IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අතීතය වර්තමානයට ගැළපීම

ආර්ථික විද්‍යා විෂයට අති දක්‍ෂ ශිෂ්‍යාවක වූ අසේනි, පසුගිය අවුරුදු 72ක කාලයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වල සාර්ථකත්වය පිළිබඳව බොහෝ දෙනකු සතුටට පත් වී නොමැති බව අසා තිබිණි. එම ගැටලුවට පිළියම් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමට පෙර පැවති මූල්‍ය මණ්ඩල ක්‍රමයට නැවත යා යුතු බව ඔවුන් යෝජනා කර තිබිණි. මුදල් අමාත්‍යාංශයේ එම විෂය සම්බන්ධව කටයුතු කළ අයකු වූ සිය සීයා වූ සරත් මහත්තයාගෙන් ඒ පිළිබඳ අදහස් විමසා බලන්නට ඇයට අවශ්‍ය විය. පහත දැක්වෙන්නේ දෙදෙනා අතර ඇති වූ සංවාදයයි.

අසේනි:- සීයේ, ශ්‍රී ලංකාව තුළ නැවත මූල්‍ය මණ්ඩල ක්‍රමය ඇති කළ යුතු බවට බොහෝ දෙනා යෝජනා කරන බව සීයා දැන ගන්න ඇති නේද? මෙය අද වන විට උණුසුම් මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ඇයි?

සරත්:- අසේනි, මූල්‍ය මණ්ඩල ක්‍රමය ශ්‍රී ලංකාවට අමුතු දෙයක් නොවෙයි. බ්‍රිතාන්‍ය යුගයට අයත් පැරණි ලංකාවේ (යටත් විජිතය තුළ) මුදල් නිකුත් කිරීම භාරව කටයුතු කළේ මූල්‍ය මණ්ඩලයයි. එය බ්‍රිතාන්‍යයන් විසින් පිහිටු වන ලද්දේ 1884 දී. 1950 දී නව නිදහස් ලංකාව මහ බැංකුව පිහිටුවීමට තීරණය කරන තුරු එම මණ්ඩලය හොඳින් ක්‍රියාත්මක වුණා. මූල්‍ය මණ්ඩලයේ මෙහෙයුම් ගැන ලංකා විශ්ව විද්‍යාලයේ (University of Ceylon) හිටපු ආර්ථික විද්‍යා මහාචාර්ය එච්.ඒ.ද ගුණසේකර ඔහුගේ කෘතියක හොඳින් විග්‍රහකර තිබෙනවා. එය එතුමා ඔහුගේ ආචාර්ය උපාධිය උදෙසා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර් යේෂණ නිබන්ධනයක්. එය නම් කර තිබුණේ "From Dependent Currency to Central Banking in Ceylon”

ආවස්ථික මුදලින්, ලංකාවේ මධ්‍යම බැංකුකරණය කරා): An Analysis of monetary Experereince

(1825-1957 අතර මූල්‍ය අත්දැකීම් විග්‍රහයක්) යනුවෙන් ගුණසේකර මෙම පර් යේෂණය කළේ ඒ කාලයේ සිටි සුප්‍රසිද්ධ බැංකු විශේෂඥයන් දෙදෙනකුගේ අධීක්‍ෂණය යටතේ ආර්.එස්. සේයර් සහ ජේ.එස්.ජී. විල්සන් ඒ දෙදෙනාය. මූලය මණ්ඩලය පිහිටුවීමෙ පෙර ලංකාවේ මූල්‍ය ක්‍රමය ක්‍රියත්මක් වූ ආකාරය ඉගෙන ගැනීමටත්, මූල්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වූ ආකාරයෙන්, මූල්‍ය මණ්ඩලය වෙනුවට, ලංකාව, මහ බැංකුව පිහිටුවීමට තීරණය කළේ ඇයිද යන්න ඉගෙන ගැනීමටත් කා හට වුවත් තිබෙන හොඳම මූලාශ්‍රය ඔහුගේ පර් යේෂණ නිබන්ධනයයි.

අසේනි:- මහ බැංකුව පිහිටුවීමට කලින් පැවති මූල්‍ය ක්‍රමය ඔහු හඳුන්වන්නේ ආවස්ථික, මුදල් හැටියටයි. ඔහු එසේ හැඳින්වූයේ ඇයි?

