දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජන සන්නිවේදන අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්‍යස්ථානයන්හි ජන සන්නිවේදන පාඨමාලා හදාරන ශිෂ්‍ය ජනයාහට ප්‍රායෝගික පුහුණුවක් අත්පත්කර දීමේ අරමුණ පෙරදැරි කරගෙන ඔවුන් දිවයිනේ පිහිටි ජාතික පුවත්පත් ආයතන මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී ආයතන වෙතද පිටත්කර යැවීමය. එය ප්‍රශස්ත ක්‍රියාවකි. මක්නිසාද යත් මෙරට විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන ජන සන්නිවේදන විෂය නිර්දේශයන්හි තවමත් න්‍යායික පක්ෂය මිස ප්‍රායෝගික පක්ෂය අවිද්‍යමාන හෙයිනි. ජන සන්නිවේදන විෂය සලකන කල්හි එහි ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ භාවිතයට මිස න්‍යායට නොවේ.
එහෙත් මෙහිදී ඔබේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන්නේ මෙරට විශ්වවිද්‍යාලවල ජන සන්නිවේදන අංශයන්හි අවිද්‍යමාන එකී ප්‍රායෝගික අංශය කෙරෙහි නොවේ. එම ප්‍රායෝගික අංශයේ ජීවය වන ප්‍රබල ප්‍රකාශන සාධකය කෙරෙහිය. එය අන් කිසිවක් නොව භාෂාවයි. පුවත්පත නමැති මුද්‍ර්‍රිත මාධ්‍යය තුළ මෙන්ම ගුවන්විදුලි හා රූපවාහිනී විද්‍යුත් මාධ්‍යයන් තුළද සන්නිවේදන කාර්යෙහි නිරත මාධ්‍යකරුවාහට පාඨකයා , ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයා ග්‍රහණය කොට ගැනීමේදී ඒකායන සන්නිවේදන යානය වන්නේ භාෂාව මිස අන් කුමක්ද?
මෙහිදී එක් වෙසෙස් කරුණක් හෙළි කිරීම මැනවැයි හඟිමි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික මුද්‍රිත - විද්‍යුත් මාධ්‍ය ආයතන කීපයකම විචිත්‍රාංග අංශ ප්‍රධාන කෘතහස්ත මාධ්‍ය විද්වතුන් කීප දෙනෙකුම මම ඉතා කුලුපගව ඇසුරු කරමි. ඔවුන්ගෙන් නිතර එක සේ අසන්නට ලැබෙන මැසිවිල්ලකි. එනම් ප්‍රායෝගික පුහුණුව සඳහා විශ්වවිද්‍යාලවලින් තම ආයතන වෙත එවන ජනමාධ්‍ය උපාධි පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ගෙන් වැඩි දෙනෙකු භාෂා කුසලතා හීනයන් බවයි. ඔවුන්ගෙන් වෙනත් කුසලතා ප්‍රකට වන හෙයින් ඔවුන් මුග්ධයන් නොවිය හැකි බවත් එහෙත් ඔවුන් මෙසේ භාෂාන්ධයන් වූයේ කෙසේද යන්න සොයා බලා ඊට පිළියම් යෙදීම ජාතික වගකීමක් බවත් මගේ මාධ්‍ය මිතුරන් එකා මෙන් මා සමග පවසා ඇත්තේ වරක් දෙවරක් නොවේ. මෙය කිසි සේත් අසත්‍යයක් නොවන බව පිළිගත හැක්කේ මවිසින් මෙහෙයවන ලද මගේම ගුවන්විදුලි හා රූපවාහිනී පාඨමාලාවේ ප්‍රායෝගික පුහුණුව පතා පැමිණි ඇතැම් විශ්වවිද්‍යාල ජනමාධ්‍ය උපාධි අපේක්ෂකයන්ගෙන් එය මටද ඉඳුරා පසක්ව ගිය හෙයිනි
