IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


නිපුණ ශ්‍රමිකයාගේ හඬට දේශපාලන පක්ෂ යටත් විය යුතුයි - ජනපති

 
කම්කරුවා යන වචනය දැන් භාවිතාවට නොගැණෙන බවත් කම්කරුවා යනු අන් කිසිවකු හෝ නොව, නිපුණ ශ්‍රමිකයා බවත් කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිපුණ ශ්‍රමිකයන්ගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතු බවද පැවසීය. මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති ශ්‍රීලනිප-එජනිස මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. 
 
“වැඩ කරන ජනතාවගේ හඬත් සමග හැම විටම ආණ්ඩුවක් කටයුතු කළ යුතුයි. ඒ බව ශ්‍රීලනිපය පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා“  යයි කී ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා දීර්ඝ වශයෙන් අදහස් දක්වමින් මෙසේද කීවේය. 
 
“මේ පළපාලිය පටන් ගත්තේ පාරවල් දෙකකින් පස්වරු 1.00 ට. ඒ මීට කිලෝමීටර 6 කට එහා. කිලෝමීටර හයේ පෙළපාළි අවසන් කරන්න පැය හයකට වඩා වැඩි වෙලාවක් ගත වුණා. ශ්‍රීලනිපයේ බලවේගය මේකයි.“
 
“මේ බලවේගය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර දේශපාලන පක්ෂවල බලවේගයයි. මේ බලවේගය මේ රටේ වැඩකරන ජනතාවගේ කම්කරු පන්තියේ බලවේගයයි. මේ බලවේගය මේ රටේ වාම ප්‍රගතිශීලී ව්‍යාපාරයේ බලවේගයයි.    
 
“මේ රැලිය පටන් ගන්නකොට මහා වැස්සක් ඇද හැළුණා. මෙතන කථිකයන් කිව්වා අයහපත් කාලගුණය කියලා. වහිනකොට කොහොමද අයහපත් කාලගුණයක් වෙන්නේ...මහනුවරට පෑව්වා. අපි ආවම වැස්සා.... මම සතුටු වෙනවා“
 
“වැස්ස නැත්නම් අපි ගියාම වහිනවා.... ගිය අවුරුද්දේ ගාල්ලට මහා නියඟයක් තිබ්බා. අපි මැයි දිනය පැවැත්වුවා. ගාල්ලට වැස්සා.... ලබන අවුරුද්දෙත් ලංකාවේ කොහෙද නියඟය, අපි හොයාගෙන ගිහින් වස්සනවා කියා මං කියන්න ඕනෑ“
 
“කම්කරුවා කියන වචනය දැන් භාවිත වෙන්නේ නෑ.  කම්කරුවා කියා හැඳින්වූ යුගය අවසන් වුනා. අද නිපුන ශ්‍රමිකයා කියන වචනයයි භාවිතා කරන්නේ. ලෝකයේ නව තාක්ෂණයත් සමග රටක් දියුණු කිරීමේදී ඒ රටේ ප්‍රධාන ප්‍රාග්ධනය බවට පත්ව ඇත්තේ දැනුම බුද්ධිය හැකියාව කුසලකාවය නිර්මාණශීලීභාවය සහ නිපුණ ශ්‍රමික පුහුණවයි. අපේ රට ඉදිරියට ගෙනියන්න ඒ කිසිම දේක අඩුවක් නෑ. ඒ නිසා අපි සැම විටම අපේ රට දියුණු කරන්න ඔබ අප සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතුයි“  
 
“නිපුන ශ්‍රමිකයන්ගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතුයි. වැඩ කරන ජනතාවගේ හඬත් සමග හැම විටම ආණ්ඩුවක් කටයුතු කළ යුතුයි. ඒ බව ශ්‍රීලනිපය පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා“ 
 
“අපිට අද තිබෙන අභියෝග මොනවාද? ඒ අභියෝග ජයග්‍රහණය කළ හැක්කේ කෙසේද? දෙමාපියනි දරුවනි, අතීතයේ සුන්දරත්වය කතා කරමින් සිටීම ඵළක් නෑ. අනාගත සිහින මාලිගා කතා කිරීම වැඩක් නෑ. හෙට දවසේ කාර්ය භාරය අද දවසේ කළ යුතුයි“
 
