නරත්වං දුර්ලභං ලෝකේ
විද්‍යා තත්‍ර සුදුර්ලභා
කවිත්වං දුර්ලභං ලෝකේ
ශක්තිස්තත්‍ර සුදුර්ලභා
(ආග්නේය පුරාණය)
මෙය සිංහලට නගමු.
මිනිසත් බව ලොව දුලබය
විදුනැණ එහි අති දුලබය
කවි කම මේ ලොව දුලබය
කවි නැණ එහි අති දුලබය
'ආග්නේය පුරාණය' නම් ග්‍රන්ථයෙහි එන මේ ශ්ලෝකය මගින් දුලබ කරුණු හතරක් විශද වෙයි. ඒවා මුහුකුරා ගිය කවියන්ට මෙන්ම අංකුර කවියන්ටද එක සේ පලදායක වෙතැයි සිතමි. ඒ සතරම පරම සත්‍යය ලෙස හැඳින්වීම කවර වරදද ? මිනිසත් බව දුලබ බව ඇත්තකි. දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. විදුනැණ අහිමි මිනිසත් බවෙන් කවර පලක්ද? විදුනැණද දුක සේ ලබා ගත යුත්තකි. ලොව හැම දෙනම කවිකම උරුම කොට ගත්තෝ නොවෙති. කවිකම උරුම වූ සියල්ලෝද නිසග සිදු පිළිබන් නුවණ දායාද කොටගත් කවියෝ නොවෙති. එවැන්නෝ මේ ලොව අති දුලබය. 'නිසග සිදු පිළිබන් නුවණ' යන්න සිංහලට බිඳුණේ 'නිසර්ග සිද්ධ ප්‍රතිභා ඥානය' යන සංස්කෘත විචාර ව්‍යවහාරයෙනි. එහි සරල තේරුම 'උපතින් ලද නිර්මාණ ශක්තිය' යනුයි. අද සිංහලයන්ගේ සුලබ වහරක් ලෙස වැහැරෙන 'පුළුවන්' යන වචනය නිපන්නේ එකී 'පිළිබන්' යන්න පෙරළීමෙනැයි සිතමි. 'පිළිබන්' යන්න 'පිළිවන්' වී පසුව සුව සේ උසුරුවීමෙන් 'පුළුවන්' යැයි නොවිය හැකිද? ශක්තිය යනු හැකිකමයි. හැකිකම යනු පුළුවන්කම මිස අනිකක්ද?
කුමක්ද මේ 'ප්‍රතිභා' නුවණ? විශ්ව විශ්‍රුත සංස්කෘත කාව්‍ය විචාර ග්‍රන්ථයක් වන ආනන්ද වර්ධන ආචාර්යපාදයන්ගේ 'ධ්වන්‍යාලෝක' කෘතියට අභිනව ගුප්ත ආචාර්යතුමා කළ 'ධ්වන්‍යාලෝක ලෝචන' විවරණයෙහි 'ප්‍රතිභා' යන්න විශද කොට දක්වා ඇත්තේ මෙම විග්‍රහ වාක්‍යය මගිනි.
'අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා'
එහි සරල තේරුම මෙන්න.
'පෙර නුවූ විරූ වස්තුවක් නිර්මාණය කිරීමට ශක්තිය ලබා දෙන (සහජ) ප්‍රඥාව.'
පෙර නුවූ විරූ , පෙර නුදුටු විරූ , පෙර නෑසූ විරූ යන අර්ථ ධ්වනිත කරන සංස්කෘත 'අපූර්ව' නම් වචනයෙන් සිංහලට බිඳුණකි , අදද සිංහලයන්ගේ තුඩ තුඩ රැව් දෙන 'අපූරු' යන අපූරු වදන.
කවියක රස නීරස භේදයට මෙන්ම සාර්ථ නිරර්ථ භේදයටද මේ අපූර්වත්වය (Originality) ප්‍රධාන සාධකයක් වන බව සැලකුව මනාය. අප තුළ චමත්කාරයක් (Surprise) හටගන්නේ අපූර්වත්වයේ මහිමයෙනි. 'චමත්කාර' යන සංස්කෘත වචනයේ අර්ථය විස්මයයි. එකම දෙය නිතර දැකීමෙන් කවර විස්මයක්ද? කවර රසයක්ද? විශිෂ්ට සංස්කෘත කාව්‍ය විචාර ග්‍රන්ථයක් වන 'සාහිත්‍ය දර්පණ' කෘතියෙහිලා එහි කර්තෘ විශ්වනාථ කවිරාජ ආචාර්යතුමා විසින් ප්‍රකාශිත මේ උපදේශ වාක්‍යය අසන්න.
'රසේ සාරඃ චමත්කාරඃ'
'කාව්‍ය රසයේ සාරය චමත්කාරයයි'.
