දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ 'පෙරවදන' නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මට ඒ සඳහා ලැබෙන නවකතා, කෙටි කතා, නාට්‍යය, කවි වැනි නිර්මාණාත්මක සාහිත්‍ය රචනා මෙන්ම විවිධ විෂයන් අළලා ලියැවුණු වෙනත් පොතපතද කියවීමට සිදුවුණි. මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ එකී පොත්පත්වල නිර්මාණාත්මක පක්ෂය හෝ ශාස්ත්‍රීය පක්ෂය විවරණය කිරීමක් නොවේ. සාහිත්‍ය රචනාවලදී මෙන්ම ශාස්ත්‍රීය ලේඛනවලදීද වර්තමාන ලේඛකයන් තම භාෂා භාවිතයෙහිලා ප්‍රකට කරන ප්‍රධාන දුබලතාව කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීම, එනම් භාෂාවට සංවේදී නොවීමේ අනිෂ්ට ප්‍රතිඵල සනිදර්ශනව සසාධකව සැකෙවින් පෙන්වා දීම මෙහිලා මගේ එකම අභිලාෂය වේ.
වසර දෙදහස්පන්සිය ගණනක් තිස්සේ වැඩී ආ දියුණු සාහිත්‍යයක භාෂාවක් උරුම කොටගත් සංස්කෘතියක් සිංහලයන් සතුව පවත්නා බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එවැනි දියුණු සාහිත්‍යයක භාෂාවක් පහළ වූයේ සිංහල භාෂාවේ ව්‍යංජනා ශක්තිය හෙවත් හැඟීම් දැනවීමේ ශක්තිය හොඳින් වටහාගෙනම භාෂාව භාවිතයට ගත් හෘදය සංවේදී සාහිත්‍යකරුවන් පිරිසක් අතීතයේ විසූ හෙයිනි. එය මනාව සනාථ කරන නිදර්ශනයක් 10 වන සියවසේ මුල කේරළයේ් රජකම් කළ ප්‍රශස්ත සංස්කෘත කවියෙකූ මෙන්ම විචාරකයෙක්ද වූ රාජශේඛර රජු විසින් විරචිත 'බාල රාමායණ' කාව්‍යයෙහි දක්නට ඇත. එය මෙසේය.
ජනශ්ච වාග් සුධා සූතිර්
මණි සූතිශ්ච රෝහණඃ
නාන්‍යත්‍ර සිංහල ද්වීපාන්
මුක්තා සූතිශ්ච සාගරඃ
( 'බාල රාමායණය' - 10 සර්ගය -19 ශ්ලෝකය.)
දනගෙන් අම බස් වැගිරෙන රුහුණෙන් මිණි කැට බිහිවෙන සයුරෙන් මුතු ඇට මතුවෙන
හෙළදිව හැර නැත වෙන තැන
'සුධා' යනු සංස්කෘත භාෂාවෙන් 'අමෘතය' යන අර්ථ වාචී වෙයි. 'වාක් සුධා' යනු වචන නමැති අමෘතයයි. දේව කතා සාහිත්‍යය අනුව 'අමෘතය' දෙවියන්ගේ ආහාරයයි. එය පහළ වූයේ වෙණු දෙවි කිරිමුහුද කැලඹූ අවස්ථාවේ එහි පත්ලෙනි. එය පානය කොට සුරයෝ හෙවත් දෙවියෝ අමරණීය වූහ. 'අමෘත' ශබ්දයේ නිරුක්ත්‍යර්ථය නොමැරෙන යනුයි. දෙවියන් අමරණීය වූයේ අමෘතය පානයෙනි. සාහිත්‍යකරුවන් අමරණීය වන්නේ වාග් අමෘතය භාවිතයෙනි. එනම් අමාව වැනි මධුර මනෝහර බසින් කරන භාෂණයෙන් හා ලේඛනයෙනි. 10 සියවසේ කේරළයේ රාජ්‍යය විචාළ කීර්ති ධර රාජශේඛර කිවිඳුන් වාක් සුධාව හෙවත් වදන් අමාව ඇති ජනයා වශයෙන් මහත් සේ ප්‍රශංසාවට හා සම්භාවනාවට පාත්‍ර කළේ අනුරාධපුර යුගයේ සිංහල ද්වීපයේ ධරමාන සිංහල හා සංස්කෘත සාහිත්‍යකරුවන්ය. විශේෂයෙන් කවියන්ය. එය සිංහල කවියා ලැබූ ප්‍රථම විශ්ව සම්මානය සේ සිතම්හ. මෙලක මෙකල වන විට අමාවන් සිංහල බසින් සදා නොමියෙන කතා ලිවීමට කවි ලිවීමට උපනිශ්‍රය ඇති ලේඛක පරපුර කෙමෙන් වියැකී යාම තරම් අති ඝෝර සංස්කෘතික විපතක් ජාතික ව්‍යසනයක් තවත් ඇද්ද?