“රටක් ගොඩ නඟන්න හැම විටම මූලික විය යුත්තේ ස්වදේශිය චින්තනයෙන් යුත් ජාතිකත්වය මුල් කර ගත් චින්තනයක් බව මා පිළිගන්නවා. අද ලෝකයේ ජාත්‍යන්තර වාදය කියන එක කෙමෙන් කෙමෙන් පහවෙමින් යනවා. ලෝකගේ ප්‍රබල රජ්‍යයන් අනෙකුත් රාජ්‍යයන්ට අත පෙවීම් ඉවත් කරමින් යනවා. සියලු රජ්‍යයන් ස්වදේශිකවාදී චින්තනයත් ජාතිකත්වයත් මුල්කරගනිමින් තමන්ගේ රට ගොඩ නැගීමට මුල් තැන දෙමින් යනවා. අද අපට ලෝකයේ කිසිම රටකින් බලපෑමක් නෑ. ඒ ජයග්‍රහණය ලැබුණේ 2015 ජනවාරි අට ජයග්‍රහණයෙන් පසුව බව කිව යුතුයි“
 
“මම බොහොම පැහැදිලිව කියනවා අද අපි කිසිම කෙනෙකුට වගඋත්තරකරුවෙක් නොවෙයි. විත්තිකරුවෙක් නොවෙයි. අපි නිදහස් රටක් විදියට ඉස්සරහට යන්න කිසිදු බාධාවක් නෑ“
 
“ඔබෙත් මගෙත් මාතෘභූමිය ගොඩනගන්න ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න. අපි ජාතික සංහිඳියාව සමඟිය ශක්තිමත් කරමින් ඔබෙත් මගෙත් මාතෘභූමිය ගොඩනගන්න අවංක සිතිත් එකතු විය යුතුයි. මම ශ්‍රීලනිපය ප්‍රජාතන්ත්‍රවාදී කර තිබෙනවා. ශ්‍රීලනිපයේ මධ්‍යමකාරක සභාව ප්‍රජාතන්ත්‍රවාදී කර තිබෙනවා“ 
 
“එකල ආණ්ඩු පක්ෂය රැස්වුණාම නිදහසේ තමන්ගේ හඬ මතුවුණාද කියා මං අහනවා. අද ශ්‍රීලනිපය විවෘතයි“
 
“අද නිදහස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ස්වයං විවේචනය කරන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන්. මගේ පවුලේ කෙනකුට පුටුවක් හදන්න මම මෙතනට ඇවිත් නෑ. ශ්‍රීලනිපයේ තරුණ සංවිධානය අද නිදහසේ කටයුතු කරනවා. ශ්‍රීලනිප තරුණ සංවිධානයේ අද කුමාරවරු නෑ. තරුණ තරුණයන්ට එන්න පුළුවන්. තරුණ සංවිධානයේ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. කාන්තා සංවිධානයේ ආර්යාවෝ නෑ. හැම කෙනකුටම වැඩ කරන්න පුළුවන්“
 
“අපට මේ රට ඉස්සරහට ගෙනියන්න අපි හැම කෙනෙක්ම වගකීම ඉෂ්ඨ කරන්න ඕනෑ. අපට තිබෙන අභියෝග දුගී බව, දුප්පත් කමින් අපි කොහෙමද නිදහස් වෙන්නේ?“ 
“දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස මේ වසර නම් කලා. කාලගුණික දේශගුණික බාධාවන් තිබෙනවා. රජයක් ලෙස තිරසර සංවර්ධනය මුල් කරගෙන දුගී බව තුරන් කරන්න සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඔබෙත් මගෙන් මාතෘභූමිය ලෝකයේ ශක්තිමත් ප්‍රබුද්ධ රාජ්‍යක් ලෙස ඉදිරියට යන්න අපි සෑම කෙනෙක්ම කැප වෙන්න ඕනෑ. මේ රටේ තිබෙන ප්‍රශ්න තේරුම් ගන්න ඕනෑ. සියලු ජන කොටස් අතරේ සමගිය සංහිඳියාව ඇති වන්න ඕනෑ. අනිත් ජාතිය අමතරක කර රට සමෘද්දිමත් රාජ්‍යක් ලෙස ඉදිරියට යන්න බැහැ.“
 