සරත්:- එසේ හැඳින්වූයේ පැරණි ලංකාවේ 1825 පටන් නිකුත් කළ මුදල්, යටත් විජිතය අත්පත් කරගත් විශේෂ කාසි (Specie) වර්ගයක් හා සම්බන්ධ වී තිබුණු නිසයි. ඒවා ලබා ගත්තේ අන්තර් ජාතික වෙළඳාම ඔස්සේ පිටරට වලින්. එම නිසා ඒවා ලැබීම තීරණය වුණේ අන්තර්ජාතික වෙළඳාම සිදුවන ආකාරය අනුවයි. යටත් විජිත ආර්ථිකය රදා තිබුණේ ලංකාවෙන් නිර්යාත කරනු ලබන භාණ්ඩ මතයි. පළමුව කෝපි මත, දෙවනුව තේ සහ රබර් මත. එම නිසා යටත් විජිත ආර්ථිකය රැඳී පැවතුනේ මෙරටින් පිටත වෙළඳපොළ මතයි. මුදල් නිකුතුව, සිදුවන නිර්යාත හා සම්බන්ධ වූ නිසා එය මෙරටින් පිටත සිදුවන දේ මතත් තීරණය වුණා. ඒ නිසා මුදල් නිකුත් කරනු ලැබුයේ වෙළෙන්දන් හෝ බැංකු හෝ මූල්‍ය මණ්ඩලයෙන් වුවද එය තීරණය වූයේ අන්තර් ජාතික වෙළඳාම මතයි. මුදල් නිකුත් කිරීමේ ක්‍රමය ආවස්ථික මුල්‍ය ක්‍රමයක් ලෙස හැඳින්වූයේ ඒ නිසයි.

එම ක්‍රමයට විරුද්ධව එල්ල වූ විවේචනය වූයේ බාහිර අංශයේ වෙළඳාමට අමතරව දේශීය අංශයේ වෙළඳාම පැවතියත්, මුදල් නිකුත් කිරීම දේශීය වෙළඳාමේ අවශ්‍යතාවට හරියාකාරව නොගැළපුණේය. යන්නයි. එබැවින් මහ බැංකුවකින් බලාපොරාත්තු වූයේ අංශ දෙකේම අවශ්‍යතා සපුරාලීමයි. එහිදී රටට පිටතින් සිදුවන දෙයින් නිදහස්ව එය කිරීමටත් බලාපොරොත්තු වුණා. එම නිසා මහ බැංකුවකට අන්තර් ජාතික ගනුදෙනු හරහා අත්පත් කරගන්නා විදේශ වත්කම් මත පමණක් නොව, තමන්ගේ අභිමතය පරිදි නිපදවා ගත හැකි දේශීය වත්කම් ඇසුරින් ද මුදල් නිකුත් කළ හැකි වුණා. එම නිසා මහ බැංකුව, පිහිටුවීමට පෙර පැවති මූල්‍ය ක්‍රමය ‘‘ආවස්ථිත මූල්‍ය ක්‍රමයක් ලෙස හැඳින්වීමට අපට පුළුවන්. මහබැංකුව පිහිටු වීමට පසු තහවුරු වූ ක්‍රමය නිදහස් මූල්‍ය ක්‍රමයක් හැටියටත් ඒ අනුව හඳුන්වන්නට පුළුවන්.

අසේනි:- දැන් මට තේරෙනවා. එය ආවස්ථික මූල්‍ය ක්‍රමයක් ලෙස හඳුන්වන්නට හේතුව. එතකොට යටත් විජිතවාදි පාලකයන් මූල්‍ය මණ්ඩලයක් පිහිටුවන්නට තීරණය කළේ ඇයි? රට කලින් තිබුණු ක්‍රමය පවත්වාගෙන යන්නට ඒ අයට බැරි වුණා ද?

සරත්:- වසර තුන් දහසකට ආසන්න කාලයක් පැවති ඉතිහාසය පුරා ලංකාවටම හුරු වූ මූල්‍ය ක්‍රමයක් පැවතුනා. ලංකාවේ පැරණි රජවරු තමන්ගෙම කාසි නැත්නම් රෝම අධිරාජ්‍යයන් නිකුත් කළ කාසි, ඉන්දියානු රජවරුන්ගේ හා චීන අධිරාජ්‍යයන්ගේ කාසිත් භාවිත කළා පෞද්ගලික වෙළෙන්දෝ, සිවිල් සමාජයෙ ඉහළ පැලැන්තියෙ නායකයො, පවා තමන්ගෙම කාසි නිකුත් කර තිබීම හොඳ ලක්‍ෂණයක්. ඒවාගේ ගුණාත්මක බව සහ ප්‍රමිතිය සහතික කළේ රජු විසින්. ඒ කාසි සියල්ලම වටිනා ලෝහ වලින් සැකසූ ඒවා. එම ලෝහ දුර්ලභ වුණොත් කාසි නිකුත් කිරීම ද සීමා වුණා.

