බුදු දහමට විරුද්ධ බලවතුන් අතට ඉන්දියාවේ බලය පත්වීමේ අනිෂ්ට ප්‍රතිඵලය වූයේ නොයෙක් ජාතීන්ට අයත් බෞද්ධ ජනයා 'අඡූත' මිනිසුන් කොට්ඨාසයක් ලෙසට බලයෙන් වර්ගීකරණය කිරීමය. 'අඡූත' යන වචනයේ තේරුම 'ස්පර්ශ නොකළ යුතු' යන්නය. 'අතින්වත් නොඇල්ලිය යුතු තරමට පිළිකුල් කළ යුතු' යනු එහි සරල අදහසයි. එය ඉංග්‍රීසි බසින් untouchable යනුවෙන් හැඳින්වේ. බමුණන්ගේ මනු නීතිය අනුව ඉන්දියානු සමාජයේ මිනිස් වර්ගයා කුල සතරකට බෙදා ඇත. එය 'චතුර් වර්ණ භේදය' නමින් දැක්වේ. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනු ඒ සතරයි.
ශාස්ත්‍ර ඒකාධිපතියෝ බ්‍රාහ්මණයෝය. රාජ්‍ය පාලනය ක්ෂත්‍රියයන්ගේම භුක්තියකි.වෙළඳ ඒකාධිකාරය වෛශ්‍යයන් සතු උරුමයකි. ශුද්‍රයෝ අර තුන් ගොල්ලන්ගේම දාසයෝ වෙති. 'අඡූත' නමින් හැඳින්වෙන්නේ ශුද්‍රයන්ටත් වඩා පහත්ම පහත් ලෙස සැලකෙන ජන කොට්ඨාසයකි. අන් කිසිම කුලයකට අයත් මිනිසුන් විසින් අතින්වත් ස්පර්ශ කිරීමට තරම් නොවටිනා ගර්හිත, අධම, තුච්ඡ මිනිස් වර්ගයක් ලෙසිනි 'අඡූත' ජන කොට්ඨාසය සැලකුණේ.
ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ 'මහාර්' නමින් හැඳින්වෙන්නේ එවැනි එක් 'අඡූත' ජන වර්ගයකි. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවර ආචාර්ය භීමරාවෝ රාම්ජී ආම්බෙඩ්කර් 1891 අප්‍රේල් 14 වැනි දා උපත ලැබුවේ කොංකණ ප්‍රදේශයේ එක්තරා 'මහාර්' පවුලක දරුවෙකු ලෙසිනි. කුඩා කල දිනක් ඔහු කෙස් කපා ගනු පිණිස කරණවෑමියා වෙත ගියේය. අඡූතයෙකැයි ඔහු එලවා දැමුණි. පාසලේ සියලු ළමයින් ඉගෙන ගත්තේ බංකුවක වාඩිවී පොත්පත් මේස උඩ තබාගෙනය. කුඩා ආම්බෙඩ්කර්ට වාඩි වීමට සිදු වූයේ පැදුරක් මතය. අනෙක් ළමයින් ක්‍රිකට් ආදී ක්‍රීඩාවල යෙදෙන දෙස හිත වාවාගෙන බලා සිටීමට පමණක් ඔහුට සිදු විය. පයිප්පය අතින් ඇර වතුර බීම ඔහුට තහනම් වූ නිසා ඔහුට පවස නිවා ගත හැකි වූයේ අනිත් ළමයින්ගේ අතින් ඇරුණු පයිප්පයෙනි. වරක් පින් තාලියකින් වතුර බීමට ගිය ඔහුට හොඳටම ගුටි බැට කෑමට සිදු විය.දිනක් ඔහුට හදිසි ගමනක් යෑමට අවශ්‍ය විය. කිසිම කරත්ත කාරයෙක් ඔහු රැගෙන යෑමට ඉදිරිපත් නොවීය. ආම්බෙඩ්කර් ස්වභාවයෙන්ම ආත්මාභිමානී චරිතයකි. මෙවැනි වෙනස් සැලකීම් හා තවත් එවැනි අමිහිරි අත්දැකීම් නිසා ඔහුගේ උදාර චරිත පෞරුෂ්‍යය බ්‍රාහ්මණයන්ගේ මනුෂ්‍ය ද්‍රෝහී චතුර් වර්ණ ව්‍යවස්ථාවට පරම හතුරු බුද්ධි බලවේගයක් බවට පත් වූයේ ඉබේය.
