සක් දෙවිගේ ඇරියුමෙන් දෙව්ලොව ගිය ගුත්තිල ගඳඹ ඇදුරිඳු යළි මනුලොවට පැමිණි බව ඇසූ පුරවැසියෝ ඔහු කරා එළැඹ සුරපුර සිරිසර ගැන තොරතුරු හෙළි කරන ලෙස අයැද සිටියහ. ඒ පුවත් අති මහත් වූ හෙයින් ගුත්තිල ඇදුරු ඔවුනට පැවසුවේ සිය වෙණ වැයුම් අසා සතුටින් පිනා ගිය සුරඟනන් තුටු පඬුරු වශයෙන් හෙළි කළ පින් පල පමණි. එහිදී සුරඟනන් ගුත්තිල ඇදුරිඳුට කියා පෑවේ මනුලොවදී කළ ඒ ඒ පින් අනුව තමන් ලද නානා සග සැප පිළිබඳ තතුය.
ඒ පින් පල විස්තර කෙරෙන ගුත්තිල පැදි වැලෙහි හමුවන එක් පැදියකි මේ.
තිඹිරි පකක් දුන් අඟනක් සඟන
දැක
ඉතිරි සැපත් ලදු ගන රන්
විමානෙක
සපිරි එළඳ පිරිවර ලියොම
දාසෙක
ඉදිරි පිහිට පින් මය ඉන් නොවවු
සැක
(ගුත්තිල - 494)
(සඟ නමකට තිඹිරි ගෙඩියක් පිදූ අඟනකට එහි පින් පල වශයෙන් දහසක් පිරිවර ලියන් සමග අධික සැප ඇති දිව්‍ය විමානයක් පහළ විය. එබැවින් ඉදිරියෙහිදී පිනම පිහිට වන බව සැක නොකරත්වා!)
පැරණි සිංහල කාව්‍ය සාහිත්‍යයට අයත් වනුයේ මහා කාව්‍ය දෙකක් පමණි. ඉන් එකක් දඹදෙණි යුගයේ විරචිත 02 වන පැරකුම්බා රජුගේ 'කව්සිළුමිණි' මහා කාව්‍යයයි. අනෙක නම් ජයවර්ධනපුර සමයේ විසූ ෂඩ්භාෂා පරමේශ්වර කවීන්ද්‍ර තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමිපාදයාණන් විසින් නිර්මිත 'කාව්‍යශේඛර' මහා කාව්‍යයයි. කාව්‍යශේඛරය වූකලී ජාතක පොතෙහි එන 'සත්තුභස්ත' (අග්ගලා මල්ල) ජාතකය වස්තු කරගෙන රචිත කෘතියකි. මහලු බමුණෙකුගේ හා ඔහුගේ භද්‍ර යෞවන බැමිණි බිරිඳගේ ජීවන ප්‍රවෘත්තිය විදහා දැක්වෙන අතුරු කතාවක් කාව්‍යශේඛර මහා කාව්‍යයට පිවිස ඇත. මහලු බමුණා තම භද්‍ර යෞවන බිරිඳගේ ඇවිටිලි අනුව දැසි දස්සන් සොයා මග බැස යයි. කුසගිනි දැනුණු බමුණා. ගංතෙරක නැවතී ගෙදරින් ගෙනා අග්ගලා මල්ල ලිහාගෙන කා එහි කට නොබැඳම පැන් බීමට ගඟට යයි. ඒ අතර අසල තුඹසක හුන් නයෙක් අග්ගලා සුවඳ දැනී මල්ලට රිංගා ගනියි. එය නොදත් බමුණා මල්ලේ කට බැඳ එය කරේ එල්ලාගෙන යළි ගමන් අරඹයි. සිද්ධිය දුටු රුක් දෙවියෙකු පවසන බසක් එවේලේ බමුණාට ඇසේ.
අස බමුණ ගම් වැසි
මග රැඳුන අද තෝ නසි
ගෙට ගිය අඹුව නසි
අතුරුදන් වී කියා මේ ලෙසි
(කාව්‍ය: ශේඛ: 10 සර්ග: 105 පැදිය.)
("ගම් වැසි බමුණ අසව. මග නැවතුනොත් අද නුඹට මැරෙන්නට සිදුවෙයි. ගෙදර ගියොත් නුඹගේ බිරිඳට මැරෙන්නට සිදු වෙයි" කියා රුක් දෙවි අතුරුදන් විය.)