යටත් විජිත කාලයේ දී, විශේෂයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයේ දී ලංකාව වෙනත් රටවල් අතර වෙළඳාම පුළුල්ව පැතිරී ගියා. එම නිසා පහසු, ආරක්‍ෂාකාරි මූල්‍ය ක්‍රමයක අවශ්‍යතාව පැන නැගුණා. උඩරට වතුකරයේ වැඩට ගෙන්වා ගත් කුලී කම්කරුවන් හට ගෙවීම් කිරීමේ ක්‍රමයකුත් අවශ්‍ය වුණා. මෙම කම්කරුවන් ආපසු ඉන්දියාවට ගිය විට තමන් ඉතිරි කරගත් මුදල් ඔවුන් සමඟ ගෙන යාමට අවශ්‍ය වුණා. අද දවසේ අප රට තුළට විදේශ සේවකයන්ගෙන් ප්‍රේෂණ මුදල් ගෙන්වා ගන්නවා. එකල සිදුවූයේ ප්‍රේෂණ මුදල් ප්‍රවාහ රටින් පිටතට ගලායාමක්. ඒ අරමුණ සඳහා මුදල් යොදවා ගැනීමට අවශ්‍ය වූ නිසා  එම කාර්යය ඉටු කළේ, 1884 දක්වා හුවමාරු බැංකු යනුවෙන් හැදින් වූ බැංකු වර්ගයකින්. එම කාල පරිච්ඡේදය තුළ මෙම හුවමාරු බැංකු කටයුතු කළ ආකාරය ගැන පැහැදිලි විස්තරයක් ගුණසේකර දී තිබෙනවා.

එම බැංකුවලට හුවමාරු බැංකු යයි කීවේ, ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ කාසි විශේෂයකට ලංකාවේ මුදල් නෝට්ටු මාරු කළ නිසයි. එය අද අප සතුව පවතින විදේශ සංචිත වලට සමානයි. ලංකාව වෙළද භාණ්ඩ අපනයනය කළ විට ඒවායින් කාසි (Specie කාසි) මෙරටට ආනයනය වෙනවා. එම කාසි උපයා ගත් අයට ඒවා මෙරට මුදල් නෝට්ටුවලට මාරු කර ගන්නට පුළුවන්. ඒ ආකාරයටම ලංකාව වෙළඳ භාණ්ඩ ආනයනය කළ විට හෝ ඉන්දියානු කම්කරුවන් ඔවුන් ඉතිරිකර ගත් මුදල් නැවත ඉන්දියාවට ගෙන යන විට හෝ ලංකාවෙන් කාසි (Specie) අපනයනය වුණා. ඉතින් ලංකාව තුළ එකතු වූ කාසි වල මුළු එකතුව ගෙවුම් ශේෂයේ අතිරික්තයට සමාන වුණා. ඒ ආකාරයටම අපනයනය වන (රටින් පිටතට යන) කාසි ප්‍රමාණය, රට තුළට ආනයනය වුණු කාසි ප්‍රමාණයට වඩා විශාල වූ විට ගෙවුම් ශේෂයේ හිඟයක් ඇතිවුණා. ගුණසේකර ඉදිරිපත් කරන තොරතුරු අනුව 1856 සිට 1882 දක්වා යටත් විජිත ලංකාවේ පැවතියේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක්, රටතුළට ආනයනය වන කාසි ප්‍රමාණය රටතුළින් අපනයනය වන කාසි ප්‍රමාණයට වඩා ඒ කාලයේ නිතරම වැඩි වුණා. උදාහරණයක් හැටියට ඒ කාල පරිච්ඡේදය තුළ දී රට තුළට ආනයනය වූ කාසි වලින් නියෝජනය වූ නිර්යාත (අපනයන) වෙළඳ භාණ්ඩවල වටිනාකම ස්ටර්ලින් මිලියන 28.6ක් වුණා. අපනයනය වූ (රටින් පිටතටගිය) කාසි වලින් නියෝජනය වූ, රට තුළට ආනයනය කළ මුළු වෙළඳභාණ්ඩ වල අගය ස්ටර්ලින් මිලියන 6ක් වුණා. එවිට ශුද්ධ ආනයනය නැතහොත් ගෙවුම් ශේෂයේ අතිරික්තය ස්ටර්ලිං මිලියන 22.6ක්. 1870 සිට 1882 දක්වා කෝපි වගාවට රෝගයක් වැළඳීම නිසා අපනයන අඩුවීම ද මෙම තත්ත්වයට බලපෑවා. එම නිසා යටත් විජිත ලංකාවට අද මෙන් විදේශ විනිමය ගැටලුවක් ඇති වුණේ නෑ.

