[ලෝක විශ්‍රැත ඇමෙරිකානු නවකතාකරුවකු වන විලියම් ෆෝක්නර් , [William Cuthbert Faulkner (1897- 1962)] 1949 වසරේදී තමාට සාහිත්‍යය පිළිබඳ නොබෙල් සම්මානය පිරිනැමුණු අවස්ථාවේ පැවැත්වූ දේශනයයි මේ.)
මේ සම්මානය මා කළ මෙහෙවරට මිස පුද්ගලයකු වශයෙන් මට පිරිනැමූවක් ලෙස නොසිතමි. ඒ මෙහෙවර මිනිස් අධ්‍යාත්මයේ වධ වේදනාත් වෙහෙසත් උසුලමින් මුළු ජීවිතය පුරා කරන ලද්දකි. එය කීර්තිය සඳහා කළ එකක් නොවේ. කිසිසේත් ලාභාපේක්ෂාවකින් කරන ලද්දක් නම් නොවේමය. එය කළේ මිනිස් අධ්‍යාත්මය සතු දේ ඇසුරෙන් නුවූ විරූ දෙයක් නිර්මාණය කිරීම පිණිසය.
එහෙයින් මේ සම්මානය මගේ වන්නේ එය මා ගැන විශ්වාසයකින් මට භාර කළ දෙයක් වශයෙන් පමණි. මේ සම්මානයේ ආරම්භක පරමාර්ථයටත් වැදගත්කමටත් ඔබින ලෙස එහි මුදල් පක්ෂය කැප කිරීමේ අවස්ථාවක් සොයා ගැන්ම අමාරු නොවන්නකි. එහෙත් මෙය පිළිගන්නා ගමන්ම එය කිරීමට මම කැමැත්තෙමි. ඒ සඳහා මම මේ මොහොත කඳු මුදුනක් කර ගනිමි. මා වින්දා සේම දුක් පීඩා හා වධ වේදනා ඉවසීමට දැනටමත් කැපවී සිටින තරුණ තරුණියන්ට මේ කඳු මුදුනෙන් නැගෙන මගේ හඬට සවන් දිය හැකිය. අද මා මේ නැගී සිටින තැනට අනාගතයේ යම් දිනක නැගෙන තැනැත්තා දැනටමත් ඒ තරුණ තරුණියන් අතර සිටිනු ඇත.
අද අපගේ ව්‍යසනය පොදු වූත් විශ්ව ව්‍යාපී වූත් ශාරීරික භීතියකි. එය අප කොතරම් කලක් විඳ දරාගෙන සිටියේද කියතොත් දැන් එය ඉසිලිය හැක්කක් බවට පත්ව ඇත. තවදුරටත් අපට අධ්‍යාත්ම ප්‍රශ්න නැත. ඇත්තේ කොයි වේලේ මා සුනුවිසුනු වී යයිද? යන ප්‍රශ්නය පමණි. මිනිස් හදවත තමා සමගම ගැටීම නිසා පැන නගින ප්‍රශ්න අද ලියන කියන තරුණයාට හෝ තරුණියට අමතක වී ඇත්තේ එබැවිනි. යහපත් දෙයක් ලිවිය හැක්කේ ඒ ප්‍රශ්න පාදක කර ගැනීමෙන් පමණි. වටින්නේද ඒවා ගැන ලිවීමමය. වධ වේදනා හා වෙහෙස විඳීමට වටින්නේ ද ඒවා ගැන ලිවීමටමය.
ඔවුන් විසින් ඒ ප්‍රශ්න නැවත හැදෑරිය යුතුය. එසේම සියල්ල අතරින් අන්තිම අධම දෙය නම් බිය පත්වීම බව තමාටම ඉගැන්විය යුතුය. එසේ උගන්වා එය සදහටම අමතක කර දැමිය යුතුය. හදවතට අයත් ඉපැරණි ගුණදහම්වලට සහ ඉපැරණි විශ්ව මනු දහම්වලට හැර අන් කිසිවකට තමාගේ ලේඛන කුටියේ කිසිම ඉඩක් නොදිය යුතුය. ප්‍රේමය , ගෞරවය , දයාව , අභිමානය , කරුණාව සහ පරිත්‍යාගය වැනි ඒ ඉපැරණි ගුණදහම් හා මනු දහම්වලින් තොර වූ කල කුමන කතාවක වුව ආයුෂ කෙටිය. විනාශය නියතය. එසේ කරන තෙක් ඔවුන් ලිවීමෙහි යෙදෙන්නේ සාප ලද්දන් ලෙසිනි. ප්‍රේමය වෙනුවට තණ්හාව ගැන ලියති. වටිනා කිසිවක් කිසිවකුට අහිමි නොවන පරාජයන් ගැන ලියති. කිසිම බලාපොරොත්තුවක් තැබිය නොහැකි ජයග්‍රහණයන් ගැන ලියති. සියල්ලටම වඩා නරකම දෙය දයාවෙන් හෝ කරුණාවෙන් හෝ තොරව ලිවීමයි. ඔවුන්ගේ දුක විශ්ව සාධාරණ වූවක් නොවේ. එබැවින් ඒ දුකෙන් බිඳක්වත් අප සිත්හි නොරඳයි. ඔවුන් ලියන්නේ ග්‍රන්ථි (Glands) ගැන මිස හදවත ගැන නොවේ.
