අපගේ පුරාතන සිංහල සාහිත්‍යය යුග වශයෙන් බෙදන කල එහි ප්‍රාරම්භය වශයෙන් විද්වත් සම්මතය වී ඇත්තේ අනුබුද්ධ මහා මහින්ද යතිවරාගමනය සමග සිද්ධ වූ ත්‍රිපිටක ධර්ම සාහිත්‍යයේ සම්ප්‍රාප්තියයි. සිංහල අක්ෂර රූපයන්ගේත් සිංහල භාෂාවේත් සම්භවය එහි ඵලප්‍රාප්තියක් සේ දැකීම මෙන්ම පිළිගැනීමද දැන් චිරස්ථායි වී ඇත්තා සේය. ප්‍රාග් මහින්ද යුගයේ පටන් ලංකාවේ සිංහල යැයි හැඳින්විය හැකි අනන්‍ය අක්ෂර රූප මාලාවක් හෝ භාෂාවක් දියුණුව පැවති බවට පුරාතනයේ කෙසේ වෙතත් නූතනයේවත් සසාධක සකාරණ විද්වත් මතයක් තහවුරුව ඇතැයි කිය හැකිද?
අපගේ සාහිත්‍යයට අදාළ එක්තරා වැදගත් කරුණකට මෙහිදී ඔබගේ විශේෂ අවධානය යොමු කරනු කැමැත්තෙමි. මහින්ද මහා ස්ථවිර පාදයන් භාරතයේ සිට ලංකාවට ගෙන ආවේ ගම්භිර බුද්ධ ධර්මය අන්තර්ගත මාගධී ප්‍රාකෘතයෙන් දේශිත ත්‍රිපිටක අට්ඨ කථා සාහිත්‍යයයි. එය පරිවර්තනය කෙරුණේ එකල ලංකාවේ ව්‍යවහාරයේ පැවති දේශීය භාෂාවටය. එය හැඳින්වුණේ 'හෙළ බස' යන නමිනි. අපට දැනට ඉතිරි වී ඇති දෙවන පුරාණ සාහිත්‍ය ග්‍රන්ථය වන දම්පියා අටුවා ගැටපදය කෘතියෙහි එකී කරුණ ලියැවී ඇත්තේ පහත එන හෙළ වදන් පෙළෙනි.
"මගධ බසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිවැ ඇජුරො හෙළු බසින් තුබූහ."
(දම්පියා අටුවා ගැටපදය - මැද උයන්ගොඩ විමල කීර්ති සංස්කරණය.)
ප්‍රධාන වශයෙන් පාලි සංස්කෘත භාෂාවල එන වචන සහිත මිශ්‍ර සිංහලයෙන් ලියන කියන මේ 21 වන සියවස් භාෂා ව්‍යවහාරයෙහි පවා ඒ 10 වන සියවස් පාඨයන්ට අයත් මට සිලිටි හෙළ වදන් සුලභව භාවිත නොවේද? ගැදි බසෙහි විරල වුවද පැදි බසෙහි ඒවා අදද බහුලව යෙදෙනු ඉඳුරා දැකිය හැකිය. ඉහත සඳහන් හෙළ බස් පාඨය උපුටා ගැනුණු දම්පියා අටුවා ගැටපදය සම්පාදිත වූයේ ක්‍රිස්තු වර්ෂ 10 වන සියවස මුලදී ලංකාවේ රජ වුණු 05 වන කාශ්‍යප රජතුමා විසිනි. ඉන් පිළිබිඹු වනුයේ එදා ලංකාව පාලනය කළ රාෂ්ට්‍ර පාලකයන් සතුව පැවති ශාස්ත්‍ර ඥාන ගම්භීරත්වයයි. රටක රාෂ්ට්‍ර පාලකයන් දාර්ශනිකයන් විය යුතුය යන්න ග්‍රීක මහා දාර්ශනික සොක්‍රටීස් ප්‍රාඥයාගේ ශිෂ්‍ය, ඇරිස්ටෝටල් පඬිවරයාගේ ගුරු ප්ලේටෝ ආචාර්යවරයා අවධාරණයෙන් ප්‍රකාශ කළ ආප්තයකි.