දැනට අපට හමුව ඇති පැරණිම සිංහල සාහිත්‍ය ග්‍රන්ථය
'සියබස්ලකර' ය. එය ක්‍රි:ව: 831 සිට 851 දක්වා 20 වසක් අනුරාධපුරයෙහි රජකළ පළමු වන සේන හෙවත් ශිලා මේඝවර්ණ රජුගේ කෘතියකි. ඔහු එහිලා භාෂා භාවිතයේ මහිමය දක්වා ඇත්තේ මේ ගීයෙනි.
ගවඟන ව්‍ෙ පසස්
නදා බස් කැරැ සකස්
පියසුව හට එ අන් හට
ගව බැව් මැ හුදු සාදා
('සියබස් ලකර' - 1 සග - 7 ගීය)
"හොඳට සකස් කර ගත් බසකින් යමක් පැවසූ ලේඛකයාට, බස, තමා සිතූ පැතූ දේ ඉටු කරදෙන සුරබි දෙනක් වේ. එසේ සකසා නොගත් බසකින් යමක් පවසන ලේඛකයාට එමගින් තමා සිතන පතන දේ ඉටු කරගනු බැරි වෙයි. බස නිකම්ම නිකම් ගොනෙකු පමණක් වන බැවිනි."
'සියබස් ලකර' කතුවරයා, බස සකසාගෙනම යමක් පැවසිය යුතු යැයි කියන්නේ ඇයි? එසේ කළ කල්හිම ලේඛකයාගේ සිතුම් පැතුම් ඉටු වන බවක් කියන්නේ ඇයි? බසට සංවේදීව බසෙහි ව්‍යංජනා ශක්තිය වටහාගෙනම එය වහරට නොගතහොත් ඊට සංවේදී වීමට එය අසන කියවන ජනයා අසමත් වන නිසා නොවේද?
වත්මන් සිංහල ලේඛක බස සුරබි දෙනක කොටගෙන ඇති අවස්ථාත් එය තනිකරම ගොනෙකු බවට පත් කරගෙන ඇති අවස්ථාත්
සංසන්දනාත්මක නිදසුන් කීපයක් මගින් ඔබට ඒත්තු ගැන්වීම පහසු වේ යැයි හඟිමි.
පහත දැක්වෙන නිදසුන් මගින් විශද වන්නේ නූතන ලේඛකයන් කීප දෙනෙකු තම හැඟීම් ප්‍රකාශ කිරීමෙන් පාඨකයන්ගේ හැඟීම් පුබුදු කිරීමට දැරූ ප්‍රයත්නයේදී තම තමන් අතෙහි බස සුරබි දෙනක හා හුදු ගොනෙකු බවට පත්ව ඇති දෙයාකාරයයි.
ලේ්ඛකයන් සතර දෙනෙකු තම පොත් පිරිනැමීම සඳහා ලියූ සමර්පණ පාඨ පහත දක්වමි. ඔවුන් එකිනෙකාගේ අදහස් ප්‍රකාශනය හා භාෂා භාවිතය සසඳා බලත්වා!
පළමුව දෙමාපියන්ට පිදීම සඳහා ලියූ පාඨ යුගලයකි.
