IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


හොරෙන් ගෙනා වාහන රේගුවේදී වනසයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කපන ලද වාහන කොටස් සහ විවිධ අමතර කොටස් විශාල තොගයක් ඔරුගොඩවත්තේ පිහිටි රෑන්ක් බහාලුම් පර්යන්තයේදී අද (20) විනාශ කළේය.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්‍ෂණය යටතේ මෙම වාහන කොටස් විනාශ කළේය.



අදහස් (35)

හොරෙන් ගෙනා වාහන රේගුවේදී වනසයි

Jayampathi Monday, 20 February 2023 03:51 PM

කලක පටන් අමතර කොටස් නැතුව වාහන හිමියන් දුක්වෙනවා. අමතර කොටස්කඩ බඩු නැතුව වේලෙනවා. ආණ්ඩුව සල්ලි නෑ... සල්ලි නෑ කියකියා බදු පිට බදු ගහනවා.. මේවා වාහන අමතර කොටස් මිස මත්ද්‍රව්‍ය නෙවෙයිනේ. ඉල්ලුමක් තියෙන නිසානේ ගේන්න ඇත්තේ.. මේ අමතර කොටස් ටික ප්‍රසිද්ධ වෙන්දේසි කරලා ලැබෙන ආදායමෙන් දුප්පත් මිනිසුන්ට බේත් අරං දෙන්න තිබුණා...

:       6       195

Samitha Senaka Aluthgamage.Monday, 20 February 2023 06:50 PM

කතාව සහතික ඇත්ත... මේ කොටස් ටික වෙන්දේසි කරලා ඒ මුදල් ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න තිබුණා. මේ අය රටේ ජනතාවට තියෙන දුක්ගැහැට ගැන කිසිඳු තැකීමක් කරන්නේ නැහැ. වැඩකරන්නේ බොහොම සුඛිත මුදිත රටක අය වගේ...

:       1       106

මොට්ටයෝ Tuesday, 21 February 2023 05:44 AM

ඒ කාළකණ්නියෝ සිංහල භාෂාවෙ විරාම ලක්ෂන බලනවා මිස හැගීමකින් වැඩක් කරන්නෙ නැහැ දේශපාලුවො ඊට අන්තයි.ඒකනේ අනුමැතිය දෙන්නෙ නැත්නම් රටේ මෙතරම් අහේනියක් තියද්දි මෙහෙම වාහන අමතර කොටස් නාස්තිකරයිද

:       1       42

laTuesday, 21 February 2023 06:31 AM

මේ කතාවේ තව පැත්තක් තියෙනවා. වෙන්දේසියට ඉදිරිපත් කලාම ඒවා අපහු ගන්නේ ඒ බඩු ලංකාවට එවපු එයාගෙම කට්ටයක්. ඒ වගේම වෙන එයට ඒ වෙන්දසියට ලන්සු තියන එක නවතන්න නොයෙක් බලපෑම් කරනවා. ඊට පස්සේ ඉතා අඩු මුදලකට අරගන්නවා.මේ වැඩේ සැහෙන කාලෙයක ඉඳල සිද්ද වෙනවා.

:       15       28

chandimaWednesday, 22 February 2023 07:14 AM

ඉතින් අඩු ගානකට හරි දෙනවට වඩා තලපු එක හොඳයිද ?

:       0       7

sweneWednesday, 22 February 2023 07:25 AM

ඔබගේ තර්කය හරි ඇති. මත් කුඩු වගේ ඒවාට එහෙම කලාට කමක් නැහැ ඒ හැරෙන්න වෙනත් කිසිම දෙයක් භාවි තයට නොගෙන විනාශ කිරීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් අපට නැහැ. මේ සම්බන්ධව යම් නීතියක් තියෙනවා නම්, නීතියට පටහැනිව ගෙන්වූ එම කොටස් රාජ සන්තක කොට අනිත් අයටත් ආදර්ශයක් දීම සඳහා කඩිනමින්ම විනාශ කලොත් ඉන් පසුව නීති විරෝදිව ගෙන්වීම නැති වනවා. එවිට විනාශ කිරීමට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයත් අවම වනවා.

:       0       6

සමරකෝන් Monday, 20 February 2023 03:54 PM

රාජසන්තක කළා නම් මොන එහෙකට විනාශ කරනවාද? වෙන්දේසිකර ආදායමක් ලබාගත යුතුයිනේ. ඉතින් රටක් දියුණු වෙයිද?

:       3       124

susantha Monday, 20 February 2023 04:15 PM

අබින් ගහලාද? මෙහෙම විනාශ කරන්න පුළුවන් රටක්ද මේක? ඕවා ගෙනාපු අයට දඩගහලා, ඊට පස්සේ පරීක්ෂා කරලා තත්වේ සුදුසුනම් වෙන අයට විකුණන්න බැරිද?