මෙයින් සනාථ වනුයේ කාව්‍යයේ රසය හටගැන්මට චමත්කාරය උපස්තම්භක වන බව නොවේද? අපූර්වත්වයෙන් තොර කුමන චමත්කාරයක්ද ?
දක්නා හෝ දන්නා දෙය ඒ සැටියෙන්ම කියාපෑම වාර්තා කථනයකි.එහි කවර චමත්කාරයක්ද? එහි කවර රසයක්ද? ඉන්දියාවේ කීර්තිධර ආදි සංස්කෘත කාව්‍ය විචාරක භාමහ පඬිතුමා තම 'කාව්‍යාලංකාර' කෘතියෙහි 02 වෙනි පරිච්ඡේදයෙහි 87 වෙනි ශ්ලෝකය මගින් මෙසේ ප්‍රශ්න කළේ එබැවිනි?
ගතෝස්තමර්කෝ භාතීන්දුර්
යාන්ති වාසාය පක්ෂිණඃ
ඉත්‍යේවමාදි කිං කාව්‍යං
වාර්තාමේනාම් ප්‍රචක්ෂතේ
මෙය සිංහල කවියට නගමු.
ඉර ගිලිලා සඳ පායා
කුරුලෝ යති කැදලි සොයා
කියැකිද මේ කවිය කියා වාර්තාවකැයි නොකියා
වරක් භාරත මහාකවි රබීන්ද්‍රනාථ ඨකූරයෝ ස්වකීය මිත්‍ර සහෘදයෙකු කැටුව ටාජ්මහල් මන්දිරය නැරඹීමට ගියහ. ඔහු මේ මන මෝහනීය මානව නිර්මාණය දෙස නිහඬවම ඇස දල්වා බලා සිටී. සහෘද මිත්‍ර තෙමේ මෙසේ අසයි.
"Mydear great poet what do you feel when you behold this marvellous monument of eternal love".
"ආදරණීය ශ්‍රේෂ්ඨ කවියාණෙනි , මේ විස්මය ජනක සනාතන ප්‍රේම ස්මාරකය දෙස බලා සිටින කල්හි ඔබ තුළ කිනම් හැඟීමක් ජනිත වන්නේද?"
කවියා නිහඩය. ප්‍රශ්නය දෙවරක් ඇසෙයි. කවියා නිහඩය. තෙවරක් ඇසෙයි. මේ , එවිට ඨකූර් කවීන්ද්‍රයාණන්ගේ මුවින් ගිලිහුණු අතිශය චමත්කාර ජනක , එසේම ඉන් පෙර කිසිවෙකු කිසි දා නෑසූ විරූ , ශ්‍රවණ රමණීය , හෘදයාහ්ලාදකර , මධුර මනෝහර කාව්‍යමය වචන මධු බින්දුය.
"A tear drop of love on the cheek of time."
'කාලයේ කොපුල මත පතිත ප්‍රේමයේ කඳුළු බිඳුවක්.'
අද මුළු ලොව පුරාම තුඩ තුඩ රැව් දෙන මෙම භාව ගී පාදය වූකලී 'නිර්මාණක්ෂමා ප්‍රඥා' නමින් ආචාර්ය අභිනව ගුප්ත ආචාර්යපාදයන් හැඳින්වූ ප්‍රතිභා ශක්තියේ මහිමය කියාපාන සනාතන භාව ගී පාදයක් නොවේද?
කවි ලියන වාර්තාකාර කවියෝ අතිශය සුලබය. එහෙත් කවි ලියන ප්‍රතිභා සම්පන්නයෝ අතිශය දුලබය. සංස්කෘත කාව්‍ය සාහිත්‍යයේ සම්භාවනීය කවියෙක් වූ බාණ භට්ටයන්ගේ මේ ප්‍රකාශය අසන්න.
සන්ති ශ්වාන ඉවාසංඛ්‍යා
ජාතිභාජෝ ගෘහේ ගෘහේ
උත්පාදකඃ න බහ්වඃ
කවයඃ ශරභා ඉව
'ගණන් කිරීමට බැරි තරමට (අසංඛ්‍ය) වාර්තාකාර කවියෝ සිටිති. ගෙයක් ගෙයක් නෑරම සිටින සුනඛ ගහනය සේය. එහෙත් , උත්පාදක ශක්තිය හෙවත් ප්‍රතිභාව (CreativeTalent) සතු කවියෝ අතිශය ස්වල්පයකි. පරම දුර්ලභ සත්වයෙක් වූ ශරභ මෘගයා මෙනි.'
(ශරභ මෘගයා යනු පා අටක් ඇති සිංහයාටද වඩා බලවත් සේ සැලකෙන මනඃකල්පිත සත්වයෙකි.)