හුවමාරු බැංකු ඔවුන් නිකුත් කළ මුදල් නෝට්ටු සඳහා සියයට සියයක Specie කාසි සංචිතයක් තබා ගත්තේ නැහැ. ඔවුන් තබා ගැනීමට අවශ්‍ය වූයේ නිකුත් කළ මුදල් නෝට්ටුවලින් තුනෙන් එකකට සමාන අවම කාසි (Specie) සංචිතයක් පමණයි. ඒ ආකාරයට ඔවුනට විවිධාකාරයේ නෝට්ටු නිකුත් කළ හැකි වුණා. එය අද දවසේ වාණිජ බැංකු විසින් පවත්වාගෙන යනු විවිධාකාර තැන්පතු සහ ණය නිර්මාණවලටත් සමානයි. මේ මගින් ඉහත කී හුවමාරු බැංකුවලට ගෙවීමේ හැකියාව සහ ද්‍රවශීලතාව එක විට පවත්වා ගැනීමේ හැකියාව පිළිබඳ බරපතළ අවදානමක් පැවරුණා. ඊට හේතු වූයේ ආර්ථිකය පහත වැටී, වැඩි කාසි ප්‍රමාණයක් රටෙන් පිටතට (අපනයනය) යන විට ඔවුන් නිකුත් කළ නෝට්ටු උදෙසා ගෙවීමට බැඳී සිටින (ප්‍රමාණවත්) කාසි ප්‍රමාණයක් ඔවුන් සතු නොතිබීමයි. වෙනත් වචනවලින් කිවහොත්, දිගින් දිගටම ගෙවුම් ශේෂයේ හිඟයක් පැවතුණොත් (අපනයන පහත වැටීම නිසා. ඒ හේතුවෙන් රටෙන් ඉවතට ප්‍රේෂණය වන මුදල් ප්‍රමාණය ඉහළ ගිය විට) ඔවුන් ඉබේම අමාරුවේ වැටුණා.

යටත් විජිත ලංකාව් මුල්ම බැංකු හා මූල්‍ය අර්බුදය හට ගත්තේ එවකට පැවති ලොකුම හුවමාරු බැංකුවේ ද්‍රවශීලතා හිඟය දරුණු වූ නිසයි. ඒ ඔරියන්ට් බැංකුවයි. එහි ප්‍රතිඵලයක් හැටියට 1884 මැයි 3 වැනිදා ඔවුන් සිදු කරමින් සිටි නෝට්ටුවලට හැරවීමේ කාර්යය අත් හිටුවන්න සිදුවුණා. ඒ ඉක්මනින්ම ලංකාව තුළ ක්‍රියාත්මක වූ චාර්ටඩ් මර්කන්ටයිල් බැංකුවට සහ මදුරාසි බැංකුවටත් ඒ කාර්යයෙන් ඉවත්වෙන්නට සිදු වුණා. එය ඉතාමත් දරුණු තත්ත්වයක් වූ නිසා යටත් විජිත ආණ්ඩුවට ඒ සඳහා මැදිහත් වී විසඳුමක් දෙන්නට සිදු වුණා. ලංකාවේ මූල්‍ය මණ්ඩලය පිහිටුවන්නට සිදු වූයේ ඒ අවස්ථාවේ දී. ඒ අනුව සියයට 100ක් සංචිත පසුබිමක් සහිත ආණ්ඩුවෙන් නෝට්ටු නිකුත් කිරීම පටන් ගත්තා. එම සංචිතයට වැඩි මුදල් ප්‍රමාණයක් එහි දී නිකුත් කෙරුණේ නෑ.