"රත්තරන් අම්මාට,
"මුල්ලේගම නම් වූ මේ ගමේම ඉපිද අසීමිත දරු සෙනෙහසින් අප ඇති දැඩි කර යහ මගට යොමු කොට මුල්ලේගම කටුකුරුඳු හේන කනත්තේම මිහිදන් වූ මේ ලෝකේ හොඳම අම්මා වන මගේ රත්තරන් අම්මාගේ ශ්‍රී නාමයට මගේ මේ ව්‍යායාමය පූජෝපහාරයක් වේවා!"
( මා ළමා කාලයේ මගේ ගම - අමරදාස ගුණවර්ධන)
"මා මෙලොවට බිහිකළ තාත්තාගේ ශුක්‍රාණුවටත් අම්මාගේ ඩිම්බකෝෂයටත්."
(එක්තරා නවකතාවක හමුවුණකි.)
මේ බිරිඳ සඳහා ලියූ උභය පාඨයකි.
"මිහිතලය වටා වැවෙන වැඩෙන ළා දලුවල සිහින් පිණි බිඳු තවරමින් පැතිරෙන සඳ එළියේදීත් ධාරානිපාත මහ වැසි වසින මැදියම් රැයේ් අඳුරු වන ගැබේ නැඟෙන විදුලි එළියේදීත් ඈත අඳුරු රේඛාව තෙක් පාළු බව විහිද ගිය සහන් එළියේදීත් පහන් තරුවේ කැල්මෙන් සේදී යන ප්‍රභාතයේ උදය ගිර සරස් වලාකුට මතුපිට පෑ වර්ණ රංගනයේදීත් මා එකතු කරගත් මිහිර සඟවා තැබූ සෞන්දර්ය ගබඩාවේ මිණි රුවන් කැලුම් මතු කොට ඔප ගන්වන මගේ ප්‍රියාව වූ ශ්‍රීමති වසන්තාගේ චාරු මන්දස්මිතයට මේ පොත උපහාරයක් වෙයි."
(ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ - 'කෝමල රේඛා" පොතේ උපහාර පාඨය.)
"අත්‍යන්ත ආදරයෙන් පුරා විසි වසරක් තුළ අනුපමේය මෙහෙයක් කළ මගේ හෘද සැත්කමේදී මනුෂ්‍යත්වයේ ආදීනව ලොවට පසක් කළ යකඩ ගැහැනිය මගේ ආදරණීය නෝනිට මෙම පොත් පිංච උපහාරයක් වේ."
('හත් අවුරුද්ද' නවකතාවේ පිදුම - දීපාල් ප්‍රනාන්දු.)
භාෂාවේ ව්‍යාකරණ සිද්ධාන්ත අනුව ක්‍රියා කාරක පද සම්බන්ධයෙන් තොර වූ වාක්‍යය අපභ්‍රංශ වාක්‍යයක් බවට පත්වෙයි. එමගින් ප්‍රකාශ වන අර්ථය නිරවුල්ව ප්‍රකාශ නොවන හෙයිනි.එය සැලකෙන්නේ අව්‍යක්ත භාෂා භාවිතයක් ලෙසිනි. සංස්කෘත භාෂාවේ එන 'ව්‍යක්ත' ශබ්දයෙහි අර්ථය වූකලී 'පැහැදිලි බව' යනුයි.ඒ අනුව 'අව්‍යක්ත' යනු නොපැහැදිලි බවය.
ලේඛකයන් කීප දෙනෙකු විසින් රචිත , සම්මාන ලත් නොලත් නවකතාවලින් උද්ධෘත ආඛ්‍යාන පාඨ කීපයක් පහත දැක්වේ. මා නිදසුන් ලෙස ඉදිරිපත් කරන මෙම නවකතා ආඛ්‍යාන පාඨ , අභිමත අර්ථ නිරවුල්ව පැහැදිලිව ප්‍රකාශ කිරීමට සමත්ව ඇද්ද යන්න ඒවා තුලනාත්මකව කියවීමෙන් ඔබටම පසක් කර ගත හැකි වනු ඇත.