කෘෂ්ණා ජී කේලුස්කර් ආචාර්යවරයා හමුවීම ආම්බෙඩ්කර්ගේ ජීවිතයේ ඥාන අරුණෝදය විය. ඔහු මැට්‍රික් විභාගය සමත් වීම එහි ඉෂ්ට පලයකි. වරක් බොම්බායට පැමිණි විද්‍යාප්‍රේමී සයාජීරාව ගායක්වාඩ් මහා රාජා මෙසේ ප්‍රකාශයක් කළේය.
"මම බුද්ධිමත් අඡූත ශිෂ්‍යයෙකුට ආර්ථික වශයෙන් උදව් කිරීමට කැමතියි!"
කේලුස්කර් ආචාර්යවරයා ආම්බෙඩ්කර් රැගෙන මහා රාජා වෙත ගොස් ඔහුගේ පොරොන්දුව ඉටු කරවා දුන්නේය. එහි පලය වූයේ ආම්බෙඩ්කර් B.A විභාගය සමත් වීමය. තවත් වරක ඔහු බඩෞදාහි නරේන්ද්‍ර හමුවීමට ගියේ තම නිවාස ප්‍රශ්නය හා භෝජන ප්‍රශ්නය විසඳා ගැන්මටය. එහිදී නරේන්ද්‍රයා ඔහුගෙන් වෙනත් ප්‍රශ්නයක් ඇසීය.
"මම ඔබ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ඇමෙරිකාවට යැවීමට බලාපොරොත්තු වෙනවා.ඔබ ඒකට කැමතිද?"
"ඔබ උදව් කරනවා නම් මම කැමතියි!"
දැන් ආම්බෙඩ්කර් ඉන්දියාවේ නොව ඇමරිකාවේය. ඉන්දියාවේ අඡූත වසංගතය එහි නොවීය.සියලු ශිෂ්‍යයෝ සමානයෝය.කොලම්බියා විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්ය සෙලිග්මාන් තම ශිෂ්‍ය ආම්බෙඩ්කර් ඇගැයුයේ මෙසේය.
"ඇමෙරිකාවේ ශිෂ්‍යයන් අතර පවා ඔහු වැනි ශිෂ්‍යයෙක් නැත."
වසර දෙකකට පසු ආම්බෙඩ්කර්ට M.A උපාධිය ලැබුණ අතර නොබෝ කලකින් ඔහු P.H.D එනම් ආචාර්ය උපාධියද අත් පත් කර ගති. බොම්බායේ සිඩේන්හැම් කොලීජියේ හා සෙන්ඩ්හස්ටේ කොලීජියේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්ය පදවි දැරූ ආම්බෙඩ්කර් යළි ලන්ඩනයට හා ජර්මනියට ගොස් නව උපාධි ලබා ඉන්දියාවට පැමිණියේය. දැන් ඔහු M.A , P.H.D , D.S.C , Barrister at Law යන උපාධි සියල්ලම දිනා ගත්තෙකි.
අර්ථශාස්ත්‍රය , නීතිය සහ ආණ්ඩුක්‍රම විෂය පිළිබඳ විශාරද බුද්ධිමතෙක් වූ ආචාර්ය ආම්බෙඩ්කර් ශ්‍රී ජවහර්ලාල් නේරු අග්‍රාමාත්‍යවරයාගේ පළමු වැනි අමාත්‍ය මණ්ඩලයේ නීතිය හා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය වරයා විය. ඉන් පසු ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සඳහා පිහිටු වූ කොමිටියේ සභාපතිත්වය දැරීමේ ගෞරවයද ඔහුටම අත් පත් වූයේ ඔහු තුළ පැවැති ආණ්ඩු ක්‍රම විෂය විශේෂඥ භාවය නිසාමය. 1956 දෙසැම්බර් 06 වැනිදා නව දිල්ලියේදී දිවංගත වූ ඔහු තම ජීවිතයේ අවසාන භාගයේදී කුල පීඩනයට අනුබල දුන් හින්දු සමය අත හැර කුලවාදය පිටු දුටු සමානාත්මතා දහමක් වන බුදු සමය වැලඳ ගත්තේ පන් ලක්ෂයකට අධික තම අඡූත ජනයා සමගිනි.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කොමිටියේ සාමාජිකයන් හය දෙනෙකු සිටිය මුත් එහි සම්පූර්ණ නිර්මාණ කාර්යය තනියම කිරීමට සිදුවූයේ ආම්බෙඩ්කර් ආචාර්යවරයාටය. හය දෙනාගෙන් එක් අයෙක් මිය ගියේය. තවෙකෙක් ඇමරිකාවට ගොස් සිටියේය. අනිකෙක් වෙනත් නොයෙක් රාජකාරිවල පැටලී සිටියේය. දෙදෙනෙක් දිල්ලියෙන් ඈතින් ඈත සිටීම කරණ කොට ගෙන විශේෂ සහභාගිත්වයක් දැක්වීමට අසමත් වූහ.