“බලය සඳහා ජාතිවාදී දේශපාලන පක්ෂ හැදී අපි පරිහානියට ගියා. යුද්ධයක් ඇති වුණා. යුද්ධයෙන් අවුරුදු 30 කට ආසන්න වන වේදනා වින්දා.“
 
“අපේ රටණවිරුවන්ට පින්සිද්ධ වෙන්න ඒ ම්ලේච්ඡ යුද්ධය අවසන් කර සාමය ඇති කර ගන්තා. ඒ සාමය යුදමය වශයෙන් එල්ටීටීඊ පරාජය කිරීමයි. නැවත මේ රටේ යුද්ධයක්  ඇති නොවන්න රට ඉස්සරහට යන්න යථාර්ථවාදී ලෙස ස්ථිර ලෙස සාමකාමී වෙන්න ජාතික සංහිඳියාව ශක්තිමත් විය යුතුයි. සියලු ජන කොටස් අත්වැල් බැඳගෙන සැකෙන් බියෙන් තොරව ජීවත් වෙන සමාජයක් ගොඩ නැගිය යුතුයි“ 
 
“මේ කාලයේ ජාත්‍යන්තර ගිවිසුම් ගැන විවිධ චෝදනා තිබෙනවා. රට කඩනවා, පාවා දෙනවා, බුද්ධාගම නැති කරනවා කියනවා“
“මම පැහැදිලිව කියනවා ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස තමුන්නාන්සෙලා මා කෙරෙහි විශ්වාසයක් තිබ්බා. පොදු අපේකෂකයා ලෙස මා ගැන විශ්වාසයක් තිබ්බා. මම මේ පුටුවට ආවේ ඒ කියන එකක්වත් කරන්න නෙමෙයි. මේ රටේ ස්ථිර සාමයක් ඇති කර දේශීය අනන්‍යතාවය, ස්වදේශිකත්වය රැකගෙන ආර්ථික සමෘද්ධියක් ඇතිව ලෝකයේ ප්‍රබුද්ධ රජ්‍යක් ලෙස මාතෘභූමිය ඉදිරියට ගෙන යන්නයි. අපිට චෝදනා කරන අයට එක දෙයක් කියන්න ඕනෑ. දොන් ජුවන් ධර්මපාලගෙන් පසු මේ රටේ කොටසක් දීම ගැන අතීතයට එක් වුණේ චීනයට ෆෝට්සිටියේ ඉඩම් දීමයි. අපි ජයග්‍රහණය කළාට පසු චීනය සමග සාකච්ඡා කර සින්නක්කර දීම නැවැත්තුවා. අපට නොගැලපෙන දේ ඉවත් කළා. මම පැහැදිලිව කියනවා වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා“
 
ශ්‍රීලනිප සභාපතිකම මම බලෙන් බාරගත්තේ නෑ. හිටපු සභාපති හිටපු ජනාධිපති මට එන්න කියා කතා කර බොහොම සුහදශීලී ලෙස සභාපතිකම බාර දුන්නා. ශ්‍රීලනිප සභාපතිකම බලෙන් ගන්න පුළුවන්ද? ඒ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් සුහදශීලීව බාර ගත්තා. පක්ෂයේ ඉදිරි ගමන වලක්වන්න කුමන්ත්‍රණ කළත් මම ඒ හැමෝටම කියනවා පරාජිත ශ්‍රීලනිපය ශක්තිමත්ව ඉදිරියට අරගෙන ඇවිත් පෙන්වා තිබෙනවා. පක්ෂයට ආදරණය කරන සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. 
 
අපි පක්ෂයෙන් කාටවත් යන්න කියා නෑ. පක්ෂයට කාටවත් එන්න එපා කියලත් නෑ. අපි ආසන සංවිධායකවරුන් පත් කළා. සංවිධායකවරුන් ඉවත් කිරීම පක්ෂය දෙකට කැඩීමක් බව කිව්වා. මේක කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන පක්ෂයට නොයෙකුත් අකුල් හෙළමින් සිටින අයටයි. 
 