රුක් දෙවි බස ඇසූ බමුණා බියෙන් ඇළලී ගොස් එහි අරුත් විමසා දැනගැන්මට සේනක පඬිඳුගේ දෙසුම් හලට යයි. බමුණාගෙන් සියලු තතු විමසා දැනගත් පඬිඳාණෝ සිදුවූ දෑ වටහාගෙන බමුණු හට රහස හෙළි කරති.
තොප ගිය කල බැමිණි
අතොබයි පයිය සපැමිණි
කයි නයි විස ගිහිණි
එයින් ගෙට ගිය නසියි ගුරුහිණි
(කාව්‍ය: ශේඛ: 11 සර්ග: 19පැදිය.)
(නුඹ ගෙදර ගිය කල බැමිණිය ඇවිත් මල්ලට අත ඔබයි. එවිට විසකුරු නයා ඇයට දෂ්ට කරයි. ගෙට ගියොත් බිරියට මැරෙන්නට සිදුවන්නේ එනිසයි.)
අතරමඟ නුඹ වයි
අත්සුණු කන්ට ගෙන පයි
අතෙළුව හොතින් නයි
නපුර මග ලැග්ගොත් කඩා කයි
(කාව්‍ය: ශේඛ:11 සර්ග: 20 පැදිය.)
(අතරමඟදී නුඹ අත්සුණු(අග්ගලා) කන්ට වහා (වයි) මල්ලට අත දැම්මොත් නයා නුඹට දෂ්ට කරයි. මග ලැග්ගොත් නුඹට නපුරක් (විපතක්) වන්නේ එනිසයි.)
මවිසින් මෙසේ මූලාශ්‍රද හෙළි කරමින් 'ගුත්තිල' සහ 'කාව්‍ය ශේඛර' යන උභය කාව්‍යයෙන් නිදසුන් පැදි කීපයක් ගෙනහැර පෑවේ භාෂා භාවිතයට අදාළ එක්තරා ශබ්දාර්ථ විපර්යාසයක් කෙරෙහි ඔබගේ වෙසෙස් අවධානය යයොමු කිරීමේ අටියෙන් මිස කවිය ගැන යමක් කීමට නොවේ.
'ගුත්තිලය' හා 'කාව්‍ය ශේඛරය' යන කාව්‍ය කෘති දෙකම පහළ වූයේ කෝට්ටේ හෙවත් ජයවර්ධනපුර රාජ්‍ය සමය වන15 වන සියවසේය. අදට වසර 600කට පමණ පෙරය. එකී උභය කාව්‍යයන්හිම බස් වහර එකල විසූ ජනයාගේ සාධු සම්මත සැබි වහර බැව් නිසැකය. ඊට පටහැනි අසැබි බස් වහරක් එකල විසූ ලේඛකයන් හෝ කවියන් තම රචනාවන් සඳහා භාවිතයට ගනිතියි සිතිය නොහැකිය. එය අවඥාවට භාජන වන හෙයිනි.
මා ඉහත නිදසුන් කොට දැක්වූ 'ගුත්තිල' පැදියෙහි එන 'තිඹිරි පකක්' යන යෙදුමත් 'කාව්‍ය ශේඛර' පැදියෙහි එන 'අතොබයි පයිය' යන යෙදුමත් ජයවර්ධනපුර රාජධානි සමයේ විසූවන් ශිෂ්ට සම්මත භාෂා ප්‍රයෝගයන් සේ සැලකූ බැව් අවිවාදයෙන් පිළිගැනීමට සිදුවෙයි. කෝට්ටේ යුගයේ විසූ උත්කෘෂ්ට කවියන් දෙදෙනෙකුගේ ඡේකප්‍රයෝග සේ ඒවා සම්මතව ඇති හෙයිනි.
'තිඹිරි පකක්' යනු තිඹිරි පලය හෙවත් ගෙඩියයි. මෙම පල වාචී 'පක්' ශබ්දය පාලි භාෂාවේ එන පල වාචී 'පක්ක' ශබ්දයෙන් සිංහලට තද්භව වූවකි. එනම් බිඳී ආවකි. පාලියෙන් ගෙඩිය හෝ ඉදුණු ගෙඩිය හැඳින්වෙනුයේ 'පක්ක' නාමයෙනි. සිරි රහල් හිමියන් තම 'කාව්‍ය ශේඛර' පැදියෙහි 'පයිය' යන පදය යොදා ඇත්තේ 'පසුම්බි' වාචී නාම පදයක් ලෙසිනි. 'කාව්‍ය ශේඛර' පුරාණ සන්නය 'පයිය' වචනයට අරුත් දක්වන්නේ 'ප්‍රසේවිකා' යන සංස්කෘත නාමයෙනි. මෑත අතීතයේ පවා 'පයි' ශබ්දය පසුම්බි වාචී වදනක් ලෙස ව්‍යවහාරයේ පැවැති බව 'බුලත් පයි' 'කොක්කන පයි' යන සිංහල ගැමි යෙදුම්වලින් සනාථ වෙයි.