ආචාර්ය ආම්බෙඩ්කර් තම පරම පරිශ්‍රමයෙන් සම්පාදනය කළ ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිටපතට සූචි 08ක් සහ වගන්ති 315ක් ඇතුළත් විය. 1948 නොවැම්බර් 04 වැනිදා එම පිටපත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරමින් ආම්බෙඩ්කර් ආචාර්යවරයා පැවසූ මේ වදන් අසත්වා!
"මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට කුමක් හෙයින් පැමිණියෙම්ද? හුදෙක්ම අඡූත ජනයාගේ යහපත ආරක්ෂා කිරීම සඳහාය.
"නිදහස ,සමානත්වය හා සහෝදරත්වය මත ස්ථාපනය වී ඇති ජීවනයම ප්‍රජාතන්ත්‍රය වශයෙන් හැඳින්වේ. ඉන්දියාවේ සමානත්වය සම්පූර්ණයෙන්ම දක්නට නොලැබේ. දේශපාලනයෙහි අපට සමානත්වයක් ලැබී ඇති මුත් සාමාජික මෙන්ම ආර්ථික ජීවනයේ විෂමතාවයම දක්නට ලැබේ.
"අද 'අපි එක රටක්වෙමු' යි
අපිම කියා ගනිමු නම් එය සමහර විට ආත්ම වංචාවක් විය හැකිය. ජාති , උප ජාති දහස් ගණනකට බෙදුණ රටක් එක රටක් විය හැක්කේ කෙසේද? එබඳු සියලු බාධාවන් දුරු කර අපි එක ශක්තිසම්පන්න රටක් සෑදිය යුත්තෝ වෙමු!"
ස්වකීය මාතෘ භූමියේ වෙසෙන ජනයා පමණක් නොව සකල ලෝකයේම වෙසෙන ජනයාද ශීර්ෂ ප්‍රණාමයෙන් සදා සිහි කරන ආචාර්ය භීමරාවෝ රාම්ජී ආම්බෙඩ්කර් නම් අභීත මානව ප්‍රේමියා එදා තමා විසින් නිර්මිත ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කොට තිරසර නීතියක් බවට පත් කරන ලද 16 ,17 , හා 244-244 A යන අගනා වගන්ති නොවන්නට මෙදා ආදිවාසී කාන්තාවක වන ද්‍රෞපදී මුර්මු මහත්මාව හට පමණක් නොව පහත් යැයි සම්මත කුලයකට අයත් සෑම පුද්ගලයෙකුටම ඉන්දියාවේ පරමෝත්තම තානාන්තරය වන රාෂ්ට්‍රපති පදවි ප්‍රාප්තිය හුදු සිහිනයක්ම වනු ඒකාන්තය.
මෙන්න එම අනගි වගන්ති දෙක:
(16) වැනි වගන්තිය:
ජනතාවට රැකියා සැපයීමේදී සමාන අවස්ථා සැලසීම.
(17) වැනි වගන්තිය:
අඡූත (ස්පර්ශ නොකළ යුතු) ජන වර්ග වාදය (untouchability) අහෝසි කිරීම.
(244-244 A) වැනි වගන්තිය:
සමාජ අසාධාරණයට ලක් වූ ජන කොට්ඨාසවල හා ආදිවාසී ජනයාගේ මානව හිමිකම් සුරැකීම.
සාහිත්‍යය හා දේශපාලනය විෂය කර ගනිමින් ලේඛන කාර්යෙහි නිරත වත්මන් බොහෝ සිංහල ලේඛකයෝ උග්‍ර රෝග දෙකකට ගොදුරුව සිටිති.
භද්‍ර යෞවන වියෙහි කල් ගෙවන සුකුමාරමතික ප්‍රේමවන්තයන්ගේ ප්‍රේම අල්ලාප සල්ලාප රසාලිප්ත කොට වර්ණනා කිරීම සාහිත්‍ය නිර්මාණකරුවෙකුට මිස හුදු වාර්තාකරු
අපගේ පුරාතන සිංහල සාහිත්‍යය යුග වශයෙන් බෙදන කල එහි ප්‍රාරම්භය වශයෙන් විද්වත් සම්මතය වී ඇත්තේ අනුබුද්ධ මහා මහින්ද යතිවරාගමනය සමග සිද්ධ වූ ත්‍රිපිටක ධ
ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රති
කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ.
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආම්බෙඩ්කර්ගේ මානුෂික ව්‍යවස්ථාව