මහා පඬි කාශ්‍යප රජතුමා පැවසූ පරිදි මගධ භාෂාවෙන් භාරතයේ පැවති බුද්ධ කාලීන අටුවා සාහිත්‍යය හෙළ දිවයිනේ ආචාර්යවරයන් හෙළ බසට පෙරළීමට සමත් වී නම් ඔවුුනට එය එසේ කළ හැකි වූයේ එදා පැවති හෙළ බස ඊට පොහොසත් බසක් වූ නිසා මිස අනිකක් නිසා නොවේ. එසේ නම් හෙළ බස වූකලී ප්‍රාග් මහින්ද යුගයේ පටන් දියුණුව පැවති භාෂාවක් ලෙස මිස පශ්චාත් මහින්ද යුගයේ ප්‍රාදූර්භූත භාෂාවක් ලෙස විනිශ්චය කිරීම කවර නම් ශාස්ත්‍ර යුක්තියක්ද?
සිංහල භාෂාවට ප්‍රාග් මහින්ද යුගයේ පටන් අඛණ්ඩ වූ අනන්‍ය උරුමයක් ඇති බව සනාථ කරන ස්වතන්ත්‍ර ලක්ෂණ අපගේ චිරන්තන සාහිත්‍ය ඉතිහාසයෙන් මනාව උද්ගතව පෙනේ. ඒ ඒ යුගවලට අයත් සාහිත්‍යකරුවන් විසින් උපයුක්ත භාෂාවෙහි සහ නිර්මිත රචනා රීතියෙහි හෙවත් ශෛලියෙහි දෘශ්‍යමාන වුණු අනනුකාරක ස්වතන්ත්‍ර ලක්ෂණයයි ඒ. අතීතයේ සිට අඛණ්ඩව පැවත ආ දේශජ භාෂා සාහිත්‍ය සම්ප්‍රදායක ආවේණික උරුමය පිළිබිඹු කොට දක්වන කැටපත වනාහි එකී විශිෂ්ට අනන්‍ය ලක්ෂණයයි.
අපගේ මුල්ම සාහිත්‍ය යුගය ලෙස සැලකෙන්නේ අනුරාධපුර සමයයි. එම යුගයේ ලියැවුණු පොත පත අතරින් දැනට අපට හමුව ඇත්තේ පොත් තුනක් පමණි. 'සියබස්ලකර', 'දම්පියාඅටුවා ගැටපදය' සහ 'සිඛ වළඳ' හා 'සිඛ වළඳ විනිස' යනු ඒ පොත්ය. ඉහත සඳහන් අනන්‍ය ලක්ෂණය නමෝ විත්තියෙන්ම දැකිය හැකි සාහිත්‍ය ප්‍රයත්නයන් ලෙස මේවා හැඳින්වීම කවර වරදද? මෙහි ලා ග්‍රන්ථ කර්තෘවරයන්ට අභිමත වූ රචනා පරමාර්ථ තුනකි. භාෂාව භාවිතව ඇත්තේ ඊට අනුකූල වන පරිද්දෙනි. එකිනෙකෙහි රචනා රීතීන්ද තෙවැදෑරුම් වෙයි. කතුවරයන්ගේ ස්වතන්ත්‍ර භාවය එනයින් මනාකොට ප්‍රකට වෙයි.
