනා දුක් හා පත්වෙන අසරණ තත්ත්වය ගැන සැබෑ

:       0       0

Rata Perata Friday, 02 July 2021 12:58 PM

මෙතැන අදහස් දාන අය රජයේ සේවකයන් මිනිස්සු හිතන්නේ නෑ කියලා බනිනවා. ඒත් රජයේ සේවකයන් මෙන් 100 ගුණයක දේවල් අපේ බදු සල්ලි වලින් අරගෙන කිසි වැඩක් හරියට කරන්නේ නැති පාලකයින්ට මොකද කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 106 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6638 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7690 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18356 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1318 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 105 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 899 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site