:       3       106

Hafeel Monday, 20 February 2023 04:23 PM

පුදුමයි වරාය ඇමැති සහ රේගුව අයත් වෙන්නේ මුදල් අමාත්‍යංශයට නිසා මුදල් ඇමැති හැටියට රනිල්ගේත් ප්‍රධානත්වයෙන් මේ විනාශ කිරීමේ කටයුතු රිබන් පටි කපලා, බැකෝ යාන්ත්‍රණයට ගොඩවෙලා ඉතා උත්සවාකාරයෙන් නොකළ එක...

:       3       79

Santhu Monday, 20 February 2023 04:31 PM

හොඳ වැඩේ...!

:       52       6

Vajira Monday, 20 February 2023 04:35 PM

මොන අපරාධද... තණකොළ අහුවුණා වගේ තමයි...

:       4       49

sanath Monday, 20 February 2023 06:02 PM

ගොන් හැත්තක්...!

:       3       59

Chami Monday, 20 February 2023 06:35 PM

ඇති රට මෙහෙමවත් ඉතිරිවුණා... මාර දේවල්නේ තිබිලා තියෙන්නේ...!

:       1       15

fairoos Monday, 20 February 2023 06:38 PM

මෙහෙමත් අය නම් කියලා වැඩක් නෑ...

:       1       14

casmir Monday, 20 February 2023 07:32 PM

මේ මෝඩයින් හෙරොයින් විනාශ කරන්නේ නැහැ.... වාහනවල කොටස් විනාශ කරනවා. නමුත් ඔවුන් රජයේ වෘත්තිකයින්ය. මෙය පිටුපස සිටින්නේ කුමක්ද සහ මෙය පිටුපස සිටින්නේ කවුද?

:       1       46

නිහාල් Monday, 20 February 2023 08:25 PM

පවතින නීතිය අනුව ක්‍රියා කළාද දන්නේ නෑ... එහෙම නැතිනම් අධ්‍යක්ෂක ජනරාල් කියන්නේ සමාජ පිළිලයක්...

:       3       18

විපරමා Monday, 20 February 2023 09:10 PM

හෙන ගහන අපරාධයක් .. කොයිතරම් මුදල් නාස්තියක් වෙන්ඩ ඇත්ද ? මොලේ උඩ ඉන්න උන්ගේ කාලකන්නි වැඩ. වෙන්දේසි කෙරුවා නම් මොකද වෙන්නේ?

:       0       8

nihal Tuesday, 21 February 2023 01:30 AM

රනියගේ මෝඩයෝ කරන තකතීරු වැඩ

:       2       4

tissa Tuesday, 21 February 2023 03:52 AM

ටයි කෝට් ඇඳගෙන වාහන තලනවා බලන්ට ගිහින්.

:       1       7

Rohana Tuesday, 21 February 2023 07:29 AM

දියුණු රටවල වගේ වාහන කෑලි තලාදමන්න තරම් ලංකාව පොහොසත් රටක් නොවේ. මේවා අවශ්‍ය කෙනෙකුට ගන්න වෙන්දේසිකර රේගුවට ආයමකුත් ලබාගන්න තිබුනා. කියන්නෙනම් තොර තෝංචියක් නැතිව ආණ්ඩුවට ආදායම මදිලු. මේව තමයි ආදායම් මාර්ග. වාහන කෑලිවලින් ප්‍රයෝජන ගන්න අය ලංකාවෙ සෑහෙන පිරිසක් ඉන්නවා. මේ කලේ අපරාධ වැඩක්.

:       0       9

lalith Tuesday, 21 February 2023 08:06 AM

රට මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනවා පුදුමයි. මෝඩ හැත්ත

:       0       8

Perera Tuesday, 21 February 2023 08:53 AM

ඩොලර් ගෙවලා මේ අමතර කොටස් රටට ගෙන්නලා ඊට පස්සේ ඒවා විනාශ කරලා දානවා .මේ රේගුවේ එවුන්ගේ මොලේ මොන්ගල්ද ?දඩ ගහන කෙනෙකුට දඩ ගහලා මේවා රටේ පාරිභෝගිකයන්ට විකුනන්න මේ අයට තිබුනේ නැද්ද ?

:       0       9

prasad Tuesday, 21 February 2023 09:32 AM

මිනිස්සු මොකුත් නොදැන බොරුවට බනිනවා .මේව හොරෙන් දෙකට කපලා ගෙනාපු වාහන.මේවා ආයෙ බට් කරලා පදින එක අනාරක්ශිතයි.ඒකයි විනාශ කරන්නෙ.