කෝට්ටේ කාලයේ ශිෂ්ට සම්මත සැබි වදන් සේ භාවිතයේ පැවැති 'පක්' ශබ්දය මෙන්ම 'පයි' ශබ්දයද මෙකල ජන සම්මතව ඇත්තේ අසැබි වහර වෙසෙසක් ලෙසිනි. මුල් සැබි අරුත සපුරා අතුරුදන්ව ගොස් තත් ශබ්දයන්ට එසේ අසැබි නිෂ්පන්න අරුතක් පිවිසියේ කෙසේද? මේ ප්‍රතීයමානාර්ථ හෙවත් ව්‍යංග්‍යායාර්ථ විපරීතය ජීවභාෂාවක එනම් කතා ව්‍යවහාරයේ පවත්නා භාෂාවක අනිවාර්ය ලක්ෂණයකි. එක් යුගයකදී එවන් භාෂාවකට අයත් වචනයක් තුළ ගැබ්ව පවත්නා නිෂ්පන්න අර්ථය කාලයාගේ ඇවෑමෙන් ගිලිහී ගොස්, තවත් යුගයකදී එම වචනයට අභිනව නිෂ්පන්නාර්ථයක් ප්‍රවිෂ්ට වෙයි. එය නොවැළකිය හැක්කකි. කතා ව්‍යවහාරයේ නොපවත්නා භාෂා අප මළ භාෂා ලෙස හඳුන්වන්නේ ඒවා මෙවන් ශබ්දාර්ථ විපර්යාසයනට ගොදුරු නොවන හෙයිනි. ජීව භාෂාවකට අයත් වාක්කෝෂය අන්තර්ගත ශබ්දකෝෂයන් අරභයා කලින් කලට අභිනව සංස්කරණයන් සැපයීමට සිදුවන්නේද මෙම ශබ්දාර්ථ විපර්යාසයේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙනි.
වෙනත් භාෂාවකට අයත් වෙනස් අර්ථ ඇති වචනයක් අපේ භාෂාවට අවිචාරවත් ලෙස ප්‍රවිෂ්ට කිරීම කරණකොටගෙනද අනපේක්ෂිත ශබ්දාර්ථ විපරීත සිද්ධ වෙයි. ඇතැම් විට ඒවා හාස්‍යයෝත්පාදකද වෙයි. ඒ බව සනාථ කරනු වස් කීර්තිධර ප්‍රාඥයෙකුගේ ප්‍රශස්ත නෛරුක්තික විවරණයක් ගෙනහැර පාම්හ. එය ඔබගේ අවබෝධයට හා ආස්වාදයට හේතු භූත වන බැව් ඉඳුරාම දැනුම්හ.
එකල මම විශ්ව.විද්‍යාලයේ පළමු වසරේ උපාධි අපේක්ෂකයෙකි.
විශ්වවිද්‍යාල ඡාත්‍ර ගණයාගේ
පුථුපඤ්ඤභාවය නගා ලනු වස් එවක අප රටේ වැජඹුණු ප්‍රඥා ප්‍රදීපස්තම්භායමාන විද්වතුන් විශ්ව විද්‍යාලයට ගෙන්වා මාසික දේශනයක් පැවැත්වීම එකල අපගේ සිංහල සංගමයේ නියත වතක් විය. වරක් ඒ උදෙසා අපගේ ආරාධනය ලැබුවේ භාෂාන්තර සමයාන්තර ඥානධර පුරාවිද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහාශයන්ය. එදා ඔහු වරින් වර සිනා නගමින් තමාටම ආවේණික හාස්‍ය උපහාස රසාලිප්තව කළ දේශනයේදී මම පළමු වරට ශබ්දාර්ථ විපරීත පාරිභාෂික පද නිෂ්පාදනයෙහි අත්‍යන්ත අවිචාරත්වය සාක්ෂි සහිතව සාක්ෂාත් කරගතිමි. ඔබ වෙනුවෙන් මා පහතින් මගේ වදනින් ලියා දක්වෙන්නේ තවමත් මගේ මතකයේ නිනද වන පරණවිතාන ප්‍රාඥයන්ගේ ඒ ආස්වාදනීය නෛරුක්තික විවරණයයි.