ඇතැම් විචාරකයෝ කවීන්ගේ ධරමාන කාලය පාදක කරගෙන කවිය පැරණි හා අලුත් වශයෙන් දෙගොඩකට බෙදති. ඇතැම්හු කාව්‍ය රීති , කාව්‍ය සංකල්ප , කාව්‍යානුභූති සාධක කොටගෙන එසේ දෙවගකට දමති. මේ පුරාණ නවීන වර්ගීකරණයට සනාතන පිළිතුරක් දී ඇත්තේද පුරාතන කවියෙක්මැයි. ඒ වූකලී කවිකුල ගුරු කාලිදාසයෝය. ඔහුගේ 'මාලවිකාග්නිමිත්‍ර' නාටක ප්‍රස්තාවනාවේ එන මේ සදුක්තිය බලන්න.
පුරාණමිත්‍යේව න සාධු සර්වං
න චාපි කාව්‍යං නවමිත්‍යවද්‍යං
සන්තාඃ පරීක්ෂ්‍යන්‍යතරඃ භජන්ති
මූඪඃ පරප්‍රත්‍යයනේය බුද්ධිඃ
'පුරාණ වූ පමණින් සියල්ල හොඳ නොවේ. නවීන වූ පමණින් සියල්ල නිවැරදි වන්නේද නැත. විචාරවත් විබුධයෝ ඉතා පරීක්ෂ්‍යකාරීවම අන්‍ය මාර්ගයක් ඇසුරු කරති. මුග්ධයෝ අනුන්ගේ බුද්ධිය කෙරෙහිම විශ්වාසය තබති.'
මෙයින් විශද වන පරම සත්‍යය කුමක්ද? කවියට ඇත්තේ පුරාතන නූතන භේදය නොව සනාතන අගය පමණක්ම බව නොවේද? කවිය පැරණි වුවද අලුත් වුවද කම් කිම් ? අගය හැම දා පවතී නම් !
මේ සත්‍යය චතුර ලෙසත් ප්‍රබල ලෙසත් ප්‍රකාශිත අවස්ථාවක් හෙළි කරන සනාතන අගයෙන් යුත් නිදර්ශනයක් ඉදිරිපත් කරම්හ.මේ අසදෘශ නිදර්ශනය මා උපුටා ගත්තේ විශිෂ්ට ගණයේ ඇමෙරිකානු කවියෙක් වූ රොබට් ෆ්‍රොස්ට් විසින් කාව්‍යයෙහි සනාතන අගය විශද කරමින් ලියන ලද පරම ප්‍රශස්ත විචාර ලිපියකිනි.
"It begins in delight and ends in wisdom. For myself originality need be no more than the freshness of a poem run in the way I have described: 'From delight to wisdom'
"Read it a hundred times: It will forever keep it's freshness .as a metal keeps it's fragrance. It can never lose it's sense of a meaning that once unfolded by surprise as it went".
ඉංග්‍රීසි විවරණයේ සිංහල අර්ථය මෙසේය.
"එය ආනන්දයෙන් ආරම්භව ප්‍රඥාවෙන් පරිසමාප්ත වෙයි.
"අපූර්වත්වය වනාහි කාව්‍යයක නැවුම් බවට වැඩි දෙයක් නොවේය යනු මගේ හැඟීමයි. මා විවරණය කළ ආකාරයට එය ආනන්දයේ සිට ප්‍රඥාව කරා දිව යන්නකි.
"කාව්‍යයක් සිය වරක් කියවන්න. එය එහි නැවුම් බව සදා රැකගන්නේ ලෝහයක් එහි සුවඳ රැකගන්නාක් මෙනි. චමත්කාරය දනවමින් වරක් ඉන් ප්‍රකාශයට පත් වුණු අරුත කිසි දා එයින් අතුරුදහන්ව නොයනු ඇත."
මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍ර
ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ ’මතක ස
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!
මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි
ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
අලුතෙන් ලියන කවි අලුත්ද ?
රෝයි ෆෙඩ්රික්ස් Thursday, 16 May 2024 03:21 PM
මා ඔබතුමාව මුලින්ම දැනසිටියේ අති විශිෂ්ඨ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස පමණි. එහෙත් ක්‍රමයෙන් ඔබගේ පාණ්ඩිත්‍ය කෙරෙහි මසිත ඇලී ගියේය. ප්‍රඤාසම්පන්න මිනිසුන් හීන සමයක ඔබතුමා ඇතුලු කිහිපදෙනෙක් තවමත් හරබර දෙසුමෙන් වියලි කතරට මල් වැහි වස්වති. නිසදැස සිංහල කවි කෙතේ වැඩුණ වල්පැලෑටියකි යැයි කී ගුණදාස අමරසේකර සමඟ මමද එකඟවෙමි.එහෙත් වඳ කළ නොහැකි දරුනුම වල් පැලෑටිය ගී පදමාලා රචනයම වේමැයි මම සිතමි.