IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණයක්

(බී.ජී. චතුරංග)

මව්බිම අස්ථාවර කිරීමේ මූලාරම්භය මේ වන විට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා දියත් කර ඇති බව පවසමින් සහ එයට විරෝධය පළ කරමින්, රණවිරු සහයෝගීතා එකමුතුව අනුරාධපුර නව බස්නැවතුම්පොළේදී අද (10)  උද්ඝෝෂණයක් කළේය.

රණවිරුවන් 29000ක් දිවි පුදා 14000කට වැඩි පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව, නිදහස් කරගත් මේ මව්බිම අස්ථාවර කිරීමේ මූලාරම්භය මේ වන විට ෆොන්සේකා මහතා දියත් කර ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.

විරෝධතාකරුවෝ දැඩි වර්ෂාව මධ්‍යයේ විරෝධතාවයේ නිරත වූහ.

දශක තුනක යුද්ධයේ මතකයන් මැකී යාමට ප්‍රථම සියළු රණවිරුවන් අපරාධකරුවන් කරමින් විදේශ බලවේග හා එන්.ජී.ඕ සංවිධාන හරහා වීරෝධාර රණවිරුවන් පාවා දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇතැයි උද්ඝෝෂකයෝ පැවසූහ.


 



අදහස් (23)

ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණයක්

Nuwan Sunday, 10 September 2017 09:10 AM

හරි දේ කියන කෙනාට කවුරුත් විරුද්ධයි , අම්මා තාත්තා වුනත් වැරැද්දක් කළානම් එ්ක වැරැදියි. රණවිරුවන් මිනීමරුවන් නොවන බව ලෝකෙටම ඔප්පුකරලා අපේ නියම රණවිරුවන්ගේ ගරුත්වය රැකගන්න එක ජාතික වගකීමක්...

:       2143       2139

VajiraSunday, 10 September 2017 10:04 AM

කලවැද්දාගෙන් පටන් අරගෙන මෙච්චර කල් කියපුව හරිද නුවන්? මේ වගේ කුහක, ඉරිසියාකාර කළගුණ නොදන්නා අය මේ මිහිපිට නෑ. මෙයාට තියෙන්නේ පළිගැනීමේ අරමුණ විතරයි. යූ.එන්.පී ය ලබන ඡන්දෙන් පරදින්නේ ෆොන්සේකා නිසා බව රනිල් දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි..

:       600       878

maalSunday, 10 September 2017 02:56 PM

කලවැද්ද කියල විනය ගරුක හමුදාවක් හදපු එස්එෆ්ට එහෙම කියන අය කලවැද්දට එහා ගිය තිරිසනුන් වෙන්නම ඕන. අනික එස් එෆ් ව බිමදාල ඇදගෙන යනකොට ජගත් ජයසූරිය තමයි මහින්ද පත්කළ විහිලු රූකඩ හමුදාපති වුනේ. මහින්ද මහත්තය දැන් කොච්චර උඩපැන්නත් යුද්දෙන් පස්සේ කරපු මහා හොරකම් සහ වංචා දූෂණ නිසා නැවත බලයට ඒම බොරු. මේ විධියට වැරදි හදාගෙන ඉදිරියට යමු.

:       635       663

sahanMonday, 11 September 2017 10:19 AM

මෙයාගේ උප්පැන්න සහතිකේ හොයන්න ඉස්සෙල්ලා තමන්ගේ උප්පැන්නය හොයාගන්න... වැදගතෙකුට ගරුකරන්නේ නැතිනම් වැඩක් තියේයැ...