අසේනි:- ඒ කාලයේ ඇති වුණ ගැටලුව අද දවසේ ඇති වුණු ගැටලුවට සමානයි. සංචිතවලට වැඩි මුදල් ප්‍රමාණයක් දැන් නිකුත් කරනවා. ආර්ථිකය යහපත් කාලේ ඒ වගෙ සරුඵල නොකඩවා බුක්ති විඳිනවා. ආර්ථිකය පහත වැටුණාම දරුණු ගෙවුම් ශේෂ අර්බුදවලට මුහුණ දෙනවා. එතකොට අසාමාන්‍ය ලෙස බුක්ති විඳපු සතුට ඉහළ පොලියත් එක්ක ගෙවන්න වෙනවා. අද දවසේ ශ්‍රී ලංකාව මුහුණ පාන්නේ එම තත්ත්වයටයි. අතීතයේ සිදු කළ නාස්තිය නිසා අද අමාරුවේ වැටී සිදු කළ නාස්තිය නිසා අද අමාරුවේ වැටී ඉන්නවා. සීයේ, මුල්‍ය මණ්ඩලය යටත් විජිත ලංකාවේ පිහිටවූයේ කොහොමද?

සරත්:- යටත් විජිත රජය වේගයෙන් ක්‍රියාකාරී වුණා. වෙනත් යටත් විජිතයක ලත් අත් දැකීම් එම රජයට ඉවහල් කරගන්නට හැකි වුණා. ඒ මුරීෂියස් (Mauritius) නම් යටත් විජිතයයි. එම රටේ මුදල් නෝට්ටු නිකුත් කරන හුවමාරු බැංකුව අසාර්ථක වූ විට එහි මූල්‍ය මණ්ඩලය 1849 දී පිහිට වූවා. මුරිෂියස් බැංකුව මුදල් නෝට්ටු නිකුත් කිරීම නැවතුණේ 1847 අවුරුද්දේ. ඒ වන විටත් 1876 මුරිෂියස් ආඥා පනත නමින් නීතියක් නිර්මාණය වී තිබුණා. යටත් විජිත ආණ්ඩුව ලංකාව තුළ කළේ මෙම ආඥා පනත මෙරටට ගැළපෙන ආකාරයට සුළු සුළු වෙනස් කම් සිදු කොට යොදා ගැනීමයි. 1884 කඩදාසි මුදල් ආඥ‌ාපනත ක්‍රියාත්මක වීම ඔස්සේ ලංකාව තුළ මූල්‍ය මණ්ඩලය ස්ථාපිත වෙන්නේ ඒ ආකාරයටයි. සියලුම අලුත් දේ උපත ලබන්නේ අර්බුද ඔස්සේ බව ඉතිහාසය විසින් පෙන්වා දෙනවා. මෙය ඊට හොඳ උදාහරණයක්.

අසේනි:- මූල්‍ය මණ්ඩල සැදුම් ලද්දේ කොහොමද? සීයේ මූල්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වුණේ කොහොම ද?

සරත්:- ආඥ‌ාපනත යටතේ බිහි වූ මූල්‍ය ක්‍රමය සියයට 100ක් සංචිත මත ගොඩනැගුණු එකක්. මෙම පනත යටතේ, භාවිතයට පැමිණි මූල්‍ය කොමසාරිස්වරුන්ගේ මණ්ඩලය රාජ්‍ය නිලධාරීන් තුන් දෙනකුගෙන් සමන්විත වුණා. යටත් විජිත ලේකම්, භාණ්ඩාගාරික සහ විගණනාධිපති ඒ රාජ්‍ය නිලධාරීන් තිදෙනායි. ගුණසේකර පැහැදිලි කරන ආකාරයට මූල්‍ය මණ්ඩලයට ඉන්දියානු රිදී රුපියල් වෙනුවට, රුපියල් 5, 10, 50, 100 සහ 1000 නෝට්ටු අලුතෙන් හඳුන්වා දෙන්නට බලය පැවරුණා. නීතිමය බලය සහිත මෙම නෝට්ටු, ඉල්ලීමක් කළ විට දී ඉන්දියානු රිදී රුපියල් බවට පරිවර්තනය කරන්නට කොළඹ පිහිටි එම මණ්ඩලයේ කාර්යාලයට බලය හිමි වුණා.