“කාන්තාවන්ට දින 84ක ප්‍රසූත නිවාඩු දීමේ තීන්දුවක් අරගනෙ තිබෙනවා. ඒ දින 84 දෙන්නේ සෙනසුරාදා ඉරිදා, පෝය ඇතුළු ඇතුළු අනිකුත් නිවාඩු අත් හැරලයි. එය විශිෂ්ඨ ජයග්‍රහණයක්“ 
 
“ඔබ අද දැඩි ලෙස අව්වට වේලුණා. ඔබ අද දැඩි ලෙස වැස්සට තෙමුණා. ඒ ඔබේ  රට වෙනුවෙන්  තිබෙන කැපකිරීම, පක්ෂය වෙනුවෙන් කැපකිරීම පෙන්නුම් කිරීමක්. ඔබේ ඒ කැපකිරීම ශ්‍රීලනිපයේ අනාගත ජයග්‍රහණයක් වෙනුවෙන්. ශ්‍රීලනිප ඉතිහාසයකට වැඩිම පිරිසක් උතුරෙන් ආවේ මෙවරයි. මුලු රට වශයෙන් ගත්තම විශාල පිබිදීමක් එක්ක මේ බිම පිරී ඉතිරී ගියා“ යයි කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා....   
 
“මේ රටේ ප්‍රගතිශීලී වාමාංහික ව්‍යාපාරයට ජය වේවා“ යයි කියමින් සිය කතාව අවසන් කළේය. 
 
 
(ඡායාරූපය - ශාන්ත රත්නායක)



අදහස් (6)

නිපුණ ශ්‍රමිකයාගේ හඬට දේශපාලන පක්ෂ යටත් විය යුතුයි - ජනපති

ධම්ම Monday, 01 May 2017 02:16 PM

නිපුන ශ්‍රමිකයා කියන්නේ පුහුණු ශ්‍රමිකයා කියන එකම නේද. එතකොට නුපුහුණු ශ්‍රමිකයාට තැනක් නැද්ද?

:       0       0

Thushara Monday, 01 May 2017 03:01 PM

මෙයාලා කම්කරු දිනයත් දේශපාලනයක් කරගෙන.. එකදිගට මඩ ගහනවා..බොරු කියනවා...කම්කරුවා අදත් කෑම වේල හොයා ගන්න දුක් විඳිනවා.. මෙයාල පක්ෂ පාට බෙදාගෙන කියවනවා..

:       0       102

Shanaka Monday, 01 May 2017 04:13 PM

මේ වගේ රැලි වලට යන ජනතාව තවත් මේ මිනිස්සුන්ගේ බොරු වලට අහු වෙලා තියෙන දේත් නැති කරගන්නවා. මේවා තවදුරටත් කම්කරු දින නොව දේශපාලන දිනය. මේවා මේ ලක්ෂ ගානක් ජනතාවට නොතේරෙන එකේ පුදුමේ

:       0       0

Janaka Wijesinghe Tuesday, 02 May 2017 09:20 AM

නිපුන විතරක් නෙමේ, අරලිය ශ්‍රමිකයාගේ හඬටත් දේශපාලන පක්ෂ යටත් විය යුතුයි...

:       0       0

වෙදා Tuesday, 02 May 2017 09:54 AM

අම්මපා තාමත් ලංකාවේ සමහරක් මිනිස්සු මේ අයගේ පස්සේ යනවනේ.

:       0       0

nihal Tuesday, 02 May 2017 10:39 AM

පළමුව බැටන් ප්‍රහාර හා ජාල ප්‍රහාර,ඊටපසු කදුළු ගෑස් එකත් ඇහුවේ නැත්නම් කලවැදි හමුදාව.ඊටපස්සේ කාට යටත් වෙන්නද.

:       0       0

ඔබේ අදහස් එවන්න

May Day


මහින්ද ටාජ් සමුද්‍ර හෝටලයේ ඉහළම මාලයේ
2017 මැයි මස 01 13220 11

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදො



“රට බෙදන ව්‍යවස්ථාව ගේනදාට ජනතාව පාරට බහිනවා - මහින්ද රාජපක්ෂ
2017 මැයි මස 01 3645 7

ශ්‍රී ලංකාව බෙදීමට ලක්කෙරෙන ආකාරයේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඊට විරුද්ධව සටන් කිරීමට සූදානම් බවත් කුරුණෑගල දිස්ත්‍රික් ප


ප්‍රෞඩත්වයක් තිබුණු ශ්‍රී ලංකාව දැන් ණය බරින් පීඩිත රටක් වෙලා - අනුර කුමාර
2017 මැයි මස 01 1653 16

ශ්‍රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත



මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site