වත්මන් ජනමාධ්‍ය සේවයට භාෂා කුසලතා හීනයන් පිවිසීමේ දුර්විපාකයක් වශයෙන් ඇස් පනා පිට සිදුවූ විපරීත භාෂා භාවිතයක් ගැන එක්තරා ප්‍රසිද්ධ වචන දෙකක් නිදසුන් කොටගෙන කරුණු පහදා ලීමට සිතමි. මේ වචන දෙක ගුවන්විදුලි රූපවාහිනී නාලිකා ඔස්සේ ඔබ නිතර අසා ඇතුවා නිසැකය. එම වචන දෙකෙන් එකක් 'ආලින්දය' යන්නය. 'ආලින්දය' යන වචනය පාලි සහ සංස්කෘත යන භාෂා දෙකෙහිම හමුවෙයි. එය සිංහලට පැමිණ ඇත්තේද ඒ දෙබස ඔස්සේය. 'ශබ්දාර්ථ රත්නාකරය' හෙවත් 'සිංහල මහා අකාරාදිය' එහි අර්ථය දක්වන්නේ 'ගෙයි ඉදිරි පැත්තේ ශාලාව' යනුවෙනි. 'ශ්‍රී සුමංගල ශබ්දකෝෂය' එය 'පිල', 'ඉස්තෝප්පුව', 'බරාඳය' ලෙස හඳුන්වයි. 'සිංහල මහා ශබ්දකෝෂය' ද එම අරුත්ම ප්‍රකාශ කරයි. මෙහි 'ඉස්තෝප්පුව' යන්න ලන්දේසි භාෂාවෙන් ගෙයි ඉදිරිපස ශාලාව හඳුන්වන නාමයයි. එයම හැඳින්වීම සඳහා භාවිත වන 'බරාඳය' යන්න පෘතුගීසි Veranda යන්නෙන් ව්‍යවහාරයට පැමිණියකි. අපේ පැරණි ගද්‍ය ග්‍රන්ථයක් වන 'බුත්සරණ' ඇතුළු සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පොත්වල හමුවන මෙම 'ආලින්දය' වචනය නියතාර්ථයෙන්ම භාවිතයට ගෙන ඇත්තේ ගෙයි ඉදිරිපස කොටස හැඳින්වීම සඳහාමය. ඒ බව නොදත් හෝ වරදවා තේරුම් ගත් කවුරුන් හෝ භාෂාන්ධයෙකු 'ආලින්දය' යන්න ගෙදරක' සාලය' යන අර්ථයෙන් කිසියම් මාධ්‍ය නාලිකාවක් ඔස්සේ දිගින් දිගටම භාවිත කිරීමට පටන් ගැනීමේ අනිෂ්ට ප්‍රතිඵලයක් හැටියට දැන් එහි 'ඉස්තෝප්පුව' යන නියතාර්ථය ගිලිහී ගොස් 'සාලය' යන විපරීත අර්ථය තහවුරුව ඇත. නූගතුන්ගේ වැරදි වහරක් වුවද දිගින් දිගටම භාවිතයට ගැනීමෙන් තහවුරුව යෑම හැම ජීවභාෂාවකම ලක්ෂණයකි. ට
ඡේකයන්ගේ (උගතුන්ගේ) මෙන්ම අඡේකයන්ගේ වාක්‍යප්‍රයෝගද නිරන්තර භාවිතයෙන් ජන සම්මත බවට පත් වන බව දත් හෙයිනි
'සිදත් සඟරා' කතුවරයා "අනුරූ සේ පියෝනන්.....වහරනු සෙරෙන් සපයා" යනුවෙන් විද්වත් වියරණ උපදෙසක් පළ කළේ. ඉන් අවධාරණය කර සිටියේ නූගතුන්ගේ නොව උගතුන්ගේම යෙදුම් අනුව බස හැසිරවිය යුතු බවයි. හෙළ බස් වෙසරද වෙස් ගෙන දැපෙන ඇතැම් වත්මන් සිංහල මහැදුරෝ බැවහර බස වෙනස් වෙතියි යන තර්කය නගමින් තම දුබල බස් දැනුම වසා ගන්නා අටියෙන් මේ 'සිදත් සඟරා' උපදෙස විපරීත කොට දක්වති. ඔවුන් එය කරන්නේ "අනුරූසේ පියෝ නන්" (උගතුන්ගේ යෙදුම් අනුව) යන්න නොතකා හැර "වහරනු සෙරෙන් සපයා" (භාවිතය අනුව) යන්න පමණක් 'සිදත් සඟරා' උපදෙස ලෙස දක්වමිනි.පෙනේද එම සිංහල මහැදුරන්ගේ බස් වෙසරද බවේ මහිම! සිංහල භාෂා භාවිතය උගතුන්ගේ යෙදුම් අනුව මිස නූගතුන්ගේ යෙදුම් අනුව නොකිරීම කොතරම් නිවැරදිද යන්න යට සඳහන් භාෂාන්ධ මාධ්‍ය විද්‍යාර්ථීන්ගේ විපරීත භාෂා භාවිතය අනුව ඉඳුරා සනාථ වෙයි.