 

අන්තර් කාලීන විසඳුමක් හැටියට අසාර්ථක වූ ඔරියන්ට් බැංකුවෙන් නිකුත් කර තිබූ නෝට්ටු 1885 දක්වා, රජයේ අලුත් නෝට්ටු වෙනුවට පිළිගනු ලැබුවා. එදා පටන් යටත් විජිත ලංකාවේ මුදල් නිකුත් කිරීම ආණ්ඩුවේ ඒකාධිකාරියක් බවට පත් වුණා. එහෙත් මුදල් නිකුත් කිරීමට ඊට ඇති නිදහස සියයට 100ක් සංචිත හිමිකම් තිබීමට සීමා වුණා.

අසේනි:- ඒක ආරක්‍ෂාවට ඉතා හොඳ කොන්දේසියක්. මොකද අද ශ්‍රී ලංකා මහ බැංකුව කරන්නා වාගේ එතකොට කොමසාරිස්වරුන්ට හිතේ හැටියට මුදල් නෝට්ටු නිකුත් කරන්න බැරි නිසා. ඒත් සීයේ කොහොමද ඔය කියන සංචිත හැදුනේ?

සරත්:- මණ්ඩලය ඔවුන් විසින් නිකුත් කරන නෝට්ටු වලින් අවම වශයෙන් භාගයක්වත් රිදී රුපියල් කාසි ආකාරයෙනුත් ඉතිරි භාගය, ඉන්දියානු රජයෙන් එක්සත් රාජධානියේ රජයෙන්, හෝ වෙනත් ඕනෑම ලංකාව නොවන යටත් විජිත රජයකින් නිකුත් කරන ලද සුරැකුම් ආයෝජන ලෙසත් පවත්වා ගැනීම අවශ්‍ය වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස යටත් විජිත රජයට එහි වියදම් දැරීම සඳහා මූල්‍ය මණ්ඩලයට සුරැකුම් නිකුත් කර ඊට සමාන මුදල් රුපියලේ නෝට්ටු වලින් ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නෑ. 1950 මහබැංකුවට කලින් පැවති මූල්‍ය මණ්ඩලයේ ප්‍රධාන වෙනස්කම එයයි. යටත් විජිත ආණ්ඩුවට යම් වියදම් වැඩ සටහනකට මුදල් යොදවා ගැනීමට අවශ්‍ය වූ විට එක්කෝ ඔවුන් බදු වැඩි කර එම ආදායම් උපයාගත යුතු වුණා. නැතහොත් මුදල් වෙළඳපොළෙන් ණය ගත යුතු වුණා. මේ ක්‍රම දෙකම නිසා යටත් විජිත ආණ්ඩුවට මුදල් අච්චු ගැසීම මත විශ්වාසය තබා අසාමාන්‍ය ලෙස වියදම් වැඩි කර ගැනීමේ හැකියාව වැළකුණා. මෙය යටත් විජිත පාලකයන් විසින් පැන වූ අසාමාන්‍ය ආකාරයේ මූල්‍ය විනයක්. අද දවසේ අපගේ මහ බැංකු පද්ධතියට නැත්තේත් එම මූලය ශික්‍ෂණයයි.

අසේනි:- මරු ! ඒත් මූල්‍ය මණ්ඩලය කොහොම ද සංචිත අත් කර ගත්තෙ? අද මහ බැංකුව කරනවා වාගේ, බාහිර මූලාශ්‍ර වලින් ණය අරගෙන ද?

සරත්:- ලංකාව විදේශ විනිමය සංචිත අත් කර ගත්තේ එහි සාමාන්‍ය අන්තර් ජාතික ගනුදෙනු වලින්. අපි හිතමු රුපියල් 100ක් වටිනා භාණ්ඩ අපනයනය කළා කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ හා සමාන රිදී කාසි ප්‍රමාණයක් රට තුළට ආනයනය වෙනවා. මෙරටට රුපියල් 50ක් වටිනා භාණ්ඩ ආනයනය කළොත්, එම වටිනා කමට සමාන රිදී කාසි අපනයනය කළ යුතු වෙනවා. එවිට අදාළ බැංකුවට ඉපැයුම් වලින් ආනයන බිල ගෙවන්න සිදු වෙනවා. බැංකුවේ ඉතිරි වී තිබෙන රුපියල් 50 දැන් මූල්‍ය මණ්ඩලයට විකුණා මෙරට මුදල් නෝට්ටු ලබා ගත හැකියි. ඉතින් සංචිත අත්පත් කරගත හැකි එක් ආකාරයක් වන්නේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ලබා ගැනීමයි.