අනතුරුව එළඹෙන්නේ පොළොන්නරු සාහිත්‍ය යුගයයි. .එම යුගයේ විරාජමාන මහාර්ඝ සාහිත්‍ය රත්නයක් වන් ගුරුළු ගෝමි පඩිඳාණන් එම යුගයේම බැබළුණු විදුසක්විති පඬිඳුගේ අනුකාරකයෙකැයි කවර කටකින් කිය හැකිද? ගුරුළු ගෝමි පඬිඳුන්ගේ 'අමාවතුර' සහ විදු සක්විති පඬිඳුන්ගේ 'බුත්සරණ' යන කෘති ස්වතන්ත්‍ර සාහිත්‍ය මාණික්‍ය යුගලයක් ලෙස එක සේ බැබළුණු බැවිනි. පොළොන්නරු සාහිත්‍ය සමයටම අයත් 'සසදාවත' ගී කාව්‍යයෙහි ගැබ්ව ඇත්තේ
එකලම බිහිවුණු 'මුවදෙව්දාවත' ගී කාව්‍යය නඟන රසයට ඉඳුරාම වෙනස් රසයකි. වදන්, යෙදුම්, උවම්, වැනුම් ආදියෙන් ඉස්මතු වන ඒවායෙහි ස්වතන්ත්‍ර ලක්ෂණ හේතුවෙනි.
මෙපරිද්දෙන් විමසා බලන කල අනතුරුව බිහිවුණු දඹදෙණි, කුරුණෑගල, ගම්පොළ, ජයවර්ධනපුර කෝට්ටේ සහ සීතාවක යන සාහිත්‍ය යුගයන්හි පළවුණු සාහිත්‍ය කෘතිවල මෙන්ම සාහිත්‍යකරුවන් තුළද මේ ස්වතන්ත්‍ර ලක්ෂණය අඛණ්ඩව ප්‍රකට වනු දැකිය හැකිය. කොළඹ යුගයේ මුල් අවධියට අයත් සාහිත්‍යකරුවන් හා සාහිත්‍ය කෘති තුළද මේ ස්වතන්ත්‍ර ලක්ෂණය අඩු වැඩි වශයෙන් දැකිය නොහැක්කේ නොවේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පැරණි සිංහල සම්භාව්‍ය සාහිත්‍යය සේවනයෙන් මෙන්ම භාෂා ප්‍රාගුණ්‍යයෙන්ද පොහොසත්ව මනා රචන පරිචයකින් යුතුව ග්‍ර්‍රන්ථකරණයේ යෙදුණු බැවිනි.
සාහිත්‍යකරුවා තුළත් සාහිත්‍ය කෘතිය තුළත් මෙම ස්වතන්ත්‍ර ලක්ෂණය පහළ වීම කෙසේ සිදුවන්නක්ද? එය වූකලී අනුකරණයෙන් තොර නිර්මාණ ප්‍රයත්නයේම ඉෂ්ට ඵලයක් මිස අනිකක් නොවේ. භාෂාවට ළැදිව, ඊට සංවේදීව එය ප්‍රගුණ කිරීමෙන් තොරව එකී නිර්මාණ කාර්යය සාර්ථක ලෙස සාක්ෂාත් කරගත හැකි වේද? මෙරට නූතන ලේඛක පරපුරෙහි බොහෝ දෙනෙකු අපගේ පැරණි සම්භාව්‍ය සාහිත්‍ය සේවනය හා භාෂා ප්‍රාගුණ්‍යය කෙරෙහි දක්වන්නේ අතිශය උදාසීන ආකල්පයක් නොවේද? එහි පල වශයෙන් සිදුව ඇති ශීඝ්‍ර සාහිත්‍ය පරිහානිය අනුව ඔවුන්ගේ සාහිත්‍ය රචනා තුළ කවර අනන්‍යතාවක්ද? කවර ස්වතන්ත්‍ර ලක්ෂණයක්ද?
අපගේ පුරාතන සිංහල සාහිත්‍යය යුග වශයෙන් බෙදන කල එහි ප්‍රාරම්භය වශයෙන් විද්වත් සම්මතය වී ඇත්තේ අනුබුද්ධ මහා මහින්ද යතිවරාගමනය සමග සිද්ධ වූ ත්‍රිපිටක ධ
ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රති
කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ.
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් ම
දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ ’පෙරවදන’ නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හෙළ බසට ගිය කල