මේවා නැවත ඉගෙන ගන්නා තුරු ඔවුන් ලියනු ඇත්තේ මිනිසුන් අතරම හිඳ මිනිසාගේ අවසානය දෙස බලා සිටියාක් මෙනි. මිනිසාගේ අවසානය පිළිගැනීම මම පිළිකෙව් කරමි. පැවැත්මක් ඇති නිසාම මිනිසා අමරණීය යැයි කීම ඉතා පහසුය. රත් පැහැ ගැනී මිය යන අවසන් හැන්දෑවේ දෛවයේ අවසන් සීනු නාදය අවසන් ගිරගින් මැකී ගිය පසුත් තව කටහඬක් ඇසේලු. එය මිනිසාගේ නොනැසෙන කටහඬලු. මම එය නොපිළිගනිමි. මගේ විශ්වාසය අනුව නම් මිනිසා හුදෙක් පැවැත්මක් ඇත්තෙක් පමණක්ම නොවේ. ඔහු ජය ලබන්නෙක්ද වෙයි.
මිනිසා අමරණීය වන්නේ සත්වයන් අතර ඔහුට පමණක් නොනැසෙන කටහඬක් ඇති නිසා නොවේ. කරුණාව , පරිත්‍යාගය හා ඉවසීම උරුමකොට ගත් අධ්‍යාත්මයක් ඔහු සතුව පවත්නා නිසාය. කවියාගේ ලේඛකයාගේ යුතුකම වන්නේ මේ දේවල් ගැන ලිවීමය.
මිනිසාගේ අතීත ධන නිධාන වූයේ ධෛර්යය , ගෞරවය , බලාපොරොත්තුව , අභිමානය, කරුණාව , දයාව , පරිත්‍යාගය ආදියයි. ඒවා සිහිපත් කරදී ඔහුගේ හදවත ඔසවාලීමෙන් මිනිසාගේ පැවැත්මට උපකාර කිරීම කවියාගේත් ලේඛකයාගේත් වරප්‍රසාදය වන්නේය. කවියාගේ හෝ ලේඛකයාගේ කටහඬ මිනිසා පිළිබඳ හුදු වාර්තාවක් නොවී ඔහුගේ පැවැත්මටත් ජය ගැනීමටත් උපකාර කළ හැකි රුකුලක් හෝ ටැඹක් හෝ විය යුතුය.
නිමි
විලියම් ෆෝක්නර් (1897 - 1962) දිවි පවත.
ලෝක පූජිත ඇමෙරිකානු නවකතාකරුවෙකු වන විලියම් ෆෝක්නර් මිසිසිපි ප්‍රාන්තයේ නිව් ඇල්බනිහිදී උපන්නේ 1897 සැප්තැම්බර් 25 වැනිදාය.පශ්චාත් ප්‍රාථමික පාඨමාලා අධ්‍යාපනයෙන් පසු ඔහු ටික කලක් සිය සීයාගේ බැංකුවේ වැඩ කළේය. මිසිසිපි විශ්ව විද්‍යාලයට ඇතුළු වුණු ඔහු අවුරුදු දෙකකට පසුව පළමුවැනි ලෝක යුද්ධය පටන් ගැනීමත් සමගම ඉන් අස් විය. ඔහු විශ්ව විද්‍යාලයේ සිටියදී කවි ලිවීමට පටන් ගත්තේය.This Earth සහ The Green Bough ඔහුගේ කාව්‍ය කෘතිය.
පළමුවැනි ලෝක යුද්ධයේදී ඔහු රාජකීය ගුවන්හමුදාවේ ලුතිනන් වරයෙකු වශයෙන් සේවය කළේය. යුද්ධය නැවතීමෙන් පසු මිසිසිපි ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ්හි තම මහගෙදරට ආපසු ගිය ඔහු අවුරුදු කීපයක් යනතුරුම තීන්ත ගාන්නෙකු , කඩදාසිවලින් බිත්ති සරසන්නෙකු හා වඩුවෙකු වශයෙන් විවිධ රස්සාවල නිරතව සිටියේය..