අපි ඊළඟ වචනය දෙසට හැරෙමු. එය 'මල' යන වචනයයි. 'මල' හා 'මළ' යන දෙවිදියටම එය ලියැවේ. 'ල' හා
'ළ' වෙනස අනුව එහි අරුතද වෙනස් වෙයි. 'මල' යන වචනය තේරුම් දෙකක් දෙයි. ඉන් එකක් 'කුසුම' හෙවත් 'පුෂ්පය' යන්නය. අනෙක 'අසූචි' හෙවත් අපිරිසිදු දෑය. 'මළ' යනු 'මර' නමැති ක්‍රියා මූලයේ අතීත කෘදන්ත පදයයි. එය 'මැරුණු' යන අරුතෙහි වැටේ. මේ කිසිවක් නොදන්නා ඇතැම් භාෂාන්ධ නිවේදක නිවේදිකාවෝ සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාත්මක සාකච්ඡාවලදී 'මල' හෙවත් 'අසූචි' හැඳින්වීම සඳහා
'මලපහ' යන වචනය භාවිත කිරීමට පුරුදුව සිටිති. දැන් දැන් එය වෙනත් අයගේ කටින්ද කියැවෙනු නොයෙක් විට අසන්නට ලැබේ. අර නිවේදක නිවේදිකාවන්ගේ දුෂ්ප්‍රයෝගයේ දුර්විපාකයක් වශයෙනි. වැඩි කලක් යන්නට පෙර යට කී 'ආලින්දය' වචනය සේම 'මලපහ' යන්නද පොදු ජන වහරක් බවට තහවුරුව ගියහොත් කවර අරුමයක්ද!
කලින් සිංහල වහරේ පැවතියේ'මල පහ කරනවා' යන ක්‍රියා ප්‍රයෝගයයි. 'පහ කරනවා' යනු 'බැහැර කරනවා' යන අර්ථය දෙන්නකි. 'මල' යන්නට 'පහ' යන්න ඈඳා 'මලපහ' යනුවෙන් 'අසූචි' යන තේරුම දෙන වචනයක් බෝ කිරීමද වත්මන් මාධ්‍ය නාලිකා මගින්ම සිදුවූවක් සේ නොසැලකිය හැකිද?
මගේ මිත්‍ර අනුර ෆොන්සේකා
ගුවන්විදුලි මාධ්‍ය විද්වතාණෝ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය සේවනය ලද විශ්වවිද්‍යාල ඡාත්‍රයෙකු මෙන්ම ඔහුගේ නාට්‍ය නිර්මාණවල රඟ පෑ පාත්‍රයෙක්ද
වෙයි. සාහිත්‍යය හා නාට්‍යය කෙරෙහි නොමඳ ඇල්මක් ඇති අනුරයන් මෑත දිනක මට හදිසියේ හමුවුණු වේලේ ඇතැම් විශ්වවිද්‍යාල සිංහල කථිකාචාර්ය ගණයාගේ භාෂා ඥානය හා රසඥ භාවය නිර්දය ලෙස විවේචනයට ලක් කළේ බලවත් කම්පාවෙනි.
"එක්තරා විශ්ව විද්‍යාල කතිකාචාර්යවරියක් දැනගෙන හිටියෙ නෑ 'අද්‍යතන' වචනයෙ තේරුම පවා. පාසල් පද්ධතියෙ පමණක් නෙවෙයි විශ්වවිද්‍යාල පද්ධතියෙත් සමහර ගුරුවරු සරච්චන්ද්‍රයන්ගෙ 'මනමේ' නාට්‍යයෙ පෙළේ තියෙන හුඟක් වචනවල වගේම 'පිපි
තඹරන නද බඹරන' වැනි යෙදුම්වලත් තේරුම් කොහෙත්ම දන්නෙ නෑ. සරච්චන්ද්‍රයන් භාවිත කරලා තියෙන්නෙ අපේ සම්භාව්‍ය සාහිත්‍යයෙ කාව්‍ය භාෂාවයි අලංකාර ප්‍රයෝගයිනෙ. අපිට බැරිද 'මනමේ' නාට්‍යයේ යොදලා තියෙන ඒ වගේ යෙදුම් වදන්වල අර්ථ පැහැදිලි කරලා පොතක් ලියන්න."