:       4       10

sanka Tuesday, 21 February 2023 09:38 AM

මේවා චැසි සහ බොඩි වල භාග.පාවිච්චි කරන්න බෑ.අනාරක්ශිතයි.

:       2       9

ranjith dubai Tuesday, 21 February 2023 09:49 AM

කලක පටන් අමතර කොටස් නැතුව වාහන හිමියන් දුක්වෙනවා. අමතර කොටස්කඩ බඩු නැතුව වේලෙනවා. ආණ්ඩුව සල්ලි නෑ... සල්ලි නෑ කියකියා බදු පිට බදු ගහනවා.. මේවා වාහන අමතර කොටස් මිස මත්ද්‍රව්‍ය නෙවෙයිනේ. ඉල්ලුමක් තියෙන නිසානේ ගේන්න ඇත්තේ.. මේ අමතර කොටස් ටික ප්‍රසිද්ධ වෙන්දේසි කරලා ලැබෙන ආදායමෙන් දුප්පත් මිනිසුන්ට බේත් අරං දෙන්න තිබුණා...අපේ රජයේ සේවකයන් දූෂිතයි, යල්පැන ගිය අයයි. මේ වගේ මෝඩ වැඩ කරලා මේ හානියට පත් වූ භාණ්ඩ තමන්ගේ නියෝජිතයන් හරහා මිල දී ගෙන නැවත විකුණා මුදල් උපයන ලෙස ඔවුන් ඇමැතිවරුන්ට උපදෙස් දුන්නා.

:       3       3

perera Tuesday, 21 February 2023 10:19 AM

මේක එක් ජවනිකාවක් විතරයි ෆොටෝ ටිකක් ගන්ඩ. වටිනා කියන දේ සියල්ල පස්ස දොරෙන් ගිහින්.

:       0       9

දර්ශන Tuesday, 21 February 2023 10:54 AM

යල් පැනගිය නීතී හා පාලකයන් නිසා සිදුවන විනාශන් බහුලය. මිනිසුන්ට කන්න බොන්න නෑ..බොරු සෝබන තියෙනවා.මෙ පාලකයේ මේරට හදන්නේ නෑ.හදන්නත් බෑ උන් හැදෙනවා.........................අම්බරුවෝ.

:       1       1

සත්‍ය ගවේෂී. Tuesday, 21 February 2023 11:01 AM

නොදන්නේ ඔබයි.කව්ද බට් කරලා වාහන හදන්නේ. ඒක නීති විරෝධී බව මිනිසුන් දන්නවා.මේවා අමතර කොටස් වලට විකුණන්න පුළුවන්.අනික වාහන කපලා ගෙන්වා තිබෙන තැන් ඕනෑ තරම් තියෙනවා ඔබ දැක නැතුවාට.ඒත් හැමෝම වාහන බට් කරලා විකුනන්නේ නැහැ.ඒවා කරන්නේ හොරුන් පමණයි.

:       2       11

හාල්මැස්සෙක් Tuesday, 21 February 2023 11:56 AM

ඉතාමත් විශිෂ්ට තීරණයක්. මේක ටෙන්ඩර් කරලා ඉවත් කරනවා කියන්නේ දූෂණය අනිවාර්යෙන් පැටව් ගහන එක.

:       1       5

Dinesh Tuesday, 21 February 2023 03:03 PM

හොඳ වැඩේ.

:       1       0

Sarath Dassanayake Wednesday, 22 February 2023 03:17 AM

වාහන අමතර කොටස් විනාශ නොකර සල්ලි හොයන්න බැරි ඇයි?.

:       0       0

දිමුත් නිශාන්ත Wednesday, 22 February 2023 07:43 AM

ඇයි මෙහෙම මෝඩ අපරාධ කරන්නේ. මේවා විකුණලා රජයට ආදායමක් ගන්න පුලුවන් නේද? මේවා රටේ අවශ්‍යතාවයක් හිගයක් තියෙන දේවල් නේද?

:       0       0

akalanka Wednesday, 22 February 2023 11:44 AM

මමත් ඔතන හිටියා .බොරු මාධ්‍ය සංදර්ශන තමා නිලධාරීන්ගේ .දේශපාලකයන්ටත් එහා .ලෝකයා රවට්ටන බොරු වැඩ මේවා

:       0       0

Anjana Wednesday, 22 February 2023 01:59 PM

ගොන් හරක් ටික මෙක ඇමෙරිකාද යකො විනස කරන්න. එලියෙ විකුනන්න ඩාපිය... පකිස් බුරුවො...

:       0       0

Anuradha Wednesday, 22 February 2023 02:19 PM

මෝඩ වැඩ... මේ සල්ලි නැති වෙලාවේ වෙන්දේසි කරලා සල්ලි කළා නම් මොකද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 122 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6679 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6297 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7699 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18377 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1331 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site