විලියම් ෆෝක්නර් තම ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ තමා උපන් මිසිසිපි ප්‍රාන්තයේමය. ඔහුගේ කෘතිවලදී හමුවන ජෙෆර්සන් නගරය තමා ස්ථිරව වාසය කළ ඔක්ස්ෆර්ඩ් නගරයේ සාහිත්‍ය සංකේතයකි.
විවිධ රස්සාවල යෙදෙමින් සිටිය ඔහු මෙක්සිකෝ මුහුදු බොක්කේ මාළු ට්‍රෝලරයක සේවක කණ්ඩායමට බැඳුණි. අනතුරුව නිව් ඕලියැන්ස්හි පුවත්පත් කටයුතුවලට පිවිසුණි. Soldier's Pay (1926) නමැති තම පළමුවැනි නවකතාව ඔහු ලියුවේ එහිදීය. ඉන්පසු අත්ලාන්තික් වෙළඳ බඩු නැව්වල සේවය කළ ඔහු අන්තිමේදී ඔක්ස්ෆර්ඩ් ගොස් 1929 අවුරුද්දේ විවාහ විය.පසුව විදුලි බලාගාරයක අඟුරු ඔසවන යන්ත්‍රයක රෑ වැඩමුරයක යෙදෙමින් සිටියදී ඔහු As I lay dying (1930) නමැති නවකතාව වචනයක්වත් වෙනස් නොකරමින් ලියුවේ මැදියම් රැයත් පාන්දර 4ත් අතරතුර කාලයේය.
The Sound and the Fury (1929),
Light in August (1932),
The Wild Palms,
Absalom Absalom (1936) යන නවකතාද
Go down Moses සහ These Thirteen යන කෙටි කතා සංග්‍රහ දෙකද ඔහුගේ සෙසු කෘති අතර වෙයි. ඔහුගේ Sanctuary නමැති නවකතාව පළමු වරට පළ වූයේ 1931 අවුරුද්දේය.1949 අවුරුද්දේ ඔහුට නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනමන ලදී. 1955 අවුරුද්දේ ඔහුට තම A Fable (1954) නමැති කෘතියට පුලිස්ටර් ත්‍යාගය (ඇමෙරිකානු සාහිත්‍ය ත්‍යාගයකි) ලැබුණි.
විලියම් ෆෝක්නර්ගේ The Sound and the Fury (1929) , Absalom Absalom (1936) සහ Light in August (1932) යන කෘති බොහෝ විචාරකයන් සලකන්නේ ඇමෙරිකානු සාහිත්‍යයේ බිහිවුණු විශිෂ්ට නවකතා ලෙසිනි.
1962 ජූලි 06වැනිදා බයිහලියාහිදී මිය යන විට ඔහු 65 වියෙහි පසු විය.
1949 අවුරුද්දේ තමාට සාහිත්‍යය පිළිබඳ නොබෙල් සම්මානය පිරිනමන ලද අවස්ථාවේ එය පිළිගනිමින් විලියම් ෆෝක්නර් පැවැත්වූ මේ සම්මාන දේශනයද දැන් සම්භාව්‍ය කෘතියක් බවට පත්ව ඇත.
සාහිත්‍යය හා දේශපාලනය විෂය කර ගනිමින් ලේඛන කාර්යෙහි නිරත වත්මන් බොහෝ සිංහල ලේඛකයෝ උග්‍ර රෝග දෙකකට ගොදුරුව සිටිති.
භද්‍ර යෞවන වියෙහි කල් ගෙවන සුකුමාරමතික ප්‍රේමවන්තයන්ගේ ප්‍රේම අල්ලාප සල්ලාප රසාලිප්ත කොට වර්ණනා කිරීම සාහිත්‍ය නිර්මාණකරුවෙකුට මිස හුදු වාර්තාකරු
අපගේ පුරාතන සිංහල සාහිත්‍යය යුග වශයෙන් බෙදන කල එහි ප්‍රාරම්භය වශයෙන් විද්වත් සම්මතය වී ඇත්තේ අනුබුද්ධ මහා මහින්ද යතිවරාගමනය සමග සිද්ධ වූ ත්‍රිපිටක ධ
ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රති
කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ.
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අපරාජිත මිනිසා විලියම් ෆෝක්නර්