පළමුව රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් හොඳම නවකතාවලින් ගත් පාඨ කීපයක් නිදසුන් කොට ගනිමි.
"අවුරුදු තුනේදී මගේ ඔලුවට දෙල් ගෙඩියක් වැටිල මට මාවම දෙන්නෙක් වෙලා පේන්න පටන් ගත්තු එකෙන් ඉපදෙන්න අකමැතිව මං ඇතුළෙම හැංගිලා ගිය නිවුන්නා තාමත් ඉන්න බව මට හිතෙන්න පටන් ගත්තා...."
".....ඒ මෛත්‍රිය න්‍යායවාදී ලෙසක් රූපවාහිනී හා ගුවන්විදුලි දේශනාවලටත් එපිට සැබෑ ප්‍රායෝගික තලයකට ගෙන එන්නේ කෙසේද කියන අභියෝගය තුළ මේ පොදු වේදනාවට සැනසීමක් තිබිය නොහැකිද?"
"අම්මාගෙ ගෙදර ලොකු රවුම් කුළුණු තියෙන පළල ඉස්තෝප්පුවෙන් සාලයක් බවට පත් කළ දිග නිදන කාමරයක් කලකට ඉස්සර තිඹිරි ගෙයක්ව තිබිලා පසුව නිදන කාමරයක් බවට පත් කරමින් කුඩා ජනේලය කඩලා විශාල වීදුරු ජනේලයක් එකතු කළ යාබද නාන කාමරයක් තියෙන නිදන කාමරයක් එක්ක කුස්සියක් බවට පත් කළ ගබඩා කාමරයක් තියෙනවා."
"මේසෙ යට නින්දකට වැටිල හිටිය වර්ණාසි හීනෙන් දකිමින් හිටියෙ මහ ගෙදර සාලෙන් දකුණු පැත්තට විවර වෙන එක දොරකින් දිග කෑම කාමරේට ගිහින් කවදාවත් නොකපපු උපන් කොණ්ඩෙ දිගට දිගේ කරල් දෙකට වන වනා දොළොස් දෙනෙකුට වාඩිවෙන්ඩ පුළුවන් බිත්තර හැඩේ කළු මේසෙ වටේ දුවන පුංචි ගෑනු ළමයෙක්වයි."
"මේ සිදුවීමෙන් තවත් තෙදිනකට පසු ඔවුහු යළිත් පැමිණ තිබිණ."
"මෙසේ ඔවුන්ද එසේ කුමාරරත්නම්ලා හැර දා අනාථ කඳවුරෙන් පිටත්ව ගිය පසුව ඉනික්බිති කඳවුරෙහි ගත කළ ඊළඟ මාසය තුළ කඳවුරෙහි සිටි තවත් බොහෝ පිරිස්ද කෙමෙන් කඳවුර හැර දා කොහි හෝ තම තමන්ට රැකවරණයක් ලැබිය හැකි ස්ථාන කරා පිටත්ව යන්නට වත් දී ඉතිකින් දැන් ඉතින් ඔවුන් කුමක් කළ යුතුදැයි කුමාරරත්නම්ලා සිතන්නට වන්හ."
රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමීම සඳහා නුසුදුසු යැයි ප්‍රතික්ෂේප කළ නවකතාවකින් උද්ධෘත ආඛ්‍යාන පාඨයකි මේ.
".....හිරු එළියේ දිදුලන මත්ස්‍ය වරල් දෙස, හිරුට මුකුළු කරමින් රඟ දෙන කුසුම් කැන් දෙස ඔහු ප්‍රමුදිතව බලා සිටියේය. මල් මකරන්දයට වහ වැටුණු බඹරුන්ගේ සන්ධ්වනිය, ගහකොළවල ප්‍රමෝදය, සුදු වලාකුළුවල කැටිවුණ ජීවය ඔහු තුළටද කාන්දුවෙමින් පැවතිණ. ඔහු බොහෝ වේලාවක් සවන් යොමු කර සිටියේ ගංගාවේ ගීතය කවර රාගයකට අයත් වන්නක්දැයි නිශ්චය කර ගැනීමටය. ඒ රාගයෙහි ආරෝහණ අවරෝහණ සහිත ස්වර ගණන් කිරීමට පවා ඔහුට සිතිණ."