'මනමේ' නාට්‍ය පෙළේ සරල තේරුම් සහ විස්තර' යන නමින් පාසල් ශිෂ්‍යයන් හා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සඳහා මවිසින් 1998 දී එවැනි පොතක් ලියා පළ කරන ලද බව මම එවේලේ අනුරයන්ට හෙළි කළෙමි. ඔහු එය නොදැන සිටියේය. ඔහු සඳහන් කළ අර විශ්වවිද්‍යාල කතිකාචාර්යවරිය තේරුම නොදැන සිටි 'අද්‍යතන' වචනය ගැනත් පාසල් හා විශ්වවිද්‍යාල ගුරුන්ට තේරුම අවිෂය වූ යෙදුමක් හැටියට ඔහු හැඳින් වූ 'පිපි තඹරන නද බඹරන' යන්න ගැනත් සුල මුල පැහැදිලි කරමින් මෙම ලිපිය අවසන් කරමි.
'තන' යනු තද්ධිත ප්‍රත්‍යයකි. 'තද්ධිත' යන නමින් හැඳින්වෙනුයේ නාමප්‍රකෘතියකට ප්‍රත්‍යයක් එක් කිරීමෙන් තනා ගන්නා නාම වර්ගයකි. මේවා ප්‍රත්‍යාර්ථ ශබ්ද ලෙස නම් කර ඇත්තේද එබැවිනි. 'තන' ප්‍රත්‍යය 'එහි වූයේ' හෝ 'එය පිළිබඳ' යන අර්ථවල යෙදේ.
උදාහරණ:
අද්‍යතන = අද්‍ය (අද) වූයේ
අද්‍ය (අද) පිළිබඳ
පුරාතන = පුර (පෙර) වූයේ
පුර (පෙර) පිළිබඳ
'පිපි තඹරන නද බඹරන' යන යෙදුම 'මනමේ' නාට්‍යයේ එන 'ප්‍රේමයෙන් මන රංජිත වේ' නම් ගීතයට ඇතුළු වූවකි.
පිපි තඹරන = පිපුණු රතු නෙළුම් මල්. (තාම රස > තඹුරු) 'තඹුරු' නමින් හැඳින්වෙන්නේ රතු නෙළුම් මල්ය.
නද බමරන = බමරුන්ගේ නාදය.
මේ යෙදුම තොටගමුවේ රාහුල හිමියන්ගේ 'කාව්‍යශේඛර' මහා කාව්‍යයේ ( 4 ) වන සර්ගයේ වන වැනුමේ (16) වන පද්‍යයේ හමුවන්නකි.
පැන පැන යන වඳුරන පල
වගුරන
ගුමු ගුමු නද බමරන පිපි
තඹරන
බිය කර ගිරි දැදුරන සිටි
ගවරන
පිය රැව්ලන සිවුරන මත
මියුරන
සක් දෙවිගේ ඇරියුමෙන් දෙව්ලොව ගිය ගුත්තිල ගඳඹ ඇදුරිඳු යළි මනුලොවට පැමිණි බව ඇසූ පුරවැසියෝ ඔහු කරා එළැඹ සුරපුර සිරිසර ගැන තොරතුරු හෙළි කරන ලෙස අයැද සිටි
දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජන සන්නිවේදන අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්‍යස්ථානයන්හි ජන සන්නිවේදන පාඨමාලා හදාරන ශිෂ්‍ය ජනයාහට ප්
’’සර්, මගේ මිත්‍රයෙක් වචනයක තේරුම ඇහැව්වා. මං දන්න තේරුම කියලා දුන්නා. ඒක හරිද කියලා සැක හැර දැනගන්නයි කතා කළේ.’’
මෙලොව වාසය කරන හැම දැන උගත් කෙනෙකුටම හැමදාම හැම විටම පිහිට වන උපකාර වන සනාතන වටිනාකමෙන් යුත් කරුණු ඇත. ඒවා වනාහි අමිල වූ ඥාන ධන සම්පතකි.මෙම කරුණු දන්නා අ
වත්මන් ඇතැම් සිංහල ආචාර්ය මහාචාර්යවරුන්, ලේඛකයන්, පරිවර්තකයන් මෙන්ම සාහිත්‍ය හා දේශපාලන විචාරකයෝ ද සිංහල භාෂා භාවිතය කෙසේ වෙතත් සංස්කෘත භාෂාවේ නිරුක
සාහිත්‍යය හා දේශපාලනය විෂය කර ගනිමින් ලේඛන කාර්යෙහි නිරත වත්මන් බොහෝ සිංහල ලේඛකයෝ උග්‍ර රෝග දෙකකට ගොදුරුව සිටිති.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
බස නොදැන වදන් හදන්නෝ