:       14       1

raveendraSunday, 10 September 2017 11:05 AM

නුවන් සහ වජිර මයාවෙත, ඔබලාගේ පරස්පර අදහසට අප ගරුකරන අතර පහත සඳහන් මගේ පුද්ගලික අදහස් ටිකක් සඳහන් කිරීමට කැමැත්තෙමි. මා කිසිවකු හට පාට ගෑමට හෝ අපහාස කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමි. පළමුව ආයතනයක තමන් යටතේ සිටින නිලධාරියකු වැරැද්දක් කළොත් ආයතන ප්‍රධානියාටත් ඒ ගැන යම්කිසි වගකීමක් තිබෙන බව අප සැවොම දන්නා කරුණකි. උඩබලාගෙන කෙලගැසිම ගැනද අපට ළදරු පාසලේදී මුලින්ම කියා දී අැත. තවද රට, ජාතිය පාවාදීම් ගැනද ඉතිහාසයෙන් ඉතා හරවත් පාඩම් විශාල ප්‍රමාණයක් කියාදී ඇත. චන්ද්‍රිකා මැතිණියටත් නිසි සුදුසුකම් තිබිලත් අදාල ස්ථානය නොදුන්නේ මක්නිසාද යන්න ඔබ සැම නැවත අවංකව සිතා බලන්න.

:       2       153

siri Sunday, 10 September 2017 09:31 AM

ෆොන්සේකා මහතාගේ මූනෙන්ම පෙනෙනවා වෛරයේ තරම. ඡන්ද 5000ක් ගන්න බැරි කෙනාව අරගෙන පින් ඇමතිකම් දීපු රනිල් මහත්තයා දැන් නිදිද? ඒ වගේම එන්.ජී.ඕ ඩොලර්වලටයි කෑ ගහන්නේ. මට හිතාගන්න බැහැ 'සිංහයෙක් වගේ ඉන්න තිබුණු කෙනා නොදන්නා දේශපාලනේට ඇවිත් බලු වෙන තත්වයට පත්වීමයි...

:       1508       1682

leslyjayawardana Sunday, 10 September 2017 09:37 AM

සිරකරුවන් 25 ක් ඝාතනය කල අයට දඬුවම් කරන්න කියලා සරත් ෆොන්සේකා කිව්වේ. දැන් ගෝඨාභයගේ කට්ටිය වෙව්ලනවා.

:       1594       1617

ranavi Sunday, 10 September 2017 09:55 AM

ජෙනරාල් සරත් ෆොන්සේකාට මේක අලුත් අත්දැකීමක් නෙවෙයි. එතුමාට එදා ඉඳන්ම කුහකකම් කරපු ආතක් පාතක් නැති සිංහලයෝ නැවත වැඩ පටන් අරන්. මතකනේ හිටපු අයව සතුටු කරන්න එක කලා කරුවෙක් කිව්වා ඇහේ ඉඳන් පට්ට ගහන්න ඕනෑ කියලා. යුද්ධයට ක්‍රියාන්විතව මුහුණ දුන්න සැබෑ රණවිරුවා දන්නවා කවුද නියම යුධ නායකයා කියලා. නිකං එක එක්කෙනාට කඩේ යනවා.

:       377       419

රොමේෂ් Sunday, 10 September 2017 10:14 AM

ෆොන්සේකයි, මහින්දයි දෙන්නම එක්කෙනාට එක්කෙනා තමන්ගේ පුද්ගලික වෛර පිරිමහගන්න ගිහින් අවසානයේ රටට දරාගන්න බැරි පාඩුවක් තමයි සිද්ධ කරන්නේ. මෙතන තියෙන ලොකුම වරද තමයි 2009 යුධ ජයග්‍රහණය නිර්ලජ්ජිත විදිහට දේශපාලකයින් විසින් තමන්ගේ මල්ලට දමා ගැනීම. සැබවින්ම එහි සැබෑ අයිතිය හිමිවිය යුතුව තිබුනේ සමස්ත ත්‍රිවිධ හමුදාවේම රණවිරුවන්ටයි. තමන් නාකත්වය දුන් හමුදාව යුධ අපරාධ සිදුකෙරුවා නම් දැන් ඒ ගැන කියවලා තේරුමක් නැහැ. පියවර ගන්න තිබුනේ ඒ වෙලාවේම. ඒක තමන්ගේ වගකීම. ඒ වගේම තමයි මේ ප්‍රකාශයක් අල්ලාගෙන රෝද පුටුවේ ඉන්න රණවිරුවෝ පවා පාරට ගෙන්නාගෙන නටන නාඩගමුත් හුදෙක් දේශපාලනික අවස්ථා වාදයම පමණයි.