".....මහත් වූ ප්‍රහර්ෂයක් ඔහුගේ සිතට අරක්ගෙන තිබුණේය. අනන්තයේ පෑයූ දිමුතු තරු මිණක් මෙන් කලින්දජා ඔහුගේ ලොව එකලු කර තිබිණ."
ප්‍රංශ සාහිත්‍ය ලෝකයේ විශිෂ්ට ලේඛකයෙකි ගුස්ටාෆ් ෆ්ලෝබා. Madam Bovary ඔහුගේ ලෝකප්‍රකට නවකතාවය. සිරිල් . සී .පෙරේරා ලේඛකයාණන් අතින් එය 'එමා බොවාරි' නමින් සිංහලයටද පරිවර්තනය වී ඇත. නවකතා ලිවීමේදී ඔහු යම්කිසි අර්ථයක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට අවශ්‍යම වචනය හිතට නගා ගන්න දවස් ගණන් සුමාන ගණන් වෙහෙස ගත් ලේඛකයෙක්. ඔහු තවත් ප්‍රශස්ත ප්‍රංශ ලේඛකයෙකු වන ගීද මෝපසාං ගේ සාහිත්‍ය ගුරුවරයාය. වරක් ෆ්ලෝබා තම දීප්තිමත් ශිෂ්‍යයාට දුන් සනාතන වටිනාකමක් ඇති උපදේශයක් මෙසේය.
"The chief aim in style ought to be absolute precision.There is only one noun that can express your idea, only one verb that can set that idea in motion, and only one adjective that is the proper epithet for that noun. It is essential to search for this verb, for this adjective, until they are discovered , and never to be satisfied with anything else."
"ලේඛකයාගේ ශෛලියේ ප්‍රධාන අරමුණ විය යුත්තේ සම්පූර්ණ නිශ්චිත බවයි. ඔබේ අදහස ප්‍රකාශ කිරීම සඳහා ඇත්තේ එකම එක නාම පදයයි. ඊට අනුකූල වන්නේ එකම එක ක්‍රියා පදයයි. එම නාම පදයට උචිත වන්නේ එකම එක විශේෂණ පදයයි. ඔබ අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තේ ඒ එකම එක ක්‍රියා පදය සොයා ගැනීමයි. ඒ එකම එක විශේෂණ පදය සොයා ගැනීමයි. ඒවා සොයාගන්නා තෙක් වෙන කිසිවකින් සෑහීමට පත් නොවෙන්න."
සුෆී කවියෙකු වන කබීර්ගේ ඉංග්‍රීසි කවියක මගේ සිංහල පරිවර්තනයෙන් මේ ලිපිය අවසන් කරනු කැමැත්තෙමි.
Find the word, know the word
You are nothing but the word;
Word is sky, word is hell
Word is in the cell and in the Cosmos.
Word dwells in speech, word dwells in hearing
Word fancy and build the Image.
O wise men, realize the word;
The word from which everything was
born, get at it.
The word is the Guru, the word is the
deciple, rarely does one know it.
Kabeer(1398)
සොයනු මැන වචනය, දැනගනු මැනවි වචනය;
ඔබම විනා අනෙකක් නොවේ වචනය.
අහසමය වචනය, නිරයමය වචනය. කුටිය තුළ වචනය, සක්වළ තුළද වචනය
කියුමෙහි වෙසෙයි වචනය,
ඇසුමෙහි වෙසෙයි වචනය.
සිත් රූ මවයි වචනය.
එම්බා නැණැති මිනිසුනි, වටහා ගනුව වචනය;
සැම දෙයට උපත දුන් වචනය ඩැහැ ගනුව.
වචනය වේය ගුරු, වචනයම වේ සිසුද,
එබැව් දන්නෝ දුලබය.
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් ම
දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ ’පෙරවදන’ නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි.
මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍ර
ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ ’මතක ස
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
පොතට සම්මාන බසට අවමාන