තවත් ක්‍රමයක් වන්නේ විදේශිකයන් සිදු කරන සෘජු ආයෝජන ඔස්සේ අලුතෙන් ප්‍රාග්ධනය රැගෙන ඒමයි. රට තුළ භාවිත මුදල් ලබා ගන්නට ඔවුන් තමන්ගේ රිදී කාසි බැංකුවලට විකුණා දැමිය යුතු වුණා. බැංකු සතුව මුදල් නැත්නම්, එවිට ඔවුන් රිදී කාසි මූල්‍ය මණ්ඩලයට විකුණා මෙරට මුදල් නෝට්ටු ලබාගත යුතුයි. ඔවුන් ළඟ රිදී කාසි නැත්නම් ඒවා පිටරටින් ණයට ගෙන ඒවා මූල්‍ය මණ්ඩලයට විකුණා මෙරට මුදල් ලබා ගත හැකියි. එම තත්ත්වයම රජයේ ණය ගැනුම් වලටත් ආදලයි. එම ණය ඔස්සේ ලැබෙන දේ මූල්‍ය මණ්ඩලයට විකුණා මෙරට භාවිත මුදල් ලබා ගත යුතුයි. ඒ ආකාරයට මූල්‍ය මණ්ඩලය සංචිත අත්පත් කරගන්නේ ණය ලබා ගෙන නෙවෙයි. වෙළඳපොළෙන් මිලට අරගෙනයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගෙවුම් ශේෂයේ අතිරික්තයක් තිබෙන සෑම විටකදීම සංචිතත් මණ්ඩලයෙන් නිකුත් කරන රුපියල් නෝට්ටු ප්‍රමාණයත් ඉහළ යනවා.

මේ මගින් රුපියලේ අගය ඉබේම වාගේ ස්ථාවර වෙනවා. ගෙවුම් ශේෂයේ හිඟයක් ඇති විට ඊට විරුද්ධ දේ සිදු වෙනවා. එවිට රිදී කාසි රටෙන් පිටතට යනවා. එම ක්‍රමය මුදලේ අගය පහත වැටෙන විටත් ඉබේම තුලිත වෙනවා. මුදලේ අගය ඉහළ යාම හා පහත වැටීම යන කාරණා දෙක නිසා මුදලේ ස්ථාවර භාවයට හානි වෙනවා. කාලානුරූපිව සිදු කළ යුතුව තිබූ ඕනෑම වෙනසක් විනිමය අනුපාතිකය ඉහළ දැමීමෙන් හෝ පහළ දැමීමෙන් රජය විසින් සිදු කළා.

අසේනි:- සීයේ, එය පුදුමාකාර ක්‍රමයක්. මහ බැංකුවේ කළමනාකරණයට එයින් මූල්‍ය විනයක් පැන වෙනවා. ඔවුන්ට හිතුමතේ පිටරටෙන් ණය ලබාගෙන සංචිත ගොඩනගා, මේ කාලෙ මහ බැංකුව කරන්නා වාගේ මුදල් නිකුත් කරන්න බැහැ.

සරත්:- ඔව්, ඒ ඔස්සේ හිතුමතේ මුදල් අච්චුගැසීමට, රජයේ නාස්තිකාර මුදල් වියදම් හා රටේ විදේශ ණය වැඩි වීමට තහංචි පැනවෙනවා.

(***)
2022/මැයි/02 Daily Ft පත්‍රයේ පළවූ
A Childs guide to currency board systems,
part I, How colonial ceylon did it?
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප  ලියනගේ

 



අදහස් (0)

අතීතය වර්තමානයට ගැළපීම

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

සහල් මිල ප්‍රශ්නයට විසඳුමක්
2024 නොවැම්බර් මස 11 744 0

ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව


යුගයට ගැළපෙන දේශපාලනය
2024 නොවැම්බර් මස 04 416 0

තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද


දූෂණය විකුණා ගසාකෑම
2024 ඔක්තෝබර් මස 21 1318 2

නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැන


ඡන්ද අරමුණ පුද්ගලයන් තේරීමද?
2024 ඔක්තෝබර් මස 14 235 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අවසන් වන විට, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ, නාමයෝජනා පත්‍ර 764 ක් බ


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 391 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 629 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site