:       165       409

****** ROHAN ***** Sunday, 10 September 2017 10:28 AM

මහින්දගේ ගොඨාභයගේ පිරිස් දේශපාලන වුවමනාව වෙනුවෙල් කීපදෙනෙක් එක්ක රට වනසනවා ...වැරදි කරුවන්ට දඬුවම් දෙන එක ලෝක සම්මතයයි.... මේ ලෝකයා හිනස්සන වැඩ.... මෙවැනි වැරදි වලට වෙනම නීතියක් හදන්‍ෙ....රටේ ගරුත්වය රැකගන්න ....!!!

:       544       608

Randika Sunday, 10 September 2017 10:33 AM

රණවිරුවා දඩමීමා කරගෙන රාජපක්ෂවරු දේශපාලනය කරන හැටිද ... ?

:       723       728

බණ්ඩාර-කැකිරාව Sunday, 10 September 2017 10:35 AM

පුද්ගලික අමනාපකම් පිරිමහගන්න රටක හමුදාවක් පාවාදීම සුළුපටු දෙයක් නම් නොවෙයි. මේ පාවාදීම කරන්නේ යුද්ධය සමයේ හමුදාව මෙහෙයවූ හමුදපති... එ්කයි මෙතන තියෙන ගැටලුව.. නිකන් පුද්ගලයෙක් කිව්වා නම් එතරම් අර්බුදයක් නැහැ. රටක් වටින අැල්ලේ ගුණවංශ හිමියන්ට අවමන් කරලා තමන්ගේ පහත් මානසික තත්ත්වය මුළු රටටම පෙන්නුම් කළා.

:       750       717

PIRIS Sunday, 10 September 2017 10:38 AM

යුද්ධය, රණවිරුවා ... රාජපක්ෂවරුන්ගේ හොඳම අලෙවි භාණ්ඩය වෙලා.. යුද්ධයට නායකත්වය දුන් යුධ හමුදාපතිතුමා ත්‍රස්තවාදියෙක් කරලා...දේශපාලනේ ...

:       603       657

dayadara Sunday, 10 September 2017 10:47 AM

වැරදි කළොත්..., පූජකතුමාද, ජනාධිපතිතුමාද, මන්ත්‍රී තුමාද, රණවිරුවාද, මහජනයා ද මේ සියලු දෙනාටම ලෝකයේ සම්මතය එකම නීතියයි. එකම දඩුවමයි.

:       1       228

Senarath Sunday, 10 September 2017 10:54 AM

මේ රටේ බුද්ධිමත් ජනතාව නිසා ෆොන්සේකාට 2010 දී බලයට එන්න බැරිවුණා. එදා බලයට ආවානම්, අද මහින්ද මහතා, ගෝඨා මහතා හෝ ජිවත් වෙන්නේ නැහැ. ඒ වගේම එදා මොහු බලයට ගෙනෙන්න උත්සාහ කල රනිල් මහතාටත් වෙන්නෙත් ඒ ටිකම තමයි. ඒ වගේම බොහෝ රණවිරුවෝ මේ වෙනකොට ජිවත් වෙන්නේ නැහැ. මුළු රටම නරකාදියක් කරනවා. ඒ තරම්ම නින්දිතයි. වෙන රටක හිටපු හමුදාපතිවරයෙක් මේ සුදුකොඩි කතාව කියලා රටට අපකීර්තියක් ගෙනාවා නම්, අනිවාර්යයෙන්ම මරණ දඬුවම ලැබෙනවා හමුදා නීතිය යොදවලා. හිරේ දමලා එදා දුන්න දඬුවම මදි. මේ කරපු කතාවට මොහුට මේ ආත්මයේදීම පලදෙනවා නියතයි.