"ඉංග්‍රීසි Museum වචනයට හොඳටම ගැළපෙන වචනයක් සිංහල මිනිහා නිපදවාගෙන පාවිච්චි කළා. ඒක තමයි 'කටු ගේ'. ඒත් අපේ පණ්ඩිතයො ඒක හොඳ නෑ කියලා 'කෞතුකාගාරය' කියන සංස්කෘත වචනය භාවිතයට ගත්තා. ඒත් ඒගොල්ලො දන්නෙ නෑ සංස්කෘත භාෂාවේ 'කෞතුකාගාරය' කියන්නෙ කසාද බැඳපු ජෝඩුවක් මංගල රාත්‍රිය ගත කරන කාමරයට කියලා. 'කෞතුක' ක්‍රීඩාව කියන්නෙ රති ක්‍රීඩාවටනෙ. 'කෞතුක' කියන්නෙ කුතුහලය, කුහුල.. රති ක්‍රීඩාවත් කුහුල දනවන ක්‍රීඩාවක්නෙ. තවත් එහෙම වචනයක් තමයි 'උපකුලපති'. ඉංග්‍රිසි Vice Chancellor වෙනුවටයි ඒ නම යොදලා තියෙන්නෙ. සංස්කෘත භාෂාවෙ 'කුල' ශබ්යේ අර්ථය 'පවුල.' ඒ අනුව 'කුලපති' කියන්නෙ පවුලේ ප්‍රධානියා. පවුලේ ප්‍රධානියා සැමියනෙ. 'උප කුලපති' කියන්නෙ දෙවෙනි සැමියා. ඒ කියන්නෙ සොර සැමියා. අපි Assistant Secretary , Assistant Director තනතුරු සඳහා යොදනවා 'සහකාර' ලේකම්, 'සහකාර' අධ්‍යක්ෂ කියලා. සංස්කෘත භාෂාවෙ 'සහකාර' කියන්නෙ 'මී අඹ'. මී අඹ ලේකම්. මී අඹ අධ්‍යක්ෂ. අපි අද 'පේෂ කර්ම' කියලා හඳුන්වන්නෙ රෙදි කර්මාන්තය.. ඒත් සංස්කෘත භාෂාවෙ 'පේෂකර්ම' කියන්නෙ පිටි කෙටීමට. ඒකනෙ කියමනක් තියෙන්නෙ 'පිෂ්ට පේෂණයෙන් වැඩක් නෑ' කියලා. එකම දේම නිතර නිතර කියනවා නම් ඒක හරියට පිෂ්ට පේෂණයට , පිටි කෙටීමට සමානයි. පිටි වෙන කං කෙටුවට පස්සෙ කොටන්න දෙයක් නෑ නෙ.".
සක් දෙවිගේ ඇරියුමෙන් දෙව්ලොව ගිය ගුත්තිල ගඳඹ ඇදුරිඳු යළි මනුලොවට පැමිණි බව ඇසූ පුරවැසියෝ ඔහු කරා එළැඹ සුරපුර සිරිසර ගැන තොරතුරු හෙළි කරන ලෙස අයැද සිටි
දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජන සන්නිවේදන අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්‍යස්ථානයන්හි ජන සන්නිවේදන පාඨමාලා හදාරන ශිෂ්‍ය ජනයාහට ප්
’’සර්, මගේ මිත්‍රයෙක් වචනයක තේරුම ඇහැව්වා. මං දන්න තේරුම කියලා දුන්නා. ඒක හරිද කියලා සැක හැර දැනගන්නයි කතා කළේ.’’
මෙලොව වාසය කරන හැම දැන උගත් කෙනෙකුටම හැමදාම හැම විටම පිහිට වන උපකාර වන සනාතන වටිනාකමෙන් යුත් කරුණු ඇත. ඒවා වනාහි අමිල වූ ඥාන ධන සම්පතකි.මෙම කරුණු දන්නා අ
වත්මන් ඇතැම් සිංහල ආචාර්ය මහාචාර්යවරුන්, ලේඛකයන්, පරිවර්තකයන් මෙන්ම සාහිත්‍ය හා දේශපාලන විචාරකයෝ ද සිංහල භාෂා භාවිතය කෙසේ වෙතත් සංස්කෘත භාෂාවේ නිරුක
සාහිත්‍යය හා දේශපාලනය විෂය කර ගනිමින් ලේඛන කාර්යෙහි නිරත වත්මන් බොහෝ සිංහල ලේඛකයෝ උග්‍ර රෝග දෙකකට ගොදුරුව සිටිති.
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
හොඳ හරුප හා කුණු හරුප