:       1204       1175

විකුම් රංගන Sunday, 10 September 2017 11:06 AM

බල්ලන්ට බුරන්න පමණක් හැකියයි අප සිතුවාට, ගිනි තියන්නත් පුළුවන් නේද?

:       171       457

shan saudi Sunday, 10 September 2017 12:48 PM

මහින්දගේ දේශපාලනය වහාම නතර කළ යුතුයි. මෙවන් අය රටට පිළිලයක්... වෙලා. ප්‍රජා අයිතීන් අහෝසි කළ යුතුය.

:       454       511

ධම්ම Sunday, 10 September 2017 02:51 PM

එස්එෆ්ගේ එක ගති ලක්ෂණයකින් උපරිම ප්‍රයෝජන අරන් ගෝඨා යුද්ධය නිමකළා. එතුමාගේ තවත් ගති ලක්ෂණයකින් උපරිම ප්‍රයෝජන ගනිමින් එතුමාව අප්‍රසාදයට ලක් කරනවා. එතුමා ඉහලින් එන ඕඩරය ක්‍රියාත්මක කරමින් තමාගේම වල කපාගන්නවා.

:       0       57

sathyayaa Monday, 11 September 2017 01:39 AM

මේ විරෝධතා කරුවන් ගෙන් එක් අයෙක් ඔසවා ගෙන සිටින පුවරුවක ලියා තිබෙනවා " රට බේරාගත්ත රණ විරුවන්ට අත නොතබනු" කියල. රට බේරගන්න රණ විරුවන්ට විතරක් නොවෙයි රටේ පාලකයාටත් සටන කරගෙන යායුතු ආකාරය කියල දුන්න ඒ වගේම දෙවතාවක් බෝම්බ ප්‍රහාර වලට ලක්ව ජාතියේ වාසනාවට දිවි රැකුන සරත් ෆොන්සේකා නම් වීර යුද සෙබළා බිම දිගේ ඇදගෙන ගොස් හිරේට දමන කොට ඔය "අත නොතබනු" කතාව කියන්න සෙබළෙක් ඉදිරියට පැමිණියේ නම්, ඔහු මියයන්නේ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් අතින් නොව "සිංහළ ත්‍රස්තවාදීන්" (හිටපු පාලකයින්") අතින්. පුවරු ඔසවා ගෙන කෑගසන කොන්ත්‍රාත්තු දෙන්න පුද්ගලයින් හෝ මුදල් සරත් ෆොන්සේකා ගේ බිරිඳ සතුව තිබුනේ නැහැ. අද පෙළපාලිවලට කන්න දෙන්න බොන්න දෙන්න ඕන තරම් "දේශ හිතයිෂියෝ". ඔය වෙනස වටහා ගත්තොත් අපි එගොඩ.

:       482       507

ලුම්බිණි Monday, 11 September 2017 03:05 AM

මේ ගැන පුදුම විය යුතු නැහැ. මේක අපේ රටේ බොහෝ දෙනෙකුගේ ගති ලක්ෂණයක්. තමන්ට සාමකාමී රටක් ඇති කරන්න යුද්ධකල මිනිහ අද නරක මිනිහෙක්.

:       53       10

isurandi Monday, 11 September 2017 04:20 AM

මෙතන පෞද්ගලික පලිගැනීම් හා දේශපාලන පලිගැනීම් එමටයි. මේ හේතුවෙන් රණවිරුවන්ට කැළලක් වෙනවානම් එය අපේ මවුබිමට වෙන නිගාවක්...

:       0       3

sahan Monday, 11 September 2017 10:22 AM

මේ කට්ටියත් එක්ක යන පුද්ගලයෙක් කොහෙන්ද හොයා ගත්තේ?

:       1       0

sanjeeva Monday, 11 September 2017 10:52 AM

ඔහේ පලයන් මෙන්න ගිනි තියනවෝ !!!

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28684 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site